අපි නොදන්න black panther (Powers සහ Suitඑක නැති Black Panther පොරක්ද? )


අද postඑක Black Pantherගෙ කොමික් පසුබිම ගැන. Blackpanther movieඑකේ නම් කොමික් වල තරම් Black panther ගැන  දේවල් පෙන්නුවේ නෑ.

බ්ලැක් පැන්තර් කියන චරිතය නිර්මාණය කලේ Stan Lee සහ Jack Kirby විසින්. Earth-616දි එහෙමත් නැත්නම් MARVEL Comicsවල ප්‍රධාන විශ්වයෙන් මුලින්ම බ්ලැක් පැන්තර්ව බලාගන්න ලැබෙන්නේ 1966 ජූලි මාසයේ නිකුත්කල Fantastic Four #52 කොමික් එකෙන්.
සැ.යු. පෝස්ට් එකේ තියෙන්නෙ Comics ගැන.

Right,අපි කතාවට බහින්න කලින් black pantherගෙ කතාවට අදාල ඉතිහාසය බලමු .

Originatorsල කියලා පොදුවෙ හඳුන්වන සර්ප පෙනුමක් තියෙන Simbi, වානර පෙනුමක් තියෙන Vanyan, මකුළු පෙනුමක් තියෙන Anansi සහ කෘමි පෙනුමක් තියෙන Creeping Doom වගේ විවිධාකාර ජීවින්ගෙ සාමකාමී නිවහන වෙලා තිබ්බ භූමියක් අප්‍රිකා මහද්වීපයේ තිබුණා.
Originators

ඒත් කාලය ගතවෙද්දි  ඒ භූමියෙ පසේ මායාකාරී දෙයක් තියෙනව කියලා හිතපු  මිනිස්සු එහෙට ගිහින් ඒ පරිසරය තමන්ට ඕනෙ විදිහට හදාගත්තා. මේනිසා ඒ භූමියේ හිටපු සාමකාමී මුල් අයිතිකාරයන් වුණ ඔරිජිනේට(ර්)ස්ල මිනිස්සු එක්ක සටන්කලා. කොහොම වුණත්, මේ අතරින් Orisha (Thoth, Kokou, Mujaji, Ptah සහ Bast. ඒ කියන්නෙ Wakandan ජාතිකයන්ගෙ දෙවිවරුන්)ගෙ උදව්වෙන් සටන්කරපු මිනිස්සු ඔරිජිනේට(ර්)ස්ලව ඔවුන්ගෙම භූමියෙන් වෙනත් dimensionඑකකට එලවලා ඒ භූමිය තමන්ගෙ කරගත්තා. ඒ භූමියේ තමයි ඔවුන් වකන්ඩාව ගොඩනැගුවෙ.
Orisha (Thoth, Bast, Kokou, Mujaji, Ptah)
කාලයත් එක්ක Wakandansලා ඉගෙනගත්තා කුණටු වළාවන් පාලනය කරලා කොස්මික් ශක්තිය ලබාගන්න පුළුවන් විදිහෙ ප්‍රණාල ඇතිකරන්න.

අවුරුදු 10,000කට විතර කලින් අතීතයෙදි වකන්ඩාවේ ගෝත්‍ර කිහිපයක් ඇතිවුණා. මම කලින් කියපු ප්‍රණාල ඇතිකිරීමේ ප්‍රතිඵලයක් විදිහට පස්සෙ කාලෙදි ශබ්දය සහ ශක්තිය අවශෝෂණය කරගන්න පුළුවන් ඛණිජයක් වුණ විශාල  වයිබ්‍රේනියම් උල්කාපාතයක් වකන්ඩාවට වැටුණා. ඒවෙද්දි පැන්තර් ගෝත්‍රයේ නායකයා වුණ බෂින්ගා කියන රණශූරයා මේක දෙවියන්ගෙන් ලැබුණු දෙයක් කියන විශ්වාසයෙන් ආරක්ෂා කරන්න තීරණය කලා. ඒවගේම මෙයින් ආයුධ නිර්මාණය කලා.

ඒත් මේ උල්කාවෙ radiationඑක නිසා ගෝත්‍රයේ  සමහරුන් විකෘති වුණා. ඉතින් මේ රාක්ෂයින්ව පරද්දන්න Panther Godගෙන් ශක්තිය ඉල්ලපු බෂින්ගා පළමු Black Panther විදිහට තනතුරක් ඇති කලා. ඒවගේම මේ ගෝත්‍ර එකතු කරලා වකන්ඩාව දියුණු කලා. මේ නිසා ඔහුගෙ පරම්පරාවෙ අය දිගින් දිගටම Black panther තනතුර දරමින් පැවත ආවා.

ඒවගේම මේ උල්කාපාතයේ radiation ශාක සහ සතුන්ටත් බලපෑවා. මේනිසා Black Panther Cultඑකේ අය ආහාරයට ගත්ත Heart-Shaped Herbඑක හැදුණා. ගෝරිල්ලන් කණ්ඩායමකගෙ ජාන වෙනස්වීමෙන් ඇලිබවට පත්වුණා. මේ ගෝරිල්ලන්ව කාපු අයට විශාල ශක්තියක් ලැබුණා. පස්සෙ කාලෙදි මේඅය White Gorilla Cultඑක ඇතිකරා.

Heart shaped Herb

දැන් එමු Modern age එකට.👇😉වර්තමාන Blackpanther එහෙමත් නැත්නම් T'challa කියන්නෙ T'Chakaගෙ රජුගෙ පුතා කියලා හැමෝම දන්නව ඇති කියලා හිතනව. T'challaගෙ අම්මගෙ නම N'Yami. දැන් කොමික් නොකියවන අය බලයි එතකොට movieඑකේ ඉන්න Ramonda කියන්නෙ කවුද කියල. මෙහෙමයි,T'challa ඉපදිලා සතියක් වෙනකොට එයාගෙ අම්ම ගර්භණී කාලයේදී ඇතිවුණ ප්‍රතිශක්තිකරණ ගැටලුවක් නිසා මැරෙනවා. කාලයකට පස්සෙ දවසක් T'chaka, පොඩි T'challa එක්ක දේශසීමාව පිරික්සීමට යනවා.මේ වෙලාවෙ T'Challa කැලේ අතරමං වෙනවා. ඔයඅතරෙදි T'challaව පිටස්තර ගවේෂකයෙක් වුණ Ramondaට හම්බෙනවා. T'Chakaව හොයාගෙන ගිහින් T'challaව භාරදෙන Ramonda,T'Challaට අම්මා කෙනෙක් වෙලා වකන්ඩාවේ ජීවත් වෙන්නත්,T'Chakaව බඳින්නත් කැමති වෙනවා.
පසු කාලෙක Wakandaවල උත්සවයක් අතරතුර වයිබ්‍රේනියම් ලබාගන්න උත්සාහ කරන Ulysses Klaw තමන්ගෙ කුලීහේවායො එක්ක ඇවිත් Vibranium ලබාගන්න සටන් කරනවා. මේ සටනේදී තමන්ගෙ තාත්තාව බේරගන්න ආපු කුඩා T'challaව klawට අසුවෙනවා. ඉතින් මේ පුංචි කුමාරයාව klawගෙ sonic weapon එකෙන් බේරගෙන ආවරණය කරපු T'chaka, sonic weapon එක නිසා මැරෙනවා. ඊටපස්සෙ T'chakaව මරපු claw Zuri එක්ක සටන් කරනවා.  මේ අතරෙ ක්ලෝගෙ sonic weaponඑක වැටෙනවා. මේ අතර sonic weaponඑක අහුලගත්ත පොඩි T'challa ක්ලෝගේ අත නැති වෙන්නම trigger කරනවා. (Comicsවලදි ක්ලෝගෙ අත නැතිවෙන්නෙ එහෙම😉)

කාලෙකට පස්සෙ T'Challa තරුණ කාලයෙදි ඔහුව  Wakandan චාරිත්‍රයක් ලෙස රටපුරා ගමන් කිරීමේදී ඔහුට Ororo Munroe නම් විජානක(Mutant) බලයෙන් කාළගුණය පාලනය කරන්න පුළුවන් තරුණ ගැහැණුළමයෙක් මුනගැහෙනවා. ඔව්. ඔව් Ororo එහෙමත් නැත්තම් X-men කණ්ඩායමේ Storm තමයි පස්සෙ කාලෙදි මෙයාගෙ girlfriend සහ සෑහෙන කාලෙකට පස්සෙ T'challaගෙ wife වුණේ.
King & Queen
පස්සෙ කාලෙකදී ඇමරිකාවේ සහ යුරෝපයේ අධ්‍යාපනය හදාරපු T'Challa තමන්ගෙ රට භාරගෙන තමන්ගෙ රාජකාරිය කරන්න නැවතත් වකන්ඩාවට එනවා. T'Challa වකන්ඩාවට ඇවිත් ඒකාලෙදි black panther තනතුර දරපු S'Yanට (T'challaගෙ මාමා) රජකම වෙනුවෙන් අභියෝග කරල සටනකින් පස්සෙ බ්ලැක් පැන්තර් පදවිය ලබාගන්නවා.
ඉන්පසුව Heart-Shaped Herb මගින් බලය ලබාගන්නවා.මේ මගින් T'challaට superhuman මට්ටමකට ආසන්න බලයන් ලැබෙනවා.T'challaගෙ පාලන කාලයේදී වකන්ඩාව තාක්ෂණික සහ සෑම අතින්ම තවතවත් දියුණු වෙනව.ඒවගේම භාහිර ලෝකයෙන් තර්ජනත් වැඩිවෙනවා.

වැදගත් දෙයක් කියන්න අමතක වුණා.ගුවන්යාන අනතුරකින් පස්සෙ T'chakaට හමුවුන සුදු ජාතික දරුවෙක්ව එයා T'challaගෙ අයියා විදිහට හදාගත්තා. එයාගේ නම Hunter. හන්ටර් තමයි White Wolf විදිහට Hatut Zeraze ("Dogs of War")කියල හදුන්වන වකන්ඩන් රහස් හමුදාවට නායකත්වය දෙන්නෙ. පස්සෙ whitewolf බ්ලැක් පැන්තර්ගෙ හතුරෙක් වෙනවා.(MARVEL cinematic universeඑකේදි නම් අපිට whitewolf විදිහට බලාගන්න ලැබෙන්නේ Hunter නෙමෙයි. අපි හොඳට දන්න බකී බාන්ස්/Winter soldier ව.)

දැන් අපි Blackpantherගෙ Power,abilities ,Equipment සහ Weapons ගැන බලමු.

Powers:--

Divine Empowerment: T'Challaට Heart-Shaped Herb නිසා Superhuman කෙනෙක් මට්ටමේ powers ලැබිලා තියෙනවා.මීට අමතරව Goddess Bast(ඊජිප්තු පැන්තර් දේවතාවිය)තවත් බලයන් ලබාදීල තියෙනව.

Enhanced Speed: T'Challaට පහසුවෙන් 35 mph තරම් වේගයකින් දිවීමට පුළුවන්.ඇසට නොපෙනෙන තරම් වේගයෙන් පහරදීමට වගේම තරමක් ලගින් සිටින කෙනෙක් තුවක්කුවක triggerඑක අදින්න කලින් ඔහුව වලක්වන්න තරම් T'challa වේගවත්.

Enhanced Stamina: T'Challaගෙ මාංශපේෂි වල වෙහෙස නිපදවීම අඩුයි.T'challaගෙ පේශීපද්ධතියේ මේ විශේෂත්වය නිසා superhuman levelඑකක සවියක් ඔහුට ලැබෙනවා.ඒවගේම ඔහු ක්‍රියාකරනවිට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ලබාගන්න පෙනහළු හැඩගැසිල තියෙනවා.

Enhanced Durability: මාංශපේෂි,අස්ථි සහ පටකවල ශක්තිය සාමාන්‍ය මිනිසුන්ට වඩා වැඩිවෙලා තියෙන නිසා  හානිවීමට ප්‍රතිරෝධීබවක් තියෙනව.

Accelerated Healing: T'Challaට වේගවත් සුවවීමේ හැකියාවක් සහ වැඩිදියුණු වූ ප්‍රතිශක්තිකරණයක් සහිතයි.

Enhanced Reflexes: T'Challaට වෙඩිප්‍රහාර කිහිපයක්ම එකවර මගහැරීමට තරම් වේගවත් නම්‍යශීලීත්වයක් තියෙනවා.

Superhumanly Acute Senses: T'Challaට සාමාන්‍ය මිනිසුන්ට වඩා ඉතාමත් වැඩි දුරක් පැහැදිලිව නැරඹීමට මෙන්ම ultraviolet සහ infrared වැනි විද්‍යුත්චුම්භක තරංග මගින් අදුරේදී පවා පැහැදිලිව දැකිය හැකියි.
වැඩිදුරක ඇති සහ මිනිසුන්ට නොඇසෙන ශබ්ද පැහැදිලිව ඇසීමට පුළුවන්.
ගඳ සුවඳ හදුනගැනීමේ හැකියාව නිසා පුද්ගලයන්,දේවල් ඉව මගින් හදුනාගත හැකියි. ඉව මගින් ඉලක්ක track කිරීමට හැකියාවක් සහ කෙනෙක්ගේ බය දැනගැනීමට හැකියාවක් පවතිනවා. (ඉවකිරීමේ හැකියාව Wolverineට වඩා වැඩියි)
T'Challaගෙ රස සංවේදනය මගින් ඔහු කන ඕනෑම ආහාරයක තියෙන අමුද්‍රව්‍ය ඉතාමත් නිවැරැදිව කීමට පුළුවන්.

Hyper-Cosmic Awareness: හීන මගින් සහ දර්ශන මගින් මාවල් විශ්වය පුරාම සහ මාවල් මල්ටිව(ර්)ස් එක දකින්න බ්ලැක් පැන්තර්ට සමහර අවස්ථාවලදී හැකිවෙලා තියෙනවා.මේක Heart Shaped Herbඑක වයිබ්‍රේනියම්වල radiation එකට හසුවෙලා වෙනස්වීම් ඇතිවෙලා වුණ දෙයක් කියලයි කියන්නෙ.වයිබ්‍රේනියම් පිටකරන radiationවලින් වකන්ඩාවේ රජවරු අමතර සංවේදනයක් අත්කරගෙන ඉන්නවා.එමගින් පිටස්තර ලෝකයේ වයිබ්‍රේනියම් ඇති තැන් දැනගැනීමට හැකියි.

Goddess Bast

King of Dead:  Shuri මීළඟ black panther වෙලා Wakanda පාලනය කරන කාලෙදි සිද්දවෙන Undead armyඑකකින් වෙන attack එකක් නිසා Necropolisවලට (වකන්ඩාවේ මළවුන්ගේ නගරයට) T'challa ගිහින් Bastව හමුවෙලා වකන්ඩාව ආරක්ෂා කරන්න තමන්ව ආයෙමත් panther කරන්න කියන ඉල්ලීමක් කරනවා. ඒත් Bast T'challaට අනාගතය පෙන්වලා අනාගතයේදි Wakandaවලට රජ කෙනෙක්ට වඩා කෙනෙක්ව ඕනෙ නිසා T'challaව King of the dead බවට පත් කරනව.
 මේනිසා T'Challaට මැරුණු අයව පාලනය කල හැකියි. ඒනිසා ඔහුට Necropolisහි(Wakandaවල මළවුන්ගේ නගරයේ) Spiritsද, zombie armyඑකක් වුවද පාලනය කලහැකියි. spiritual forceඑකෙන් ආයුධ නිර්මාණය කිරීමටද හැකියාවක් ඇත.

Black Panther Knowledge: King of the deadබවට පත්වීමෙන් පස්සෙ, පැරණි මියගිය Black Panthersලගෙ අත්දැකීම් ,දැනුම ,ශක්තිය ලබාගැනීමට T'challaට හැකියාවක් තියෙනව.
King of the dead

Abilities:--
Powers,Suitඑක අයින් කලොත් Black Panther පොරක්ද කියලා බලාගන්න පුළුවන් වෙන්නෙ මෙතන ඉඳලා.
Genius Intelligence: T'Challa කියන්නෙ පට්ටම ජීනියස් කෙනෙක් වගේම සුපිරි photographic memoryඑකක් තියෙනවා. Physics සහ engineering පිලිබඳ දැනුම නිසා කාලයක් තිස්සෙම පෘථිවියේ බුද්ධිමත්ම පුද්ගලයින් 8දෙනා අතර ඉන්නවා. Oxford Universityඑකෙන් physics පිලිබඳ PhD ලබා තියෙනවා.
(T'challa MARVEL universeඑකේ සුපිරිම භෞතික විද්‍යාඥයන්ගෙන් කෙනෙක්)
• Shadow Physics නම් නව විද්‍යාත්මක ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීම, වයිබ්‍රේනියම් track කිරීම,
• ප්‍රධාන වශයෙන්ම වයිබ්‍රේනියම් ආයුධ නිර්මාණය සහ
• Teliportation device වගේ දේවල් සැදීමත්,
• Falconගෙ suitඑක හදන්නෙත් T'challa.
• ඒවගේම වර්ථමාන Avengers headquarterඑක (Avengers mountainඑක) මැරුණු celestial කෙනෙක්ගෙ ඇඟ ඇතුලේ නිර්මාණය කරලා celestial energy එකෙන් mountainඑක පාලනය කරන්නත්, Avengersලගෙ suit charge කරන්නත් T'challa සමත්.

Master Martial Artist: රණශූරයෙක් වෙන්නම උපන් වගේම කුඩා කාලයේ ඉඳලම African, සහ අප්‍රසිද්ධ සටන් ඇතුලු පෘථිවියේ සියලුම ආයුධ සහිත සහ නිරායුධ සටන්ක්‍රම පුහුණු කරපු අතිදක්ෂයෙක්. සැඟවීමේ සහ වෙස්වලාගැනීමේ ප්‍රවීණයෙක්.
ඒවගේම පෘථිවියේ අතීතයේ සිටම ඉඳපු දක්ෂම සටන්කරුවන් අතර ඉන්න කෙනෙක්.

• Captain Americaව පවා පහර කිහිපයකින් පරද්දන්න සහ wolverineව දෙපාරක් අමාරුවෙන් තොරව පරද්දන්න පුළුවන් වෙලා තියෙනවා.විශේෂම දේ තමයි දුර්වලතා සහ ගැලීම් හඳුනගන්න හැකියාවක් තියෙන දක්ෂම සටන්කරුවෙක් සහ inhuman කෙනෙක් වුන Karnakගෙ ඔළුවට එකපාරක් ගහල පරද්දලා තියෙනවා. Villain කෙනෙක් mind control කරපු ironfistවත් පරාද කරලා තියෙනවා.
(Earth එකේ සුපිරිම fightersලා කියන අයව අමාරුවක් නැතිව පරද්දලා තියෙනවා)

Expert Marksman: පිහි, තුවක්කු, සහ විසිකලහැකි ආයුධ භාවිතයේ අතිදක්ෂයෙක්. ඒවගේම T'challaට target miss වෙන්නෙ ඉතාමත් කලාතුරකින්.

Master Tactician and Strategist: T'Challa අතිදක්ෂ උපායශිල්පියෙක්, සේනා හසුරුවන්නෙක් සහ අසමසම නායකයෙක්.මාවල් විශ්වයේ හොඳම tactician කිව්වොත් නිවැරැදියි.
ඒවගේම Avengersලව පරාද කරන්න ක්‍රම පවා රහසේ අත්හදාබැලීම් කරන කෙනෙක්.
• Tony Stark(ironman)ව T'challa වෙනුවෙන්ම හදපු armors පාවිච්චි කරද්දිත් තුන් පාරක් ironmanව පරාද කරලා තියෙනවා.😎
• විශේෂයෙන්ම Galactus වගේ cosmic being කෙනෙක්ව පවා පරද්දන්න පුළුවන් වුණ කෙනෙක්.
• Fantastic4 teamඑකම පරාද කරලා තියෙනවා.

• S.H.I.E.L.D. වගේම Alien super computers පවා hack කරලා තියෙනවා. Ironmanගෙ armors ඕනෙම වෙලාවක T'challaට පාලනය කරන්න පුළුවන් කියලා පෙන්වලා තියෙනව.😈
ironmen clean up this mess😅
Expert Tracker & Hunter: Superhuman senses නැතිවත් T'Challa ඉහළ දක්ෂතාවයක් ඇති හඹායන්නෙක් සහ දඩයක්කරුවෙක්.

Master Inventor: ඔහුගේ ඉංජිනේරු දැනුම සහ බුද්ධිය නිසා විශේෂ කාර්යයන් කිරීමට ආයුධ සහ විවිධ උපාංග සකස්කිරීමට ඔහුට පුළුවන්.

Highly Influential Connections: වකන්ඩාවේ රජු විදිහට මායා,තාක්ෂණික හා හමුදාමය උපකරණ, සහ විද්‍යාඥ සහ රණශූරයන්ගේ සහය පවතිනවා.

Weapons & Equipment :-

Panther Habit: Black pantherගෙ ඇඳුම තමයි panther habit කියන්නෙ. මේ Panther habitඑක ගැන පෝස්ට් එකක් මම කලින් දාල තියෙන නිසා ඒගැන කතා කරන්නෑ.මේ ලින්ක් එකෙන් බලන්න.👇👇👇

https://m.facebook.com/groups/1936179566669834?view=permalink&id=2024929977794792

Vibranium Microweave Mesh: මෙම වයිබ්‍රේනියම් සියුම් දැලක් ලෙස වියා සකස් කිරීම නිසා වස්තුන් ගැටීමෙන් වන හානිය ඉතාමත් අවමයි.ඒවගේම යමකින් ඇනීමෙන්ද හානිවීමක් නෑ.(ඇඩමැන්ටියම් වලින් තරමක් පුළුවන්)

Anti-Metal Claws: Black pantherගෙ නිය හදල තියෙන්නෙ Anti-Metal වලින්.ඒ මගින් ඕනෑම ලෝහයක් අණුක මට්ටමෙන් කැපීමට හැකියි.

Energy-Dampening Boots: මෙම බූට්ස් වලට ශක්තිය අවශෝෂණය කිරීමේ හැකියාවක් පවතිනවා.අඩි 50ක පමණ උසක සිට වුවත් ආබාධ රහිතව, ශබ්ද රහිතව පැනීමට මෙමගින් හැකියි.

Disguise Technology: බ්ලැක් පැන්තර්ගෙ සළුව සිතීමෙන් දිග හෝ කොට හෝ ඉවත් කල හැකියි.ඒවගේම ඇඳුම සම්පූර්ණයෙන්ම අදෘශ්‍යමාන කිරීම සිදු කල හැකියි.

Hard-Light Shielding: T'Challa පොඩි light shield(Star warsවල light saberඑක වගේ) එකක් භාවිතා කර තිබෙනවා.

Vibranium Energy Daggers: මේ daggers වලට(පිහි) Energy beams පිටකලහැකි,ලෝහ සහ සතුරන් විනිවිද යා හැකි තරම් බලයක් සහිතයි. මේවා T'Challa armed combatවලදී සාමාන්‍යයෙන් භාවිත කරනවා.

Heavenly Armor: ඉතාමත් සැහැල්ලු ආරක්ශක ආම(ර්) එකක් වන මෙය මගින් අධි වේගයෙන් පියාසර කිරීමට හැකියි.(ironman armors වලට සමානයි.)එසේම භාවිතකරන්නාට වැඩි ශක්තියක් ලබාදෙයි.සටන් වලදී වැඩි ආරක්ෂාවක් ලැබෙන ලෙස සාදා ඇත.Mystical attacks වලට විරුද්ධව ආරක්ෂාවක් සහිතවත් නිර්මාණය කර තිබෙනවා. ඒවගේම මේකෙ විවිධ ආයුධ භාවිතා කර තිබෙනවා.

2018-2019 කාලෙදි ආව MARVEL knights comicsවලදි T'challa මතකය නැතිවත් අසරණ අය වෙනුවෙන් සටන් කරන කෙනෙක්.

ඒවගේම වර්ථමාන(2019) Avengersලගෙ chairman, X-men කණ්ඩායමට මූල්‍යාධාර සපයන්නා, agents of wakanda කණ්ඩායමේ නායකයා වෙන්නෙත් T'challa.

Gorilla man කියනවිදිහට "ඔයා ලෝකෙ කොහෙ හිටියත් ඔයාව ඉක්මනින්ම මරන්න පුළුවන් කෙනා තමයි T'challa" 😎

ඉතින් පෝස්ට් එකෙන් Black Panther නැත්නම් T'challa ගැන පොඩි දෙයක් හරි දැනගන්න ඇති.තව දෙයක් T'challa කියන්නෙ Superhuman හැකියාවන්, Vibranium suit නැතිව වුනත් සුපිරි වැඩ්ඩෙක් කියල මේකෙන් තේරුම් ගන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් තවත් පෝස්ට් එකකින් පස්සෙ හම්බවෙමු.

©Shane Perera ✍️
Our facebook group 👇
https://www.facebook.com/groups/1936179566669834/
#blackpanther
-------------------------------------------------------------------------------------

Comments

  1. කැපා ගැන ලිපියක් ඕන අනිවා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List