MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

කිහිපදෙනෙක්ම අහපු නිසා Marvel Main Event Timelineඑක දෙන්න හිතුවා. මේක මේ වෙනකම් සම්පූර්ණයෙන්ම අවසන්වුණ MARVEL prime universeඑකේ (earth-616) ප්‍රධාන සිදුවීම් සහ crossovers කාලානුරූපීව හදපු Reading orderඑකක්. ඒනිසා තාම comics කියවන්න පටන් අරන් නැති,පටන් ගත්තත් කියවන්න පිළිවෙළක් දන්නෙ නැතිව හිර වෙලා ඉන්න අය මේ පෝස්ට් එක පිළිවෙලට කියවන්න.
අදාල comics පිළිවෙලට, TPB විදිහට හෝ story arc විදිහට ගන්න පුළුවන්. TPB කියන්නෙ Trade PaperBackවලට. ඒ කියන්නෙ යම්කිසි Storyඑකකට අදාල Comics එකතුකරලා තනි පොතක් විදිහට reprint කරලා හදපු Comic එකකට. Story arc එකක් කියන්නෙ Main කතාවට අමතරව කතාවට සම්බන්ධ tie in comics එහෙමත් එක්ක පිලිවෙලට හදලා තියෙන comic collectionවලට. Comics කියවලා නැති අයට කොමික් කියන දේ ගැන, කොමික් කියවන්න හොයාගන්න විදිහ ගැන පැහැදිලි නැත්තම් පහත linkඑකෙන් තියෙන පෝස්ට් එක කියවන්න. 👇👇
එහෙනම් අද පෝස්ට් එකෙන් මේ වෙනකම් වුණ ප්‍රධාන සිදුවීම්වලට අදාල comics පිළිවෙලට කියවමු.

(සැ.යු. : කොමික් සේරම කියවන්න බැරිනිසා කියවන්න පටන්ගන්න හොඳම තැනක් වෙන secret wars එකෙන් පෝස්ට් එක පටන්ගන්නෙ. කලින් linkඑකේ තියෙන පෝස්ට් එකේ හේතුව තියෙනව.)

1) Avengers #1
------------------------------------------------------------------------

Loki විසින් Thorව පරද්දන්න හදලා අන්තිමට මේකෙ ප්‍රතිඵලයක් විදිහට Avengers teamඑක නිර්මාණය වීම මේකෙන් බලන්න පුළුවන්.


2) Secret Wars I, II (1984 - 1985)
------------------------------------------------------------------------

Marvel comics කියවන්න පටන් ගන්න සුපිරිම placeඑකක් තමයි මේ eventඑක. Secret wars එකේදි වෙන්නේ Marvel Universe එකේ මේකාලෙදි ඉන්න බලවත්ම 3දෙනාගෙන් කෙනෙක්ව හදුන්වාදීම. මේකෙදි එයා අලුත් ග්‍රහලෝකයක් හදලා ඒකට marvel heroesල, villainsලා දාන කතාවක් තමයි යන්නෙ.


3) The Infinity Saga
------------------------------------------------------------------------

Thanos සහ Adam Warlock, Marvel Universe එකට මුලින්ම බලපෑම් කරන Event එක තමයි මේ. මේක කොටස් හතරක් විදිහට තමයි තියෙන්නෙ.Thanos Infinity gems හොයාගෙන infinity Gauntlet එක පාවිච්චි කරලා මුළු විශ්වයේම පාලනය අතට ගන්නවා. Adam Warlock සහ අනෙත් වීරයො මේකට විරුද්ධව ක්‍රියා කරන හැටි මේකෙන් බලාගන්න පුළුවන්.

පස්සෙ adam warlock, magus කියන විලන් වුණුහැටි,

සහ තෑනෝස් එක්ක ඇඩම්ගෙ තියෙන සම්බන්ධය මොකක්ද වගේ දේවල් මේකෙන් බලාගන්න පුළුවන්.
Thanos Quest (1990)

Infinity Gauntlet (1991)

Infinity War

The Infinity Crusade

The Infinity Abyss



4) Marvel Universe The END
------------------------------------------------------------------------

කවුරුහරි කෙනෙක් විසින් මුළු විශ්වයම විනාශ කරපු එකම Canon marvel කොමික් එක තමයි මේක. මේකෙදි තෑනෝස් ඇත්තටම විශ්වයම විනාශ කරනව බලාගන්න පුළුවන්.


5) The New X Men by Grant Morrison
------------------------------------------------------------------------

මේක X-menලා ගැන හොයන අය අනිවාර්යෙන්ම කියවන්න ඕනේ Seriesඑකක්. වැටිලා තිබුණු x-men comics grant morrison නැගිට්ටුවෙ මෙතනින්.

6) Avengers Disassembled
------------------------------------------------------------------------

ගොඩක් බලවත් එක්කෙනෙක්ගෙ ප්‍රශ්නයක් නිසා Realityඑකේ වෙනස්වීම් සහ තවත් ලොකු දේවල් වෙලා කට්ටියගෙ Favourite characters හුගක් මේකෙදි මැරෙනවා. Avengers teamඑක වෙන් වෙලා යනවා.

7) Secret War
------------------------------------------------------------------------

කලින් කියපු Secret War එක වගේ නෙමෙයි මේක වෙන එකක්. මේකෙන් Nick Fury, Doom වගේ අය පෘථිවියට කොච්චර දුරට බලපෑම් කරන අයද කියලා බලාගන්න පුළුවන්.

8) Astonishing X-Men Vol.1 - 4
-----------------------------------------------------------------------

මේක ඊළඟ event එකට බලපාන කතාවක්. මෙතන Volumes 12කට Links තියෙනව. ඒත් පලවෙනි 4 විතරයි අදාළ. කැමතිනම් දොළහම කියවන්න.

9) House of M
------------------------------------------------------------------------

මේක ගොඩක්ම mutantsලාට සම්බන්ධ කතාවක්. ඒත් මේකෙ බලපෑම මුළු marvel විශ්වයටම සිද්දවෙනවා. මේකට ලබපාන්නෙත් Avengers Disassembled එකට බලපාන්න ඕනෙ කෙනාමයි. ඔව් Scarlet witch තමයි. මේකෙදි Scarlet witch realityඑකම වෙනස් කරන හැටි බලාගන්න පුළුවන්. අනිවා කියවන්නම ඕනෙ එකක් තමයි මේක. මේකෙන් වෙන බලපෑම 😱😱

10) Planet Hulk
------------------------------------------------------------------------

මේකෙදි වෙන්නෙ ඉලුමිනාටි එකේ අය Hulkගෙ ප්‍රශ්නයෙන් බේරෙන්න හල්ක්ව ජීවින් නැති ග්‍රහලෝකෙකට යවන්න අභ්‍යවකාශගත කරනවා. (Mcuඑකේ වගේ හරි ෂෝක් හල්ක් කෙනෙක් නෙමෙයි කොමික්වල ඉන්නෙ) ඊටපස්සෙ වෙන දේවල් civil war එකෙන් පස්සෙ වෙන දේවල් වලට ඍජුවම බලපානවා. අනිවා කියවන්න ඕනෙ event එකක්.


11) Civil War
------------------------------------------------------------------------

මේකෙ වෙන්නෙ ෆිල්ම් එකේ වගේම කැප් සහ අයන් මෑන් මරාගන්න හදන එක. හැබැයි මේක ඇති වෙන්නෙ වෙනස් ප්‍රශ්නයක් නිසා. Film එකට වඩා ගොඩක් වෙනස් සුපිරිම කතාවක්. කැමතිනම් complete storyඑක කියවන්න.


12) Thor By  J. Michael Straczynski
------------------------------------------------------------------------

Civil War එකේදී හිටියෙ නැති Thor ආපහු ආවම වෙන දේවල් මේකෙන් බලාගන්න ලැබෙනවා.


13) World War Hulk
------------------------------------------------------------------------

අභ්‍යවකාශගත කරපු Hulk ආපහු පෘථිවියට ඇවිත් කට්ටියගෙන් පලිගන්න හැටි මේකෙන් බලාගන්න ලැබෙනවා. හරියටම කියනවනම් හල්ක්ගෙ නවත්වන්න බැරි සුපිරිම ස්වරූප වලින් එකක් බලාගන්න ලැබෙනවා. මේක කියවන්න කලින් අනිවා planet hulk කියවන්නත් ඕනෙ.

14) New Avengers Illumanti
------------------------------------------------------------------------

මේකෙන් දැනගන්න පුළුවන් අපේ ලෝකයේ තියෙනව කියලා කටකතා තියෙන illuminati සංවිධානය වගේම Marvel පෘථිවියෙත් පාලනය කරපු ගොඩක් දේවල්වලට හේතුවුනු marvel illuminati සංවිධානය ගැන.

15) Secret Invasion
------------------------------------------------------------------------

මේකෙදි වෙන්නෙ Skrulls ල පෘථිවිය ආක්‍රමණය කරන එක. කොමික්වල skrullsලා mcuඑකේ වගේ friendly අය නම් නෙමෙයි. මේකෙ අන්තිමට USA Militaryඑකේ අයිතිය කෙනෙක්ට ලැබෙනවා.ඒක තමයි ඉදිරි කතාවලට බලපාන්නෙ.

16) War of Kings
------------------------------------------------------------------------

Shi'ar අධිරාජ්‍යයෙ වර්ධනය, Black Bolt සහ Inhumansල Kree අධිරාජ්‍යයෙ නායකත්වය ගැනීම එක්ක කොස්මික් යුද්ධයක් ගැන බලාගන්න පුළුවන්. කැමතිනම් විතරක් මේක කියවන්න පුළුවන්.


17) Siege
------------------------------------------------------------------------

මේකෙදි Secret Invasionඑකේ අන්තිමට U.S. Military Powerක ගත්ත හතුරාගෙන් ලෝකය බේරගන්නහැටි බලන්න පුළුවන්. අනිවා කියවන්න.


18) X-Men: Nation X
------------------------------------------------------------------------

X-Menලා Asteroid Mඑකේ අලුත් රාජ්‍යයක් ගොඩනගලා ශිෂ්ටාචාරගත වෙලා තමන්ගෙ හතුරන්ගෙන් ආරක්ෂා වෙන කතාවක් බලන්න පුළුවන්. කැමතිනම් විතරක් කියවන්න.

19) Realm of Kings
------------------------------------------------------------------------

The Realm of Kingsඑකට සම්බන්ධ කතාවක්. ඒනිසා කැමතිනම් විතරක් මේක කියවන්න.
ඊළඟ සීරීස් එක පුරාවට අභ්‍යවකාශය තුල වෙන දේවල් සහ පෘථිවියට එපිටින් ඉන්න වීරයොන්ගෙ එකතුවීම මේකෙන් බලාගන්න පුළුවන්.

20) Thanos Solo Series
------------------------------------------------------------------------

Thanos Universe එක විනාශ කරාට පස්සේ තැන ඉඳලා කරන වැඩ ටිකත් බලාගන්න පුළුවන්.

21) The annihilation
------------------------------------------------------------------------

මේක වෙන්නෙත් Civil Warඑක සිද්දවෙන කාලෙදිමයි. Annihilusගෙන් විශ්වය බේරගන්න පෘථිවියෙන් පිට ඉන්න Galactus,Silver Surfer,Thanos,Star Lord,Nova,Quasar වගේ අය සහ තෑනෝස් පවා එකතුවෙලා සටන් කරන එක බලන්න පුළුවන්. Annihilation event එක marvel විශ්වයේ වෙන සුපිරිම සිදුවීම් වලින් එකක්. Guardians of the Galaxy කණ්ඩායම හැදෙන හැටි බලන්න පුළුවන්. මේක කියවල නැති කෙනෙක් මාවල් කොමික් කියවනවා කියලා කියනවනම් ඒ අනිවාර්ය‍යෙන්ම බොරු කාරයෙක්. 😉

22) Annhilation Conquest
------------------------------------------------------------------------

මේකෙදි Annhilation event එකෙන් පස්සෙ විශ්වයට වෙන දේවල් බලාගන්න පුළුවන්. ආපහු Adam Warlock එනවා.


23) Guardians of the Galaxy (1-25)
------------------------------------------------------------------------

හොඳම guardians-of-the-galaxy කොමික්වලින් එකක්. ඒවගේම මේක gotg fansලා කියවන්න ඕනෙම එකක්.


24) Thanos Imperative
------------------------------------------------------------------------

Thanosට Annihilation වලට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා බලාගන්න ලැබෙන්නෙ මේකෙන්.

25) Doomwar #1-6
------------------------------------------------------------------------

Doctor Doom කියන්නෙ කොච්චර සුපිරි චරිතයක්ද කියලා බලාගන්න පුළුවන් මේකෙන්. මේකෙදි වෙන්නෙ ඩූම් වකන්ඩාවලට attack කරන එක. සුපිරිම කතාවක්.

26) Chaos War
------------------------------------------------------------------------
Chaos King(හිටපු බලවත්ම දෙවිකෙනෙක්) සේරම දෙවිවරු පරද්දලා විශ්වයම අඳුරු කරන්න හදන කතාවක් තමයි මේක. වීරයො, සහ දෙවිවරු එකතුවෙලා මේකට විරුද්ධව සටන් කරනව මේකෙදි බලන්න පුළුවන්.

27) Fear Itself
------------------------------------------------------------------------

The Serpent, (බියට අධිපති ඇස්ගාඩියන් දෙවියා.) පෘථිවියට පහරදීම එක්ක වෙන සිදුවීම් තමයි මේකෙදි වෙන්නෙ අනිවා කියවන්න ඕනෙ සුපිරිම story එකක්.


28) X-Men: Schism & Regenesis
------------------------------------------------------------------------

 Mutantsලාව විනාශකරන Sentinelsලව නවත්වන්න x-menලා ගිවිසුම් කරගන්න හැදුවත් නොහිතපු සිදුවීමක් නිසා ආපහු රාජ්‍ය නායකයො Sentinelsලව ක්‍රියාකරවීමෙන් වෙන ප්‍රශ්නයක් තමයි මේකෙදි වෙන්නෙ. ඒවගේම Schismඑකෙන් පස්සෙ the X-Menලා Cyclops සහ Wolverineගෙ නායකත්වයෙන් කණ්ඩායම් දෙකට බෙදෙනවා. ඊටපස්සෙ වෙන දේවල් මේකෙන් බලන්න පුළුවන්.

29) Avengers V X Men
------------------------------------------------------------------------

Avengersලා සහ XMenලා  Pheonix Forceඑක ලබාගන්න එකිනෙකාට විරුද්ධව කරන සටනක් මේකෙන් බලාගන්න පුළුවන්. අනිවාම කියවන්න ඕනෙ කතාවක්.


30) Age of Ultron
------------------------------------------------------------------------

ගොඩකාලෙකට පස්සෙ ආපහු එන Ultron පෘථිවියෙ මනුෂ්‍යවර්ගයාව විනාශකරන්න ආපහු attack කරනව. මේකෙදි ගොඩක් අය මැරෙනව. ඒත් හැංගිලා සංවිධානය වෙමින් හිටපු කට්ටියක් මේකට විරුද්ධව එනවා. පට්ට ස්ටෝරියක්. අනිවා කියවන්න.

Infinity (2013) MARVEL NOW.
මෙතන ඉඳලා පටන්ගන්නෙ MARVEL NOW seriesඑක. Jonnathan Hickmanගේ New Avengers, Avengers සහ Fantastic four කොමික් තමයි මේකෙදි ප්‍රධාන වෙන්නෙ.

31) New Avengers & Avengers Before Infinity
------------------------------------------------------------------------

මේ සීරිස් දෙක අනිවා ගන්න ඕනෙ එකක්. ඉස්සරහ තියෙන ගොඩක් eventවලට ඕනෙ වෙන නිසා මේකෙ තියෙන කොමික් සේරම ගන්න ඕනෙ.
New avengers vol 3 #1 - #33
Avengers-vol-5 #1 - #44
• Infinity පටන් ගන්න කලින් පහළින් තියෙන ටික කියවන්න ඕනේ.
New Avengers 1-7

Avengers 1-13

32) Infinity
------------------------------------------------------------------------

කියවන්නම ඕනෙ පට්ටම සීරීස් එකක් තමයි මේක. මේකෙන් තෑනෝස් ගැන රහසක් හෙලිවෙනවා. ඒවගේම Black orderඑක පෘථිවියට එන්නෙත් මේකෙදි. පහළ listඑකේ පිළිවෙලට මේ ටික කියවන්න.

Avengers 14-17

Infinity 1

New Avengers 8

Avengers 18

New Avengers 9

Infinity 2

new Avengers 10

Avengers 19

Infinity 3

Avengers 20

Infinity 4

Avengers 21

New Avengers 11

Infinity 5

Avengers 22

Avengers 23

Infinity 06

New Avengers 12

New Avengers 13

33) New Avengers and Avengers After Infinity
------------------------------------------------------------------------

infinity event එකයි Origin sin event එකයි අතර සම්බන්ධය වෙන්නෙ මේකෙන්. ඒකනිසා මේකත් අනිවා කියවන්න. කලින් ටික download කරද්දි මේටිකත් ඒකෙම තියෙනවා. පහත පිළිවෙලට කියවන්න.
Avengers 24

New Avengers 14 15

New Avengers Annual 1

Avengers 25-28

34) Inhumanity
------------------------------------------------------------------------

Terrigen Mistඑක ලෝකය පුරාම පැතිරෙනවා. ඒනිසා සාමාන්‍ය මිනිස්සු අතර ඉන්න Inhumanලගෙන් පැවත එන අයගෙ පරිණාමය වෙලා ඒඅයත් inhumansල වෙනවා. අනිවා කියවලා බලන්න.

35) Original Sin
------------------------------------------------------------------------

Utau The Watcherට කෙනෙක් වෙඩි තියල මරලා. කවුද මැරුවෙ කියලා හොයන එක තමයි මේකෙ වෙන්නෙ. ඒවගේම Thor Odinsonට මිටිය උස්සන්න බැරිවෙන්නෙත් මේකෙදි වෙන දෙයක් නිසා. අන්තිමට watcherව මරලා තියෙන්නෙ........ කියවලාම බලන්න. සුපිරියක්. Origin sin, SinS නෙමෙයි.

36) Death of Wolverine
------------------------------------------------------------------------

Wolverine මැරෙන විදිහ බලාගන්න පුළුවන් මේකෙදි. Avengers & X-Men: AXIS එක ආරම්භ වෙන්න ලංවෙලා තමයි මේක සිද්දවෙන්නෙ.

37) Avengers & New Avengers After Original Sin
------------------------------------------------------------------------

මේ ටික infinity event එකට කලින් download කරපු ටිකේම තියෙනවා. ඒකනිසා අනිවා කියවන්න ඕනෙ.
New Avengers 16-23

38) Axis
------------------------------------------------------------------------

මේකෙදි Avengersලා සහ XMenලා professor xගෙ බුද්ධිය එක්ක ඉන්න Redskullට විරුද්ධව සටන් කරනව. කැමතිනම් විතරක් කියවන්න.

39) Spider-Verse
------------------------------------------------------------------------

Black Panther විසින් realm of the dead එකේ හිරකරපු Morlun, පැනලා ගිහින්. Multiverseඑක පුරා ඉන්න Spider-Manලා සේරම morlunව පරද්දන්න එකතුවෙන්න ඕනෙ. මොකද morlun යැපෙන්නෙ spider peopleලගෙන්. ඒවගේම කවදාවත් තනි spider-man කෙනෙක් morlunව පරද්දලා නෑ.


40) Jonathan Hickman's Run of Fantastic Four till Secret Wars
------------------------------------------------------------------------

Hickman තමයි මාවල් විශ්වය ගොඩක් වෙනස් කලේ. Secret wars තමයි Hickmanගෙ සුපිරිය. Secret Wars එකට කලින් මේක කියවලා ඉන්න ඕනේ. Fantastic Four සහ Franklin Richards කියන්නෙ කවුද, කොච්චර powerful කෙනෙක්ද කියලා බලාගන්න පුළුවන් මේකෙන්.
Fantastic four jonathan hickman vol.1-6 2010-2013

ff- 001-023

Fantastic four-vol-4-1-16

41) Times Run OUT.
------------------------------------------------------------------------

Hickmanගේ Secret wars එකේ ආරම්භය වෙන ගමන් තියෙන්නෙ. නමින්ම තේරෙනවනෙ "වෙලාව ඉවරවෙන ගමන් තියෙන්නෙ". Dr.Doom කියන්නෙ කොච්චර mastermind එකක්ද කියලා වගේම යම් පිරිසක් Multiverseඑක විනාශ කරනවා මේකෙන් බලන්න පුළුවන්. ඒවුණාට මෙයාලා තමන්ගෙ විශ්වය බේරගන්න තමයි multiverseඑකට මෙහෙම කරන්නෙ.  අන්තිමට ඇඬෙන සුපිරිම ස්ටෝරියක් තියෙන්නෙ. පහළ තියෙන පිළිවෙලට අනිවා කියවන්න. මේකත් ඔයා infinity කියවන්න කලින් download කරපු ටිකේම තියෙනවා.
Avengers 34.1,34.2,35

New Avengers 24

Avengers 36

New Avnegers 25

Avengers 37

New Avengers 26

Avengers 38

Avengers 42 , New Avengers 30 වෙනකම් මේවගේ මාරුවෙන් මාරුවට කියවන්න.

ඊටපස්සෙ,

New Avengers 31 32

Avengers 43

New Aveners 33

Avengers 44

42) Thanos, Adam Warlock INFINITY
------------------------------------------------------------------------
Infinityඑකෙන් පස්සෙ වෙන ඒවා තමයි මේ. Thanos සහ Adam Warlock වටා තමයි මේකෙ storyඑක buildවෙන්නෙ. සේරම අනිවා කියවන්න.

Infinity Revelation

Infinity Relativity

Infinity Entity

Infinity Finale

43) The Black Vortex
------------------------------------------------------------------------

භයානක විදිහට powerful දෙයක් වෙන Black Vortexඑක අභ්‍යවකාශයෙ යම් තැනක තියෙනව. මේකෙ බලවත්කම නිසාම වීරයො, villainsලා, aliensලා, වෙනත් අය මේක හොයනවා මේකෙදි බලාගන්න පුළුවන්.

44) THE SECRET WAR
------------------------------------------------------------------------

Avengers 44 ඉවර වෙන තැනින් තමයි මේක ආරම්භ වෙන්නෙ. Marvel Multiverseඑක ආපහු නිර්මාණය වෙන්නෙ මේකෙන්. Ultimate universe සහ prime universeඑක අලුත් වෙන්නෙ මේකෙන්. ඒ කියපු කුණුහරුපෙ මොකක්ද කියලා මේක කියෙව්වම තේරුම් යයි. මේකෙන් පස්සේ Universe එක සම්පුර්ණයෙන්ම වෙනස්වෙලා. මේක Highly recommended.

ALL NEW ALL DIFFERENT MARVEL

Secret Wars වලින් පස්සේ නිර්මාණය වුණු අලුත් විශ්වයේ අලුත්ම සහ වෙනස්ම කතා ටික තමයි මෙතනින් ආරම්භ වෙන්නෙ. පහළ තියෙන සේරම ඒවා අනිවා කියවන්න.

45) Avengers Standoff
------------------------------------------------------------------------

Avengersලා, villainsලා ඇතුලු ගොඩක් අය pleasant hill කියලා නගරෙක හිරවෙලා. ඒත් මේ අය හිතාගෙන ඉන්නෙ මේක ඇත්තටම ඒඅය හිටපු ලෝකෙමයි කියලා. අන්තිමට තමයි හෙළිවෙන්නෙ මේක පිටිපස්සෙ ඉන්නෙ කවුද කියලා. අනිවා කියවන්න. ඉස්සරහට ඕනෙ වෙනවා.

46) Ultimates Vol.1
------------------------------------------------------------------------

Black Panther, Captain Marvel, Ms. America, Spectrum, Blue Marvel, Captain marvel එකතුවෙලා සාමාන්‍ය අයට නවත්තන්න බැරි Galactusගෙ තර්ජනය වගේ දේවල් තර්ජන නවත්වනවා. හැබැයි ගැලැක්ටස්ගෙ තැන පුරවන්නෙ කොහොමද? කියවලම බලන්න.

47) Civil War II
------------------------------------------------------------------------

Captain Marvel සහ Iron Man දෙපැත්තට බෙදිලා සටන් කරනවා. මේකට හේතුවෙන්නෙ අනාගතය දකින Inhuman කෙනෙක් කියන දේවල් නිසා. ඒත් මේ කණ්ඩායම් දෙකෙන් කවුරුත් වැරදි නෑ. කියවලාම තේරුම්ගන්න.

48) Ultimates Vol.2
------------------------------------------------------------------------

දැන් Devourer of Worlds ගැලැක්ටස්ගෙ තර්ජනය ඉවරයි. ඒත් තවමත් ප්‍රශ්නයක් තියෙනවා. කියවලා බලන්න.

49) Spiderman Clone Conspiracy
------------------------------------------------------------------------

Jackal ආයෙමත් එනවා. හැබැයි මේපාර එන්නෙ Spider-Manගෙ හතුරො ගොඩක් තමන් යටතට අරගෙන. ඒවගේම මුළු පෘථිවියම පාලනය කරන්න පුළුවන් සැලැස්මක් එක්ක. ඇත්තටම මෙතන ජැකෝල්ට වඩා ලොක්කෙක් ඉන්නවා. පීටර්ට ගොඩක්ම සම්බන්ධ කෙනෙක්...


50) Death of X
------------------------------------------------------------------------

මාස අටකට කලින් Inhumanity සිදුවීමෙදි ජපානෙදි terigen mist නිපදවෙන තැන අලුත් භයානක inhuman කෙනෙක් නිර්මාණය වෙනවා. ඊළඟට ආපහු තවත් භයානක දෙයක් වෙයි කියලා x-menලත් ජපානෙට යනවා. මේකෙන් වෙන්නෙ දෙගොල්ලො අතර ගැටුමක් සහ ලොකු ප්‍රශ්නයක්.

51) Inhumans vs X Men
------------------------------------------------------------------------

Terrigen Mistඑක මේවෙද්දි උපරිම සීමාවට ඇවිත් ගොඩක් inhumansල ඇතිවෙලා වගේම mutantsලා මේනිසා ලෙඩවෙලා මැරෙනවා. X-Menලා terigen mist නවත්තන්න හැදුවත් inhumansල මේකට විරුද්ධව වෙන නිසා ලොකු ගැටලුවක් ඇතිවෙනවා. Sceneඑක කියවලාම බලන්න.

52) SECRET EMPIRE
------------------------------------------------------------------------

 හොඳ කෙනෙක් වගේ මෙච්චරකල් රඟපාපු Captain America හයිඩ්‍රා එකේ නායකයා වෙලා පෘථිවිය පාලනය කරනවා. අවුරුදු ගාණක් ඉඳලා කැප්ගෙ planඑක වෙලා තියෙන්නෙ මේක. (ඇත්තටම වෙන්නෙ ඒක නෙමෙයි. වෙනත් හේතුවක් නිසා රියැලිටිය වෙනස් වෙනවා) කොහොම වුනත් මීළඟ කැප්ටන් ඇමෙරිකා සහ අනෙක් වීරයො එකතුවෙලා කැප්ව පරාද කරන කතාවක් තමයි මේකෙදි මූලිකවම වෙන්නෙ. ඒත් අන්තිමට දේවල් ඉවරවෙද්දි පරක්කු වැඩියි.

53) VENOM-VERSE
------------------------------------------------------------------------

වෙනත් විශ්වයක වෙනම් කෙනෙක් (Doctor Strange Venom) තමන්ගෙ මැජික් බලයෙන් එඩී බ්‍රෝක් ඇතුලු multiverseඑකේ විවිධ විශ්වයන්වල ඉන්න අනිත් වෙනම්ලව තමන්ගෙ ලෝකයට ගෙන්නනවා. ඒ සිම්බියෝට්ලව (වෙනම් වගේ අය) පාලනය කරන්න පුළුවන් සිම්බියෝට්ලට ප්‍රධාන වශයෙන්ම තර්ජනයක් වෙන වෙනත් ජීවින් වර්ගයක් පරද්දන්න.


54) VENOM Inc.
------------------------------------------------------------------------

වෙනම්ගෙ පරණ ධාරකයෙක් වුණ Lee Price maniac කියන සිම්බියෝට් එක්ක එකතුවෙනවා. මේ නිසා Price ඉතාමත්ම බලවත් වෙනවා. ඉතින් Venom, Spider-Man සහ Anti-Venom එක්ක එකතුවෙලා Maniac සහ maniacගෙ සහකාරයො නිව්යෝක් නගරය යටත් කරගන්න එක වලක්වන කතාවක් තමයි මේකෙන් බලාගන්න ලැබෙන්නෙ. Venomගෙ fan කෙනෙක් අනිවා කියවන්න ඕනෙ කතාවක්.


55) DAMNATION
------------------------------------------------------------------------

SECRET EMPIRE සිදුවීමෙදි හයිඩ්‍රා එක ලාස් වේගාස් විනාශකරනවා. කොහොමවුනත් Doctor Strange තමන්ගෙ dark magicවලින් හානිය යථාතත්වයට පත්කරනවා. ඒත් මේනිසා අපායේ බලවත්ම යක්ෂයෙක් වෙන මෙෆිස්ටෝගෙ Hotel Inferno එක las vegas එක්ක පෘථිවිය මතට එනවා. Damnation event එකෙන් බලාගන්න ලැබෙන්නෙ doctor strange, ghost rider ඇතුලු තවත් වීරයො කිහිපයක් එක්ක එකතුවෙලා මෙෆිස්ටෝව පරාද කරන කතාව.


56) INFINITY COUNTDOWN
------------------------------------------------------------------------

The Saga of the Infinity Stones begins!

2015 Secret wars එකේදි Multiverseඑක විනාශවීමත් එක්ක විනාශ වුණු Infinity Gems ආපහු විශ්වයේ අහඹු තැන්වලින් මතුවෙනවා. ඒත් එක්කම infinity Stonesවල බලය වෙනුවෙන් එකිනෙකා සටන් කරනවා. වීරයො එකතුවෙලා Infinity Stones ආරක්ෂා කරන්න කටයුතු කලත් අන්තිමට තමයි ලොකුම තර්ජනය(තෑනොස්ගෙ මිනීමරුවා) එන්නෙ. Infinity countdown කියවලා නැත්තම් marvel comics fan කෙනෙක් කියලා කියාගෙන වැඩක් නෑ.


57) INFINITY WARS
-----------------------------------------------------------------------

Infinity countdown event එකේදි තෑනෝස්ව මරපු කෙනා රියැලිටිය වෙනස්කරලා තමන්ට ඕනෙ විදිහට විශ්වය වෙනස් කරනවා. ඒත් ලෝකි ඇතුලු කිහිපදෙනෙක් එකතුවෙලා මේක නවත්තන්න උත්සාහ කරන කතාව බලන්න ලැබෙන්නෙ infinity wars වලින්. ඒවගේම අන්තිමට අලුත් Event එකකට infinity Wars එකෙන් පාර හැදෙනවා.


58) SPIDER-GEDDON
------------------------------------------------------------------------

Spider-verse Event එකේදි Inheritorsලව හිරකරපු ලෝකෙන් inheritorsලා නිදහස් වෙලා Spider-Army එකෙන් පළිගන්න එනවා. Multiverseඑකේ විවිධ විශ්වයන්වල ඉන්න Spider-peopleලා එකතුවෙලා ආපහු සටන් කරන කතාවක් තමයි මේකෙන් බලන්න ලැබෙන්නෙ.

59) VENOM TILL THE WAR OF REALMS
------------------------------------------------------------------------
War of the realms කියවන්න කලින් අනිවා කියවන්න ඕනෙ සීරිස් එකක්. මේක අනිවාර්යයෙන්ම ඉදිරියෙදි එන Absolute carnage event එක්කත්, Thor වගේ කොමික් එක්කත් සම්බන්ධ වෙනවා. ඒකනිසා අනිවා කියවන්න.
Venom #1- #6

Web of Venom : Ve'nam #1

Venom #7 - #8

Web of Venom : Carnage born #1

Web Of Venom – Venom Unleashed #1

Web Of Venom – Cult Of Carnage #1 (2019)

Venom #9 - #12


60) THOR TILL THE WAR OF REALMS
------------------------------------------------------------------------

War of the realmsඑකේ ප්‍රධාන චරිතය වෙන තෝර් war of the realms කොමික් එක්කත්, කලින් කියපු Venom කොමික් එක්කයි සම්බන්ධ වෙන්නෙ කොහි කියලා බලාගන්න ලැබෙන්නෙ මේකෙන්. අනිවාම කියවන්න.
Thor-god-thunder-vol-1-2
Thor #1 - #11 (2018 - 2019)


61) THE War OF THE REALMS !!
------------------------------------------------------------------------

පහුගිය අවුරුදු කිහිපයෙදිම Jason Aaron (මගෙ ආසම Comic නිර්මාණකරු) Thorගෙ සහ Venomගෙ කොමික් වෙනස්ම, සුපිරිම ආකාරයට හදලා ලොකු දෙයක් කරන්න යනවා කියලා පේනවා. (මට පේන විදිහට MARVEL prime universeඑකේ අවුරුදු මිලියන ගාණක අනාගතය තීරණය වෙන්නෙ මේ ප්ලෑන් එකෙන්😈) ඉතින් War of realms කියන්නෙ මේ ඉදිරි කතාවෙ එක ලොකු කොටසක්.
කතාවෙ වෙන්නෙ මේකයි.👇

Malekith the Dark Elf  රාජධානි දහයෙන්(Ten Realms) නමයක්ම එකින් එක යටත් කරගන්නවා. ඒත් අන්තිමට ඉතුරු වෙන්නෙ Midgard(පෘථිවිය), වැඩියෙන්ම marvel වීරයො ඉන්න තැන.

කතාවෙ මූලිකවම වෙන්නෙ Malekith ඇතුලු Dark Elvesලා, Fire Goblinsලා, Frost Giantsලා සහ තවත් නෝවීජියානු අගමේ එන අඳුරු බලවේග සහ තවත් අය එකතුවෙලා මිඩ්ගාඩ් යටත් කරගන්න කතාවක්. කතාවෙ ප්‍රධාන චරිතය වෙන්නෙ හැම දෙයක්ම නැතිවුණ, mjolnirඑක උස්සගන්නත් බැරි Thor. (එහෙම කියන්න හේතුව Pre reading listඑකේ තියෙන කොමික් ටික කියවලා දැනගන්න.)
ඒවගේම Venom සහ Black Pantherගෙ නායකත්වය යටතේ ඉන්න Avengersලා තමයි අනිත් ප්‍රධාන චරිත ටික වෙන්නෙ. තවත් කිව්වොත් Punisher, Daredevil, Luke cage, Logan, X-men, Fantastic4, Agents of atlas, Agents of Wakanda, Asgardins of the Galaxy, සහ අනිත් realmsවල වීරයො සහ villainsලා මේ යුද්ධයට එකතුවෙනවා.

ඒවගේම යුද්ධය අවසානයේදී තෝර් කොච්චර බලවත් කෙනෙක් වෙනවද කියලා කියවලාම බලන්න. ⚒️(මතක ඇතුව  0 ඉඳලා කියවලා ඉන්න.)
The War of the realms reading order:
0) War of the Realms Prelude (TPB) (2019)

1) War of the Realms (Story Arc) (2019)


62) House of X - Powers of X
------------------------------------------------------------------------

හැමෝටම අමතක වෙලා හිටපු X-menලව rebuild කරලා ආපහු සුපිරියටම හදපු Jonnathan Hickman තමයි මේකත් හැදුවෙ. මේ storyඑක සිද්දවෙන්නෙ House of X සහ Powers of X(Powers of Ten) කියලා Series දෙකකින්. ඉතිහාස කතාවක් සහ වර්ථමාන කතාවක් විදිහට. Mutantsලා ගැන දන්න කෙනෙක්ට මේක කියවන්න නම් කලින් X-men stories කියවලා ඉන්න ඕනෙ නෑ. මොකද මේක තමයි mutantsලගෙ සැබෑ ඉතිහාසය සහ වර්ථමාන කතාව. හරියටම කිව්වොත් mutantsලාගෙ ඇත්ත කතාව මේක. පට්ටම interesting story එකක්. ඒවගේම ගොඩක් දේවල් මේකෙන් දැනගන්න පුළුවන්.(mutantsලා මැරුණම ආපහු ජීවිතය දෙන්න පුළුවන් වගේ දේවල්😉) මේක Dawn of X කියලා අලුත් storyඑකකට continue වෙන්න තියෙන්නෙ.

63) Absolute Carnage (Story Arc)
------------------------------------------------------------------------
මුළු නගරයම රතු පාට කරන්න ! ලේ රතු පාටින් !! Carnage, එහෙම නැත්තම් Venomගෙ offspring ආපහු ජීවයට එනවා. ඒත් කානේජ් ආයෙමත් එන්නෙ තමන්ගෙ Symbiote godගෙ බලයත් එක්ක. ඒ පොඩි වෙලාවක් හරි සිම්බියෝට් කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා තියෙන හැමෝමව මරන්න. ඒවගේම කලින් 61) VENOM TILL THE WAR OF REALMS කොටස කියෙව්වනම් දන්නවා ඇති කානේජ් එන්නෙ ලොකු plan එකක් එක්ක සේරම අයව හොයාගන්න armyඑකක්ම හදාගෙන සහ අනිත් සිම්බියෝට්ලවත් පාලනයට අරගෙන. ඉතින් Venom, Spider-man, Captain america, The thing, Hawkeye, Wolverine, Scream, mania ඇතුලු ජීවත් වෙන, මැරුණු සේරම Symbiote ධාරකයන්ව හොයාගන්න කානේජ්ට පුළුවන් වෙයිද? ඒවගේම ලොකුම අරමුණ...... Knullව නිදහස් කරන්න කානේජ්ට පුළුවන්ද? එඩීට (Venom) තමන්ගෙ පුතා Dylanට ආරක්ෂිත ලෝකයක් දෙන්න පුළුවන් වෙයිද? කියවලාම දැනගන්න.


64) Annihilation – Scourge (Story Arc) (2019)
------------------------------------------------------------------------
එකම විසඳුම බේරෙන්න ක්‍රමයක් හොයන එක!!
Thanos පවා අවධානයෙන් ඉන්න Annihilusගෙ පාලනය යටතේ තියෙන Negative Zone එකේ දෙයක් වෙමින් තියෙනවා. කවුරුත්ම සූදානමින් නොහිටපු දෙයක්. මහා Annihilus තමන්ගෙ ලෝකෙ දාලා පැනලා ගිහින් පෘථිවිවාසියෙක්ගෙන් උදව් ඉල්ලන්න තරම් අසරණ වෙනවා. ඉතින්  Novaට මේක පරද්දන්න තරම් බලවත් කණ්ඩයමක් හොයාගන්න පුළුවන් වෙයිද? මම මෙහෙම කිව්වොත්....... Marvel විශ්වයේ බලවත්ම වීරයො එකතු වුනත් "බලවත්ම වීරයව" පරද්දන්න තරම් බලවත්ද? RReading orderඑක මේක👇👇

Silver-surfer black
Sentry (2018)
Black panther : And the agents of Wakanda(2019)
Annihilation Scourge


65) 2099 (Story Arc) (2019)
------------------------------------------------------------------------

අවුරුදු 80කට කලින් තමයි Marvel universeඑක නිර්මාණය කලේ. දැන් අවුරුදු 80කට පස්සෙ, ඒක මැරෙයිද? විශ්වයේ අනාගතය අනතුරේ! AMAZING SPIDERMAN කොමික්වල සිදුවීම් මාස ගාණක් තිස්සෙ මෙතනට තමයි එකතුවුණේ. 2099 අමුතු දෙයක් වෙනවා. අනාගතය වෙනස්වෙනවා. ඒ වගේම වර්ථමානයත් වෙනස්වෙනවා. සේරටම බලපාන්නෙ DOOM!! සේරටම විසඳුම Spider-manද??


Marvel comics Reading orderඑක මෙතනින් ඉවරයි. ඒත් පෝස්ට් එකට මේවෙද්දි තියෙන ongoing series දැම්මෙ නම් නෑ. Ongoing eventවල Story arc., TPB ආවම ඒවත් දෙන්නම්. එහෙනම් හැමෝටම #excelsior !!

✍️ Shane Perera ©

#slmarvelfansunited
#marvel_comics_reading_order




Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Thanks Machan..Comic Order eka hoya hoya hitiye kiywanna. Thank you & Keep it Up

    ReplyDelete
  3. Amazing spiderman TBP link නැද්ද

    ReplyDelete
  4. wade supiri mn ada thama order eka hoygatte tnx ekata.

    ReplyDelete
  5. Aiye Normal Comic ekei TBP ekei wenasa mokadda ? download karanawanam down karann oona normal da ntnm TBP da ? dekee katha 2kda ekakda ? plz help ASAP

    ReplyDelete
  6. machan amazing fantasy 15 (spider-man) facsimile edition eka hoyala denna puluwanda?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List