Clint Barton ( Hawkeye )



=============================================
කව්ද මේ Hawkeye එහෙමත් නැත්නම් Clint Barton කියන්නෙ. කට්ටිය මෙයාව MCU එකෙන් එහෙම දැකලා ඇතිනේ. අද බලමු මෙයාගේ විස්තර මොනාද කියල. වෙනදා වගේම මෙයාගෙත් කොමික් පැත්ත ගැන තමයි අද කියන්නේ.
MCU එකේදි අපිට මෙයාව Thor (2011) , The Avengers (2012) , Avengers: Age of Ultron (2015), Captain America: Civil War (2016) කියන film වලදී දැකගන්න පුලුවන්. Jeremy Lee Renner තමයි මේ සදහා රංගනයෙන් දායක වෙන්නේ.
සුපුරුදු විදියට ඉතිම් මෙයාවත් එලියට එන්නේ american comic book වලින් තමා.
මුල් වතාවට මෙයාව හදුන්වලා දෙනකොට මෙයා villain කෙනෙක් විදියට තමා එන්නෙ පස්සේ තමා මෙයා avengers ලට සම්බන්ද වෙලා ඒකේ නිත්‍ය සමාජිකයෙක් වෙන්නේ.
• චරිත නිර්මානය : Stan Lee & Don Heck
• මුල්වරට හදුන්වාදීම් : Tales of Suspense #57 (Sept. 1964) ( villain කෙනෙක් විදියට hawkeye )
Avengers වෙත සම්බන්ද වීම : The avengers #16 ( May 1965 )
(Goliath විදියට) Captain America #179
(November, 1974)
(Golden Archer විදියට) New Avengers #27
(April, 2007)
• සත්‍ය නම ( මුලු නම ) : Clinton Francis "Clint" Barton
• අන්වර්ත නාමයන් :
Goliath ,Golden Archer , Father Time, Constrictor , Dreadknight , Seagate Superhuman Cellblock Prisoner 334556 , Longbow , Mr. Costello , Dr. Rogers , Bruno , Louis , "Br‘er Hawkeye" , Robin Hood , "Purple Man", the Hawkeye Kid, Ronin
• උපන් ස්ථානය : Waverly, Iowa.
• පුරවැසිබාවය : American
• universe : marvel universe earth 616
• origin : human
• පවුල් සම්බන්දකම් :
Brett Barton ( ඥාති )
Mack Barton ( ඥාති )
Harold Barton ( පියා , මියගොස් )
Edith Barton ( මව , මියගොස් )
Barney Barton ( සහෝදරයා ) ( trick shot)
Bobbi Morse (Mockingbird) (ex-wife)
• විවාහක / අවිවාහක බව : Divorced
• ශාරීරික ලක්ශන :
Height - 6'3"
Weight - 230 lbs
Eyes - blue
Hair - blond
• අද්‍යාපනය : High school dropout, various self-directed studies
• හවුල්කරුවන් : Black Widow , Mockingbird , Kate Bishop
• අනුබද්ද කන්ඩායම් : Avengers , Avengers Academy , Defenders , Great Lakes Avengers ,
New Avengers , Secret Avengers , Thunderbolts , West Coast Avengers , Wild Pack ,
World Counter-terrorism Agency , Avengers Idea Mechanics
Clint ගේ මව සහ පියා clint කුඩා කාලයේදිම මිය යනවා මෝටර් රථ අනතුරකින්. ඊට පස්සේ clint සහ එයාගේ සහෝදරයා හැදෙන්නේ ලමා නිවාසෙක. අවුරුදු 6 කට පස්සේ මේ දෙන්නා එතනින් පැනල යනවා Travelling Wonders කියන Carnival එකට බැදෙන්න. කෝම හරි ඉතාමත් ඉක්මනින් clint , Swordsman කියන කෙනාගේ සහකාරයා බවට පත් වෙනවා. මේ Swordsman කියන කෙනා Trick shot ගේ උදව්වෙන් clint ව master archer කෙනෙක් බවට පත් කරනවා. මෙහෙම ටික දවසක් යනකොට clint දැන ගන්නවා swordsman , carnival එකෙන් මුදල් වංචා කරන බව මේ නිසා clint මෙයාට හොදටම පහර දෙනවා ඒත් swordsman එතනින් බේරිලා පැනල යනවා. මේ අතර clintට එයාගේ සහෝදරයා එක්ක තිබ්බ සම්බන්දකම් ටිකෙන් ටික පිරිහිලා යනවා.
මේ අතරතුර clint තමන්ගේ දක්ශතාවයන්ගෙන් ප්‍රයෝජන ගන්න ඔනේ නිසා විවිද කානිවල් වලට බැදෙනවා.ඒ වගේම මෙයා තමන්ව "Hawkeye" එහෙමත් නැත්නම් " The World's Greatest Marksman " කියන නම් වලින් හදුන්ව ගන්නවා. Coney Island Circus සහ Tiboldt's Circus කියන ඒවට clint සම්බන්ද වෙලා ඉන්නවා. මේ අතරතුර clint ට හිතෙනවා තමන්ටත් iron man වගේ කෝටිපති hero කෙනෙක් වෙන්න තිබ්බනම් කියනලා ඒත් මේ වැඩේ පටන් ගන්න මුල්ම වැඩෙන්ම clint ව අපරාදකාරයෙක් විදියට නම් වෙනවා. ඉතින් මේ සේරම අස්සේ clintට හම්බෙනවා soviet union වල spy කෙනෙක් වෙන black widow ව කෝම හරි මෙයා අපේ black widow එක්ක ආදරෙයෙන් වෙලෙනවා (හරි හරි ඉතින් සෙට් වෙනවා 😂 photo එකක් එහෙම ඇති පහල ) ඒ අස්සේ අපේ black widow පොඩි ගේමක් දෙනවා ඒ තමයි iron man ගේ technology එක හොරකම් කරන්ඩ try කරනවා. කෝම හරි මේක iron man දැන ගෙන දෙන්න අතර සටනක් යනවා මේකෙන් black widow ට දරුනු විදියට තුවාල වෙනවා. මේක දැනගන්න clint යනවා black widow ව බේරගන්න කෝම හරි black widow ව බේරගන්න clint එයාව hospital එකකට ගෙනියනවා එතන්දී black widow අතුරුදහන් වෙනවා කියල තමයි කියන්නේ.

පස්සේ clintට හම්බෙනවා Edwin jarvis ව ( මෙයා තමයි 1990 ඉදන් tony stark ගේ ගෙදර
household butler විදියට ඉන්නේ පස්සේ කාලෙක tony ගේ artificial intelligence එක නම් කරන්නෙත් මෙයාගේ නමින්ම තමයි )
ඉතින් මේ jarvis , clintට ආරාදනා කරනවා avengers ලට සම්බන්ද වෙන්න කියලා සහ ඒකෙන් තමන්ගේ අපරාද වාර්තා ඉවත් කරගන්න කියලා ඉතින් මෙච්චර කාලයක් තමන්ගේ හතුරෙක් විදියට හිටපු iron man ව hero කෙනෙක් විදියට දකිනවා මෙයා මුලදී හිතුවා වගේ. පස්සේ මෙයා Quicksilver සහ Scarlet Witch එක්ක captain america ගේ නායකත්වයෙන් යුක්ත avengersලට එකතු වෙනවා. එක කාලෙක clint, captain ට එරෙහිව යන්න හදනවා ඒත් කාලයත් සමග මෙයා captainට ගරු කරන්නත් තමන්ගේ ලගම යාලුවෙක් කරගන්නත් වග බලා ගන්නව.
ඉතින් ඔය විදියට තමයි අපේ clint හෙවත් Hawkeye ගේ කතාව.
හරි අපි බලමූ දැන් මෙයාගේ abilities මොනාද කියලා....
• මෙයාට කිසිම superhuman power එකක් නම් නෑ මොකද මෙයා සාමාන්‍ය මනුස්සයෙක් නිසා. ඒත් මෙයා පොඩි කාලේ ඉදන්ම trick shot සහ swordsman වගේ අයගෙන් පුහුනු උන නිසා දුන්න සහ ඊතලය කියන්නේ මෙයාගේ ඇගේම කොටසක් වගේ තමයි. කියන විදියට මෙයාට පුලුවන් තමන්ගේ දුන්න බාවිතා කරල 1100 newton තරම් බලයකින් ඊතලය නිදහස් කරන්ඩ. (හිතාගන්න පුලුවන්නේ මෙයාගේ training එක)
• ඒ වගේම තමයි මෙයා captain america ගෙන් tactics, martial arts සහ hand-to-hand combat වගේ දේවල් ඉගෙන ගෙන තියනවා ( කැපාගෙන් ඉගෙනගත්තනම් ඒ ගැන හිතාගන්න පුලුවන්නේ )
• Katana (sword එකක් ) කියන weapon එක බාවිතා කරන්නත් මෙයා ගොඩක් දක්ශයි.
• ඒ වගේමයි මෙයාගේ ඊතල වල විවිද උපක්‍රම ඇතුලත් කරල තියනවා.
උදා :-
° කුඩා ප්‍රමානයේ නමුත් විශාල බලයක් සහිත බෝම්බ සහිත ඊතල. ( Avengers බලපු අය දන්නවනේ ඉතිම් Shield එකේ ship එකේ මුලු එන්ජින් එකක්ම නතර කලේ මෙයාගේ එක arrow එකකින් )
° කුඩා විදුලි දාරාවක් නිකුත් කරමින් ඉලෙක්ට්‍රොනික පද්දති වලට හානි සිදු කල හැකි ඊතල.
° GPS tracked කර ගත හැකි ඊතල මේ අතර වෙනවා.....මේවා trick arrows කියලත් හදුන්වනවා.
• ඒ වගේම මෙයාට anti-gravitational technology , auto-pilot steering system ගැන හොද අවබෝදයක් තියනවා ( avengers age of ultron බලපු අය දන්නවනේ මෙයාගේ piloting කෝමද කියලා...)
මේවා තමා මෙයාගේ abilities වෙන්නේ...✌️
මෙයාගෙ weakness වෙන්නේ ඉතිම් සටනක් අතරතුර සිදුවන තුවාල වීම තමා මෙයාට healing power එකක් නැනේ මෙයා සාමාන්‍ය කෙනෙක්නේ. එ වගේම තමයි ඉතින් තදින් පහරක් වැදුනොත් මෙයාට ඒක බලපානව.
මෙයා ගැන ඉතිම් අනිත් heros ලා වගේ ලොකු තඩි විස්තර නෑ මෙයා ඉතිම් normal human කෙනෙක්නේ. එහෙමයි කියලා මෙයාට enemies ලා නැත්තේ නෑ චරිතේ පොඩි උනාට enemies ලා list එකක්ම ඉන්නවා....
• arcade , ash williams , ashley barton , attuma , countnefaria , crossbones , crossfire , doctor doom , egghead , juggernaut , madume hydra , oddball , rhino , ryu , scropian , shocker , taskmaster , the madarin , tiger shark , trick shot , ultron sigma
චරිතේ පොඩිමත් නැනේ....😂

ඔන්න එහෙනම් Hawkeye හෙවත් clint barton ගැනත් ගෙනාවා. වැරදි අඩුපාඩු තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. මේක මගේ හතර වන review එක මේ ගෲප් එකට දාන.
ජයවේවා එහෙනම්....
Thesindu liyanage.

Our Public Facebook Group👇👇 



Comments

  1. සුපිරියි බ්‍රෝ... එළම වැඩක්...

    ReplyDelete
  2. කැපා ගැනයි origin එක ගැනයි ලිපියක් ඕන

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List