Bleeding Edge Armor & Model Prime armor



Bleeding Edge Armor (Model 37)
--------------------------------------------------------
Stark Enhancile MK X කියලත් මේ armorඑක හදුන්වනවා.ආසන්න වශයෙන් අඩි6යි අගල් 6ක් පමණ උසක් වගේම රාත්තල් 400 lbsක් වෙන මේ armorඑක ටෝනි තනියම හැදුව එකක් නෙමෙයි.රීඩ් රිචර්ඩ්ස්(Mr.fantastic) මේක හදන්න දායක වුණා.
පලවෙනි වරට අපිට මේ armorඑක බලාගන්න ලැබෙන්නේ 2010 ජූනි වල නිකුත්කල Invincible Iron Man #25 කොමික් එකෙන්.
Red, Gold සහ Black finishing එකක් දීල තියෙන මේ ආමර් එකේ features දැන් අපි බලමු.
මනසෙන් විධානයක් දෙනතුරු මේ armorඑක තියෙන්නේ ටෝනිගෙ ශරීරය ඇතුලෙ.
ඒ මේක හදල තියෙන්නේ නැනෝ මැෂින් වලින් නිසා ස්ටාක්ගෙ සම මතුපිට ඕනෑම ආකෘතියකට වෙනස් වෙන්න හැකියාවක් තියෙනවා.(ඇදුම්, ආයුධ)Infinity war එකේ තිබ්බා වගේ තමයි.
මේකට කලින් ආමර් වගේ චලනය වෙන්න motors, servos ඕනෙ නෑ.නැනෝ මැෂින් මගින් ස්ටාක්ගෙ ශරීරය මත කෘත්‍රිමව මාංශපේෂි තට්ටුවක් විදිහට හදනවා.මේ නිසා armorඑකට හානි වුනත් ස්වයං අලුත්වැඩියාවක් කරනවා.මේ සඳහා නැනෝමැෂින් කෘතිමව ජනනය වෙනවා.
9
ආයුධ විදිහට repulsors, uni-beam, pulse bolts, tasers, සහ energy blade එකක්ද, ආරක්ෂාව වෙනුවෙන් deflector shields භාවිතා කරල තියෙනවා.ඒවගේම ස්ටාක්ගෙ පරිකල්පන ශක්තිය අනුව වෙනත් ආයුධ විදිහට වෙනස්වීම් කරන්න හැකියි කියල පේනවා.
Armorඑකේ repulsors වැලමිට වල, පපුව , පිට ,පාද සහ අත්ල වල යොදා තියෙනවා.ඒවගේම ඒ මගින් කැමරා විදිහට ස්ටාක්ට අංශක 360ක panoramic viewඑකක් ලබාගන්න පුළුවන්.
ඒවගේම විශේෂයෙන්ම Nanotechnology සහ Bleeding Edge Tech කියන තාක්ෂණික ක්‍රම යොදාගෙන තියෙනවා.මේක Prison Escape Armorඑක ආදර්ශනය කරගෙන තමයි නිර්මාණය කරල තියෙන්නෙ.
War of the Serpentවුන කාලයේදි,ඕඩින් ස්ටාක්ට Nidavellirවල කම්හල් වලට යාමට අවසරදුන්නා.ඒ අවස්ථාවේ ස්ටාක් සතුරන් එක්ක සටන් කරන්න Uruවලින් ආයුධ ගබඩාවක්ම හැදුවා.ඉතින් මේකෙදි ස්ටාක් bleeding-edge armorඑක මගින් Iron Destroyer armorඑක හැදුවා.
U.S. governmentඑකේ අණ මත රීඩ් රිචර්ඩ්ස්ගේ සහය ඇතිව මේ armorඑක ටෝනිගෙ ශරීරයයෙන් ඉවත් කලා.පස්සෙ ස්ටාක්,නැනෝ තාක්ෂණය මත රදානොපවතින Suitඑකේ වෙනත් Versionඑකක් නිර්මාණය කලා.
Model prime armor (Model 51)
-----------------------------------------------------
පහළොස් හැවිරිදි M.I.T. student කෙනෙක් වන Riri Williams,reverse engineering මගින් තමන්ගෙ පරණ ආමර් තාක්ෂණයන් ඔන්ලයින් post කරඇතිබව දැක්ක ටෝනි අලුත් නිර්මාණයක් කරන්න ඕනෙ කියල හිතනවා.මේකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි model-prime armorඑක හැදෙන්නේ.the Model-Prime Armorඑක සියලුම armor එකට එකකර හදපු සුපිරි armor suitඑකක් කියල හදුන්වන්න පුළුවන්.Suit එකේ ප්‍රධාන අරමුණ වෙන්නෙ සියලුම ආමර්වල එකතුවක් විදිහට වැඩ කරන එක.
දෙවෙනි Civil war එකේදි මේ ආමර්එක නැතුව වෙනත් Captain marvel එක්ක සටන් කරන්න පුළුවන් විදිහට හදපු සුවිශේෂී ආමර් එකක් ටෝනි පාවිච්චි කරනවා.මේ සටනේදි ටෝනිට Coma තත්ත්වයක් ඇතිවෙනවා.ඉතින් ටෝනිගෙ model-prime armorඑක " ඩූම් " එහෙමත් නැත්නම් Victor Von Doom උස්සනවා.
Capabilities(හැකියාවන්):--
•මෙහි බාහුවලට විවිධආකාරයේ උපකරණ විදිහට වෙනස් වෙන්න සහ මෙහි සම්පූර්ණ ස්වභාවය වෙනස්කරගන්න පුළුවන්.
•අධිබර එසවීම්, අභ්‍යවකාශ පියාසැරීම්,Hulkbuster වගේ ශක්තිය වගේ හැකියාවන් ඇති අතර සිහින් පෙනුමක් තියෙනවා.
•පාලනය කරන්නාගේ මොළය සමඟ ක්‍රියා කරනව ඒවගේම භාවිතා නොකරනවිට Model-Prime Armorඑක braceletඑකක් තුළ තැන්පත් කල හැකියි.
•Model-Prime Armorඑකේ පියාසර වේගය වැඩි කරගැනීමට අමතර thrusters ලබාගත හැකියි.
•වෙනත් කාර්යයන් සිදු කරනවිට Friday A.I.එක මගින් සන්නිවේදන පද්ධති සහ scanners පාලනය කරනවා.
•scan කිරීමට කුඩා ප්‍රමාණයේ ඩ්‍රෝන් පිටත්කිරීමට හැකියාවක් පවතිනවා.
Weapons(ආයුධ) :--
•වැඩිදියුණු කල repulsors, unibeam සහ කුඩා මිසයිල Model-Prime Armorඑකේත් දක්නට ලැබෙන අතර මීට අමතරව විධාන දීමෙන් කඩු,තුවක්කු වගේ ව්‍යුහ සැදීමට හැකියි.
•model-prime armorඑක මගින් විශාල බලයක් රදවාගතහැකි "zero-point energy bubble"එකක් සැදීමට පුළුවන්.ඒමගින් සතුරන්ට energy blastඑකකින් පහරදීමට පුළුවන්.
Defensive Powers(ආරක්ෂක බලයන්) :--
•Model-Prime Armorඑක EMPs, ශබ්ද ප්‍රහාර වැනි ප්‍රහාර වලට හොදින්ම ඔරොත්තු දෙනවා.
•කොටස්වලට හානි වුවහොත් නැවත වේගවත් ප්‍රතිජනනය වීමේ හැකියාවක් පවතිනවා.
•ආමර් එකට නොපෙනී යාමටද රහස් මෙහෙයුම් වලදි කළුපැහැ වීමටද හැකියාවක් තිබෙනවා.
ඉතින් මම මේ විදිහට දාන අන්තිම පෝස්ට්එක.ඊලඟට එන්නෙ වෙනස්ම විදිහකට.
Written by Shane Perera

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List