Skaar A.K.A. Son of HULK

 

අද පෝස්ට්එක skaar ගැන.ස්කාර් ගැන කියන්න කලින් අපි ආපහු මුලට ගිහින් බැලුවොත් හල්ක්ගෙ දරුණු , විනාශකාරී හැසිරීම් නිසා illuminatiල(පෘථිවිය ආරක්ෂා කරගන්න රීඩ් රිචඩ්ස්,ටෝනි ස්ටාක්,ඩොක්ට ස්ට්‍රේන්ජ්,බ්ලැක් පැන්තර්,Namor,බ්ලැක් බොල්ට්,ප්‍රොෆෙසර් X එකතුවෙලා හදපු රහසිගත කණ්ඩායමක්) තීරණය කරනව හල්ක්ව shuttleඑකක දාලා ජීවින් නැති ග්‍රහලෝකයකට පිට කරන්න. ඒත් හල්ක් වැරදීමකින් Sakaarවලට යන්නෙ.හල්ක්ව එහෙ නායකයා වුන red king අල්ලගෙන සටන් වලට යොමුකරනවා.අන්තිමට හල්ක් sakaarවල
රජවෙනවා.👑ඒවගේම Caiera Oldstrong කියන කෙනාව රැජින කරගන්නවා.👑කාලෙකට පස්සෙ හල්ක් ආපු යානය පුපුරලා මිලියන ගාණක් සහ හල්ක්ගෙ ගැබ්ගත්ත බිරිඳ මැරුණා කියලා මම Hulk Family seriesඑකේ මුල්ම පෝස්ට් එකෙන් කිව්වා.
ඒත් ඒ පිපිරීමෙන් Skaar මැරුනෙ නෑ.කවුද මේ ස්කාර් කියන්නෙ කියලා අපි දැන් බලමු.

හල්ක්ගෙ යානය පිපිරීම සිද්ධවෙලා කාලයක් ගියාට පස්සෙ රාක්ෂ පෙනුමක් තියෙන ළමයෙක් අධික උෂ්ණත්වයක් සහිත විලකින් එලියට එනවා.ඒ ළමයා තමයි ස්කාර්,එහෙමත් නැත්තම් හල්ක්ගෙ සහ Caiera Oldstrongගෙ පුතා.(ඉතින් කට්ටිය බලයි අම්මා මැරුණනම් ළමයෙක් කොහොමද ඉපදුනේ කියලා.👇)

යානය පිපිරුණු වෙලාවෙ Caieraට තිබුණු Oldpowerඑකෙන් caiera තමන්ගෙ ඉපදෙන්න ඉන්න පුතාව කෝෂයක් වගේ දෙයකින් ආරක්ෂා කරනවා.ඉතින් අර කෝෂයෙන් එළියට එන ස්කාර් හැදෙන්නෙ දෙමාපියන් නැතුව, තමන්ට පලවෙනියටම හම්බවෙන කෘමියො වගේ ලොකු ජීවින් වර්ගයක් එක්ක.ස්කාර් මෙහෙම එද්දි හල්ක් තමන්ව සකාර්වලට යවපු අයගෙන් පලිගන්න පෘථිවියට ගිහින් ඉවරයි.(හල්ක්ට වුන දේ පළවෙනි පෝස්ට් එකේ තියෙනවා😉)ස්කාර් බේරුණු බව දැනගන්න axeman bone කියන සකාර්වල සෙන්පති සියලුම ළමයින්ව මරන්න අණදෙනවා.කාලය ගතවෙද්දි අවුරුද්දකට විතර පස්සෙ තරුණයෙක් තරමටම ස්කාර් ඉතාමත් වේගයෙන් වර්ධනය වෙන්න පටන්ගන්නවා.අවුරුද්දක් ගතවුනාට පස්සෙ ස්කාර්,axeman boneගෙ වහල්ලු පිරිසක් බේරගන්නවා.මේ වහල්ලු ස්කාර්ව තමන්ගෙ ගැලවුම්කාරය විදිහට පිලිඅරගෙන ස්කාර් එක්ක  ජීවත් වෙනවා.මේ වෙනකොට හැංගිලා ඉන්න රෙඩ්කින්ග් ගෙ දුව princess omaka,axeman boneට විරුද්ධව ඊලඟට රජකම අයිති කරගන්න ස්කාර්ගෙ පැත්තට ඇවිත් සටන් කරනවා.
කාලෙකට පස්සෙ ස්කාර් තමන්ගෙ තාත්තා එහෙමත් නැත්තම් හල්ක් විසින් පරද්දපු red kingව හමුවුණාට පස්සෙ red kingගෙ යාළුවෙක් වෙනවා.මේ නිසා ස්කාර් තමන්ගෙ ගැලවුම්කාරය කියලා හිතන් හිටපු සමහර අයගෙ විශ්වාසය නැතිවෙනවා.ඒඅය Axeman boneගෙ පැත්තට යනවා.ඔයඅතරෙ ස්කාර්ට Old Powerඑක ලබාගන්න පුළුවන් වෙනවා.(Oldpowerඑක ගැන පස්සෙ කියන්නම්✌😉)
Oldpower එක ලැබුණට පස්සෙ ස්කාර් තමන්ගෙ අම්මගෙ වගේම මිලියන ගාණකගෙ මරණෙට හේතුවුණ බෝම්බය පිපිරීමට සම්බන්ධ axeman bone ඇතුලු අයව දකිනවා.Oldpowerඑකේ බලයෙන් අන්ධ වුන skaar, සකාර්වල භූමියේ ඉන්න Axeman bone ඇතුලු, බෝම්බය පිපිරීමට සම්බන්ධ අයත්,ඒඅයගේ පවුල් වල හැමකෙනෙක්වමත් මරන්න හදනවා.
 ඒත් එකපාරටම සකාර් වලින් පෝෂණය ලබාගන්න ගැලැක්ටස් එනවා කියන පණිවිඩය අරන් එන එන Silversurfer ස්කාර් කරන්න යන විනාශය නවත්වලා oldpowerඑක ස්කාර්ගෙන් ඉවත්කරනවා.oldpowerඑක නැතිවුනත් ස්කාර් silversurferව අල්ලගෙන Obedience diskඑකක්(රැග්නරොක් එකේදී තෝර්ට දාපු diskඑකක්)දාලා වහලෙක් කරගන්න සමත් වෙනවා.ඊලඟට ස්කාර් කරන්නෙ තමන්ව පිලිනොගන්න සේරම අයව මරමින් Axeman Boneව හොයාගෙන යනඑක.ඔහොම Axeman boneව හොයාගෙන යන අතරෙ axeman මකරුන්ට කන්න වහල්ලු තියලා ස්කාර්ගෙ අවධානය වෙනස් කරලා මාරුවෙන්න හැදුවත් axemanගෙ දුව වහල්ලු අතර ඉන්නවා කියලා දකින axemanට ආපහු එන්න වෙනවා.ඒවෙලාවෙදි එකිනෙකාට සටන් කරන්න වෙනවා.ඒත් එකපාරටම මතුවෙන HULK ස්කාර්,axeman,redkingගෙ සටන නවත්වලා omakaව සකාර්වල රැජින විදිහට නම් කරනවා.(කොහොමද හල්ක් පෘථිවියෙ ඉදන් ආවෙ කියලා හිතුවනෙ.😁)ඇත්තටම ඒ එන්නෙ හල්ක් නෙමෙයි.හල්ක්ගෙ ස්වරූපයෙන් එන Caieraගෙ Spiritඑක.ඉතින් Caiera ස්කාර්ට ජීවත්වෙන අය කවුද,මැරෙන අය කවුද තීරණය කරමින් හිටියොත් ගැලැක්ටස් ආවම වෙන විනාශය දර්ශනයකින් පෙන්වලා,ආයෙමත් oldpowerඑක ස්කාර්ට දීලා නැතිවෙලා යනවා.Silversurfer සකාර්වල ජීවින්ට ග්‍රහලෝකය අතහැරලා යන්න අවස්ථවක් දෙනවා.(සකාර්වල energyඑකෙන් ගැලැක්ටස්ගෙ බඩගින්න අවුරුදු දහස්ගාණකට නවත්වන්න පුළුවන්.)
ඒත් ස්කාර් ඒක පිලිගන්නෙ නැතිව silversurferට කියනවා සකාර් දාලා යන්න.නැත්තම් ගැලැක්ටස්ගෙ බඩගින්න oldpower එකෙන් වැඩිකරනවා කියලා.(එහෙම වුනොත් ගැලැක්ටස්ගෙ පෝෂණය වෙනුවෙන oldpowerඑක තියෙන හැම ග්‍රහලෝකයක්ම දෙන්න වෙනවා.)මේ විදිහට සාකච්ඡා සිද්ද වෙද්දි ගැලැක්ටස් ඇවිත් ඉවරයි.ඉතින් ස්කාර් universeඑකේ ඉන්න oldpower තියෙන හැම කෙනෙක්ගෙම oldpower ගැලැක්ටස්ට විරුද්ධව portalවලින් සකාර්වලට අරගෙන ගැලැක්ටස්ට විරුද්ධව පාවිච්චි කරනවා.ඒක නිසා ගැලැක්ටස්ගෙ බඩගින්න තවත් වැඩිවෙනවා.මේකෙන් සකාර් බේරගන්න ඕනෙ නිසා Caiera ස්කාර්ව පෘථිවියට පිටුවහල් කරලා අනිත් අයව silversurfer එක්ක පිටකරලා සකාර්වල oldpowerඑක සම්පූර්ණයෙන්ම අවශෝෂණය කරගන්නවා.ඉතින් ගැලැක්ටස් Caieraගෙ spiritඑක විනාශ කරනවා.

ඉතින් wormhole එකක් හරහා පෘථිවියට එන ස්කාර්ට ඕනවෙන්නෙ බෝම්බය පිපිරීමෙන් පස්සෙ සකාර් සහ ජනතාව අතඇරලා ගිය හල්ක්ව(Green scar)හොයාගෙන මරන්න.ඒත් වෙන්නෙ සකාර්වලදි වුණ කිසිම දෙයක් මතක නැති savage hulk ස්කාර්ව හොයාගන්නඑක.(සකාර්වල සිදුවීම් මතක හල්ක්ගෙ green skar සහ world breaker කියන ස්වරූප වලට)ඉතින් දෙන්නා වලියක් පටන්ගන්නවා.දෙන්නා සටන් කරන අතරෙ savage hulkට ටිකෙන් ටික දේවල් මතක් වෙනවා.ස්කාර් එන්නෙ රජ කෙනෙක්ව මරන්න හිතාගෙන.ඒත් දැන් ඉන්නෙ මෝඩයෙක් කියලා ස්කාර් savage Hulkව අතහැරලා යනවා.
පස්සෙ කාලෙකදි ස්කාර් බෲස් බැනර්(හල්ක්)ව ආපහු මුණගැහෙනවා.ඒකාලෙදි බෲස්, ස්කාර්ට හල්ක්ගෙ Green skar ස්වරූප මරන්න කියලාදෙනවා.ඒවගේම  ස්කාර්ට Juggernaut එක්ක සටන් කරන්නත් දෙනවා.😈👿ඒකෙදි ස්කාර් ජගීව නොහිතපු විදිහට අභ්‍යාවකාශ ගත (open space) කරනවා.😵😵ඉතින් මේවිදිහට දිග කාලයක් ස්කාර් සහ බෲස් එකතුවෙලා වැඩකරනවා.
පස්සෙ කාලෙදි ස්කාර් තමන්ගෙ ලෝකෙ මතක්වෙන නිසා Savage Land එකට යනවා.සුපුරුදු විදිහටම හල්ක් Doc green කියන ස්වරූපයට ආවට පස්සෙ A-bomb,Red Hulk වගේම Skaarවත් සාමාන්‍ය කෙනෙක් විදිහට හරවනවා.ඊටපස්සෙ Doc Green ස්කාර්ව සල්ලි පුරවපු backpackඑකක් එක්ක අලුත් ජීවිතයක් පටන්ගන්න පැරීසියට Teliport කරනවා.ඉතින් ස්කාර් "Santos" කියන නමෙන් Pyrenees කදු ළඟ දඩයක්කාරයෙක් විදිහට ජීවත් වෙනවා.
ස්කාර්ගෙ කතාව සිද්ධවෙන්නෙ ඔහොමයි.මම කිව්වට වඩා සුපිරිම කතාවක් තියෙනවා.
එක කොමික් එකක් කියවද්දි සිද්ධවෙන දේවල් ඇත්තටම වෙන දේවල් නෙමෙයි කියලා තේරෙන්නෙ ඊලඟ කොමික් එකත් කියෙව්වට පස්සෙ.මම මේක ලියද්දි කොමික් කියවන ගමන් ලියපු නිසා ලියපු දේවල් ගොඩක් ආපහු වෙනස්කරන්න වුණා.😂😂

Skaarගෙ Powers ගැන බැලුවොත්,

🔥ස්කාර්ට අවුරුදු දොළහක ළමයෙක්ගෙ ස්වරූපයට වෙනස්වෙන්න පුළුවන්.මුලින්ම ස්කාර් මේ මනුෂ්‍ය ස්වරූපයට එන්නෙ පෘථිවියට ආවට පස්සෙ නෝමන් ඔස්බෝන්ගෙන් ලැබෙන බෝම්බ ප්‍රහාරයකට පස්සෙ.
ස්කාර්ගෙ ස්වරූපය වෙනස් වෙන්නෙත් හල්ක්ගෙ විදිහටම හැගීම් මත.

🔥Skaarට අම්මගෙන් Old Powerඑක ලැබෙනවා.ඒකෙන් ග්‍රහලෝකයක් එක්ක සම්බන්ධ වෙන්න හැකියාවක්,ග්‍රහලෝකයක පාෂාණ පාලනය කිරීමේ හැකියාව ලැබෙනවා.ඒවගේම Oldpower එකෙන් කැමති විදිහට ග්‍රහලෝකයක් හදන්න හෝ විනාශ කරන්න,ශරීරය පාෂාණ බවට හරවගන්න සහ ග්‍රහලෝකයක මධ්‍යයේ තියෙන දේවල්(magma) මතුපිටට ගෙන්වන්න හැකියාවක් ලැබෙනවා.

🔥හල්ක්ගෙ පුතා විදිහට සීමාවක් කියන්න බැරිතරම් ශක්තියක් තියෙනවා.(Juggernautව ලේසියෙන්ම spaceඑකට විසිකරපු එකෙන් හිතාගන්න.Ben Grimm AKA "The thing"ටත් ගාණක්වත් නැතුව ගහනවා.)ශරීරයේ අධික ශක්තිය නිසා අධික උසකට,දුරකට පනින්න පුළුවන්.ඒවගේම හල්ක්ගෙ ගොඩක් බලයන් ඒවගේම තියෙනවා.

🔥ස්කාර්ගෙ ශරීරය අධික ලෙස හානිවීමට සහ වේදනාවට ප්‍රතිරෝධයක් දක්වනවා.විශේෂයෙන්ම තාපයට ඉතාමත්ම ප්‍රතිරෝධීයි.ලාවාවලින් වුනත් ස්කාර්ගෙ සමට කිසිම හානියක් නෑ.( "C'mon it's not that deep" Skaar විසින් සකාර් වැසියන්ට ලාවා ගොඩක සිට 😂)

🔥අවුරුද්දක් වගේ කාලයකින් තරුණ වියට ආවත්,ඉන්පස්සෙ වයසට යාම සිද්ධවෙන්නෙ ඉතාමත්ම හෙමින්.සෛල වේගයෙන් ප්‍රතිජනනය වීම,ගැමා ශක්තිය සහ Old Power නිසා තමයි මෙහෙම වෙන්නෙ.

🔥ඉතාමත්ම දරුණු විදිහට තුවාල වුනත් ඉක්මනින්ම සුවවෙනවා කියලයි කියන්නෙ.(මම නම් skaarට දරුණු විදිහට තුවාල වෙනවා දැකලා නෑ)

🔥ස්කාර්ට රික්තයක වුනත් ටික කාලයක් ඉන්න පුළුවන්.(වාතය,ජලය,ආහාර සහ නින්ද නැතුව සැලකියයුතු කාලයක් ඉන්න පුළුවන්.)

අමතර කරුණු :

☠️ස්කාර් තමන් විසින්ම පුහුණු වුන දක්ෂ සටන්කරුවෙක් සහ දඩයක්කාරයෙක්.ඒවගේම ස්කාර් සටන් කරද්දි නිතරම කඩුවක් භාවිතා කරනවා.

☠️ ස්කාර්ගෙ දුර්වලතාවයක් තමයි Super-human healing factors නවත්වන්න පුළුවන් Muramasa Bladeඑක.

☠️ Skaar: Son of Hulk #3 කොමික් එක වෙනකම් කතා කලේ නෑ.

☠️ ස්කාර්ගෙ අම්මා Sakaaran Shadow Peopleවර්ගයටත් තාත්තා Human gamma mutate වර්ගයටත් අයිති නිසා ස්කාර් අයිති වෙන්නෙ Sakaaran Shadow People/Human gamma mutate hybrid වර්ගයට.

Skaar ගැන කියවනවා නම් කොමික් ටික මෙහෙමයි👇👇(from wiki)

ස්කාර් ව මුලින්ම දකින්න ලැබෙන්නෙ What If? Planet Hulk #1 (Dec. 2007)කොමික් එකෙන්.ඊටපස්සෙ ස්කාර් Greg Pak ලියපු World War Hulk #5 (Jan. 2008)මගින් පෙන්වනවා.පස්සෙ ග්‍රෙග් Skaar: Son of Hulk සීරිස් එක පටන්ගන්නවා.
Planet Skaar story arc එකෙන් ස්කාර් පෘථිවියට ආපු විදිහ බලාගන්න ලැබෙනවා.#13 issue එකෙන් Son of Hulk විදිහට titleඑක වෙනස් වෙනවා.ඒ සීරිස් එකේ අලුත් රචකයා වෙන Paul Jenkins, Bruce Bannerගෙ තවත් පුතෙක් වුන Hiro-Kala ගැන අවධානය යොමුකරනවා.issue # 17ක් වෙනකම් මේ සීරීස් එක යනවා.ඉතින් මේ issues එක්ක පටන්ගත්ත Hiro kalaගෙ කතාව mini seriesඑකක් වුන Realm of Kings event, Realm of Kings: Son of Hulk එක්ක සම්භන්ධ වෙනවා.

Greg pak, Incredible Hulk issue # 601න් බෲස් බැනර් සහ ස්කාර්ගෙ එකතුවීමක් ඇති කරනවා.
ඊලඟට ස්කාර්ව දකින්න ලැබෙන්නෙ Rob Williams ලියපු Skaar: King of the Savage Land limited seriesඑකෙන්.ඊලඟට Dark Avengers #175 ඉදලා ස්කාර් dark avengersලගෙ චරිතයක් විදිහට ඉන්නවා.

☠️මීට අමතරව Hulk and the agents of S.M.A.S.H. Animated series එකෙනුත් ස්කාර්ව බලාගන්න පුළුවන්.

ඉතින් ස්කාර් ගැන නොදන්න දේවල් දැනගන්න ඇති කියල හිතනවා.එහෙමනම් hulk family එක ගැන පෝස්ට් අදින් ඉවරයි.ඊලඟට හල්ක්ට සම්බන්ධ Extra postඑකක් දාන්න තමයි හිතාගෙන ඉන්නෙ.එහෙනම්,
Excelsior !!!

අපේ youtube channelඑක👇👇
https://youtube.com/c/SLMarvelTalks

Written by Shane perera

#hulkfamily

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List