Hulk

Imageඑක දකිද්දී තේරුම් යන්න ඇතිනෙ කියන්න යන්නෙ හල්ක් ගැන කියලා.හැමෝම දන්නව උනත් හල්ක් ගැන දාන්නෙ සීරිස් එකේ පටන්ගැන්ම ගන්න.ඒකියන්නෙ Hulk Familyඑක ගැන series එකක්ම දාන්න තමයි මේ පටන්ගැන්ම ගන්නෙ.හරි ඉතින් වැඩි කයිවාරු නැතුව වැඩේ පටන්ගමු.

Robert Bruce Banner එහෙමත් නැත්තම් හැමෝම දන්න බෲස් බැනර් කියන්නෙ Dr. Brian Banner කියන අණුක විද්‍යාඥයගෙ සහ Rebecca bannerගෙ පුතා.කොහොමවුනත් බෲස්ගෙ තාත්තා අධිකව බීමට ඇබ්බැහි වුන කෙනෙක්.මිනිහා හිතුවා විකිරණශීලි පර්යේෂණ නිසා මිනිහගෙ DNA වෙනස්වෙලා තමන්ට විකෘති දරුවෙක් ලැබිලා කියලාමේ නිසා මනුස්සයට බෲස්ව පේන්න බෑ.ඒනිසා බෲස්ට තාත්තගෙන් වදවිදින්න වුනා.😕

දවසක් බ්‍රයන් රෙබේකාව එහෙමත් නැත්තම් බෲස්ගෙ අම්මව මරණවා.ඒදවසෙන් පස්සෙ බෲස්ගෙ ජීවිතේ වෙනස් වෙනවා.ඊටපස්සෙ බෲස් හැදුනෙ එයාගෙ නැන්දාගෙ ආදරේ,කරුණාව එක්ක.ඒ කරුණාව එක්ක හැදී වැඩෙන බෲස් ඔක්ස්ෆර්ඩ් , හාවර්ඩ් වගේම තවත් universities කිහිපයකම උසස් අධ්‍යාපනය හදාරනවා. ඒවගේම බෲස් ඔක්ස්ෆර්ඩ් වලදි ටෝනි ස්ටාක්ගෙ තරගකාරයා වගේම හොඳම යාළුවෙක් වෙලා තියෙනවා.උසස් අධ්‍යාපනයෙන් පස්සෙ බෲස් න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයෙක් වෙනවා.

ඉතින් මේ දක්ෂ න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයාට මුදල් ප්‍රශ්න තියෙනනිසා එයා මෙක්සිකෝවේ තියෙන 'එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ න්‍යෂ්ටික පර්යේෂණ අංශයේ" වැඩට යනවා.
එහෙදි තමයි බැනර්ට ජෙනරාල් Thaddeus E. "Thunderbolt" Rossවයි(Redhulk) එයාගෙ දුව Betty Rossවයි මුන ගැහෙන්නෙ.මේකාලෙදි බැනර් අධික ගැමා කිරණ ප්‍රමාණයක් නිපදවන්න පුළුවන් න්‍යෂ්ටික ආයුධයක් හදනවා.හරියටම කියනවනම් ගැමා බෝම්බයක්.(Gamma Bomb)

G Bombඑකේ පළවෙනි ටෙස්ට්එක කරද්දි මේ කලාපයට සාමාන්‍ය වැසියෙක් ඇතුවෙලා කියලා දැනගන්න ලැබෙනවා.මේවෙලාවෙදි බැනර් තමන්ගෙ සගයා වුන Igor Starskyට එයා මිනිහව ආරක්ෂිත කරනකම් countdownඑක පරක්කු කරන්න කියනවා.බලද්දි Starsky කියන්නෙ සෝවියට් ඒජන්ට් කෙනෙක්.එයාට මොකද බැනර්ට මොනව උනත්.බැනර් ඒ සාමාන්‍ය වැසියාව බේරගත්තා.එයා තමයි (Rick Johnes)ඒත් බෲස්ට බේරෙන්න බැරිවුණා.ඒකනිසා බෲස් බැනර් අධිකව නිකුත්වුන විකිරණශීලි අණුවලට නිරාවරණය වෙනවා.ඒත් බැනර්ගෙ ශරීරයේ තිබුණු කවුරුත් නොදන්න සාධකයක් නිසා බෲස්ට බේරෙන්න පුළුවන් වෙනවා.(සමහරවිට බෲස්ගෙ තාත්තා හිතපු දේ හරි ඇති.) (නොදන්නා සාධකය ගැන දැනගන්න මේ පෝස්ට් එක කියවලා ඉවර වෙලා one below all ගැන පෝස්ට් එක බලන්න) ඒත් මේ නිසා බෲස් නිතරම පාලනයකින් තොරව ඉතාමත් බලවත් , කොළපාට මනුෂ්‍ය ස්වරූපයක් තියෙන විනාශකාරී රාක්ෂයෙක් වෙනවා.ජෙනරාල් රොස් තමයි ඒ රාක්ෂයට "හල්ක්" කියලා නමක් දාන්නෙ.
පස්සෙ බෲස්ට සාමාන්‍ය විදිහට හැරෙන්න පුළුවන් වුනත් ඇඩ්‍රිනලින් නිපදවෙන අවස්ථා වලදි බැනර්ට හල්ක් වෙන්න ප්‍රේරණයක් ඇතිවෙනවා.

ඉතින් හල්ක් ගැන දැනගන්න ලෝකි Hulkව පාවිච්චි කරලා තමන්ගෙ සහෝදරයව ඒකියන්නෙ තොර්ව පරාද කරන්න හදනවා.ඒත් ඒක අසාර්ථක වෙනවා.ඒවගේම ඒක නිසා Hulk , Thor , Ironman , Wasp එකතුවෙලා Avengers කණ්ඩායම හැදෙනවා.

😬කාලෙකට පස්සෙ Hulk,හල්ක්ගෙ දරුණු විනාශකාරී හැසිරීම් නිසා illuminatiල(පෘථිවිය ආරක්ෂා කරගන්න රීඩ් රිචඩ්ස්,ටෝනි ස්ටාක්,ඩොක්ට ස්ට්‍රේන්ජ්,බ්ලැක් පැන්තර්,Namor,බ්ලැක් බොල්ට්,ප්‍රොෆෙසර් X එකතුවෙලා හදපු රහසිගත කණ්ඩායමක්) තීරණය කරනව හල්ක්ව shuttleඑකක දාලා ජීවින් නැති ග්‍රහලෝකයකට පිට කරන්න. ඒත් හල්ක් වැරදීමකින් Sakaarවලට යන්නෙ.හල්ක්ව එහෙ නායකයා වුන red king අල්ලගෙන සටන් වලට යොමුකරනවා.අන්තිමට හල්ක් sakaarවල
රජවෙනවා.ඒවගේම Caiera Oldstrong කියන කෙනාව රැජින කරගන්නවා.හල්ක් ආපු යානය පුපුරලා මිලියන ගාණක් සහ තමන්ගෙ ගැබ්ගත්ත බිරිඳ මැරුණ නිසා හල්ක් තමන්ව පෘථිවියෙන් එලවපු වීරයො කියන අයගෙන් පලිගන්නවා.
ඒත් පිපිරීමට ඇත්තටම වගකියන්න ඕනෙඅය දැනගන්න හල්ක් ආපහු ටෝනි ස්ටාක්ගෙ උදව්වෙන් බෲස් විදිහට හැරුනට පස්සෙ S.H.I.E.L.D.එක හල්ක්ව අත්අඩංගුවට ගන්නවා.පස්සෙ කාලෙදි හල්ක් ආපහු සාමාන්‍ය විදිහට වැඩකරන්න පටන්ගන්නවා.

හල්ක් කියන්නෙ තමන්ගෙම පුද්ගලභාවයක් සහ මතක හදාගත්ත බැනර්ගෙ හැගීම්වල කොටසක්.ඉතින් මේ විදිහට Hulkට විවිධාකාර ස්වරූප තියෙනවා.ඉතින් මේ තියෙන්නෙ කිහිපයක් විතරයි.

Savage Hulk - මේ ස්වරූපයට තියෙන්නෙ පොඩිළමයෙක් වගේ මානසිකත්වයක්.හරියටම බැලුවොත් ඒ තාත්තගෙන් හිරිහැර විදපු පොඩි බෲස්ගෙ ස්වරූපය.කොහොමවුනත් තරහා මත රදාපවතින සීමාවක් නැති ශක්තියක් තියෙනවා.

Green Scar/The Worldbreaker -

දක්ෂ වගේම පට්ටම powerful.පාලනය වුණු තරහක් වගේම අතිශයින් ශක්තිමත් ,යුධආයුධ හොදින් හසුරුවන්න පුළුවන්.Professor Xට පවා මේ ස්වරූපයෙන් ඉද්දි හල්ක්ගෙ මනස පාලනය කරන්න බෑ.world war hulk කොමික් එකේ අන්තිමට ශරීරයෙන් නිකුත්කරන ගැමා කිරණ නිසා North Americaවල භූමි කම්පා ඇතිවෙනවා.ඒවගේම world breaker, Dark dimensionඑකේ ලෝකයක් කුඩුකරලා තියෙනවා.

Merged Hulk/"The Professor" -

සාමාන්‍ය අවස්ථවල savage hulkට වඩා ශක්තිමත්.තරහව වැඩි වෙද්දි නැවතත් බෲස් විදිහට වෙනස් වෙනවා.ඒකියන්නෙ තරහා යද්දි දුර්වල වෙනවා.ඒවගේම හරිම බුද්ධිමත්.

මේ විතරක් නෙමෙයි, hulkගෙ තවත් ගොඩක් personalities තියෙනව.
(Devil hulk, Joe Fixit (Grey Hulk), Maestro hulk, Doc green, Guilt hulk, etc.)

💪💪හල්ක්ගෙ Powers සහ abilities ගැන බැලුවොත් මෙහෙමයි.

හල්ක් කියන්නෙ මාවල් විශ්වයේ කායිකව ශක්තිමත්ම අයගෙන් කෙනෙක්.සීමාවක් නැති ශක්තියක් , ඉතාමත් හොඳ ඔරොත්තු දීමක්,වේගවත් සුවවීමක් සහ අනුවර්තනය වීමක් තියෙනවා.ඒවගේම තරහා යන තරමට හල්ක් ශක්තිමත් වෙනවා.

Transformation: බය,තරහා,මානසික පීඩනය වගේ heart rateඑක වැඩිවෙන දේවල් නිසා ඇඩ්‍රිනලින් මගින් සාමාන්‍යයෙන් මිනිස්සුන්ගෙ කායික හැකියා උත්තේජනය වෙනවා වගේම බෲස්ට වෙන්නෙ පාලනය කරගන්න බැරිවිදිහට හල්ක් බවට පත්වෙන එක.

Unlimited Strength: හල්ක්ගෙ කායික ශක්තියේ සීමාවක් නෑ.හල්ක්ව sakaarවලට ගෙනියපු shipඑකේ පිපිරීම නිසා ඇතිවුණ බලශක්තියට නිරාවරණය වීම නිසා හල්ක්ගෙ සාමාන්‍ය ශක්තිය තවත් වැඩිවුණා.ඒවගේම තරහා වගේ දේවල් වැඩිවෙන තරමට හල්ක් තවත් ශක්තිමත් වෙනවා."ආමඩේයස් චෝ"( Amadeus Cho ) කියනවිදිහට බෲස් හල්ක්ගෙ ශක්තිය හොඳටම පාවිච්චි කරන්න මානසිකව ඉඩ දෙන්නෙ නෑලු.ඒකට හේතුව හල්ක්ගෙන් අනිත් අයට වෙන හානිය වලක්වන්නලු.

Superhuman Leaping: හල්ක්ගෙ කකුල්වල මාංශපේෂි හරිම ශක්තිමත්.ඒනිසා සෑහෙන දුරක්,උසක් පනින්න හල්ක්ට පුළුවන්.කියනවිදිහට හල්ක්ට එකපැනීමකින් හැතැප්ම දාහක් විතර දුරට යන්න පුළුවන්ලු.ඔලිම්පස් කන්ද මුදුනට පොළොව මට්ටමේ ඉදලා වගේම පෘථිවි කක්ෂය ආසන්නයටත් පැනලා තියෙනව.සන්සුන් අවස්ථවල හල්ක්ගෙ පිම්මක වේගය පැයට හැතැප්ම 473ට ආසන්නයි.

Superhuman Strength Utilizations: හල්ක්ට තමන්ගෙ ශක්තිය බාහිර පරිසරය මත පාවිච්චි කරලා විවිධ වැඩ කරන්න පුළුවන්.උදාහරණ විදිහට වේගයෙන් අත්පුඩියක්(thunderclap) ගහලා විශාල කම්පනයක් ඇතිකරන්න පුළුවන්.ඒවගේම අත් හෝ පා වලින් පොළොවට ගහලා බලවත් කම්පනතරංග ඇතිකරන්න පුළුවන්.

Dynamic Durability: හල්ක්ගෙ ශක්තිය නිසාම කායික හානිවලට ඉතාමත්ම හොදින් ප්‍රතිරෝධයක් දක්වනවා.හල්ක්ගෙ සම ඇඩමැන්ටියම්,වයිබ්‍රේනියම් තලවලට පවා තරමක් ප්‍රතිරෝධයක් පෙන්නලා තියෙනවා.මේ නිසා bullets , grenade , hawkeyeගෙ ඊතල සහ වැල්කරිගෙ enchanted blade Dragonfangඑකටත් හල්ක්ට හානි කරන්න බැරිවෙලා තියෙනවා.ඒවගේම ඉතාමත් බලවත් energy blasts , ඉතාමත් ඉහළ සිට වැටීම්, අධික සීතල,අධික තාපය න්‍යෂ්ටික පිපිරීම් වලටත් හල්ක් ඔරොත්තු දෙනවා.Human torchගෙ Nova blast එකටත් ඔරොත්තු දීලා තියෙනවා.(ෆැරන්හයිට් මිලියනයක උෂ්ණත්වය)

Regenerative Healing Factor: කායික හානිවලට තියෙන අධික ප්‍රතිරෝධයක් තිබුණත් හල්ක්ට හානි කරන්න පුළුවන්.ඒත් හල්ක්ට වේගයෙන්,කාර්යක්ෂමව තමන්ට වෙන හානි ආපහු සුවවෙනවා.මේ සුවවෙන කාර්යක්ෂතාවයත් සිද්ද වෙන්නෙ තරහවෙ තරමට තමයි.

Diseases Immunity: පෘථිවියේ තියෙන වෛරස් වගේ දේවල් වලින් හල්ක්ට හානියක් නෑ.දිගුකාලයක් වෙහෙසක් නැතුව ඉන්නත් පුළුවන්.

Functional Immortality: හල්ක්ට සදාකාලිකවම මැරිලා ඉන්න බෑ.මේක වෙන්නෙ කලිනුත් කියපු නොදන්නා සාධකය නිසා.

Superhuman Speed:
එකපාරක් හල්ක් ලේසියෙන්ම ප්ලේන් එකක් පහුකරගෙන දුවලා තියෙනවා.ඒවගේම හල්ක් නොට් අසූවක(80 knots) වේගෙන් පීනලා තියෙනවා.(හිතාගන්නකො හල්ක්ගෙ වැඩ😎)කලින් මම හල්ක්ගෙ පැනීම ගැන කිව්වනෙ.ඒක එච්චර දියුණු වෙන්න හේතුවත් හල්ක්ගෙ වේගය තමයි.කිහිප වතාවක්ම හල්ක් තමන්ගෙ පැත්තට එන mortar,missiles නවත්වලා තියෙනවා.ඒවගේම කැප්ටන් ඇමරිකාගෙ shieldඑක, supersonic speedඑකෙන් එන Silversurferවත් අල්ලලා තියෙනවා.😨(හල්ක්ගෙ වේගෙ ගැන බලාගන්න ඕනෙනම් Hulk 2003 filmඑක ආපහු බලන්න.)💪

Underwater Breathing :
හල්ක්ට ලොකු කාලයක් වතුර යට හුස්ම නොගෙන ඉන්නත් පුළුවන්.හල්ක්ගෙ ඇග oxygenated perfluorocarbon තෛලෝදයක් නිපදවන කුද්දටි හදනව.ඒවගෙන් පෙණහලු පිරවීම සහ පීඩනය සමපාත කරනවා.

Astral Form Perception: හල්ක්ට "astral forms," සහ හොල්මන් පේනවා.ඒවගේම ඒව එක්ක සන්නිවේදනය කරන්නත් පුළුවන්.

Gamma Radiation/Energy Manipulation and Emission: හල්ක්ගෙ ඇග ගැමා බැටරියක් වගේ වැඩ කරනවා.ඒකියන්නෙ ගැමා කිරණ නිපදවීම,පිටකිරීම කරනවා.World War Hulk විදිහට ඉද්දි හල්ක් ඉතාමත් විශාලව ගැමා කිරණ නිපදෙව්වා.ඒවගේම ගැමා කිරණ අවශෝෂණය කරන්න හැකියාවකුත් හල්ක් සතුයි.

Super-Genius Intelligence: ඩොක්ටර් බෲස් බැනර් කිව්වම ඉතින් අහන්න දෙයක් නෑනෙ.න්‍යෂ්ටික භෞතික විද්‍යාව පිලිබඳ සුපිරිම මොළකාරයෙක්.ඒවගේම පෘථිවියේ හතරවෙනි Smartest person විදිහට ඉදලා තියෙනවා.

⚔️Expert Combatant: හල්ක් විදිහට ඉද්දි බෲස් දක්ෂ සටන්කාරයෙක්. Green scar විදිහට ඉද්දි කඩු,පළිහ,හෙල්ල වගේ ආයුධ හොදින් පාවිච්චි කරන්න පුරුදු වෙලා තියෙනවා.ඒවගේම Doc green විදිහට ඉද්දි ඩැනී රැන්ඩ්(iron fist)ගෙන් සටන්ක්‍රම ඉගෙනගෙන තියෙනවා.

Facts:-

Spider-Man එකපාරක් විහිළුවක් කරලා හල්ක්ව බෲස් වෙනකම් හිනස්සලා හල්ක්ව පරද්දලා තියෙනවා.

හල්ක් විදිහට පැයක් හිටියොත් ඒක බෲස් බැනර්ට පැය 7.3ක් නිදාගෙන ඉන්නඑකට සමානයි.

Stan lee කියන විදිහට හල්ක් කොළපාට වුනේ Marvel ආයතනයට  තීන්ත පිලිබඳ ප්‍රශ්නයක් තිබුණු නිසාලු.ඒකියන්නෙ කලින් හල්ක්ට යොදාගත්ත අළුපාට ගැලපුනේ නෑලු.ඒකනිසා Stan Lee හල්ක්ගෙ පාට වෙනස් කරන්න කිව්වා කියලයි කියන්නෙ.

හල්ක්ව හදන්න පාදක කරගත්තෙ "Dr. Jekyll and Mr. Hyde" කියන පොත සහ Frankensteinව කියලා Stan Lee ප්‍රකාශ කරලා තියෙනවා.

ඒවගේම 1963දි THOR ව හදුන්වාදෙන්න හේතුව වුනේ හල්ක්ට වඩා ශක්තිමත් චරිතයක් Stan leeට ඕනෙ වුන නිසා.
ඒත් කාලයත් එක්ක හල්ක්ගෙ ශක්තිය තෝර්ට වඩා වැඩිවුණා.(writers are the gods of marvel)

එහෙනම් හල්ක් ගැන විස්තරේ ඇති කියලා හිතනවා.හදිස්සියේම හදපු පෝස්ට්එකක් නිසා කරුණු මදි ඇති.

"කොහොමද ...................... වෙන්නෙ??" කියන එකට උත්තරේ තමයි.

"Hulk is far more psychological than physical."

ඉතින් එහෙනම් seriesඑකේ ඊලඟ පෝස්ට් එකෙන් හම්බවෙමු.

Excelsior !!
Post by Shane Perera

Our Facebook Group👇👇



Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List