Suvik Senyaka




මාවල් විශ්වයේ ශ්‍රීලාංකිකයින් #2 🇱🇰
කලින් මම ලිපියක් ගෙනාවා Dr.Amara Perera ගැන.මේ ලිපිය අනිත් කෙනා ගැන එයා තමයි suvik senyaka(සුවික් සෙන්යක)
සෙන්යක කියන්නෙ මියුටන් කෙනෙක් ඒ වගේම මෙයා විලන් කෙනෙක් මෙයා තමයි මාවල් කොමික් විශ්වයේ පලමු ශ්රීලාංකිකයා .
මෙයා ඉන්නෙත් Earth-616 universe එකේ.මෙයාව පලවෙනි වතාවට හදුන්වා දුන්නෙ 1993දි Uncanny X-Men #300 කොමික් එකේදි.


සෙන්යකව Fabian Cortez කියන supervillain විසින් Acolytes කියන කණ්ඩායමට බදව ගන්නවා.Acolytes කියන්නෙ S.H.I.E.L.D එක විසින් ලුහුබදින mutantලගෙ එකතුවක් Fabian Cortez තමයි මේකෙ නායකයා.නමුත් මේ පලවෙනි Acolytes කණ්ඩායම නෙමේ.පලවෙනි Acolytes කණ්ඩායම මැග්නීටෝ විසින් මරල දැම්ම.ඊට පස්සෙ Fabian Cortez නැවතත් Acolytes කණ්ඩායමක් එක්කාසු කරනව මේකට තමයි සෙන්යකවත් ගන්නෙ.මේ කණ්ඩායම පාසලකට කඩා පැනල mutant ලමුන්ව පැහැර ගන්න උත්සහ කරනව මෙතනදි මැග්නීටො නැවතත් එනව ඇවිත් Acolytes කණ්ඩායමේ නායකත්වය ගන්නව.නමුත් සෙන්යක මෙයාගෙ නායකත්වය යටතේ ඉන්නෙ නැතුව ඔහුට විරුද්ධව සටන් කරනව.කොහොම උනත් මැග්නීටෝ සෙන්යකව පොඩි පට්ටම් කරල දානව.නමුත් සෙන්යක මැරෙන්නෙ නැහැ S.H.I.E.L.D එක මෙයාගෙ බොඩි එක හොයාගෙන එයාව හොද කරනවා.පස්සෙ මැග්නීටෝගෙන් පලිගන්න හිතාගෙන
මැග්නීටෝගෙ පරණ සගයෙක් වුන Aleytys "Lee" Forrester ව මරන්න යනව.Lee Forrester මේ වෙලාවෙ DP 2 එකේ විලන් විදියට අපිට ලගදිම බලාගන්න පුලුවන් වෙන Cable එකක් එකතු වෙනවා.සෙන්යක මේ දෙන්නගෙන් නැතිවෙන්නම කනවා.
එතනින් පස්සෙ ආපහු සෙන්යක ගැන සදහන් වෙන්නෙ 1998 දි Quicksilver #11 එකේදි මේකෙදි මෙයා Exodus කියල විලන් කෙනෙක් නායකත්වය දීපු Acolytes කුඩා කණ්ඩායමක් එක්ක Wundagore කියල කන්දක තියන High Evolutionary කියල හදුන්වන විද්යාඥයින් කණ්ඩායමකට පහර දෙන්න යනවා.එතෙනදි Exodus ඇතුලු කණ්ඩායම පරාජය වෙනව.සෙන්යක නැවත් පරණ Acolytesඑක්ක එකතු වෙලා ආපහු මැග්නීටෝට විරුද්ධව Genosha කියන දූපතේදි කැරැල්ලක් ගහනවා.මෙහෙදි චාල්ස් එක්සේවියර්ගෙ නිවුන් සහෝදරයික් වුන Cassandra Nova විසින් Wild Sentinels කියල mutantලව දඩයම් කරන රොබෝවරු දම්මල මුලු දූපතේම හිටපු මිනිස්සු සමූල ඝාතනය කරනවා.කොහොම වුනත් සෙන්යක මේකෙනුත් බේරෙනවා.පස්සෙ Cassandra Nova Exodus ඇතුලු කණ්ඩායම එක්ක එකතු වෙලා Cableව මරල Providence කියන Cable හිටපු දූපත විනාශ කරන්න උත්සහ කරනවා.දූපත විනාශ කරන්න පුලුවන් උනත් Cableව මරන්න වෙන්නෙ නැහැ මේ අයට.මේ යුද්ධයෙන් පස්සෙ සෙන්යක හොයාගන්න නැහැ.එයා මැරුණ කියල තමයි කට්ටිය හිතන්නෙ.
කොහොම වුනත් සෙන්යක ආපහු එනව Marvel Comicsවල Necroshaකියන 2009 තිබ්බ eventඑකේදි.Seleneකියන කෙනාගෙ යටතේ තිබුණ කණ්ඩායමක සාමාජිකයෙක් හැටියට.Necrosha eventඑකේදි සෙන්යක මේ කණ්ඩායමේ සියලු දෙනාවම මරල දානවා.පස්සෙ කාලෙක Wolverineට සෙන්යකව හම්බෙනව Wolverineඑකක් ගිය fight එකකින් පස්සෙ
Wolverine සෙන්යකගෙ බෙල්ල කපලා දානවා.මේ වෙලාවෙදි නම් සෙන්යක මැරෙනවා.
සුවික් සෙන්යක කොමික්වල විතරක් නෙමේ Animated Seriesවලත් ඉන්නවා.
👉Wolverine and the X-Men Animated Series එකේ "Greetings from Genosha" කියන එපිසෝඩ් එකේ මෙයා ඉන්නවා.
👉ඒ වගේම X-Men Animated Series එකේ "Secrets, Not Long Buried" කියන එපියෙදිත් ඉන්නවා.
Powers & Abilities
👉මෙයාගෙ ප්රධානම Ability එක තමයි වෙනත් ජීවියෙකුගේ ජීවය
උරාගැනීම.නැත්නම් වෙනත් ජීවියෙකුගේ ශක්තිය උරා ගැනීම.ඒකට ඒ ජීවියා එක්ක physical contact එකක් විතරයි අවශ්ය වෙන්නෙ.මෙයාට ඒ දේ මැරුනට පස්සෙ උනත් කරන්න පුලුවන් කියල තමයි කියන්නෙ.
👉ඒ වගේම Healing Factor එකත් සෙන්යකට තියනවා.
👉සෙන්යකට Weapon එකකුත් තියනවා Psionic whip කියල.පහල පොටෝස්වල ඒක ඇති.
මෙයා ඉන්න කොමික්ස් ලිස්ට් එක
👉 X-Factor #92
👉Uncanny X-Men #304
👉Cable #12
👉Quicksilver #11
👉X-Men: Magneto War #1
👉Cable & Deadpool #42
👉X-Necrosha: The Gathering #1
👉X-Force Vol 3 #23
👉X-Force Vol 3 #25
අඩුපාඩු තියේ නම් කමෙන්ට් එකක් දාල දැනුවත් කරන්න.

Comments

  1. එහෙනම් ලංකාවෙ ඉපදුන මාවල් චරිතත් ඉන්නවා, පට්ට නේ.
    Mcu එකට සුවින් ගත්තොත් කෝමද.?cool..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List