Blue marvel

Blue marvel ගැන කියන්න කියපු නිසා අද post එක ඇවිල්ල blue marvel ගැන.
Blue Marvel කියන code name එකෙන් හැදින්වුවට මෙයාගේ ඇත්ත නම Adam Bernard Brashear. මෙයාව පලවෙනි පාරට comic එකකින් ඉදිරිපත් කරන්නේ Adam: Legend of the blue marvel #1 (2009) comic එකෙන් .
මෙයාගෙ character එක සහ family background එක ගත්තොත් ,මෙයා ඉපදිලා තියෙන්නෙ chicago වල . ඒ වගෙම මෙයාට Phd දෙකකුත් තියනවා electrical engineering වලට සහ theoretical physics වලට .
පසුව korean war එකෙදි Adam සහ ඔහුගේ මිත්‍ර නමුත් පසුව ඔහුගේ ප්‍රදාන සතුරා වන Conner Sims එක්ක එකතු වෙලා neagative reactor එකක් හදනවා . එයාලගේ මූලික අරමුන වෙන්නෙ negative zone එක use කරලා positive matter හා anti matter ලබා ගන්න නමුත් අවාසනාවකට reactor එක පුපුරනවා .. එතනදී sims ව anti matter වලට අහු වෙලා ඔහුවත් කොටස් වලා කැඩී anti matter බවට පත්වෙනවා . Adam වත් හසු උනද ඔහුගේ ශරීරය එම අංශු වලට react කරලා ඔහුට ඔහුගේ බලය ලබා දෙනවා.
1962 දී adam ට blue marvel ලෙස ජනාධිපති සම්මාන ලැබුනද පසුව යුද්ධයකදී ඔහුගේ මුහුනු ආවරණය ඉවත්වීමෙන් ඔහු කලු ජාතිකයෙකු බව දැනගැනීමත් සමග adam ව සියලු තනතුරු වලින් ඉවත් කරනවා . (Because of racism).
Unmasked Blue Marvel
පසු කලෙක adam ගේ මිතුරු conner හට ශරීරයක් ලැබී ඔහු කරලියට එනවා . Adam වර්ණභේදවාදය ඉවසුවද conner එයට එරෙහි වෙනවා. පසුව avengers team එකත් සමග යන battle එකකින් avengers ලාව සහමුලින් පරාජය කිරීමට Anti man නොහොත් conner ට පුලුවන් වෙනවා . ඊට පසු tony stark , Reed richards සහ Adam ගේ සහය ඇතිව conner ව පරාජය කරනවා .
එතනදී Adam ව ව්‍යාජව මරා දමන අතර shield නියෝජිත Marlene Frazier ව ඔහුගේ වැඩ නිරීක්ෂණයට යොදනවා . පසු කාලෙක adam සහ marlene විවාහ වී දරුවන් දෙදෙනෙක් ලබනවා .
Powers :-
Anti-Matter Energy Absorption Physiology : negative reactor එක පුපුරා ගොස් එහි තිබූ anti matter adam ගෙ ශරීරයට උරා ගත් නිසා ඔහුට matter සහ anti matter උරා ගැනීමෙ හැකියාවක් ඇත.ආරංචි හැටියට anti matter gram එකක ඇති ශක්තිය හිරොශිමාවට දැමූ පරමාණු බෝම්බයට සමාන බව පැවසේ.
Superhuman Strength : adam ට අනෙක් super heroes ලාට මෙන්ම සුපිරි ශක්තියක් ඇත . වරක් ඔහු ton 93,000 බර ඇමරිකානු යුද නැවක් උස්සා ඇත . එමෙන්ම ඔහුගේ එක් පහරකින් හද දෙකඩ කල හැකි බවද සදහන් වේ.එමෙන්ම මොහුගේ එක් පහරකින් sentry සෞරග්‍රහ මණ්ඩලයේ කෙලවරටම විසි වී ඇත.
Enhanced Mental Perception/Hyper-Cosmic Awareness :
එමෙන්ම blue marvel හට අනෙක් මිනිසුන් සහ heroes ලා හට දැකිය නොහැකි සහ දැනිය නොහැකි cosmic වෙනස් වීම් දැනේ.
Nigh Invulnerability : sentry හට මෙන්ම adamta ද තුවාල කිරීම ඉතා අපහසුය . වරක් ඔහුගේ අතේ hydrogen බෝම්බයක් පුපුරා ගොස් ඇති අතර .ඔහුට අභ්‍යාවකාශයේ සිටීමට කිසිදු ආවරනයක් අවශ්‍ය නැත.
Flight : sentry මෙන්ම මොහුටද ගුරුත්වාකර්ෂණයට එරෙහිව පියාසර කල හැකි අතර මොහුගේ පියාසර වේගය ගැන කිසිදු සදහනක් නැත
Superhuman Speed : අනෙක් super heroes ලාට සාපේක්ශව blue marvel ට ද සුපිරි වේගයෙන් ගමන් කල හැක.
Superhuman Reflexes : blue marvel ට ද ඕනෑම දේකට ඉතා ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් ඇත
Superhuman Agility : එමෙන්ම මොහුට ඉතා හොදින් තම ශරීරය හැසිරවිය හැක
Superhuman Stamina : කොපමන වැඩ කලද blue marvel හට වෙහෙස නොදැනේ
Healing Factor : තුවාල වුනද අනෙක් super heroes ලා මෙන්ම මොහුටද ඉක්මනින් එම තුවාල සුව වේ.
Longevity : අනෙක් මිනිසුන්ට සාපේක්ෂව මොහු ඉතා සෙමින් වයසට යන අතර ඉතා දිගු ආයු කාලයක් ඇත.
Matter Manipulation: adam හට sentry මෙන්ම පදාර්ථයන් සහ ශක්තීන් පාලනය කල හැක
Weaknesses :-
Blue marvel ගේ එකම දුර්වල තාවය නම් negative zone එකේ පවතින neutronium නම් ද්‍රව්‍ය වේ..
Blue marvel ගැන නම් හොයාගන්න පුලුවන් උනේ ඔය ටික තමා .. වෙන describe කරන්න ඕන super hero කෙනෙක් ඉන්නවා නම් comment එකක් දාගන යන්න..

©Mario Perera

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List