Marvel Movie History + Character live action Rights & All Movie List


History
1939දි Timely comics කියන නමින් ආරම්භ වුණ comic companyඑකක් 1961දි Marvel comics කියන නමින් අලුත් වෙනවා. ඉතින් කොහොමවුනත් මේ MARVEL ආයතනය බංකොලොත් වෙනවා. ඉතින් මේනිසා MARVEL ආයතනය වැහෙන එක නවත්වන්න තමන් නිර්මාණය කරන මේ කොමික් පොත්වල ඉන්න චරිත ආශ්‍රයෙන් චිත්‍රපට නිර්මාණය කිරීමේ අයිතිය(Live action rights) විවිධ සමාගම්වලට විකුනන්න සිද්ධවෙනවා.

ඉතින් මේ විදිහට MARVEL comics ආයතනය බේරගන්න live action rights විකුණද්දි ඒ ඒ චරිතවලට සම්බන්ධ අනිත් චරිතවල live action rights සීමා සහිතව මිලදීගන්න ආයතන වලට ලැබෙනවා. (Spider-manව ගත්තොත් Aunt may, Green goblin වගේ අය Free😁) 
ඒවගේම චරිත විකුණද්දි මිලදීගන්න සමාගමෙන් ගිව්සුමකට අනුව යම් කාලසීමාවක් ඇතුලත ලබාගත්ත චරිතය ආශ්‍රයෙන් filmඑකක් හැදුවෙ නැත්තම් MARVEL ආයතනයට ආපහු ඒ චරිතයේ live action rights ලැබෙනවා.

ඉතින් මේ විදිහට Fantasitic Four චරිත සියල්ලමත්, X-men ඇතුලු සියලුම mutant චරිතත්, Daredevil සහ  Elektraත් 20th Century Fox සමාගමටත්,
ඒවගේම Spider-man, Venom ඇතුලු 600ක් පමණ චරිත SONY සමාගමටත්,
Hulk, Namor ඇතුලු චරිත Universal Studios සමාගමටත්,
Iron Man සහ  Blade ඇතුලු චරිත New line cinema සමාගමටත්,
Captain America, Black Panther චරිත Artisan Entertainment සමාගමටත්, පසුව Black Panther, Thor, Ghost Rider, Luke Cage යන චරිත Sony සමාගමටත්, 
Punisher, Black Widow, Iron fist සහ Man-thing ඇතුලු චරිත Lions Gate සමාගමටත් එකිනෙකට වෙනස් ගිවිසුම් යටතේ විකුණනවා.

මේ විදිහට විකුණපු චරිතවලින් ආදායමක් ලබාගත්ත MARVEL ආයතනය 2005දි Marvel Entertainment නමින් ඇවිත් අලුතින් තමන්ගෙ විකුණපු චරිත යොදාගෙන තමන්ගෙම චිත්‍රපට නිර්මාණය කරන්න තීරණය කරනවා. ඒවිදිහට මුලින්ම MARVEL ආයතනය Black panther චරිතය ලබාගන්නවා. 

කාලයත් එක්ක තමන් විකුණපු චරිත කිහිපයක් ආපහු තමන්ගෙම කරගන්න MARVEL සමාගමට පුළුවන් වෙනවා. ඒවගේම Universal Studios එක්ක කරන ගිවිසුමකින් hulk ඇතුලු චරිත කිහිපයක් MARVEL entertainment විසින් කරන filmsවලට යොදා ගැනීමට සීමාසහිතව අයිතිය ලබාගන්නවා.(Hulkගෙ solo film නිර්මාණය කිරීමේ අයිතිය ලැබෙන්නෙ නෑ)

ඉතින් ඔහොම කාලය ගතවෙද්දි Kevin Feige යටතේ 2008දි තමන්ට අයිතිවෙලා තිබුණු චරිත වලින් MARVELසමාගම, ironman filmඑකෙන් MARVEL CINEMATIC UNIVERSEඑක(M.C.U.) ආරම්භ කරනවා. ඒවගේම අනිත් companiesවලින් කරපු movies, Cartoons, Animated movies වෙන් වෙන්ව marvel multiverseඑකේ වෙනත් විශ්වයන් විදිහට නම් කරනවා. එහෙම කරන එකෙන් කවදහරි marvel ආයතනයට අයිති නැති live action character rights ආයෙම ලැබුණොත් කලින් හිටපු චිත්‍රපටවලින් පෙන්නුවෙ වෙනත් සමාන්තර විශ්වයන් කියලා කියන්න පුළුවන් වෙන එක මේකෙන් ලැබුණු තවත් වාසියක්.
2009දි ඩිස්නි සමාගම විසින් මාවල් සමාගම ඩොලර් බිලියන 4ක් වැනි මුදලකට මිලදී ගන්නවා.
ඒත් Disney සමාගම MARVEL Cinematic Universeඑක(mcu) නැවත නිර්මාණය කිරීමක් නොකර, ඒවෙද්දි paramount studios හරහා MARVEL ආයතනය නිර්මාණය කරපු ironman, hulk, film එක්කම Avengersල ප්‍රධාන කරගත්ත mcuඑක Kevin Fiegeගේ අදහස් එක්කම Marvel studios නමින් අලුත් section එකක් යටතේ ඉදිරියට ගෙන යනවා.
2014දි කොමික්වලදි Scarlet Witch සහ Quicksilver High evolutionaryගෙ නිර්මාණයක් කියලා හෙළිකිරීම නිසා තවදුරටත්  Scarlet Witch සහ Quicksilver mutantsලා නොවීම නිසා ඒ දෙන්නගෙ live action rights MARVEL Studios එකට හිමිවෙනවා. (ඒත් mutants කියන වචනයවත් mcuඑකේ පාවිච්චි කරන්න බෑ.)

2015දි Sony සමාගමෙන් Spider Man ඇතුලු චරිත කිහිපයක් පමණක් movies වලට කොන්දේසි සහිතව යොදා ගැනීමට MARVEL studioඑකට අවසර ලැබෙනවා.

2016දි Universal Studios සතුව තිබු Namor නැවතත් MARVEL Studios වෙත ලබාගැනීමට හැකිවෙනවා.

කාලය ගතවීම එක්ක MARVEL ආයතනයේ වුණ වැදගත්ම සිදුවීම වුණේ Disney - Fox dealඑක.  ඒකියන්නෙ 2018දි Disney සමාගම විසින් 21st Century Fox සමාගම ඩොලර් බිලියන 71.4 කට මිලදී ගැනීමත් සමඟ Fox ආයතනයට විකුණා තිබූ X-men කණ්ඩායම ඇතුලු Mutants, Fantasitic Four චරිත සියල්ලමත්, Deadpool චරිතයත් MARVEL studiosහි යොදාගැනීමේ අයිතිය ලැබීම. ඉතින් මේනිසා 2020න් පස්සෙ mcuඑක හරහා X-men , Fantastic 4 චරිත ආශ්‍රයෙන් වෙනත් actorsලා යොදාගෙන අලුත්ම film නිකුත් වෙනවා.

ඉතින් මේ පෝස්ට්එක දාන්න ප්‍රධානම හේතුව තමයි ගෲප් එකේ ගොඩක් අලුත් අය හිතාගෙන ඉන්නෙ MARVEL කියලා එන සේරම film එකයි කියලා.
සරලවම , මේ වෙනකම් ආපු X-men, Fantastic 4 film අයිතිවෙන්නෙ Fox ආයතනයට. MCU එක අයිති වෙන්නෙ Disney ආයතනයට. Venom film අයිති Sony ආයතනයට. ඉතින් වෙනත් ආයතන වලට අයිති අය mcuඑකේ නෑ. නීති රීති සහ කොන්දේසිවලට අනුව ගන්නත් බෑ. ඒකනිසා තමයි 2018දි X-men, Fantastic4 චරිතවල අයිතිය mcuඑක ගත්තෙ. ඒකනිසා ඉදිරියෙදි mcuඑකෙන් අලුතින්ම X-menලා, සහ Fantastic4 චරිත වෙනත් නළු,නිලියො එක්ක rebuild කරනවා. ඒකනිසා FOXඑකෙන් කරපු wolverine , deadpool , f4, X-men කට්ටිය කවදාවත් mcuඑකටවත් endgame එකේවත් එන්නෙ නෑ. ඒත් 2022න් පස්සෙ එන අලුත් filmවලින් අලුත් actorsලා එක්ක අලුත්ම x-men, fantastic4, Wolverine, Deadpool චරිත mcu එකට එකතුවෙනවා.

ඉතින් mcuඑකට තවදුරටත් ලබාගන්න තියෙන්නෙ Sony සතුව තියෙන Spider-man චරිතවල අයිතිය සහ Universal studios සතුව තියෙන Hulk සම්බන්ධ චරිතවල අයිතිය විතරයි.


Movie List

පෝස්ට්එක අන්තිමට Marvel film බලන්න ඕනෙ පිළිවෙල හොයන අයට film listඑකත් දැම්මා.

-----------------------------------------------------------------------------------------------
1) MARVEL CINEMATIC UNIVERSE:(MCU / MARVEL STUDIOS)
------------------------------------------------------------------------------------------------
MCU film නිෂ්පාදනය කරන්නෙ Disney ආයතනයේ Marvel studioඑක මගින්. MCU films බලනවනම් අනිවාර්ය‍යෙන්ම releaseවුණු පිළිවෙලට බලන්න. Mcu movieඑකක් ඊළඟ movie එකට සම්බන්ධ වෙන්නෙ releaseවුණුපිලිවෙලට. පහත listඑකේ films + Tv series තියෙන්නෙ releaseවුණු පිලිවෙලට. 👇👇

• Iron Man

• Iron Man 2

• The Incredible Hulk

• Thor

• Captain America: The First Avenger

• The Avengers

• Iron Man 3

• Thor: The Dark World

• Captain America: The Winter Soldier

• Guardians of the Galaxy

• Guardians of the Galaxy Vol. 2

• Agents of S.H.I.E.L.D. Season 1

• Avengers: Age of Ultron

• Ant-Man

• Doctor Strange
• Agents of S.H.I.E.L.D. Season 2
  • Daredevil, Season 1
  • Jessica Jones, Season 1

• Captain America: Civil War

  • Daredevil, Season 2
  • Luke Cage, Season 1
  • Iron Fist, Season 1
  • The Defenders
  • Agents of S.H.I.E.L.D. Season 3
  • Spider-Man: Homecoming
  • The Punisher, Season 1
  • Runaways Season 1
  • Black Panther
  • Thor: Ragnarok 
  • Agents of S.H.I.E.L.D. Season 4
  • Jessica Jones Season 2
  • Luke Cage Season 2
  • Iron fist Season 2
  • Daredevil Season 3
  • Punisher Season 2
  • Jessica Jones Season 3
  • Cloak & Dagger Season 1
• Avengers Infinity War
  • Runaways Season 2
• Cloak & Dagger Season 2
• Agents of S.H.I.E.L.D. Season 5

• Ant-Man and The Wasp

• Captain Marvel

• Avengers Endgame

  • Runaways Season 3
  • Agents of S.H.I.E.L.D. Season 6
• Agents of S.H.I.E.L.D. Season 7

 • Spider-Man: Far from home

• Wandavision

• Falcon & The Winter soldier 

•Black Widow

• Loki

• Shang-Chi & the legend of ten rings 

• Eternals

• Spider-man No Way Home

• Hawkeye

• Moon knight

• Doctor strange in the Multiverse of Madness

• Ms Marvel

• Thor: Love and Thunder

• I Am Groot season 1

• She-Hulk: Attorney at Law

• Werewolf By Night

• Black Panther: Wakanda Forever

• The Guardians of the Galaxy Holiday Special

• Ant-Man and The Wasp: Quantumania

• Guardians of the Galaxy Vol 3

• Secret Invasion

• I Am Groot season 2

• Loki season 2

• The Marvels

• What if season 2

• Echo

මේ තමයි දැනට release වෙලා තියෙන සේරම MCU films සහ TV Series ටික.

-------------------------------------------------------------------------------------
2) FOX STUDIO MOVIES
-------------------------------------------------------------------------------------
X-men film series එක අයිති වෙලා තිබ්බෙ 20th century fox එකට නිසා x-menල සහ FANTASTIC4 කණ්ඩායම Disneyලගෙ MARVEL STUDIOS එක කරපු මෙතෙක් ආව mcu film වලට කිසිම සම්බන්ධයක් නෑ. X-men storyඑක Release dates පිලිවෙලට බලන්න.නැත්තම් පැටලෙනවා.මේ තියෙන්නෙ X-men film listඑක.👇👇
• X-Men
July 14, 2000

• X2
May 2, 2003 

• X-Men: The Last Stand
May 26, 2006

• X-Men Origins: Wolverine
May 1, 2009

• X-Men: First Class
June 3, 2011 

• The Wolverine
July 26, 2013

• X-Men: Days of Future Past
May 23, 2014

• Deadpool
February 12, 2016

• X-Men: Apocalypse
May 27, 2016

• Logan
March 3, 2017

• Deadpool 2(මේක බලන්න කලින් Green lantern, Xmen origins wolverine, Batman films අනිවාර්යයෙන්ම බලලා තියෙන්න ඕනෙ😁)
May 18, 2018

 X-Men: Dark Phoenix
June 7, 2019

• The New Mutants
August 28, 2020


මෙතෙක් ආව Fantastic4 film තුන👇👇
• Fantastic Four
Jul 8, 2005

• Fantastic Four: Rise of the Silver Surfer
Jun 15, 2007

• Fantastic Four (Aug 7, 2015)

-------------------------------------------------------------------------------------
3) SONY'S MARVEL MOVIES
-------------------------------------------------------------------------------------
Sony spider-man movies:-
Sony සමාගමේ Colombia pictures එකෙන් තමයි මේ Spider-man films කලේ.ඉතින් විවිධ කාරණා නිසා ආයෙ මේ films continue වෙන්නෙ නෑ.

• Spider-Man
May 3, 2002

• Spider-Man 2
Jun 30, 2004

• Spider-Man 3
May 4, 2007

• The Amazing Spider-Man
Jul 3, 2012

• The Amazing Spider-Man 2
May 2, 2014

SONY'S UNIVERSE OF MARVEL CHARACTERS (SUMC/SSU movies) :

මේ තමයි SONY සමාගම ආරම්භ කරපු අලුත් සිනමැටික් යුනිවර්ස් එක.මේක තාම ආරම්භ කලා විතරයි.ඒකනිසා මේ යුනිවර්ස් එකට දැනට අයිති එක filmඑකක් විතරයි ඒවගේම පසුකාලීනව මේ රියැලිටි එකේ නම Sony's Spider-Man Universe(SSU) විදිහට වෙනස් වුණා...

• Venom 2018


 Venom: Let There Be Carnage 2021

  Morbius 2022

• Madam Web 2024

-------------------------------------------------------------------------------------
4) OTHER FILMS:
-------------------------------------------------------------------------------------
මේ list එකේ තියෙන ෆිල්ම්ස් නම් ගොඩක් පරණයි.මේවා විවිධ සමාගම් වලට අයිතිවෙලා තිබුණත් දැන් හල්ක් හැර listඑකේ අනෙක් චරිතවල චිත්‍රපට අයිතිය MARVEL STUDIOSඑකට ලැබිලා තියෙන්නෙ.

• Howard The Duck
Aug 1, 1986

• Blade
Aug 21, 1998

• Blade II
Mar 22, 2002

• Daredevil
Feb 14, 2003

• Hulk
Jun 20, 2003

• The Punisher
Apr 16, 2004

• Blade: Trinity
Dec 8, 2004

• Elektra
Jan 14, 2005

• Man-Thing
Apr 21, 2005

• Ghost Rider
Feb 16, 2007

• Punisher: War Zone
Dec 5, 2008

• Ghost Rider: Spirit of Vengeance
Feb 17, 2012

MARVEL universeඑකට අලුත් කට්ටියට මේ postඑක උදව්වක් වෙන්න ඇති කියලා හිතනවා. එහෙනම් සියලු දෙනාටම,
Excelsior !!

Join our Facebook group 👇👇
https://www.facebook.com/groups/1936179566669834/?ref=share

Post by Shane Perera

Comments

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics