Death

අද postඑකෙන් කියන්න යන්නෙ Death ගැන.ඉතින් අපි බලමු කවුද මේ Death කියන්නෙ කියලා.අපි දැන් මාතෘකාවට බහිමු. (මේ කතා කරන්නෙ කොමික්වලට අනුව, film ගැන නෙමෙයි.)
Spectre of Death,Mistress Death,Madame Death වගේ නම් වලින් Deathව හදුන්වනවා. Death කියන්නෙ marvel universeඑකේ ආරම්භයත් සමගම ඉපදුණ පැරණිම ජීවීන්ගෙන් කෙනෙක්. Marvel universeඑකේ God විසින් Deathව මැව්ව කියලත් කියනවා. Death, විශ්වයේ ක්ෂයවීම හා විනාශය සංකේතවත් කරනවා. ඇයට භෞතික ස්වරූපයක් නොතිබුණත්,භෞතිකව අනිත් අය ඉස්සරහට එන්න ඕනෙම කෙනෙක් වගේ ප්රකාශ වෙන්න ඇයට පුළුවන්. සාමාන්යයෙන් death කාන්තාවක් හෝ මිනිස් ඇටසැකිල්ලක් ලෙස තමයි පෙනී ඉන්නෙ.
Death තමන් වෙනුවෙන් විශ්වයේ දේවල් විනාශ කරන්න තෝරගන්නෙ තෑනොස්ව. (තෑනෝස් විතරක් නෙමෙයි. තවත් අය ඉන්නව කියලා death, cosmic ghost riderට කියනවා) තෑනෝස් ඉපදෙද්දි තෑනොස්ගෙ ඇස්වලින් deathව දකින අම්මා(Sui-san) තෑනෝස්ව ඒවෙලාවෙම මරන්න හැදුවත් තෑනෝස්ගෙ තාත්තා(A'Lars) ඒක වලක්වලා අම්මව මානසික රෝගියෙක් කියලා හිරකරනව. මුලින්ම තෑනෝස් කියන්නෙ පට්ට අහිංසක ළමයෙක් වගේම titanවරු අතරෙ දක්ෂම ළමයා. තෑනෝස්ගෙ ළමා කාලෙදි death, ගෑනු ළමයෙක් වගේ thanosගෙ ළඟට ඇවිත් තෑනෝස්ගෙ එකම යාළුව වෙනවා. Death ටිකෙන්ටික එකිනෙකාව මරන්න තෑනොස්ව යොමුකලා. තෑනොස් තමන්ගෙ අම්මවත් මැරුවා. තැනෝස් වැඩිවියට ආවම thanos Deathට ආදරය කලත් ඇය ප්රතික්ෂේප කළා. ඉතින් තෑනෝස් deathව සතුටු කරන්න ග්රහලෝක පිටින් විනාශ කලා. ඒත් අන්තිමට death තෑනෝස්ගෙන් titan විනාශ කරන්න කියලා ඉල්ලනවා. තෑනෝස් මේක ප්රතික්ෂේප කරනවා. මේවෙලාවෙ death තෑනොස් ඇත්තටම ආදරේ කලේ කාටද, එකිනෙකාව මැරුවෙ කවුරු වෙනුවෙන්ද කියල තෑනෝස්ට පෙන්වනව. ඒත් තමන් ජීවිත කාලෙම ආදරේ කරපු එකම කෙනා death කියලා දැනගත්ත තෑනෝස් ඒකටත් එකඟ වෙනවා. ඒවගේම infinity gauntletඑක හදාගෙන විශ්වයෙන් බාගයක් විනාශ කරනවා. ඒත් කවදාවත් තෑනෝස්ට death ආදරේ කලේ නෑ. ඒනිසා death තෑනෝස්ව මැරිලා තමන්ගෙ realmඑකට ආවම ආයෙමත් තෑනෝස්ට ජීවය දෙනවා. ඒත් කාලයත් එක්ක තෑනෝස්, deathව අතහරිනව.
කතාව මීට වඩා ගොඩක් දිගයි. ඕනෙ කෙනෙකුට සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට කෙටි කරලයි දැම්මෙ. Deathගෙ powers මෙහෙමයි.
POWERS AND ABILITIES:-
💀Death: Deathට ජීවියෙකුගේ ආත්මය හෝ ප්රාණය ඉවත්කල හැකියි. ඇයට marvel විශ්වයේ සෑම අහිමි වූ ප්රාණයක්ම අයිතියි. මරණින් පසුව නැවත ජීවනය ලබා දෙන්න පුළුවන්. ඒත් කලාතුරකින් තමයි එහෙම කරන්නෙ. කෙනෙක්ගේ මරණය නොසලකා හරින්න පුළුවන්. (තෑනෝස්ගෙ වගේ)
💀 Death කියන්නෙ cosmic force එකක්. ඒනිසා Deathව මරණයට පත්වෙන්නෑ.
💀Soothing Appearance: Death කෙනෙක්ගේ අවසන් මොහොතේදී පෙනී ඉන්නවනම් ඔහුගේ/ඇයගේ සමීපතම කෙනෙක්ගේ පෙනුමක් ගන්නවා.
💀Strength level: deathගෙ ශක්ති මට්ටම ගණනය කල නොහැකියි.
💀Power cosmic: යථාර්ථය,කාලය,අවකාශය බලශක්තිය හෝ මැජික් ඕනෑම ආකාරයකින් මෙහෙයවීමට අසීමිත හැකියාවක් තියෙනවා.
👆👆ඉතින් මේව තමයි Deathගෙ powers.
Film වල Death ගැන මුකුත්ම නැද්ද??(Easter eggs)ඒ ගැනත් බලමු.
💥Guardians-of-the-galaxy එකේ Orbඑක(power stoneඑක)තියෙන තැන බිත්තියක Infinity Stones තියෙන කැටයමක් පෙන්නනව.ඒ කැටයමේ death ඉන්නවා.
💥2012 The Avengersඑකේ Lokiගෙ පරාජයෙන් පස්සෙ end credit sceneඑකේදි "the other" තැනෝස්ට මෙහෙම කියනවා.
"Humanity was not as weak as they had predicted and battling them is "to court Death" කියලා.
ඔහොම තමයි MCUඑකේ death ගැන easter eggs පෙන්නුවෙ.
© Shane Perera

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List