Obedience Disk






තෝර් රැග්නරොක් රිලීස් වෙලා දැන් අවුරුදු 2ක් විතර වෙනව හැබැයි තාමත් ගොඩක් අයට තියෙන ප්රශ්නයක් තමයි ගොඩ් ඔෆ් තන්ඩර් කොහොමද ඉලෙක්ට්රික් ශොක් එකකින් අච්චර දුර්වල උනේ කියන එක.හැබැයි මේක ප්ලොට් හෝල් එකක් නෙමෙයි.අවුලක් උනේ රැග්නරොක් එකේ මේ ඩිවයිස් එක ගොඩක් සරල විදියට පැහැදිලි කිරීමක් නැතුව පෙන්නපු එක.සමහරක් සංකීර්ණ විදියට හිතන බුද්ධිමත් ජනතාවට ඒක ජෝක් එකක් උනා😏(ඇත්ත කතාව එයාල කොමික් කියවල නැති එක).මේ obedience disk එක කොමික් ඉශූස් කීපයකම වගේම ප්ලැනට් හල්ක් ඇනිමේශන් එකෙත් බලාගන්න පුලුවන්.





මොකද්ද මේ obedience disk කියන්නෙ?සරලව කොමික් වලදිනම් රෙඩ් කින්ග් සකාර් වල ග්ලැඩියේටර්ස්ලව පාලනය කරන්න පාවිච්චි කරන ඩිවයිස් එකක්.mcu එකේනම් ග්රෑන්ඩ් මාස්ටර් තමයි මේක පාවිච්චි කරේ.රැග්නරොක් එකේ අපිට දැනගන්න පුලුවන් උනේ ඔච්චරයි(අන්න ඒ සරලකමට සමහරු කැමති උනේ නෑ ප්රෙන්ස්😔) අනිත් දේ තමයි රැග්නරොක් එකේ සකාර් වලදි අපි තෝර්ව දැක්කෙ වෙනස් විදියට,powerless,hopeless ඩෑල් එකක් විදියට.සමහරු කියන්නෙ තෝර්ට මියොල්නියර් එකයි තාත්තවයි නැති වෙච්ච අවුල නිසාත් තමන්ට ශක්තිය ලැබෙන්නෙ මියොල්නියර් එකෙන් කියල තෝර් හිතන් හිටපු නිසාත් එහෙම වෙන්නැති කියල.සමහරවිට mcu එකේදි ඒක ඇත්ත වෙන්නැති.


ඒත් (planet hulk exile)incredible hulk #95 කොමික් එකේදි සිල්වර් සර්ෆර් මේ කරුනු දෙක ගැන වෙනම පැහැදිලි කිරීමක් කරනව.සකාර් වල හරි සර්ෆර් සකාර් වලට ආපු පෝටල් එකේ හරි බලයක් නිසා මිනිහ දුර්වල උනා.ඒ වගේම obedience disk එකෙන් සර්ෆර්ගෙ කොස්මික් පවර්ස් පාවිච්චි කරන්න දුන්නෙත් නෑ.මේ නිසා සිල්වර් සර්ෆර් කොච්චර බලු උනාද කිව්වොත් ෆිසිකල් ස්ට්රෙන්ත් එක ඇරුනම මිනිහ සිල්වර් බොඩි පේන්ට් එකක් ගාගෙන සර්ෆ් බෝර්ඩ් එකක් අතේ තියන් ඉන්න කොස්ප්ලෙයර් කෙනෙක් වගේ පෙනුනෙ😭හැබැයි ඉතිං පොර ගේම අතෑරියෙ නෑ මිනිහ කොහොමත් ඩෑල් එකනෙ😎එහෙම බැලුවම ඉතිං තෝර්ට අර වගේ ඉරණමක් අත්වෙච්ච එකේ පුදුමයක් නෑ.කොමික් කියවන්නෙ නැතුව ප්ලැනට් හල්ක් ඇනිමේශන් එක බලපු කෙනෙක්ට උනත් තේරුම්ගන්න පුලුවන් obedience disk එක කියන්නෙ නිකන්ම ටේසර් එකක් නෙමෙයි කියල.රෙඩ් කින්ග්ට ඕනනම් මේකෙන් මේ ඩිවයිස් එක සම්බන්ද කරල තියෙන කෙනාට ෆිසිකලි දරාගන්න බැරි විදියෙ වේදනාවක් දෙන්න පුලුවන්,ඒ කෙනාගෙ පවර්ස් පාවිච්චි කරන්න දෙන්නෙ නෑ,ඒ වගේම තරමක් දුරට මයින්ඩ් කන්ට්රෝල් කරන්නත් පුලුවන්.සිල්වර් සර්ෆර්,තෝර් වගේ අයට එච්චර වේදනාවක් දෙන්න තරම් පවර් එකක් මේකට කොහෙන් ලැබෙනවද කියන එක ප්රශ්නයක්.සමහරවිට obedience disk එකෙන් අදාල කෙනාගෙ ශක්තිය ගබඩා කරගෙන අවශ්ය වෙලාවට ඒ කෙනාට විරුද්දව පාවිච්චි කරනව වෙන්නත් පුලුවන්.කොහොම උනත් මේක සෑහෙන්න දියුණු ඒලියන් ටෙක්නොලොජි එකක්.එක පාරක් ටෝනි මේ ඩිස්ක් එක ඕවර් රයිඩ් කරන්න හදල ඒත් බැරිවෙලා තියෙනවලු(ඒ ගැන හරියටම දන්නෙ නෑ) obedience disk එක ගැන විස්තර මෙච්චරයි.ඉතිං තෝර් ඉලෙක්ට්රික් ශොක් එකක් නිසා ඒ වගේ බලු උනේ ඇයි කියල කට්ටියට පැහැදිලි වෙන්නැති.මේ පෝස්ට් එකෙන් පස්සෙවත් ගොඩ් ඔෆ් තන්ඩර් vs ටේසර් ගොන් ආතල් අඩු වෙයි කියල හිතෙනව😂අඩුපාඩුවක් තියෙනවනම් කමෙන්ට් එකකින් දැනුවත් කරන්න🙂

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List