Hyperion


Hyperion කියන්නෙ කවුද??අද post එක ඒ ගැන
Hyperion කියලා හදුන්වන සුපිරි ජීවියා පෘථිවියට ආවෙ බබෙක් විදිහට. ඒ කියන්නෙ මියයමින් තිබුණ ලෝකෙක හිටපු අය අතරින් දිවි ගලවා ගත් එකම එකමකෙනා විදිහට. ඉතින් පෘථිවියට ආපු මේ බබාව Marcus Milton කියන නම දාල යම්කිසි කෙනෙක් මිනිස් සමාජය ගැන කියලා දීල හදාගන්නවා. මේකෙනාගෙ නම කොහෙවත් සඳහන් වෙලා නෑ. එහෙම යම්කෙනෙක් යටතේ හැදිලා වැඩෙන මෙයා Hyperion කියන superhero බවට පත්වෙලා Squadron Supreme කියන superhuman කණ්ඩායම එක්ක එකතුවෙලා ලෝකය ආරක්ෂා කරනවා. කොහොම වුනත් එකදවසක් hyperionගෙ පෘථිවිය එක්ක තවත් පෘථිවියක් ගැටෙනවා. (Multiversal collapse එකක්) අන්තිමට ඒ ගැටීම ඉතුරුවෙන්නෙ hyperion විතරයි. සියල්ලම විනාශවෙලත් ඉතුරුවුණ hyperion හිස් අවකාශයේ පාවෙමින් ඉන්නවා. Prime universeඑකේ (earth-616වල) A.I.M. විද්‍යාඥ කණ්ඩායමක් hyperionව හිස් අවකාශයෙන් තමන්ගෙ realityඑකට ඇදලා ගන්න සමත්වෙනවා. කාලෙකට පස්සෙ Avengersලා විසින් hyperionව AIM එකෙන් නිදහස් කරනවා. ඒනිසා හයිපීරියන් AVENGERSලා එක්ක එකතුවෙනවා. කොහොමවුණත් කාලය ගතවෙද්දි වෙන සිදුවීම් කිහිපයකට පස්සෙ hyperion අලුත් squadron supreme කණ්ඩායමට එකතුවෙනවා. මේ කණ්ඩායම Anti hero typeඑකේ කණ්ඩායමක් නිසා S.H.I.E.L.D. එකේ blacklist එකට hyperionවත් වැටෙනවා. ඉතින් මේ සිදුවීම් නිසා hyperion සාමාන්‍ය Marc විදිහට ඉන්න තීරණය කරනවා. ඒත් විවිධ හදිසි අවස්ථාවලදි hyperion විදිහට marcට අනිත් අයට උදව් කරන්න වෙනවා. ඒනිසා දිගටම වීරයෙක් විදිහට ඉන්න Marc තීරණය කරනවා. වර්ථමානයෙදි Marc ටීචර් කෙනෙක් විදිහට වැඩකරනවා. ඒවගේම අවශ්‍ය අවස්ථාවලදි hyperion විදිහට පෙනී ඉන්නවා.
Powers :--
Eternal Physiology: Eternal කෙනෙකුට පොදු ලක්ෂණ තියෙනවා. ඒවගේම Hyperionගෙ ඇග විකිරණ උරාගන්න අතර විශේෂයෙන්ම solar photon particles වලින් පෝෂණය ලබාගන්නවා. (හිරු එළියෙන්) ඒකෙ ප්‍රතිඵලයක් විදිහට විවිධාකාර superhuman ලක්ෂණ ඔහුට ලැබෙනවා.
Superhuman Strength:
Hyperionගෙ strength එක නිශ්චිතවම කියන්න බෑ.වරක් ඔහු Atlantis නගරය ජලයෙන් ඉවතට ඔසවාගෙන ඉහළට පියාඹන්න සමත් වුණා.
Superhuman Speed: Hyperionට අධික වේගයෙන් දිවීම,චලනයවීම,ක්‍රියාකිරීම කල හැකියි.උපරිම වේගය ලෙස පෘථිවියේ වායුගෝලීය තත්ත්ව යටතේ mach 4 (3,700 miles per hour)ඉක්මවා යන්න පුළුවන්.
Flight: Hyperionට ආලෝකයට වඩා වේගයෙන් පියාසර කරන්න පුළුවන්.
Superhuman Durability: Hyperionගෙ ශරීරය ශක්තිමත් වගේම ආබාධ ඇතිවීමට ප්‍රතිරෝධයක් දක්වනවා.ගිනිඅවි ප්‍රහාර දරාගත හැකියි.ෆැරන්හයිට් -455 සිට 11,000 දක්වා උෂ්ණත්වයක් යටතේද අධිපීඩන තත්ත්ව යටතේද,ශක්ති කදම්බ,බලයන් හමුවේද මුහුණ දෙන්න පුළුවන්.
Self Sustenance: Hyperionට සූර්ය ශක්තිය ලැබෙනකන් වාතය,ආහාර හා ජලය නැතුව ජීවත්වෙන්න පුළුවන්.
X-Ray Vision: Hyperionට ඝණ ද්‍රව්‍ය හරහා දැකිය හැකියි.
Telescopic Vision: ඉතාමත් ඈත තියෙන දෙයක් පවා පැහැදිලිව දැකීමේ හැකියාවක් Hyperionට තියෙනවා.

Microscopic Vision: අණ්වික්ෂීය මට්ටමේ දේවල්ද බැලිය හැකියි.
Enhanced Hearing: Hyperionට ඉතාමත් ඈත ඇති සහ සාමාන්‍ය පරාසයෙන් පිට දේවල් ඇසීමට පවා දියුණු ශ්‍රවණ හැකියාවක් පවතිනවා.
Cosmic Energy Manipulation:අධික කොස්මික් ශක්ති ප්‍රමාණයක් හැසිරවීමට/නිපදවීමට පුළුවන්.
Atomic Vision: Hyperionගෙ ඇස් වලින් 12,000 Fahrenheit පමණ තාපයක් නිපදවන heat beams නිපදවන්න පුළුවන්.
Regenerative Healing Factor: ආබාධ,විෂ හා තුවාල වීමට ප්‍රතිරෝධී වගේම වේගවත්ව සුවවීමට හැකියාවක් පවතිනවා.
Weaknesses :--
• Solar Energy Depletion: Hyperionට ශක්තිය ලැබෙන ප්‍රභව නැත්නම් ඔහුව දුර්වල කරන්න පුළුවන්.
• Dark radiation සහ magic hyperionගෙ දුර්වලතාවයන් වෙනවා.
EXTRAS :
• Hyperion පුහුණු වුණු දක්ෂ සටන්කරුවෙක්.
• Avengers Towerඑකේ computers ගණනය කිරීම් කරන්න කලින් පවා hyperionට ගණනය කිරීම් විසඳන්න පුළුවන්.
• DNA දාමයන් දකින්න පවා hyperionට පුළුවන්.
• Thor hyperionට brother කියලා කතාකරන්න තරම් සමීප යහළුවෝ.
• Hyperionගෙ ප්‍රධාන ශක්ති ප්‍රභවය වෙන්නෙ සූර්යයා.
• Sun-God, Caretaker, Father, Hype, The Sun කියන නම් වලින් hyperionව හඳුන්වනවා.
• Hyperionගෙ first appearanceඑක වෙන්නෙ 2013දි නිකුත්වුණ Avengers vol 5 #1 comic එකෙන්.
ඉතින් Hyperion ගැන අද post එක දැම්මා. හැමෝටම Excelsior !!
Post by Shane Perera

Our Facebook Group👇👇

Comments

  1. නියම පෝස්ට් එකක්, තෑන්ක්ස් බ්‍රෝ...👌 👌 👌

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List