Void


ගොඩක් අය මගෙන් ඉල්ලපු නිසා මම හිතුවා අද void ගේ ගැන ඔයාලට කියන්න ඕන කියලා. හුගක් අය හැබැයි එයාව දන්නවා . Marvel superhero , sentry ගේ main foe තමා void කියනේ . ඒ කියන්නෙ void කියන්නෙ villain කෙනෙක්
Character එකක් විදිහට ගත්තොත් void ගෙ origin
එක විදිහට සලකන්න වෙන්නේ Robert Reynolds , sentry serum එක බොන එක . Void හා sentry mentally link වෙලා ඉන්නේ Reynolds ට හරියට Dr hyde and Mr Jekyll වගේ හැබැයි මෙතන ඉන්නෙ පුද්ගලයන් දෙන්නෙක් . Sentry ට void පිලිබඳ මතකය තියන තාක් void ට act කරන්න පුලුවන් . Sentry බේරා ගන්නා මිනිසුන් ප්‍රමානයටම සමාන ප්‍රමානයක් තමා මරා දමන බව වරක් void කියා ඇත .පලමුව void හැදෙන්නේ sentry ගෙ මනස තුලය . එවිට ඔහු manhatten වල මිලියනයක් පමන මරා දමා ඇත . එම නිසා sentry , Reed Richards සහ Doctor Strange ගේ සහය ඇතිව void පිලිබඳ මතකයන් ඔහු වෙතින් මකා දමා ඇත . ඒ නිසා තාවකාලිකව void , sentry ගෙන් අයින් වෙනවා .
නමුත් නැවත ටික කලකට පසු එම මතකයන් නැවත එනවා . ඒක නිසා sentry ගෙන revenge එකක් ගන්න ඕන නිසා void Europe වල ඉන්න super heroes ලා 80% විතර මරා දානවා . ඊට පස්සේ ආයෙත් dr strange void ව Reynolds ගේ ඔලුවෙන් අයින් කරලා දානවා.
ඊට පස්සෙත් දෙතුන් පාරක් void ආය මතු වෙනවා . ඒ පාරවල් වලත් strange ගෙ උදව්වෙන් void ව erase කරලා දානවා . මේක කරදරයක් නිසා sentry Professor Correnelius ඒ කියන්නෙ sentry serum එක හදපු කෙනා හම්බෙන්න යනවා . ගිහින් මුල ඉදලා කතාව ඔක්කොම කියනවා. ඒ අතරතුරම strange ගෙ උදව්වෙන් sentry තමන්ගේ මනස ඇතුලට ගිහින් void ව නවත්තන්න ක්‍රමයක් හොයනවා . එතනදී sentry දැනගන්නවා එයා බීලා තියෙන්නේ captain america ව හදන්න ගත්තු serum එකේම advanced version එකක් කියලා. කොහොමහරි නැවතත් void ගැන මතකය ඇවිල්ලා void ට පන ආවට පස්සේ sentry සහ void අතර battle එකක් ගිහින් sentry , void ව ඉරට විසි කරනවා . ඒකෙනුත් බේරෙන void නැවත පෘථිවියට ඇවිත් avengers සහ x men ලාට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා .. මේ ඔක්කොම නිසා sentry ට සියල්ල එපා වෙලා එයා පෘථිවියෙන් යනවා මොකද sentry හිතන්න ගන්නවා මේ යුද්ධ ඔක්කොටම හේතුව එයා කියලා. ඔය කාලෙම Norman Osborn ට america වල ජාතික ආරක්ෂාව සම්බන්ධ තනතුරක් හම්බෙනවා . ඒක නිසා void , osborn එක්ක join වෙනවා.
ඔය අතරතුර සිද්දවෙන අනතුරකින් sentry ගෙ wife මැරෙනවා . ආරන්චි හැටියට නම් එයාවත් මරන්නෙ void . කොහොමහරි ඕක sentry ට ආරන්චි වෙලා එයා suicide කරගන්න try කරනවා . නමුත් එයා immortal නිසා ඒක කරගන්න බැරි වෙනවා . ඒක නිසා sentry , void ට permission දෙනවා එයාගෙ body එක control කරන්න. ඊට පස්සෙ osborn එක්ක එකතුවෙලා void asgard වලට attack කරනවා . ලොකු damage එකක් කලාට පස්සෙ කොහොමහරි thor , iron man එක්ක එකතු වෙලා void ව defeat කරනවා . ඊට පස්සෙ robert ගේ body එක ඉරට විසික් කරනවා . (ඔතනින් පස්සේ තමා dead seed sentry එන්නේ ). ඒක නිසා void , robert ව අතෑරලා උණුසුම් ධවල කුටියට (white hot room) යන්න යනවා .
white hot room එක ගැන කියනවා නම් ඒක මියගිය අයට සහ විශේෂ බලයන් තියන අයට පමනක් යන්න පුලුවන් තැනක් . හැමෝටම එතනට යන්න බැරි උනාට ඒකේ පදිංචි උන කට්ටියකුත් ඉන්නවා . එයාලගෙන් කිහිපදෙනෙක් නම්,
1 Jean grey and her family
2 phoenix force
3 Exitar the executioner
එමෙන්ම එම white hot room එකේ සියලුම realities වලින් join උන M’Krann crystal එකක් පවතින බව සදහන් .
Powers :-
Void හටද sentry ට ඇති බොහෝ බලයන් ඇත. ඊට අමතරව ඇති powers ,
Adaptive Appearance: void ට shape shifting හැකියාවක් ඇත . නමුත් මොහු බොහෝදුරට ගන්නේ මිනිස් වෙසකි.
Atmokinesis : void හට x men එකේ storm මෙන් කාලගුණය පාලනය කිරීමේ හැකියාවක් ඇත
Adaptive Possession : void හට ඕනෑම කෙනෙකුගේ ශරීරයට ගොස් ඔවුන්ගේ බලයන් පාලනය කිරීමේ හැකියාවක් ඇත
Infini-Tendrils : void හට සීමාවක් නොමැති රැහැන් විශේශයක් නිකුත් කල හැකි අතර ඒවා ස්පර්ශ කරන්නන් physically disable වේ . වරක් hulk මේවා ස්පර්ශ කල නිසා ඔහුගේ ඇගේ සෑම bone එකක්ම කුඩු වී ඇත
Darkness Manipulation : sentry හට ආලෝකය පාලනය කල හැකි සේ void හට අදුර පාලනය කල හැක. රාත්‍රී කාලයේ void හට attack කිරීමට ඉතා අපහසුය
එමෙන්ම negative zone එකේදී void ගේ powers maximum වේ ….
ඔය ටික තමා මට The void ගැන හොයාගන්න පුලුවන් උනේ . ඕකෙ නැති මොනාහරි තිබ්බොත් කියන්න . ඒ වාගෙම ඊලගට ඕන කා ගැනද කියලත් comment එකක් දාගන යන්න .
M.P.

Comments

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List