Mark 50 (Mark L)



අද postඑක Mark50(Mark L) ගැන.මුලින්ම ගෲප් එකේ කට්ටියගෙන් සමාව ඉල්ලනව මම කලින් mark48(Mark XLVIII) කියල දාපු පෝස්ට්එක වැරදියි.infinity warඑකේ තිබ්බෙ mark50.ඒකනිසා තමයි අලුතෙන්ම මේ පෝස්ට්එක ලියන්නෙ.
ඒවගේම පොඩි ඉල්ලීමක් තියෙනවා.
Infinity war එකේදි පළමුවරට පෙන්වපු මේ mark50 කියන්නෙ කොමික් වලදි අපිට දකින්න ලැබුන Bleeding-edge සහ Model-prime යන ආමර් වල එකතුවක්.(මේ ආමර් ගැන පොඩි විස්තරයක් පස්සෙ දෙන්නම්.)
Mark 50(mark L) තමයි Tony Starkගේ පනස්වන අයන්මෑන් සූට්එක.මේක අපිට දකින්න ලැබෙන්නෙ Mark 47 එකට පස්සෙ.Mark 48 සහ 49 කියන ආමර් ගැන තාම කිසිවක් සදහන් වෙලා නෑ.කොහොමවුණත් මේ ආමර්එක මාක්50 කියල Kevin Feige confirm කරල තියෙනවා.
Mark 45, 46, සහ 47 වගේම මේකෙත් පාවිච්චි කරල තියෙන්නේ F.R.I.D.A.Y OSඑක.
මේකෙ Power Core එක විදිහට යොදාගෙන තියෙන්නේ New Element Arc Reactor III එක.
Mark50 තමයි Marvel cinematic universeඑකේ නැනෝ තාක්ෂණය භාවිතා කරපු පලවෙනි ironman armorඑක.ඒවගේම කලින් Armorවල නොදැකපු විදිහේ සුපිරි තාක්ෂණයන් සහ ආයුධ මේකට යොදාගෙන තියෙනවා.
අපි දැන් mark50 එකේ තාක්ෂණික පසුබිම ගැන බලමු.
Armor Design:--
අනෙක් ආමර් එක්ක සන්සන්දනය කරද්දි ඉතාමත් තුනී ලෙස වගේම ලස්සනට mark50 හදල තියෙනවා.ඒවගේම අනෙක් සියලු ආමර් වලට වඩා භාහිරට පෙනෙන කොටස් අඩු කරල තියෙනවා.මේකට ලොකුම හේතුව Gold-Titanium නැනෝඅංශු මගින් තනි ව්‍යුහයක් විදිහට මෙය සදා තිබීමයි.මෙය මෝටර් සහ Servo රහිතව හදල තියෙනවා.
Armor Features:--
Armor
මේ ආමර්එක වැඩිදියුණු කල නැනෝතාක්ෂණයක් භාවිතා කරල තියෙන නිසා අලුත් ආයුධ හදන්න පුළුවන්.මෙහි යොදාගෙන තියෙන නැනෝතාක්ෂණය,බොහෝදුරට වකන්ඩන් තාක්ෂණයට සහ panther habitඑකට සමානකම් දක්වනවා.නැනෝ අංශු නිසා සුපිරිම ශක්තිමත්බවක් මෙයට ලැබිල තියෙනවා.
Suit materialization
Blackpanther suitඑක මාලයක් ඇතුලට integrate කරල තියෙනවා වගේ mark50එක තියෙන්නේ Arc Reactorඑකට integrate කරල.
Integrated Control Interface
F.R.I.D.A.Y OSඑක පෘථිවියෙන් එළියෙදි disconnect වුණා කියල infinity warඑකේදි දකින්න පුළුවන්.නමුත් F.R.I.D.A.Y. නැතුව ටෝනි ආමර්එකේ function භාවිතා කලා.ඒකට හේතුව තමයි ආමර් එකේ තියෙන වෙනම පාලන පද්ධතියක් තිබීම.
Nanite Relocation
Mark50එකට හානියක් සිදු වුනොත් විනාශ වුණ නැනෝඅංශු ඉවත් කරල නැවත නැනෝඅංශු ප්‍රතිජනනය කිරීමට ස්වයං හැකියාවක් තියෙනවා.
Armor Capabilities:--
Durability: තෑනෝස් එක්ක සටන් කරද්දි powerstoneඑකෙන් නිකුත්කරපු energy projection වලට තරමක් ඔරොත්තුදෙන තරම් දැඩි ශක්තිමත් බවක් තියෙනවා.
Airtight seal: අභ්‍යවකාශයේ සහ ජලයේ ගමන් කිරීමට suitඑකේ ඇතුළත බාහිර පරිසරයෙන් වෙන්වන විදිහට සීල් කිරීමට හැකියි.
Anti-Phasing Tech: ආමර්එකේ නැනෝඅංශු සෑමවිටම අධික වේගයෙන් කම්පනය වෙනව කියල සඳහන්.මේනිසා ආමර් එක හරහා Vision , Antman වගේ අයට ගමන් කරන්න බෑ.
Surface reforming/Augmentation: ආමර් එකේ මතුපිට arm cannons, swords, extra thrusters, wings, සහ shields වගේ විවිධාකාරයේ ආයුධ සහ උපකරණ සකස්කරගන්න හැකියාවක් තියෙනවා.ඒවගේම නැනෝමැෂින් මගින් හානිවුන කොටස් නැවත වේගයෙන් ප්‍රතිජනනය කිරීමට හැකියාවක්ද පවතිනවා.
High-Velocity flight: අමතර thrusters වැඩි ගණනක් තිබෙන නිසා අධික වේගයකින් පියාසර කිරිමට හැකියාවක් පවතිනවා.
Weapons:--
Repulsors:සාමාන්‍යයෙන් හැම ආමර් එකකම භාවිතාවන repulsors වලට වඩා වැඩි දියුණු කල repulsors භාවිතා කරල තියෙනවා.
Unibeam:දැනට සැදූ වැඩිම බලයක් නිකුත්කලහැකි Unibeamඑක මේකයි.අලුත්ම Arc-reactor එක නිසා අතිප්‍රබල energyඑකක් පිටකලහැකියි.
Lasers: මැණික්කටුව ප්‍රදේශයේ ප්‍රබල ලේසර් එකක් අඩංගුයි.
Shoulder-Mounted Missile Launcher: Mark 50එකේ උරහිසේ කුඩා ප්‍රමාණයේ ප්‍රබල missile launcher එකක් සහිතයි.
Other Weapons :
•Nano Repulsor Cannons
•Nanotech Cluster Cannons
•Blades
•Edged Tonfas
•Maces
•Spikes
•Pneumatic Hammers
•Automatic Repulsor cannons
•Energy blades
Medical Suture Spray:--
මේ ස්ප්‍රේඑක මගින් ආමර් එකේ නැනෝඅංශු ආකර්ෂණය කරල පටක ප්‍රතිජනනය කරන්න ආධාර වෙනවා.
Red, Gold සහ Silver පාට දිලිසෙන සුපිරිම පෙනුමක් සහ සුපිරිම තාක්ෂණයක් භාවිතා කරල තියෙන armor එකක් වුණ Mark50(mark L) එකේ සුපිරි වැඩ ගැන අපිට infinity warඑකේදි බලාගන්න ලැබුණා.ඉතින් මේක තමයි Mark50 ගැන විස්තරේ.Infinity warඑකෙන් දැනගන්න නොලැබුණු මොනවමහරි දෙයක් මේ පෝස්ට් එකෙන් දැනගන්න ඇති කියල මම හිතනවා.එහෙනම් තවත් පෝස්ට් එකකින් හම්බවෙමු.
Post written by Shane Perera

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List