Galactus


"මේ විශ්වයේ මම වගේ කිසිවෙක් නෑ..මම ඇති වුනේ විශ්වයේ ආරම්භයත් එක්කමයි, සහා මම විශ්වය නැති වෙලා යනකම් ම ජීවත් වෙනවා..මම ග්‍රහලොක විනාශ කරත් කරන්නේ පැවැත්ම සදහා..ඒත් ඇයි මම ජීවත් වෙන්න ඕනේ ? මම ග්‍රහලෝක හා ශිෂ්ටාචාර කීයක් විනාශ කරත්...ඒක මගේ දෛවය,ඒවා ආපහු විශ්වයට ලබා දෙන එක.."
-ගැලැක්ටස්
ඔන්න මගේ දෙවනි post එකත් අරන් අද ආවා..කලින් Silver surfer ගැන දාපු එකේ මේ පාර ss ගේ Master ගැන තමයි කියන්න යන්නේ..මෙයා එසේ මෙසේ පොරක් නම් නෙමෙයි..මාවල් විශ්වයේ ඉතාමත් වැදගත් චරිතයක් කිව්වොත් හරී..පුලුවන් තරම් හොදට Post එක ලියන්න try එක දුන්නා 😇..වැරැද්දක් දැක්කොත් කියපන් ඈ..😌
ප්‍රකාශකයා - Marvel Comics
ප්‍රථම පෙනීසිටිම - Fantastic four #48 (1966 මාර්තු)
නිර්මාණකරුවන් - Stan lee (රචකයා)
- Jack kirby (චිත්‍ර ශිල්පියා)
ස්ටෑන් ලී (දැනට මාවල් විශ්වයේ godfather කිව්වොත් නිවැරදී) හා ජැක් ක(ර්)බි දෙන්නා දවසක් සම්ප්‍රදායික හතුරන්ගෙන් මිදිලා වෙනස් ම විදිහේ හතුරෙක් හදුන්වා දෙන්න තීරණය කරනවා..හා ඒක කරන්න පුලුවන් වෙනවා..ඒ ඉතිං වෙන කවුරුත් නෙමෙයි මාවල් විශ්වයේ වැදගත්ම චරිතයක් ලෙස හැදින්වෙන ග්‍රහලෝක විනාශ කරන්නා (The devour of planets) හෙවත් ගැලැක්ටස්..මෙයාව ආරම්භයේදී ග්‍රහලෝක විනාශ කරන දෙවියෙක්ට සමාන ජීවියෙක් විදිහට තමයි හදුන්වලා දීලා තියෙන්නේ..
මෙයා ගැලැක්ටස් වෙන්න කලින් නම තමයි ගැලන්..මෙයා මහා පිපුරුම වාදයට කලින් (The big bang theory) නැත්තම් මේ විශ්වය ආරම්භයටත් කලින් තිබුන විශ්වයක ජීවත් වුන ගවේශකයෙක්,හැබැයි මෙයා ඉදපු විශ්වය විනාශ වෙනවත් සමගම මෙයා "Sentence of the Universe" එක්ක එකතු වෙනවා (මේ කියන්නේ Eternity කියන Cosmic ජීවියෙක් එක්ක සම්බන්ධ වෙන එක ගැන.. මාවල් විශ්වයේ Cosmic බලය තනිකරම මේ Eternity කිව්වොත් නිවැරදී). ඒ සම්බන්ධයත් එක්ක පස්සේ මෙයා කොස්මික් ජීවියෙක් වෙනවා ( Cosmic කියන්නේ දෙවියන්ගේ බලය හා සමාන බලයක් )..ඒකෙන් පස්සේ තමයි මෙයා පැවැත්ම සදහා ග්‍රහලෝක විනාශ කරන්න ගන්නේ..
කාලය යනවත් එක්කම මෙයාට ග්‍රහලෝක හොයන්න උදව් කරන්න පණිවිඩ කාරයෝ (Heralds ලා) ඕන වෙනවා(මෙයා ගොඩක් වෙලාවට ජීවයෙන් තොර ග්‍රහලෝක තමයි හොයන්නේ) කරන්නම දෙයක් නැති වුනොත් හම්බෙන එකක් ගිලලා දානවා ඉතිං, 😏.ඔහොම හම්බුන එක විශේෂ පණිවිඩ කාරයෙක් තමයි Silver Surfer 🏄, **මගේ කලින් පෝස්ට් එක කියෙව්වා නම් මෙයා ගැනත් හොද අවබෝධයක් ගන්න පුලුවන්**..ඉතිං පස්සේ කාලෙක මෙයා ගැලැක්ටස් ට විරුද්ධ වෙනවා පෘථිවිය ආක්‍රමණය කරන වෙලාවේදී (මෙයා වෙනුවට nova කියන herald ව තෝර ගන්නවා ඊට පස්සේ)
***ගැලැක්ටස් ගේ නිමා වෙන්නේ නැති බඩගින්න නිසා විශ්වයේ බිලියන ගානක් මැරෙනවා..තවත් බිලියන ගානකට ජීවත් උන මව්ග්‍රහලෝක නැති වෙනවා ( ඔහොම නැති වුන තවත් ග්‍රහලෝකයක් තමයි skrulls ලගේ ග්‍රහලොකේ, මේකෙන් පස්සේ මුන් Skrull අධිරාජ්‍යයක් ඇති කරන්න ගන්නවා විශ්වය පුරා ) මුනුත් පස්සේ කාලෙක ලොකු වදයක් වෙනවා avengers ලට හා Fantastic four ලට**
කිසිම වීරයෙකුට පරද්දන්න බැරි නිසා මෙයා ජීවයෙක්ටත් වඩා විශ්වයේ පවතින බලයක් ලෙස හදුන්වනවා පස්සේ කාලෙක.. ගැලැක්ටස් විශ්වයෙන් ගත්තූ දේවල් වලට වඩා දේවල් දෙන්න ආපු කෙනෙක් විදිහට එයාම හදුන්වා ගන්නවා..
මුලින්ම ගැලැක්ටස් මාවල් විශ්වයේ අත්‍යවශ්‍ය චරිතයක් කිව්වට ඒ ඇයි කියලා හදුන්වන්නේ පස්සේ කාලෙක තමයි..පසු කාලෙක Writers ලා කියන විදිහට මෙයා ජීවත් වෙලා ඉන්නකම් Abraxas (ඇබරාක්සාස්) *දිව සුට්ටක් පැටලෙනවා නේ* 😝 කියන විශ්වය විනාශ කරන්න බලාගෙන ඉන්න ඉතාමත් බලවත් ජීවියව හිර කරලා තියනවා (ගැලැක්ටස් ගේ Cosmic බලයෙන් තමයි ඔය උඩ කියපු ඩයල් එක හිර වෙලා තියෙන්නේ..**ගැලැක්ටස් මැරුනොත් ඉතිං දඩිං බිඩිං ඩෝං තමයි** 😕
ඉතිං මේ ගැලැක්ටස් පස්සේ ගැලැක්ටා කියලා දුවෙක්ව මවනවා ( අම්මා කවුද කියලා නම් අහන්න එපෝ ! ) මේ කෙල්ල ගැලැක්ටස් ගේ නිමා නොවන බඩගින්න නවත්තන්න විදිහක් හොයනවා කියලා තමයි නිල නොලත් ආරංචි මාර්ග පවසන්නේ..😏
Ps- *ගැලැක්ටස් විනාශ කරපු ග්‍රහලෝක නැවත ගේන එක තමයි මේ දවස් වල කරන්නේ..ඒක නිසා devour සංකල්පයෙන් මිදිලා නමත් දැන් The life bringer කියල වෙනස් වෙනවා*
ඉතිං මේ ගැලැක්ටස් කියන්නේ විශ්වයට ඇතුවත් බැරි නැතුවත් බැරි ඉතා වටිනා ජීවියෙක්..තවත් වෙනස් විදිහක ලිපියක් එක්ක නැවත හමු වෙමු..
Sources - Wikipedia and Wikia

Comments

  1. කැපා ගැන ලිපියක් ඕන

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List