Heimdall


🔰 ඔන්න එහෙනම් අද කියන්ඩ යන්නේ වැඩිය කවුරුත් කාතා වෙන් නැති හැබැයි ගොඩක් බලවත් වටින චරිතයක් ගැන. කට්ටිය මෙයාව දන්නවා ඇතිනේ ඇස්ගාඩ්වලට නැතුවම බැරි කෙනෙක් තමයි හයිම්ඩල් කියන්නේ අද බලමූ මෙයාගේ විස්තර මොනාද කියලා.
🔰 මෙයාව මුල්ම වරට අපිට දකින්න පුලුවන් වෙන්නේ Marvel Comic වල Journey into Mystery #85 (October 1962) කියන comic book එකෙන්. මෙයාගේ චරිත නිර්මානය කරන්නේ Stan Lee , Larry Lieber සහ Jack Kirby කියන තුන් දෙනා.
🔰 මෙයාව heimdall එහෙමත් නැත්නම් Gatekeeper , The Watcher of Worlds , The Protector, Donald Velez , Ezra කියන නම් වලිනුත් හදුන්වනවා.
🔰 Himinbjorg, Asgard තමයි මෙයාගේ උපන් ස්ථානය වෙන්නේ. මෙයාගේ පුරවැසිබාවය වෙන්නේත් asgard මයි.
🔰 ඇස්ගාඩ්වල Lady ( warrior ) sif කියන්නේ මෙයාගේ සහෝදරිය වෙනවා. මෙයා thor ගෙත් ලගම යාලුවෙක් වෙනවා.
🔰 මෙයාගේ ශාරීර ලක්ශන ගැන බැලුවොත් දුබුරු පැහැති කොන්ඩයක් තියන මෙයාගේ උස 7'2" සහ බර 575 lbs වෙනවා ඒ වගේම Gray පැහැති වර්නයක් තමයි මෙයාගේ ඇස් වල තියෙන්නේ.
🔰 Heimdall ට උපතින්ම ලැබුන Omni-Senses (මේ ගැන වෙනම විස්තර කරල තියනවා පහල ) කියන හැකියාව නිසා තමයි odin විසින් මෙයාව ඇස්ගාඩ් වල ප්‍රදාන දොරටුව වන bifrost එක සහ rainbow bridge එකේ ආරක්ශකයා කරන්නේ. මෙයාට හොරෙන් bifrost එක හරහා ඇස්ගාඩ්වලට ඇතුලු වෙනවා කියන්නේ ඉතාම අමාරු වැඩක් හැබැයි මෙයාට නොපෙනෙන්න ඉන්න පුලුවන් ක්‍රමත් තියනවා ( thor the dark world බලපු අය දකින්න ඇතිනේ ) ඉතින් මේ විදියට තමයි මෙයා ඇස්ගාඩ් වල ආරක්ශකයා වෙන්නේ. ඇස්ගාඩ් වල thron එකට පක්ශාපාතීම කෙනෙක් විදියටත් මෙයාව හදුන්වන්න පුලුවන්. ඒ වගේම odin ට තමන්ගේ අයගෙන් විශ්වාසන්තම කෙනෙක් තමයි heimdall කියන්නේ. කියන විදියට ඇස්ගාඩ් වල odin සහ heimdall ඉතරක් දන්න රහස් තියනවා හිතාගන්න පුලුවන්නේ දෙන්නගේ විශ්වාසවන්තකම ✌️🙄
🔰 හරි බලමු මෙයාගේ powers සහ abilities මොනවද කියලා.
🌟superhuman strength : අනිත් ඇස්ගාඩ්වරුන්ට වගේ මෙයාටත් ගොඩක් හොද ශක්තියක් තියනවා. Thor The dark world එකේදි දැක්කනේ loki මෙයාව Casket of Ancient Winters එකෙන් freeze කලත් මෙයා ඒක කඩාගත්ත හැටි.
🌟 superhuman speed : මෙයාට ගොඩක් හොද වේගයක් තියන්වා.
🌟 Superhuman Durability : ශරීරයට වෙන හානි වලදී සාමාන්‍ය මිනිහෙකුගේ ශරීරයකට වඩා මෙයාගේ ශරීරය ඒවට ගොඩක් හොදට ප්‍රතිචාර දක්වනවා.
🌟 Regenerative healing factor : ස්වයං සුව වීමේ හැකියාවක්ද මෙයාට තියනවා.
🌟Longevity : මෙයාට ඉතා දිගු ආයු කාලයක් තියනවා.
🌟 Omni-Senses : මේක තමයි මෙයාගේ විශේෂම හැකියාව වෙන්නේ. මෙයාගේ පෙනීම සහ ඇසීම ඉතාමත් තියුනු මට්ටමක තමයි තියෙන්නේ. මෙයාට bifrost එකේ ඉදලා Nine Realms එක වර නිරීක්ශනය කිරීමේ හැකියාව තියනවා ඒ වගේමයි මෙයාට විශ්වයේ තියන ආත්ම ට්‍රිලියන10ක් දිහා එකවර බැලීමේ හැකියාව තියනවා. මෙයා මෙහෙම නිරීක්ශනය කරනකොට මෙයාගේ ඇස් තද තැබිලි පැහැයක් ගන්නවා. ඒ වගේමයි මෙයාට විශ්වයේ සිදුවන සෑම දේකටම හොදින් ඇහුම්කන් දීමේ හැකියාවක්ද තියනවා...😮😮😮
🌟 Transdimensional Communication : මෙයාගේ සංනිවේදනය ගැන ragnarok බලපු අයනම් හොදට දන්නවා. Asgard වලට හෙලා පහර දෙන වෙලේ sakaar වල හිටපු thor ව තාවකාලිකව asgard වලට ගෙන්ව ගන්න තරම් හැකියාවක් මෙයාට තිබ්බා. හොදට බලපු අය දකින්න ඇතිනේ මේ වෙලාවේ තෝර්ගේ ඇස් දෙකත් තැබිලි පාට උන හැටි.
🌟 dark magic : iw බලපු අයට තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි මෙයා කොහොමද bifrost එක නැතුව hulk ව පෘතුවියට යැව්වේ කියලා ඉතින් ඒකට උත්තරේ තමයි මේ තියෙන්නේ. මෙයාට dark magic හැසිරවීමට හොද හැකියාවක් තියනවා.
🔰 Abilities
🌟 Master Combatant : මෙයාට හොද සටන් හැකියාවක් තියනවා.
🌟 Sword Mastery : කඩුව හැසිරවීමේ හොද ප්‍රවීනයෙක්ද වෙනවා. Hofund කියන කඩුව තමයි මෙයා බාවිතා කරන්නෙ.
අවසාන වශයෙන් මෙයාගේ Enemies ලා වෙන්නේ.
Frost giants , Dark elves , Marauders , Hela , Black order , Thanos කියන කට්ටිය.
MCU එකේ සහ comic වල හැටියටනම් මෙයා මේ වෙනකොට මියගිහිල්ලා තමයි ඉන්නේ ඒ වෙන කවුරුත් අතින් නෙමේ අපේ තානෝස් අතින් තමා. 😔
ඉතින් මේ විදියට තමයි මෙයාගේ විස්තර වෙන්නේ වැරදි අඩු පාඩු තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න මේක මගේ හයවන review එක 😁✌️
එහෙනම් කට්ටියටම ජයවේවා....😘

Comments

  1. සුපිරි ලිපියක, ජය වේවා !!!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List