Wiplash

අද postඑක Wiplash ගැන.කවුද මේ Wiplash??👇👇
Wiplashව අපිට mcu එකේදි බලාගන්න ලැබෙන්නෙ ironman 2 එකෙන්.mcu එකේ wiplashව පෙන්නලා තියෙන්නේ කොහොමද කියලා අපි බලමු.
M.C.U.එකට අනුව Tony Starkගේ තාත්තා වෙන Howard Stark එක්ක එකට වැඩකරපු රුසියානු භෞතික විද්යාඥයෙක් වුන Anton Vankoගේ පුතා තමයි Ivan AKA Wiplash කියන්නෙ.Anton එක්ක තමයි Howard ARC reactorඑක සැලසුම් කරල තියෙන්නේ.Howardට ඕනෙ වුණේ reactorඑක හොඳදේට යොදවන්න.ඒත් Antonට millionaire කෙනෙක් වෙන්න තාක්ෂණය විකුණන්න ඕනෙවුණා.ඉතින් Antonව රුසියාවට පිටුවහල් කලා.Anton නැවතත් රුසියාවට ගිය විට සෝවියට්වරුන් USA එක්ක සහයෝගීව කටයුතු නොකිරීම නිසා ඔහුට දඬුවම් වශයෙන් ඔහුගේ පුතා වන Ivan සමඟ උතුරු සයිබීරියාවට පිටුවහල් කලා.Anton මැරුණාට පස්සෙ,අයිවන් තාත්තගෙ සටහන් වලින් ARC reactor එක ගැන දැනගන්නවා.ඒ අනුව අයිවන් starkලගෙන් පලිගන්න තීරණය කරනවා.
ඉතින් Tony Stark AKA Ironman තරග කරන car raceඑකක සේවයේ යෙදෙන කෙනෙක් ලෙස වෙස්වලා ගත්,Vanko තමන්ම නිර්මාණය කරපු ARC Reactorඑකකින් බලගන්වපු විදුලි කස 02ක් සමග wiplash විදිහට raceඑක මැද්දට ඇවිත් tony එක්ක සටන් කරනවා.නමුත් මේ සටනෙන් පරාදවූ ඔහුව අත්අඩංගුවට ගන්නවා.
එ්ත් Stark industry එකේ ප්‍රධාන තරගකරුවෙක් වන Justin Hammer ඔහුව නිදහස් ක‍රගත්තා.ඒවෙනුවෙන් wiplash තමන්ට වැඩ කරන්නත් starkගේ armorවලට සමාන armor නිෂ්පාදනය කරල US armyඑකට විකුණන්නත් Hammerට ඕනෙවුණා.නමුත් ඔහු වෙනුවෙන් වැඩ කරනවා වගේ wiplash තමන්ට පාලනය කරන්න පුළුවන් "Hammer Drones" නම් නියමු රහිත armor නිර්මාණය කලා.අන්තිමේදී,"Stark expo"එකේදි Hammer drones සහ ලූතිනන් රෝඩ්ස්ගේ mark III ආවරණය(Rodes AKA Warmachine)ඉදිරිපත් කරන අවස්ථාවේදී Starkට විරුද්ධව wiplash මේ armors මෙහෙයවනවා.ඒ වගේම wiplash අලුත් armorඑකක් ඇදගෙන Tony එක්ක සටන් කරන්න එනවා.මේ සටනෙදි Wiplashගෙ විද්‍යුත් ආරෝපිත කස වලට අහුවෙන Ironman සහ Warmachine wiplash armorඑක පරද්දන්න අමාරු නිසා wiplashට Pulse එකක් එල්ල කරල පරාද කරනවා.ඉතින් මේකෙන් wiplash මැරෙනවා.ඒ වගේම Hammer Drones ක්‍රියාවිරහිත වෙනවා.
Wiplash ගැන කතාව වෙන්නෙ ඔහොමයි.අපි දැන් Wiplashගෙ armors ගැන බලමු.
Wiplash Mark I:
Vankoගෙ පළමුවන wiplash armor එක වුණේ පපු ප්‍රදේශයට ARC reactorඑකක් යෙදූ සැකිල්ලක් සහ ප්ලාස්මා කස දෙකකි.එම කස වලින් අධික තාපයක් උත්පාදනය කිරීමට හැකි අතර සුඛෝපභෝගී මෝටර් රථයක් වුවත් පහසුවෙන් කැපීමට හැකිය.
Wiplash Mark II:
Vankoගේ දෙවන Whiplash armorඑක හොවාර්ඩ් ස්ටාක් සහ ඇන්ටන් වැන්කෝගේ පෙර සැලසුම් අනුව සකස්කල කුඩා ARC reactorඑකක් සමඟ Hammer technology armor එකක් එකතුකර සැදූ එකක්.ironman armorවලට සමාන වූ අතර වැඩිදියුණු කල ආයුධ යොදාගෙන තියෙනවා.මෙයට විශාල ශක්තියක් හා Damage වීමට ඉහළ ප්‍රතිරෝධයක් සහ පියාසර හැකියාවක් තියෙනවා.ඒවගේම කලින් තිබුණාට වඩා දියුණු කස 02ක් තියෙනවා.
Wiplashගෙ abillities ගැන බැලුවොත් මෙහෙමයි,
⚡️Skilled Combatant: Vanko කියන්නෙ hand to hand combat තරමක් පුළුවන් කෙනෙක්.
⚡️Skilled Mechanic: Stark වගේම Vankoත් mechanical සහ programming වලට දක්ෂ කෙනෙක්.ඒ වගේම තමන්ගේම ARC Reactorඑකක් හදපු කෙනෙක්.
mcuඑකේදි අපිට wiplashව බලාගන්න ලැබුනෙ ඒ විදිහට වුනත් කොමික් වල Wiplash ගැන පෙන්නල තියෙන්නේ මෙහෙමයි,
Anton Vanko කියන්නෙ Russian ගමක ඉපදුණ හොඳ කාය ශක්තියක් සහ සුපිරි තාක්ෂණික දැනුමක් ඇති විද්‍යාඥයෙක්.දවසක් මේ ගමට ironman armorඑකක් හොරකම් කරපු කෙනෙක් පහරදෙනවා.Vankoගෙ තාත්තා මෙතනදී මැරෙනවා.Murder පලායන්න කලින් වෙඩිතියන්න Vankoට හැකිවුණා.තාත්තාගෙ මරණය ironman armor එකකින් වුන නිසා Vankoට Starkගෙන් පලිගන්න ඕනෙ වෙනවා.ඒකට තාත්තව මරපු කෙනා ඇදන් හිටපු ironman armorඑකේ කොටස් සහ තමන් නිපදවපු බලශක්ති කස 2ක් vanko යොදාගත්තා.
දැන් Whiplashගෙ Armorඑක ගැන බලමු.
ironman mark29 එකෙන් හදපු ඇදුමක් සහ අත් වලට විද්‍යුත් ආරෝපිත කස දෙකක් යොදාගෙන තියෙනවා.කස ලෝහ කැපීමට තරම් බලයක් සහිත වන අතර bullet වලින් ආරක්ෂා වීමට හැකියි.Night vision සහ ඝන වස්තූන් හරහා බැලිය හැකි thermal vision සහිත infrared lense යෙදූ මුහුණු ආවරණයක් භාවිතා කරලා තියෙනවා.
කස 02 හදලා තියෙන්නේ Mark29 එකේ ආයුධ වලට බලය සැපයූ electromagnetic moterඑකේ තිබුණ Copper wires වලින්.Whiplash විවිධ වස්තූන් කැපීමට මේ කස භාවිතා කරත් ඒවායේ ධ්‍රැවීයතාවය වෙනස් කරල ද්‍රව්‍ය ආකර්ෂණය හා විකර්ශනය කරන්නත් මේ කස වලට පුළුවන්.
Right ඉතින් ඕක තමයි Wiplashගෙ කතාව.එහෙනම් ඊලඟට Marvel universeඑකේ පැරණි චරිතයක් ගැන postඑකක් දාන්න ඉන්නෙ.පුළුවන් නම් Guess කරල comment කරන්න.
Post by Shane Perera

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List