Falcon


ගොඩ කාලෙකට පස්සෙ තමයි postඑකක් දාන්නෙ.ඒවගේම මේක මගෙ 15 වෙනි review පෝස්ට් එක.අද postඑක Falcon ගැන.දැන් කියන්නෙ mcuඑකට අනුව Falcon ගැන.(කොමික් වලට අනුවත් දාල තියෙන්නෙ)
සෑම් විල්සන් එහෙමත් නැත්නම් Falcon කියන්නෙ ඇමෙරිකානු ගුවන් හමුදාවේ හිටපු EXO-7 Falcon පරීක්ෂක නියමුවෙක්.(exo-7 falcon කියන්නෙ මොකක්ද කියල පස්සෙ බලමු)සෑම්ගේ සහයකයා වගේම යාළුවා වුණේ රයිලි.රාත්‍රි මෙහෙයුමක් අතරතුරදී රයිලි  RPG  ප්‍රහාරයකින් මියගිය අතර, ඔහුව බේරා ගැනීමට සෑම්ට කිසිවක් කළහැකි වුණේ නෑ.තම මිතුරා අහිමි වූ සෑම් විල්සන් තමන්ට හමුදාවේ ඉන්න තවත් හේතුවක් ඉතුරුවෙලා නෑ කියල හමුදාව අතහැර ගියා.
පසු කාලෙක සෑම් වොෂිංටන් D.C.හි jogging කරමින් සිටියදී ස්ටීව් රොජර්ස්(කැප්ටන් ඇමරිකා) ඔහුව පසුකර කිහිපවරක්ම දුවනවා.සෑම් මහන්සිය නිසා නැවතුණු අතර,ස්ටීව් රොජර්ස්ද නැවතී සෑම් සමඟ හමුදාවේ අත්දැකීම් ගැන කතා කරනවා. මේ නිසා සෑම් සහ ස්ටීව් එකිනෙකා දැනගන්නවා.
සෑම් falcon විදිහට කැප්ටන් ඇමරිකාට,winter soldier එහෙමත් නැත්නම් හයිඩ්‍රා විසින් Brainwash කල කැප්ටන්ගෙ හොඳම යාළුවව වුන බකී බාන්ස්ව හොයාගන්න කැප්ටන්ට උදව් කරනවා.
2015දී Ultronගෙ ආක්‍රමණය සිදුවුන කාලයේ Falcon, Vision, Scarlett witch සහ Warmachineව Avengersලගෙ නව සාමාජිකයෙක් ලෙස ආරාධනා කරල බදවගත්තා.Falcon Avengersලගෙ ක්‍රියාකාරී සාමාජිකයෙකු බවට පත්වුන අතර,2016දී ක්‍රොස්බෝන්ව නතර කිරීමට දායකවූ සෑම් Sokovia ගිවිසුම(Avengersලා U.N.එක යටතේ ක්‍රියාකල යුතු ලෙස කල ගිවිසුමක්)උල්ලංඝනය කරමින් Winter soldierව ආරක්ෂාකරගැනීමට තම මිතුරා සහ නායකයා වූ කැප්ටන් ඇමරිකාගේ කණ්ඩායමට එක්ව Avengers කණ්ඩායමේ සාමාජිකයින්ට එරෙහිව  සටන්කලා.සටනෙන් පස්සෙ සෑම්ව සහ කැප්ටන් ඇමරිකා සමඟ එකතු වූ පිරිස අත්අඩංගුවට ගත් අතර කැප්ටන් විසින් falcon ඇතුලු තමාට උදව්කල අයව ආරක්ෂකයන්ට පහරදී නිදහස් කරගත්තා.ඉන්පසුව Captain America,Black widow සමඟ Falcon සිරියාවේ ත්‍රස්තවාදීන්ට එරෙහිව වෙස්වලාගෙන මෙහෙයුම් වල යෙදෙනවා.
2018දී Thanosගේ පැමිණීමත් සමග පෘථිවියේ ආරක්ෂාව වෙනුවෙන් Falcon නොහොත් සෑම් කැප්ටන් ඇමරිකා ඇතුලු පිරිස සමඟ නැවතත්.........
(Avengers infinity war බලපු අය දන්නව මොකද වුණේ කියල.නොබලපු අයත් ඉන්න නිසා Spoil කරන්න එපා.)
දැන් බලමු falconගේ abilities ගැන.
Abilities:--
Expert Acrobat: සෑම්ට කරණම් ගැසීමට විශේෂ හැකියාවක් තියෙනවා.ගුවනේදී එල්ලවන ප්‍රහාර වැළැක්වීමටද කරණම් මගින් දක්ෂතා පෙන්වා තියෙනව.
Expert Marksman:සෑම් ඉතාමත් දක්ෂ දිගුදුර සහ කෙටිදුර වෙඩිතබන්නෙක්.
Expert Martial Artist:  United States Armed Forcesවල හිටපු සාමාජිකයෙක් වශයෙන්  Wilson  ඉතාමත් හොඳින් hand to hand combat පුහුණුවූ අයෙක්.Muay Thai, American Boxing, and Taekwondoවලද පුහුණුවක් තියෙනවා.
Expert Tactician: විශේෂ මෙහෙයුම් වලදී සැලසුම් කිරීම් සිදුකිරීමට හොඳ හැකියාවක් සෑම්ට තියෙනවා.
Master Pilot: ඉලක්ක,බාධක,දුර ප්‍රමාණ ගැන හොඳ අවධානයක් ඇතිව තම EXO wings සමඟ පියාසැරීමට සෑම්ට හැකියි.
Weapons & Equipment :--
EXO-7 Falcon:
Exo 7 falcon කියන්නෙ භාවිතකරන්නාට ඉතාමත් වේගයෙන් පියාසර කලහැකි පියාපත් සහිත jetpackඑකක්.මේ පියාපත් ඉතාමත් නම්‍යශීලී සහ වෙඩි නොවදින නිසා පළිහක් සහ ආයුධ විදිහටත් භාවිතා කළ හැකි අතර හොඳින් භාරයන් දැරියහැකි ආකාරයට මේවා නිර්මාණය කරල තිබෙනවා.ඒවගේම මේකෙ කුඩා මිසයිල ගබඩා කරල තියෙනවා.
Magnification Goggles:
ඉහළ වේගයකදී ඇස් ආරක්ෂා කරන ආරක්ෂිත ඇස්ආවරණයක් තිබෙන අතර ඒ මගින් එකවර ස්ථාන කිහිපයක් සහ පියවි ඇසට නොපෙනෙන තරම් දුරක ඇති හෝ කුඩා දෑ බැලිය හැකියි.මේ මගින් Shrunk වුන Ant-manව වුනත් හොඳින් නැරඹීමට වගේම track කරන්නත් පුළුවන්.
Redwing :
EXO-7 Falconඑකේ පිටට සවිකර ඇති අතර සතුරන්ගේ ප්‍රදේශ පරික්ෂා කිරීම සඳහා සහාය දක්වන Drone එකක්.එහි තටුවලට තුවක්කු දෙකක් සහ යට පැත්තේ ඇදගෙන යන කොක්කක් සවිකර ඇත.
(සිවිල් වෝ එකේ spideyව ජනේලයකින් එලියට විසිකලේ redwing)
Steyr SPP:
Falconගේ EXO-7 ඇඳුමේ තුවක්කුකොපු වල තමයි මේ machine pistols දෙක තියෙන්නෙ. Falcon ගේ අත්වල තියෙන යාන්ත්‍රික ආධාරක නිසා ක්ෂණිකව pistols අතට ගැනීමට පුළුවන්.
Wrist-Mounted Machine Gun:
Falconගේ ඇඳුමේ වම් අත්පළදනාවේ සවිකළ dual emission මැෂින් ගන් එකක් තියෙනවා.
Mounted Mini Rocket Launcher:
Falconගේ ඇදුමේ උරහිසේ දකුණු පැත්තේ සවිකර ඇති කුඩා ප්‍රමාණයේ Rocket Launcher එකක් තියෙනවා.Spider-Manට එරෙහිව civil-warඑකේදි ඒක පාවිච්චි කලා.
ඉතින් ඕක තමයි mcuඑකේ Falconගෙ විස්තරේ.අපි බලමු දැන් කොමික් වල falcon ගැන පොඩි විස්තරයක්.
•පලවෙනි පාරට 1969 Septemberවලදි Captain America #117 එකෙන් තමයි falcon කියන චරිතය ඉදිරිපත් වුණේ.චරිතය නිර්මාණය කලේ Stan Lee සහ Gene Colan විසින්.
Earth-616දී කොමික් වල Falconගේ originඑක වුනේ මේ විදිහට.
සෑම්ගෙ ප්ලේන් එක රෙඩ්ස්කල් සහ ඔහුගේ පිරිස හැංගිලා ඉන්න Exile කියන කැරිබියන් දූපතට වැටෙනවා.Red Skull සෑම්ව මේ වෙලාවෙ දූපතේ ඉන්න Captain Americaට විරුද්ධව සටන් කරවන්න බලාපොරොත්තු වෙනවා.රෙඩ්ස්කල් Cosmic Cube එකක් පාවිච්චි කරලා සෑම්ට telepathy විදිහට කුරුල්ලන් සමඟ සන්නිවේදනය කරන්න හැකියාවක් ලබාදෙනවා. (විශේෂයෙන්ම Redwing කියල නම් දාපු උකුස්සෙක් එක්ක ).ඒත් මේකෙදි කැප්ට සෑම්ව RedSkullගෙ programming වලින් බේරගන්න පුළුවන් වෙනවා.මීට පසුව දෙන්නම එකතුවෙලා RedSkullව පරදලා සෑම් කැප්ගෙ පාට්නර් වෙනවා.
Black Panther විසින් සෑම්ට falcon Suitඑක හදල දෙනවා.
Captain America Vol 7 #25 කොමික් එකෙන් 2014 Decemberදි falcon ඊලඟ කැප්ටන් ඇමරිකා සහ ඇවෙන්ජර්ස්ලගෙ නායකයා බවට පත්වෙනවා.
ඉතින් falcon කියන්නෙ යුධ කටයුතු සහ තාක්ෂණික හැකියාවන් තියෙන ඉතාමත් වැදගත් Avenger කෙනෙක් කියල ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඇති කියල හිතනවා.අද පෝස්ට්එක මෙපමණයි.
-------------------------------------------------------------------------------------
Written by Shane Perera

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List