How to Read Comics

ගෲප් එකේ ගොඩක් අය අහන පොදු ප්‍රශ්න අතර වැදගත් ප්‍රශ්නයක් තමයි කොමික් කියවන්නෙ කොහොමද කියන එක. ඉතින් අද පෝස්ට්එක ඒ අයට සහ වෙනත් පොදු ප්‍රශ්න අහන අයට වැදගත් වෙයි. අනිවාර්යයෙන්ම අන්තිම වෙනකම් කියවලා බලන්න.😉

කොමික් කියන්නෙ මොකක්ද කියලා අහපු අයත් ඕන තරම් හිටියා. සරලවම කිව්වොත් Comic / Manga කියන්නෙ චිත්‍රකතා පොත්. ලංකාවෙදි කොමික් එච්චරම ජනප්‍රිය දෙයක් නොවුනට වෙනත් රටවල් වල නම් කොමික් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒවගේම රසිකයො ඕන තරම් ඉන්නවා. ඒත් ලංකාවෙ අය මේ කොමික් පදනම් කරගෙන හදන film නම් බලනවා. ඒ මොනවද කියලවත් ගොඩක් අය දන්නෙ නෑ.
ඒත් හැමෝම බලන MARVEL , DC filmsවල තියෙන්නෙ මේ කොමික් පොත් කියන සාගරයෙන් ගත්ත දිය දෝතක් විතරයි. ඒකනිසා Film විතරක් බලලා කොමික් චරිත, කොමික් සම්බන්ධ දේවල් ගැන ලොකු දැනුමක් ගන්න බෑ. ඉතින් අද පෝස්ට්එක කොමික් කියවන්න ආශාවක් තියෙන අයට වැදගත් වෙයි. අපි මාතෘකාවට බහිමු.👇👇

විවිධ මූලාශ්‍රවලට අනුව Marvel Universeඑකේ 32,000+ක් විතර comics පහුගිය අවුරුදු 70දි නිකුත් වෙලා තියෙනව. ඉතින් ඔයා එක කොමික් පොතක් කියවන්න විනාඩි 15ක් ගන්නවනම් ඔයාට විනාඩි 480,000ක් එහෙමත් නැත්තම් දවස් 333ක් එකදිගට නොනවත්වා කියවලා මෙතෙක් ආව මාවල් කොමික් කියවලා ඉවර කරන්න පුළුවන්. ඒක කරන්න බැරි වැඩක්.

ඒත් ඔයා කොමික් කියවන්න පරක්කු නෑ. කොමික් එකකදි තෑනෝස් පරාද වුණාට පස්සෙ දෙයක් කියනවා. ඒ දේ තමයි,👇👇

"Even Old Dogs Can Learn New Tricks"

ඒකියන්නෙ ඔයා අලුතින් දෙයක් පටන්ගන්න පරක්කු නෑ කියන එකයි. මම දිගටම කොමික් කියවන්න පටන්ගත්තෙත් මම කියවපු පළවෙනි කොමික් එකෙන් දැකපු තෑනොස්ගෙ ඔය වචන පේළිය නිසා.

ඔයා පරක්කු නැති වුනත්, අවාසනාවකට වගේ ලංකාව වගේ රටකදි කොමික් පොතක් සාපේක්ෂව සෑහෙන ගාණක් වෙනවා. 

ඒකනිසා 1990ගණන්වල ඉඳලා වර්තමානය දක්වා කොමික්වල ප්‍රධාන සිදුවීම් විතරක්වත් (Main events) කියවන්න වගේ කැමති අයට සල්ලිවලට කොමික් ගන්න එක ප්‍රායෝගිකව කරන්න අමාරුයි. ඒ අයටත් විසඳුම් කිහිපයක්ම දෙන්න තමයි අද පෝස්ට්එක ලියන්නෙ.
ඉතින් කට්ටිය මේ ක්‍රම වලින් තමන්ට ගැලපෙන ක්‍රමය අනුගමනය කරලා කොමික් කියවන්න ආරම්භයක් ගමු.
 මේ ක්‍රම තමයි Online comics කියවීම හෝ Comic Download කිරීම or buy කිරීම. මේ විදිහට කොමික් කියවන්න ඔයාට ඕනෙ වෙන්නෙ storageඑක, mobile Data හෝ මුදල්. වැඩි විස්තර පහළින් බලමු.👇👇

===========================================
1. Online Comics කියවීම

Marvel Unlimited :- මේක marvel comics කියවන්න පුළුවන් online service එකක්. සරලවම කිව්වොත් netflix වගේ මාසෙට ගාණක් ගෙවලා ඕනෙ තරම් comics කියවන්න පුළුවන්. IOS සහ Android වලටත් marvel unlimited appඑකක් තියෙනවා. ඒවගේම website එකෙනුත් කියවන්න පුළුවන්.

Pirating:- ReadComics•io, readcomiconline•to වගේ website වලින් ඕනතරම් pirated කොමික් online කියවන්න පුළුවන්.
හැබැයි online කොමික් කියවද්දි advertisement එනවා.
ඒවගේම Opera, UC වගේ mini browsers වලින් නම් මේ විදිහට කොමික් කියවන්න බෑ.
===========================================
2. Download කරලා comic කියවීම

සරලවම කිව්වොත් මේකත් pirating. එහෙමත් නැත්තම් උස්සපු කොමික් බෙදාහරින websiteවලින් බාගන්න එක. Getcomics•info, Comiccodes•com වගේ Website වලින් මේ විදිහට කොමික් download කරලා කියවන්න පුළුවන්.
මේ websitesවලින් Download කරපු Comic books තියෙන්නෙ .cbr, .zip වගේ formatවලින්. ඒකනිසා Download කරපු කොමික් කියවන්න නම් Comic viewer appඑකක්/softwareඑකක් පාවිච්චි කරන්න ඕනෙ.
Windows හෝ Mac OS usersලාට "Yac reader" Softwareඑක download කරගන්න පුළුවන්. Android usersලාට "Perfect Viewer" appඑක playstore එකෙන් ගන්න පුළුවන්.
(ඕනතරම් comic viewers තියෙනවා. මෙතනදි කිව්වෙ perfect choiceඑක ගැන.)
==========================================
3. Buying Comics

ඔයාට කොමික් මිලදී ගන්න ඕනෙනම් Online shop කරලා කොමික්වල softcopy/hardcopy ගන්න පුළුවන්. එහෙමත් නැත්තම් ලංකාවෙදි Red dot geek වගේ shop වලින් කොමික් පොත් මිලදී ගන්න පුළුවන්. (මෙහෙම කියනවට මට කීයක්වත් දුන්නෙ නෑ. Promote කරනව නෙමෙයි.)

ඒවගේම online buy කරන්නත් sites ඕනෙ තරම් තියෙනවා.

හරි. කොමික් කියවන විදිහ ගැන කිව්වනෙ. දැන් බලමු MARVEL universeඑකේ කොමික් කියවද්දි දැනගන්න ඕනෙ දෙයක් ගැන.👇👇

MARVEL කොමික්වල ප්‍රධාන විශ්වය වෙන්නෙ earth-616 කියල හඳුන්වන Prime Universeඑක. ඉතින් earth-616 Comic තමයි හැමෝම කියවන්නෙ. ඒත් මේ universeඑකට අමතරව MARVEL multiverseඑකේ තවත් Alternate universe තියෙනවා. කලාතුරකින් තමයි මේ Alternate universe කොමික්වල තියෙන ප්‍රධාන විශ්වය එක්ක crossover සිද්ධවෙන්නෙ. ඒකනිසා ප්‍රධාන universeඑකේ කොමික් කියවන්න කියලා විතරයි මම නම් Recommend කරන්නෙ.
පහළින් තියෙන්නෙ Alternate universe කිහිපයක්.(ඒවගෙ කොමික් කැමතිනම් විතරක් කියවන්න.)

ALTERNATE UNIVERSES :-

Ultimate Universe :
Earth-1610 එහෙමත් නැත්තම් ultimate universeඑක කියන්නෙ Prime universeඑක වගේම වෙනත් විශ්වයක්.
--------------------------------------------------------------------------------------
Marvel 2099 :

Marvel 2099 කියන්නෙ Prime universeඑකේ possible futureඑකක් වගේ එකක්. මේ universeඑකේ තියෙන්නෙ අනාගතයේ දේවල්.
--------------------------------------------------------------------------------------
Zombie-verse :

Zombie-verse කියන්නෙ වීරයො හැමදෙනාම සොම්බිලා වුණු කතාවක් පදනම් කරගත්ත alternate universe එකක්.
--------------------------------------------------------------------------------------
MC2 :
Mayday Parker එහෙමත් නැත්තම් Spider-manගෙ අනාගත දුවගෙ කතාව මුල් කරගෙන යන alternate universeඑකක්. ගොඩක් අය ලියන්න කියපු Mayhem සිම්බියෝට් ඉන්නෙත් මේ MC2 universeඑකේ. 
-------------------------------------------------------------------------------------
Earth X :
Terrigen Mistඑක පැතිරිලා හැමෝම mutatesලා බවට පත්වුණු පෘථිවියක් තියෙන විශ්වයක්.
--------------------------------------------------------------------------------------
MCU :
Marvel Studioඑකෙන් Film නිර්මාණය කරන Marvel Cinematic Universeඑක කියන්නෙත් Alternate universeඑකක්. MCUඑක හඳුන්වන්නෙ Earth-199999 කියලා. MCUඑකේත් කොමික් තියෙනවා හැබැයි මේවා filmවල prelude. Marvel prelude කියන්නෙ filmඑකක පෙන්නන කතාව වෙන්න කලින් ඒ කතාවට සම්බන්ධව කලින් සිද්ධවුණු දේවල් තියෙන comic book. 
උදාහරණ විදිහට black panther prelude එකේදි T'challaට civilwar වලදි වුන දේවල්, Infinity War preludeඑකේදි Civil War සහ Infinity warඑක අතර කාලෙදි ටෝනි, ස්ටීව්, නටාෂා, සෑම් කරපු දේවල් මේ Preludeවලින් බලාගන්න පුළුවන්.
--------------------------------------------------------------------------------------
මතක තියාගන්න ඕනෙ ප්‍රධාන දේ තමයි ඔයා ප්‍රධාන වශයෙන්ම කියවන්න ඕනෙ earth-616 කොමික් විතරයි.

ඒවගේම කොමික් කියවද්දි පිළිවෙලකට කියවනවනම් හොඳට තේරුම්ගන්න පුළුවන්. අලුතින් කොමික් කියවන්න ඉන්න අයට MARVEL Main Events Reading Orderඑකක් ගෲප් එකේ blogඑකේ දාලා තියෙනවා. කැමති අයට ඒකෙන් ආරම්භය ගන්න පුළුවන්.

කවුරුහරි Characterඑකක් ගැන දැනගන්න කොමික් කියවනවනම් comicbookreadingorders , comicbookherald වගේ websiteවලින් කියවන්න ඕනෙ පිළිවෙල බලාගන්න පුළුවන්.(හැම character කෙනෙක් ගැනම නම් නෑ)

හරි. එහෙනම් කොමික් කියවන්න අවශ්‍ය මූලික දේවල් ගැන කිව්වා. ඒත් ඔයාට කොමික් කියවන්න ඕනෙම දේ තමයි හැකියාව. බය වෙන්න දෙයක් නෑ. ඔයාට English Filmඑකක් සිංහල Subtitles දාන්නෙ නැතුව බලලා තේරුම්ගන්න පුළුවන් නම්, ඔයාට සාමාන්‍යයෙන් කොමික් කියවන්න පුළුවන්. විද්‍යාත්මක දේවල් ගැනත් සාමාන්‍ය දැනුමක් සහ හොඳ චින්තන හැකියාවක් තියෙනව නම් වැඩේ සාමාන්‍යයෙන් ගොඩ. ඒත් ඔයා මේ දේවල් අතින් පට්ට Worthy නම් වැඩේ උපරිම ගොඩ.

ඉතින් මම හිතනව ගෲප් එකේ ඉන්න ඕනෙම කෙනෙක්ට අඩුම තරමින් English Filmඑකක් සිංහල සබ් දාන්නෙ නැතුව බලලා තේරුම්ගන්න පුළුවන් ඇති කියලා. එහෙනම් ගෲප් එකේ සේරටම කොමික් කියවන්න පුළුවන්. එහෙනම් කිසිම කෙනෙක් පරක්කු නෑ.

අපේ Youtube channelඑක 👇https://youtube.com/c/SLMarvelTalks

Like us on Facebook👇👇
ඕක තමයි අද පෝස්ට්එක. Comment එකක් දාලා තමන්ට හිතෙන දේ කියන්න පුළුවන්නම් වටිනව. එහෙනම්, Excelsior !!!

✍️Written by Shane Perera 

#keep_calm_and_read_comics

Comments

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

Marvel Movie History + Character live action Rights & All Movie List