Nick Fury / The unseen

Nick Fury


"මට ගණන් කරන්න බැරිතරම් ගාණක් මම මැරුවා. මම ලෝක ගිනිතිබ්බා. මන්දාකිණි වෙන්කරා. දෙවිවරුන්ගෙ බලය නැතිකලා. ඒ හැමදෙයක්ම කලේ ඒඅය මගෙ නමවත් දැනගන්නෙ නැතිවෙන විදිහට. පවුරෙ ඉන්න කෙනා වෙන එකේ තේරුම ඒකයි. අනිත් රාක්ෂයින්ව නවත්තගෙන ඉන්න නොපෙනන රාක්ෂයා වෙන එකේ තේරුම ඒකයි."

අද පෝස්ට් එක The unseen, The Man on The Wall එහෙමත් නැත්තම් Nicholas Joshep Fury ගැන. මුලින්ම කියන්න ඕනෙ දේ තමයි මේ කියන්නෙ comicsවල prime universe(earth-616)එකේ nick fury ගැන.


නිකලස් ජෝශප් ෆියුරිගෙ කතාව පට්ටම දිගයි. ඒකනිසා පුළුවන් තරම් කෙටියෙන් කියන්නම්. ඒවගේම cinematic universeඑකේ නික් ෆියුරිට වඩා කොමික්වල ෆියුරි සුපිරිම වැඩ්ඩෙක් කියලා පෝස්ට් එක පටන්ගන්න කලින් දාලා තියෙන ප්‍රකාශය දැක්කම තේරෙන්න ඇති කියලා හිතනවා.

පොඩිකාලෙ Hell's kitchen නගරයේ හැදුණු fury තරුණකාලෙදි හමුදාවට එකතුවෙනවා. දෙවෙනි ලෝක යුද්ධ කාලෙදි howling commandos ප්‍රහාරක කණ්ඩායමේ( යුද්ධයෙ දරුණුම missionවලට ගිය අය) අණදෙන නිලධාරියා වෙන්න ලැබෙනවා.
කැප්ගෙ, බකීගෙ ප්‍රධාන හතුරො වුණ Red Skull, Baron Zemo ප්‍රමුඛ නාසි හමුදාවෙ අය, Vampiresලා වගේ එක්ක තමයි මේ අය හැප්පුනේ.
ඒවගේම ලෝක යුද්ධ කාලෙදි ෆියුරිගෙ දරුණුම හතුරා වුනේ Baron Von Strucker.
දැන් හිතන්නෙ ෆියුරි එච්චරම නාකිද කියලනෙ. ඔව් ෆියුරි කැප් වගේම වයසක කෙනෙක්. දැන් බලමු ෆියුරි තාමත් කොල්ලා වගේ ඉන්නෙ කොහොමද කියලා. 👇👇👇

යුද්ධයෙදි Grenadeඑකක් පිපිරීමෙන් ෆියුරිට වම් ඇස නැතිවෙනවා. ඒවගේම landmine එකකින් ෆියුරිට හොඳටම හානිවෙනවා. මේනිසා Berthold Sternberg කියන professor, Furyට infinity formulaඑක ලබාදෙනවා.
(Infinity formula කියන්නෙ Sir. අයිසෙක් නිව්ටන් 1652දි හදපු serum එකක්. ඒකෙන් වයස්ගතවීම පාලනය කරනවා. මේකෙන් fury වයසට යන වේගය අඩුවුණත් මේක වාර්ෂිකව ගත්තෙ නැතිවුණොත් fury පට්ටම වේගෙන් මහළු වෙනවා.)
සුවවුනාට පස්සෙ කැන්සාස්වල aliensලා වර්ගයකට විරුද්ධව කරන missionඑකක් අතරතුරදි Woody McCord (පෘථිවියෙ හිටපු ආරක්ෂකයෙක්) මැරෙනවා. මේක දකින ෆියුරි, හොවාර්ඩ් ස්ටාක් මගින්(ටෝනිගෙ තාත්තා) woodyගෙ රාජකාරිය බාරගන්නවා. ඉතින් ෆියුරි හොර රහසේම "The man on the wall" විදිහට aliensලා, monstersලා වෙනත් මානවල ජීවින්, වගේ හැම තර්ජනයකින්ම පෘථිවිය ආරක්ෂා කරන්න සටන්කරනවා.

පස්සෙ කාලෙකදි ෆියුරි The Great Wheel කණ්ඩායමට එකතුවෙනවා. ඒත් කණ්ඩායම බෙදිලා S.H.I.E.L.D., Hydra, Leviathan සහ Zodiac Cartel සංවිධාන බිහිවෙනවා. ඒවගේම මේකාලෙදි ෆියුරිගෙ සහෝදරයාගෙ අත්වැරැද්දකින් Da vinci ගෙ පැරණි නිර්මාණයක් වුණ Life Model Decoy දෙකක් හැදෙනවා. (L.M.D.එකක් කියන්නෙ යම්කිසි කෙනෙක් විදිහටම හදපු රොබෝ කෙනෙක්.) ඒත් ෆියුරි මේක රහසක් විදිහට තියාගන්නවා.
ඒවගේම Furyට S.H.I.E.L.D.එකේ Director බවට පත්වෙන්න ලැබෙනවා. ඊටපස්සෙ අවුරුදු ගණනාවක් තිස්සෙ හයිඩ්‍රා එකයි ෂීල්ඩ් එකයි අතරෙ වුණ සහ වෙන දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. (Agents of SHIELD සීරිස් එකවත් බලන්න.😉)
කාලෙකට පස්සෙ Fury පෘථිවියෙ ආරක්ෂාව වෙනුවෙන් කරන දරුණු දේවල් කිහිපයක් නිසා ෆියුරි වෙනුවට Maria Hillව  S.H.I.E.L.D.එකේ director විදිහට පත්වෙනවා. ඒවගේම මෙච්චරකල් S.H.I.E.L.D. එක HYDRA මගින් පාලනය වෙලා තියෙන්නෙ කියලා දැනගත්ත Fury, ආයෙමත් hydra එක නවත්තන්න සමත්වෙනවා.

Orb විසින් Oatu The Watcherගෙ ආයුධ හොරකම් කරලා Oatuගෙ ඇහැක් ගලවගෙන ගිහින් කියලා දැනගන්න Fury හඳේ තියෙන Oatuගෙ බලකොටුවට යනවා. (Watchersලා කියන්නෙ විශ්වයේ වෙන හැමදෙයක්ම පේන, ඒත් ඒදේවල් වලට සම්බන්ධ නොවෙන cosmic beingsලා වර්ගයක්) ඒ වුනත් Oatu ෆියුරිට වුණ දේ කියන්නෙ නැහැ.("not to act but only watch" ඒක තමයි watcher කෙනෙක්ගෙ රාජකාරිය)
ඒත් ෆියුරිට ඕන වෙන්නෙ කොහොමහරි ඇහැ හොයාගන්න. ඒකට හේතුව තමයි watcher කෙනෙක් විශ්වයේ දැකපු සේරම දේවල් ගබඩාවෙලා තියෙන්නෙ ඇස්වල නිසා. ඒවගේම ඇස්වලින් අපරාධකාරයා දරුණු දෙයක් කරන්න කලින් හොයාගන්න පුළුවන් නිසා. ඒනිසා ෆියුරි Oatuව මරලා අනිත් ඇහැ අරගන්නවා.
මේ අතරෙ පෘථිවියෙ ඉන්නෙ ෆියුරිගෙ LMD එකක්. ඒවගේම මේවෙද්දි infinity formula එකේ බල බිඳිලා ඇත්ත ෆියුරි වයසයි.


ඉතින් ෆියුරි තීරණය කරනවා. පෘථිවියෙ තමන්ගෙ රහසිගත තැන වෙනුවෙන් අලුත් ආරක්ෂකයෙක්ව තෝරගන්න. මේකට fury තෝරගන්නෙ Black Panther, Doctor Strange, Ant-Man, Emma Frost, Gamora, Winter Soldier,  Moon knight සහ Punisherව. ඉතින් fury රහසිගතව Oatuව මරපු කෙනාව හොයන්න කට්ටියව වෙන වෙනම යවනවා.   කොහොමවුණත් එයාලා එක්ක ඉන්න fury, lmd එකක් කියලා දැනගන්න heroesල ඇත්තම ෆියුරිව හොයාගන්නව. ඒනිසා ෆියුරි තමන් රහසිගතව පෘථිවිය ආරක්ෂා කරන්න කරපු දරුණු දේවල් ගැන වගේම එයා මැරෙන්න ළඟයි කියල සහ එයාගෙ තැන වෙන කෙනෙක් ගන්න ඕනෙ කියලා කියනවා.

අවසානයේදී ෆියුරි Oatuගෙ ඇස් දෙකම අරගෙන watcher කෙනෙක්ගෙ බලය ලබාගන්නවා. ඒවගේම මේනිසා Avengersලා සහ ෆියුරි අතර ලොකු සටනක් ඇතිවෙනවා. කොහොමවුණත් මෙතනදි අනිත් ඇහැ ගත්ත ෆියුරි හතුරන්ව පරද්දන්න කරපු පිපිරීමකින් පස්සෙ හැමෝම හිතන්නෙ ෆියුරි මැරුණා කියලා. ඒත් ෆියුරි පිපිරීමෙන් බේරෙනවා. ඒවගේම අනිත් watchersලගෙන් ෆියුරිට ලැබෙන දඬුවම වෙන්නෙ Oatuගෙ කාර්යය ෆියුරිට දෙනඑක. (watch but never interfere)
ඉතින් ඕක තමයි නිකලස් ෆියුරිගෙ කතාව. ඒත් කොමික්වලදි අපිට බලාගන්න ලැබුණ නික් ෆියුරි සුදු ජාතිකයෙක්. ඒත් එකපාරටම 2012 ඉඳලා ෆියුරිව කළු ජාතික කෙනෙක් විදිහටත් සමහර කොමික්වලදි බලාගන්න ලැබෙනව. මෙහෙම වෙන්න හේතුව තමයි නික් ෆියුරි ජූනියර්. එහෙමත් නැත්තම් මාකස් ජොන්සන්.

මාකස් ජොන්සන් කියන්නෙ කළු ජාතික කාන්තවකට සහ ෆියුරිට ලැබුණු පුතෙක්. ඒවගේම මේ මාකස් කියන්නෙ හමුදා සෙබලෙක්. රාජකාරි අතරතුරදි තමන්ගෙ අම්මා මැරුණා කියන ආරංචිය ලැබිලා මාකස් තමන්ගෙ ගෙදරට යනවා. ඒත් මෙතනදි මාකස්ට දැනගන්න ලැබෙනව මේක රුසියානු ඝාතකයන් තමන්ව මරන්න ඇවිත් වුණ මිනීමැරුමක් කියලා. ඉතින් මාකස්ව මරන්න හේතුව වෙන්නෙ මාකස් කියන්නෙ ෆියුරිගෙ පුතා වුණු නිසා.

මේ නිසා මාකස් Avengersලා එක්ක එකතුවෙලා අපරාධකාරයන්ව නවත්වනවා සහ කොල්සන් මාකස්ට කියනවා එයාගෙ ඇත්ත නම Nicholas Fury, Jr. කියලා. ඒවගේම S.H.I.E.L.D. ඒජන්ට් කෙනෙක් වෙලා S.H.I.E.L.D.එක වෙනුවෙන් ෆියුරි ජූනියර් ලොකු කාර්යයක් කරනවා.

ෆියුරිගෙ POWERS, ABILITIES සහ WEAKNESS තමයි මේ.👇👇

POWERS:💥

The unseen විදිහට ෆියුරිට හැම timeline එකකම වුණ අතීතය, විය හැකි අනාගතයන් සහ වර්ථමානය පේනවා.

Infinity Formulaඑක නිසා ෆියුරි වයස්ගත වෙන්නෙ අඩු වේගයකින් සහ strength, speed, stamina, reflexesවගේ දේවල් වල වැඩිවීමක් ෆියුරිට තියෙනවා. ඒවගේම infinity formula එක ශරීරයට ප්‍රවේණිගතව ලැබිලා තියෙන නිසා Fury Jr.ත් මේ දේවල් ලැබෙනවා.

ABILITIES: 🛡️

ෆියුරි කියන්නෙ Level Ten S.H.I.E.L.D. Agentකෙනෙක්.

ෆියුරි දක්ෂ සටන්කරුවෙක් වගේම හමුදාවෙ බොක්සර් කෙනෙක්. තායි ක්වොන් ඩෝ වල black belt එකක් අරන් තියෙනවා. කැප්ටන් ඇමෙරිකා එක්ක වුනත් සටන්කරන්න හැකියාවක් ෆියුරිට තියෙනවා.

අතිදක්ෂ මෙහෙයවන්නෙක්, උපායශීලී කෙනෙක්, රියදුරෙක් වගේම දක්ෂ වෙඩික්කරුවෙක්.

WEAKNESS: 💊

කොහොම වුනත් ෆියුරිගෙ වම් ඇහැ 95%ක් දුර්වලයි කියලයි කියන්නෙ.

EXTRAS:

📖️ ගොඩක් වෙලාවට කොමික්වලදි බලාගන්න ලැබිලා තියෙන්නෙ ඇත්තම ෆියුරි නෙමෙයි ෆියුරිගෙ L.M.D.

📖 කොමික්වලදි️ Thorට තවමත්( June 2019) mjolnirඑක උස්සන්න බැරිවිදිහට unworthy වෙන්නෙ ෆියුරි "Gorr was right" කියලා කරපු ප්‍රකාශය තෝර්ගෙ හිතට තදින්ම දැණුනු නිසා.

📖️ Stan Lee සහ Jack Kirby විසින් නිරමාණය කරපු නික් ෆියුරි කියන චරිතය මුලින්ම බලාගන්න ලැබෙන්නෙ 1963දි නිකුත්වුණ Sgt Fury and his Howling Commandos #1 කොමික් එකෙන්. ඒවගේම ෆියුරි The unseen බවට පත්වුණු විදිහ බලාගන්න ලැබෙන්නෙ 2014 Original Sin #8 කොමික් එකෙන්.
(ඇත්තටම ෆියුරි කොයිවගේ කෙනෙක්ද කියලා බලාගන්න හොඳම විදිහ තමයි Original Sin comic eventඑක කියවන එක)

📖️ කළු ජාතික Fury කෙනෙක්ව කොමික්වල Prime Universeඑකට (earth-616 ට) හඳුන්වලා දෙන්නෙ Marvel Cinematic Universe එකේ Samuel රඟපාන Nick Furyගෙ චරිතයේ ජනප්‍රියත්වය නිසා. කොහොමවුණත් Marvel Ultimate Universe එහෙම නැත්තම් earth-1610 ඉන්න කළු ජාතික ෆියුරි විදිහට තමයි කළු ජාතික ෆියුරිව Filmවලට එන්නෙ.

© Shane Perera

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List