Monica Rambeau aka Spectrum


මේ වෙනකොට MCU එකට සම්බන්ද වෙලා ඉන්න සහ ඉදිරියේදී නිකුත් වීමට නියමිත WandaVishion Series එක හරහා දැකගන්න හම්බෙන Monica rambeau ගැන තමයි අද කතා කරන්ඩ යන්නේ. ගොඩක් අයට MCU එකේ මෙයා ගැන ලොකු මතකයක් නැතුව ඇති කියලා හිතන නිසා ඒ ගැනත් පොඩ්ඩක් මතක් කරන්නම් Captain Marvel එකේ Carol danvers ගේ හොදම යාලුවා උන Maria rambeau ගේ දුව තමයි මේ Monica rambeau කියන්නේ WandaVishion එකේදි අපිට Adult Monica rambeau ව තමයි දැකගන්ඩ ලැබෙන්නේ.

මුලිම්ම කියන්ඩ ඔනේ මෙකේදී මෙයාගේ Comic storyline එක ගැන සහ Origin එක තමයි කතා කරන්නේ ගොඩක් දුරට MCU එකේදී මේ Storyline එක සම්පුර්ණයෙන්ම වෙනස් වෙන්ඩ පුලුවන්.

Roger Stern සහ John Romita Jr. කියන දෙදෙනාගේ අතින් 1982 October මාසයේ නිකුත් උන Amazing spider- man Annual #16 කියන Comic issue එක හරහා තමයි Monica rambeau ප්‍රථම වතාවට Marvel comics වලට එකතු වෙන්නේ.

New Orleans හි Louisiana වල තමයි Monica උපත ලබන්නේ. දක්ශ seamstress කෙනෙක් වන Maria rambeau සහ ගිනිනිවන බටයෙක් වන Frank rambeau තමයි මෙයාගේ දෙමාපියන් වෙන්නේ.
Marvel universe හි Superhero කෙනෙක් වෙන්ඩ කලින් New Orleans harbor patrol හි Lieutenant කෙනෙක් විදියට තමයි Monica rambeau වැඩ කරන්නේ. ඔය විදියට කටයුතු කරගෙන යන අතරතුර Rambeau ගේ සීයත් එක්ක එකට වැඩ කරලා තියන Professor Andre LeClare එනවා Monica rambeau ව හම්බවෙන්න. South American dictator කෙනෙක් වෙන Ernesto Ramirez කියන කෙනාගේ උදව්වත් එක්ක Professor Andre LeClare විසින් නිර්මාණය කරලා තියනවා other dimensional energy Drawing device එකක් කොහොමහරි Ramirez ට ඔනේ මේ Energy device එක හරහා ඉතාමත් ප්‍රබල අවි ආයුද නිශ්පාදය කරන්ඩ නමුත් Andre LeClare මේකට කැමැත්තක් දක්වන්නේ නෑ මෙතනින් අයින් වෙලා එන Andre leClare තමයි Monica ව හම්බෙලා තමන්ගේ විස්තරේ කියන්නේ Andre අයින් උනාට පස්සේ Ramirez ඒ වෙනකොටත් Felipe Picaro කියන Scientist එක්ක එකතුවෙලා Andre LeClare ගේ Prototype එක තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන් සදහා බාවිතා කරන්ඩ පටන් අරගෙන වගේම මේ Device එක බාවිතයෙන් Atomic bomb එකක් නිර්මාණය කරන්ඩ සූදානම්ව ඉන්න බවත් Andre පැහැදිලි කරනවා. Andre ගේ විස්තරෙන් පස්සෙ Monica මේ Device එක විනාශ කරන්ඩ එකගවෙනවා. කොහොමහරි Andre LeClare සහ Monica මේ Prototype එක විනාස කරන අතරතුර සිද්ද වෙන පිපිරීමකින් මේ Device එකේ තිබුන සම්පූර්ණ Energy එක Monica rambeau ගේ ශරීරයට ඇතුලු වෙනවා ඔන්න ඔය විදියට තමයි Monica rambeau ට තමන්ගේ Powers ලැබෙන්නේ.

මෙතනින් පස්සේ lieutenant කෙනෙක් විදියට කටයුතු කරපු Monica එතනින් ඉවත් වෙලා Andre LeClare ගේ උපදෙස් එක්ක තමන්ට ලැබුන Powers එක්ක තමන්ගේ සම්පූර්ණ කාලයම Crimefighter කෙනෙක් විදියට වැය කරන්ඩ තීරනය කරනවා ඔය විදියට කාලයක් යනකොට Monica rambeau ට Spider- man ව හම්බවෙනවා මේ හමුවීමෙන් පස්සේ Spider- man තීරනය කරනවා Monica rambeau ව Avengers ලට සම්බන්ද කරන්ඩ. මේ වෙනකොට Media වලින් Monica rambeau ව " Captain Marvel " කියන නමින් තමයි හදුන්වන්නේ ( F4 වල Thing තමයි මුලිම්ම මෙයාට CM කියන නම ගැන අදහසක් දෙන්නේ )  Originally Captain marvel විදියට හදුන්වන Mar-Vell ගෙන් පස්සේ Captain marvel කියන Title එක ලැබුන පලවෙනිම Superhero විදියට තමයි Monica rambeau ව හදුන්වන්නේ. Marvel now වල එහෙම නැත්නම් වර්තමානයේ Captain marvel විදියට හදුන්වන Carol danvers ට CM කියන Title එක ලැබෙන්නේ Monica rambeau ගෙන් අවුරුදු ගානකට පස්සේ Rambeau ට CM title එක ලැබෙන්නේ 1982 දී සහ Carol ට CM title එක ලැබෙන්නේ 2012 දී ඒ වෙනකොට ඒ කියන්නේ 1982 කාලයේදී " Binary " විදියට තමයි Carol ව හදුන්වන්නේ.

මෙතනින් පස්සේ Monica Avengers ලා යටතේ පුහුනු වෙනවා. කොහොමහරි කාලයත් එක්ක Avengers ලගේ Most valuable & respected character එකක් බවට Monica rambeau පත් වෙනවා. මුල්ම කාලෙදී Mar-Vell ගේ ලගම යාලුවෙක් උන Starfox aka Eros එහෙම Monica CM කියන නම පාවිච්චි කරන එකට ලොකූ කැමැත්තක් පෙන්නුවේ නෑ ඒ වගේම Avengers ලට සම්බන්ද උනායින් පස්සේ Mar-vell කියන චරිතේ ගැන දැනගන්ඩ ලැබෙන දේවලුත් එක්ක Monica ත් හිතන්ඩ ගන්නවා තමන් CM කියන නම පාවිච්චි කරන එක හරිද කියලා කොහොම හරි කාලයත් එක්ක මෙයාගේ චරිතය ගැන වගේම මෙයාගේ Abilities ගැන එහෙම පැහැදීමට ලක්වෙන Eros මෙයාට මේ CM කියන නම බාවිතා කරන්ඩ ඉඩ දෙනවා.

ඔය විදියට කාලයක් CM කියන නම Monica rambeau විසින් බාවිතා කරනවා අවුරුදු ගානකට පස්සේ Mar-vell ගේ පුතා වෙන Genis- vell මේ Captain marvel කියන නම පාවිච්චියට ගන්නවා තමන්ගේ තාත්තා වගේම. Monica rambeau සහ මේ Genis- vell ටීම් අප් එකකින් පස්සේ Mar- vell ට කරන ගෞරවයක් වශයෙනුත් තමන්ට වඩා Genis- vell ට CM කියන Title එකේ අයිතියක් තියන නිසත් Monica තීරනය කරනවා Captain marvel කියන නම අයින් කරලා " Photon " කියන නම බාවිතයට ගන්ඩ. 1995 නිකුත් උන Avengers : Unplugged #5 කියන කොමික් ඉශූ එකේදී තමා මුල්ම වතාවට Monica rambeau ව Photon කියන Title එකෙන් හදුන්වන්ඩ ගන්නේ.

ඔය විදියට කාලයක් Genis- vell Captain marvel කියන Title එකත් Monica rambeau Photon කියන Title එකත් බාවිතා කරනවා. පස්සේ කාලෙක Genis- vell තීරනය කරනවා තමන්ගේ Captain marvel කියන identity එක වෙනස් කරන්ඩ හොදම සීන් එක කියන්නේ Genis- vell මෙතන්දි තීරනය කරන්නේ Photon කියන නමමයි 😄 මොකද Mar- vell ලුත් කායලයක් තමන්වම Photon කියන නමෙන් හදුන්වගෙන තියන නිසා පස්සේ Monica , Genis දෙන්න තීරනය කරනවා දෙන්නගෙන් එක්කෙනක් ආයේ CM කියන Title එක පාවිච්චියට ගන්ඩ ඔනේ කියලා හැබැයි Monica rambeau ආයේ CM කියන ටයිටල් එක බාවිතා කරන්නේ නෑ කියලා තීරනය කරපු නිසා Photon කියන නම Genis ට තියාගන්ඩ දීලා Monica තමන්ගේ අලුත් Title එක " Pulsar " විදියට වෙනස් කරගන්නවා. 2005 නිකුත් උන New thunderbolts #9 කියන කොමික් ඉශූ එකෙදි තමයි මුල්ම වතාවට Monica rambeau ව Pulsar කියන නමෙන් හදුන්වන්නේ.

මෙතනින් පස්සේ Infinity storyline එකේදී Monica rambeau ආයෙත් තමන්ගේ Title එක වෙනස් කරගන්නවා මේ වෙනකොට බාවිතා කරන Spectrum කියන Title එකට තමා Monica මේ විදියට මාරු වෙන්නේ. 2013 නිකුත් උන Mighty Avengers vol.2 එකේදී තමයි මෙයා මේ විදියට Spectrum කියන ටයිටල් එකට මාරු වෙන්නේ එතන ඉදන් Marvel now එහෙමත් නැත්තම වර්තමානයේ දීත් Monica rambeau ව Spectrum විදියට හදුන්වනවා.

හරි ඉතිම් ඔය විදියට තමයි විවිද අවස්තාවල Monica rambeau ගේ ටයිටල් එක කිහිප සැරයක්ම වෙනස් වෙවී වර්තමානයේ Spectrum කියන තැනට එනකම් මෙයාගේ Origin story එක නිර්මානය වෙලා තියෙන්නේ. Spectrum කියන තැනට එනකම මෙයාගැන ලොකූ Storyline එකක් තියනවා ඒ සේරම ගැන විස්තර කරන්ඩ ගියොත් අනවශ්‍ය විදියට පෝස්ට් එක දික්වෙන නිසා තමයි මෙයා ගැන ප්‍රදානම කරුනු ටික ඉතරක් මේකෙදී විස්තර කලේ.

Powers & Abilities
===============

උඩදී කිව්වා වගේ Andre LeClare ගේ Energy drawing device එකත් එක්ක සිද්ද උන අනතුරෙන් පස්සේ Monica rambeau ට තමන්ගේ ශරීරය හරහා Electromagnetic spectrum එකේ එහෙමත් නැත්නම් විද්‍යුත් චුම්බක වර්ණාවලියේ තියෙන හැම Energy form එකක්ම පාලනය කිරීමේ හැකියාවක් සහ තමන්ගේ ශරිරය හරහා මේ ඔනෙම Energy form එකක් Transmit කිරීමේ හැකියාවක් ලැබිලා තියනවා. මේ Energy forms අතර X rays, ultraviolet radiation, visible light, electricity, infrared radiation, microwaves සහ radio waves තමයි මෙයා වැඩි වශයෙන් බාවිතා කරන්නේ.

මේ හැම Energy form එකක්ම වෙනත් Dimension එකකින් තමයි මෙයා තමන්ගේ ශරීරයට ලබාගන්නේ. Mentally තමන්ගේ ශරීරයේ Matter එක පාලනය කරමින් මෙයාට මේ මේ Energy forms වෙනත් Dimension එකක් හරහා එහෙමත් නැත්නම් වෙනත් මානයක් හරහා ලබාගැනීමේ හැකියාවක් තියනවා. මේ විදියට මෙයාට ලබාගන්ඩ පුලුවන් උපරිම ශක්ති ප්‍රමානයේ සීමාවක් එහෙමත් නැත්නම් කොපමන ශක්ති ප්‍රමානයක් මේ විදියට ලබාගන්ඩ පුලුවන්ද කියලා මේ වෙනකනුත් දැනගෙන නැහැ මේ විදියට මෙයාට Unlimitedly ශක්තිය ලබාගැනීමේ හැකියාවක් තියනවා කියලා තමයි කියන්නේ.

Monica ට කිසිම වෙලාවක එකම වෙලාවකදී Energy forms දෙකම් මේ විදියට ලබගැනීමේ හැකියාවක් නැහැ මේක මෙයාගේ එක දුර්වලතාවයක් විදියටත් ගන්ඩ පුලුවන් එක වෙලාවකදි එක Energy form එකක් ඉතරයි මෙයාට බාවිතා කරන්ඩ පුලුවන් හැබැයි සාමාන්‍යයෙන් මෙයාට තප්පර බාගයක් වගේ ඇතුලත එක Energy form එකකින් තවත් එකකට මාරු වීමේ හැකියාවක් තියනවා.

මෙයා මේ විදියට Energy form එකේ ඉන්නකොට මෙයාට අධික වේගයක් චලනය වීමට වගේම ප්‍රතික්‍රියා දැකිවීමේ හැකියාවකුත් තියනවා. ඒ වගේම මෙයාට ඔනෙම solid matter එකක් හරහා වගේම ඔනෙම Energy field එකක් හරහා ගමන් කිරීමේ හැකියාවකුත් ලැබිලා තියනවා ගොඩක් වෙලාවට මේක අදාලා Energy field එකේ හෝ Matter එකේ Wavelength එක එහෙමත් නැත්නම් තරංගආයාමය මත තමයි රදා පවතින්නේ.

ඒ වගේම මෙයාට නොපෙනීයාමේ හැකියාවකුත් ලැබිලා තියෙනවා. Electromagnetic spectrum හි එහෙමත් නැත්නම් විද්‍යුත් චුම්බක වර්ණාවලියේ සාමාන්‍ය මිනිහෙකුට පෙනෙන සීමාවා තමයි Visible spectrum, Visible light කියලා කියන්නේ 400nm වල ඉදන් 700nm ( Wavelength ) දක්වා මේ පරාසය විහිදෙනවා ඉතින් Monica ට පුලුවන් මෙන්න මේ පරාසය වෙනස් කිරීම මගින් තමන්ගේ අර Invisible හැකියාව ලබාගැනීමට .

Monica ට අලුත් Energy form එකක් නැත්නම් මීට කලිම් හම්බෙලා නැති Energy form එකක් ලැබුනොත් අවශ්‍ය තරම් කාලය ලැබුනහම මෙයාට මේ Energy form එක අනුකරනය කිරීමේ හැකියාවකුත් ලැබිලා තියනවා. එ වගේම මෙයාට ශක්තිය උරාගැනීමේ හැකියාවකුත් ලැබිලා තියනවා.
මේ Energy forms බාවිතයෙන් මෙයාට Energy blast , Force beams නිර්මාණය කිරීමේ හැකියාවකුත් තියනවා සාමාන්‍යයෙන් මෙයාගේ Force beams එකක් TNT ටොන් 300ක පිපුරුමකින් ඇතිවෙන Force field එකකට සමාන වෙනවා කියලා කියනවා. 😐

Monica එයාගේ Energy forma බාවිතා කරන හැම වෙලාවකදිම මෙයාගේ photographic memory ( සිංහලෙන් කියන එක දන්නෑ ) වැඩිදියුණු වීමක් සිද්ද වෙනවා මෙකේදි මෙයාට පුලුවන් ඒ අවස්තාවේදී තමන් දැකපු හැමදෙයන්ම ආයෙ ඒ විදියටම තමන්ගේ මතකයෙන් බලාගන්ඩ.

මෙයාට පුලුවන් තමන්ගේ Abilities බාවිතා කරලා ඔනෙම කෙනෙක්ගේ Mind එකට ඇතුලු වෙන්ඩත්.

ඔය විදියට තමයි මෙයාගේ මූලිකම Powers ටික වෙන්නේ ඔයිට අමතරව මෙයාට මේ Energy බාවිතයෙන් fly කිරීමේ හැකියාවකුත් ලැබිලා තියනවා Electromagnetic spectrum එකේ ඔනෙම wavelength එකක වේගයකින් Fly කිරීමේ හැකියාවක් මෙයාට තියනවා ආලෝකයේ වේගයෙන් උනත් මෙයාට Fly කරන්ඩ පුලුවන් සහ මෙයා Skilled leader කෙනෙක් Master combatant කෙනෙක් Skilled detective කෙනෙක්ද වෙනවා.

ඒ වගේම මෙයාට තමන්ගේ බාහිර ස්වරූපය වෙනස් කරගැනීමේ හැකියාවකුත් මේ Powers නිසා ලැබිලා තියනවා. ඔය දේවල් වලට අමතරව......

• Irom man සහ Captain american ( sam wilson ) මෙයාව Alpha level threat එකක් විදියට සලකලා තියනවා. දැනට Marvel universe එකේ Threat level 13 ඉතර හදුන්වලා දීලා තියනවා හැම Hero කෙනෙක්වම හැම Villain කෙනෙක්වම මේ Threat level වලට ඇතුලත් කරලා තමයි තියෙන්නේ. Threat levels ගැන විස්තරයක් පස්සේ ලියන්නම්.

• Avengers හී පලවෙනි Female black superhero විදියට තමයි Monica rambeau ව හදුන්වන්නේ.

• Monica rambeau කියන්නේ College සහ Police academy හි උපාධිදාරිනියක්. මේ නිසා තමයි මෙයා Skilled detective කෙනෙක් වෙන්නේ.

• Monica rambeau කියන්නේ Immortality කෙනෙක් මෙයා වයසට යෑමක් සිද්ද වෙන්නේ නෑ මෙයාගේ Energy forms නිසා.

• Cargo ship captain කෙනෙක් වගේම Harbor patrol හි Officer කෙනෙක් විදියටත් මෙයා කටයුතු කරලා තියනවා.

ඔය විදියට තමයි Monica rambeau aka Spectrum ගැන සම්පූර්ණ විස්තර වෙන්නේ විස්තර ඔනේ Characters හරි වෙන Topics හරි තියනවනම් කමෙන්ට් එකක් දාගෙන යන්ඩ...❣️

Thesindu Liyanage

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List