Stan Lee

මේ ඉන්නෙ කවුද??මොකක්ද මෙයා ගැන postඑකක් දාන්න හේතුව??මාවල් විශ්වයට ඉතාමත් වැදගත් කෙනෙක් තමයි මේ.හුගාක් අය මෙයා තමයි Stanlee කියලා දන්නව ඇති.අපි දැන් බලමු ස්ටෑන් ලී ගැන."Stan the man" ලෙස හඳුන්වන ස්ටෑන් ලීගෙ ඇත්ත නම ස්ටෑන්ලි ලීබර්(Stanley Lieber).අපි දැන් මොකක්ද ස්ටෑන් ලීගෙයි marvel විශ්වයෙයි තියෙන සම්බන්ධය කියලා බලමු.
Stan lee මුලින්ම timely comicsහි(මාවල් කොමික්ස්හි මුල් නම) රැකියාවට එන්නෙ වයස 17දී.ඒ වගේම එතනින් ඉස්සරහට ලොකු ගමනක් ගිය කෙනෙක්.
🌟Stan Lee කියන්නෙ Marvel Universeඑකේ සුපිරිම කතෘ/නිර්මාණකරුවා කිව්වොත් නිවැරැදියි.
🌟ස්‍ටෑන් ලී තමයි ironman,Hulk,Thor,Black widow,Hawkeye,Avengers,Spiderman,Nick Fury,S.H.I.E.L.D.,Daredevil,Groot ඇතුලු බොහෝ චරිතවල නිර්මාතෘ.
🌟ඒ වගේම marvel cinematic universe චිත්‍රපටවල ප්‍රධාන නිශ්පාදකයා වෙනවා.
Marvel බංකොලොත් වූ කාලයේ ස්ටෑන් තමන්ගේම කියල Stan Lee Media කියල කම්පැනි එකක් පටන්ගත්තා.නමුත් ඔහු Marvelහි ගෞරව සහිතව විශ්‍රාමලත් සභාපති වෙනවා.
ස්ටෑන් ලී, DC Comics එක්කත් එයාලගෙ Superman, Batman සහ Wonder Woman ඇතුලු සමහර ප්‍රධාන චරිත අලුත්කරන්න dealඑකක් අත්සන් කලා.
එහිදී DC කොමික්ස් වන,
Aquaman (Scott McDaniel සමඟ 2002දී)
Batman (with Joe Kubert සමඟ 2001දී)
Flash (Kevin Maguire සමඟ 2002දී)
Shazam! (Gary Frank සමඟ 2001දි)
Supeman (John Buscema සමඟ 2001දී)
Wonder Woman (Jim Lee සමඟ 2001දී) නිර්මාණය කිරීමට ස්‍ටෑන් ලී දායක වුණා.
ස්ටෑන්ගෙ Powers සහ abilities:--
•Marvel universeඑක වෙනුවෙන් ක්‍රියාශීලිව කටයුතු කිරීම.
•තමන්ව උසස්කරගැනීම.
•Marvel Comics සහ Marvel Universeඑක සමඟ බැඳීසිටීම.
ස්ටෑන් ලී කියලා කෙනෙක්ව ගොඩක් අය දැනගත්තෙ Cameo( කෙටි රංගන කොටස්) වලින්.අපි ඒ ගැනත් බලමු.
Marvel Cinematic Universeඑකේ මෙතෙක් ආ සියලුම filmවල ස්ටෑන් ලී Cameo ඉදිරිපත් කලා.
Daredevil, Jessica Jones, Luke Cage, Iron Fist, The Defenders and The Punisher යන Netflix seriesවලත් Runaways seriesඑකේත් ස්ටෑන් හිටියා.ඒ වගේම Fox studio,Universal studios වැනි mcu නොවන චිත්‍රපට වලත් Cameo කලා.
මීට අමතරව Disney XD කාටුන් වලත් ඉන්නවා.
ඇයි ස්ටෑන් මේ හැමඑකකම ඉන්නෙ??ඒගැන කියනවනම් ස්ටෑන් මාවල් විශ්වයට කල සේවය නිසා ඔහුට ගෞරවයක් වශයෙන් ඔහුට හැම ෆිල්ම් එකකම Cameo එකක් ලබාදුන්නා කියලයි කියන්නෙ.
නමුත් සමහරු ස්ටෑන් ලී mcu එකට ආවෙ නිකන් නෙමේ විශේෂ චරිතයක් විදිහට කියලත් කියනවා.
Stanlee mcuඑකේ watcher කෙනෙක් කියලත් mcu රසිකයන් අතර කතාවක් ගියා.පස්සෙ watcher කෙනෙක් නෙමෙයි,watchersලට තොරතුරු සපයන්නෙක්(watcher informant)කියල කතාවක් රසිකයන් අතර ප්‍රචාරය වුණා.මේක ඇත්තද??
Watchersල කියන්නෙ කවුද කියලා සරලවම කියනවනම්,ඉතාමත් උසස්,පැරණි, විශ්වයේ සිදුවන දේවල් බලාගන්න aliensල වර්ගයක් තමයි watchersල කියන්නෙ.
Watchersල මොනව වුණත් මැදිහත් වෙන්නෙ නෑ.ඒක නීතියක් වගේ.
ඉතින් Stan lee watcher කෙනෙක් වුනත් ඒක අදාලයි.Stan lee සෑම MCU චිත්‍රපටයකම සහභාගි වුණ දර්ශනවල ප්‍රධාන චරිතවලට සමීපව සිටියත් සිදුවීම්වලට මැදිහත් නොවීහිටියා.ඒක නිසා ස්ටෑන්ලි watcher informant(තොරතුරු සපයන්නෙක්)කෙනෙක් වෙන්නත් පුළුවන්.
මීට අමතරව සමහරු ස්ටෑන් ලී කියන්නෙ One above All(බලවත්ම මාවල් චරිතය)කියලත් කියනව.ඒ අතර තවත් අය "මේ මනුස්සය හැමඑකේම ඉන්නව මම දැකල තියෙනව.මෙයා ඊලඟට එන මාවල් ෆිල්ම් එකේ විලන්ද දන්නෑ" කියලත් කියල තියෙනවා.😂
ඉතින් මේ Cameo පිටිපස්සෙ තියෙන ඇත්ත මොකක්ද කියල හොයනඑක ඔයාලට බාරයි.
Stanley Lieber එයාට අවුරුදු 17ක් වෙද්දී පලමු රැකියාව විදිහට Timely Comics එකේ assistant කෙනෙක් විදිහට යනවා.ඒ ගමන දිගටම ගිහින් අද වෙද්දී ස්ටෑන් ලී ලෝකයේ Comic empire බවට පත්වෙලා ඉන්නවා.93වන වියේ පසුවන Stan Lee තවමත් කබා ඇදගත් සුපිරි වීරයන් සහ වෙස්මුහුණු දාගත් vigilantesලා ගැන අදටත් සිහින දකිනවා.
ඉතින් කවුද ඇත්ත⁣ටම මේ Stan Lee??සමහරුන්ට ස්ටෑන්ලි නිකන්ම Cameo එකක් වෙන්න පුළුවන්.ඒත් ඇත්ත⁣ටම ස්ටෑන් ලී New York නගරයෙන් ආ සුපිරිවීරයෙක් තරම් පරිකල්පන ශක්තියක් තියෙන ළමයෙක්ගෙ කතාවක් කියාපාන කෙනෙක්.
ඉතින් හැමවෙලාවෙම ස්ටෑන් කියනව වගේම,
Excelsior!(ජයෙන් ජය!)
-----------------------------------------------------------------------------------------------
Post by Shane Perera

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List