අපි නොදන්න Spider-man


පීට(ර්) බෙන්ජමින් පාක(ර්) එහෙමත් නැත්තම් Spider-man ගැන තමයි අද පෝස්ට් එක. හැබැයි Spideyගෙ කතාව ඕනෙම කෙනෙක් සාරාංශයක් විදිහට දන්න නිසා පෝස්ට් එකේ තියෙන්නෙ Spidey ගැන බහුතරයක් දෙනා නොදන්න දේවල් ගැන. එහෙනම් පෝස්ට් එක කියවමු. (පෝස්ට් එකේ කතාකරන්නෙ marvel comicsවල prime universe(earth-616) Spider-man ගැන)

• Stan Lee සහ Steve Ditko නිර්මාණය කරපු Spideyගෙ first appearanceඑක බලාගන්න ලැබෙන්නෙ 1962 අගෝස්තු මාසෙ නිකුත් වුණ Amazing Fantasy #15 Comicඑකෙන්.


• IGN's Top 25 Best Marvel Superheroes listඑකේ පළමු ස්ථානයේ ඉන්නෙ Spider-man.

• Peter Benjamin Parkerගේ  අම්මා සහ තාත්තා වෙන්නෙ CIA agentsලා දෙන්නෙක් වුණු Richard & Mary Parker. මේ දෙන්නා Red Skullට විරුද්ධව කරන මෙහෙයුමක් නිසා plane crash එකකින් මේ දෙන්නව Red skull විසින් මරනවා.

• Peterට සහෝදරියක් ඉන්නවා. එයා ගැන පෝස්ට් එක පහත link එකෙන්. 👇👇

http://slmarvelfansunited.blogspot.com/2019/09/teresa-parker-peter-parkers-sister.html

• මේ වෙද්දි(2019 December) Comicsවල Spider-manගෙ වයස අවුරුදු 29ක් වෙනවා. ඒවගේම Peterට powers ලැබෙන්නෙ අවුරුදු 15දි වෙන radioactive spider biteඑක(මකුළු දෂ්ඨනය) නිසා.


• Spider bite එකෙන් පස්සෙ radioactive, complex mutagenic එන්සයිම (සිංහලෙන් කියන්න දන්නෙ නෑ😅) රුධිරගතවීම නිසා ඇතිවුණ ශාරීරික වෙනස්කම් විදිහට අධික ශක්තිය, වේගය, මස්පිඩුවල දැඩිබව, වැඩි නම්‍යශීලීබවක්, ඇලෙනසුළු ඇඟිලිතුඩු , Spider-sense වගේ විශේෂ හැකියා Peterට ලැබෙනවා.

• Quicksilver දුවනකොට අතින් block කරලා නවත්වන්න තරම් Spidey ශක්තිමත්. ටොන් ගාණක බරක් අවුලක් නැතුව උස්සන්න පුළුවන්.
MCU Spideyගෙ strengthඑක ගැන පහත පෝස්ට් එකෙන් බලන්න පුළුවන්. 👇👇

http://slmarvelfansunited.blogspot.com/2018/04/spiderman-feats-in-mcu.html

• Peterගෙ IQ අගය 250ක්. ඒවගේම Peter පෘථිවියේ බුද්ධිමත්ම පුද්ගලයන් අතරින් කෙනෙක්. Peterගෙ college IQ scoreඑක Reed Richards, Peterගෙ වයසෙදි තිබුණු අගයට සමානයි.
 එකපාරක් Peter, Stark Industries system එක hack කරලා Tony Stark iron spider armorඑක පාලනය කිරීම override කරනවා. ඒවගේම Phoenix Forceඑකට වඩා බලවත් Energy force එකක් හදලා තියෙනවා.

• Captain America සහ Shang-Chi මගින් සටන් පුහුණුව ලබාගෙන තියෙනවා.

• Spider-man එතිල් ක්ලෝරයිඩ් වලට දුර්වලතාවයක් දක්වනවා.

• අවුරුදු 15දි ඉඳලා නිතරම Spider-man විදිහට Web-Shooters පාවිච්චි කරන නිසා Peter කවදාවත් drive කරන්න පුරුදුවෙලාත් driving license අරගෙනවත් නෑ.

• Peterගෙ අත bite කරපු මකුළුවා මැරෙන්න කලින් Cindy Moonගෙ වලලුකර bite කරනවා. සින්ඩි තමයි පස්සෙ Silk කියන ආසියානු වීරවරිය විදිහට එන්නෙ.


• School dance teamඑකෙන් අයින් කරපු පරණ bodysuit එකක්, Drama Departmentඑකෙන් අයින් කරපු One way mirrors දෙකක්,(ඇස්වලට) යොදාගෙන තමයි Peter, පලවෙනි Spider-Man costumeඑක හදන්නෙ.
ඒත් Peter තීරණය කරනව මකුළුදැල් නැති Spider-man කෙනෙක්ගෙන් වැඩක් නෑ කියලා. ඒනිසා Peter අධික ශක්තිමත්බවක් තියෙන මකුළු දැල් කෘත්‍රිමව නිපදවන්න ක්‍රමයක් හොයාගන්නවා. මේ ද්‍රාවණය හඳුන්වන්නෙ Web fluid කියලා. ඒවගේම web fluidඑක Web cartridgesවල තැන්පත් කරගෙන Webshoot කරන්න පුළුවන් විදිහට Peter Web shooters නිර්මාණය කරනවා. Cartridge එකක Web fluid ඉවරවුණාම අලුත් cartridge එකක් දාන්න පුළුවන්. කාලයත් එක්ක Web-shooters Spider-manගෙ ප්‍රධාන ආයුධය වෙනවා වගේම තවත් දියුණු වෙනවා.


අමතර Web cartridges, Spider-Tracers (මේවා spider-sense එකෙන් වගේම G.P.S. වලින් track කරන්න පුළුවන්, listening device එක්ක හදපු tracking device. ඒවගේම මේවා antarctic vibranium. ඒනිසා මේ tracerවලින් ලෝහ පෘෂ්ඨ තරමක් ද්‍රව වෙනවා) , Freeze capsules, Spider-Signal එක වගේ දේවල් තියාගන්න පුළුවන් විදිහට හදපු utility belt එකක් තියෙනවා.

Web shooters ගැන තවත් කිව්වොත්,

• web fluidඑක 300 psi පීඩනයක ගබඩා කරලා තියෙනව. ඒවගේම Webshooters trigger කරන්න 65-poundක පීඩනයක් යොදන්න ඕනෙ. Web shoot කරන්න නම් triggerඑක Double tap කරන්න ඕනෙ. Web shootersවල කොටස් හදන්න Teflon, turbine bearings, amber, artificial sapphire, Bronze සහ Nikel යොදාගෙන තියෙනව කියලයි කියන්නෙ.

• මේවෙද්දි web-shootersවල Web-fluid අඩුවුණාම blinkවෙන light එකක්, voice command system එකක් අඩංගු වෙනවා. ඒවගේම Spider-tracers,  ice, acid, tacer, fire, quick drying web cement වගේ තවත් විවිධ ආකාරවලින් web shoot කරන්න පුළුවන්.

• Earth-120703යේ Peter Parker අත් ඔරලෝසු දෙකක් සහ Oscorp spider silk technologyඑක පාවිච්චි කරලා තමයි තමන්ගෙ web-Shooters හදන්නෙ කියලා "The Amazing Spider-Man" Filmවලින් බලන්න ලැබුණා.

• Earth-199999යේ (mcuඑකේ) Peter Parker Spider-manගෙ පලවෙනි web shooters හදලා ඒවගෙන් web shoot කරනව "Captain America: civil war" film එකේදි Tony පෙන්නන video එකෙන් බලන්න පුළුවන්. ඊළඟට Tony දෙන අලුත් suit එකෙන් අලුත් webshooters දකින්න පුළුවන්. ඒවගේම mcu Peter Parker, high school labඑකේදිම web fluid හදනවා "Spider-man homecoming" එකෙන් බලාගන්නත් පුළුවන්.

• Earth-96283 Universeඑකේ Peterගෙ අත්වලින්ම තමයි මකුළුදැල් එන්නෙ. මේක චිත්‍රපට නිර්මාණය කරපු Sam Raimy කරපු ගොන් වැඩක් විදිහටයි මම දකින්නෙ.

SPIDER-MAN COSTUMES

• Black Symbiotic Costume : මේ ගැන කියන්න ඕනෙ නෑ. හැමෝම දන්නවා ඇති මේ suitඑක විදිහට හිටියෙ Venom කියලා.
Symbiote suit

• Black Suit: Spider-Man Venomගෙන් බේරුනාට පස්සෙ symbiote suitඑකේ පෙනුමෙන්ම මේක හදලා දෙන්නෙ Black Cat. කාලයක් තිස්සෙම Spideyගෙ suitඑක වුණේ මේක. ඒත් Venom, Mary Janeට attack කරපු අවස්ථාවෙන් පස්සෙ Peterට මේ suitඑක අඳින්න එපා කියල mj බල කරනවා. කොහොම වුනත් Aunt May hospital එකේ ඉද්දි වගේ අවස්ථාවලදි peter මේක ඇන්ඳා. මේ suitඑක Spider-Manගෙ අඳුරු, දරුණු ස්වරූපය පෙන්නනවා.

• Spider-Armor MK II: Peter මේක හදන්නෙ Spider-Senseඑක නැතිවුණ අවස්ථාවකදී bullets වලින් බේරෙන්න. මේක අන්තිමට බලාගන්න ලැබුණෙ Parker Industries එකේදි.
Spider armor mark ii

• Spider-Armor MK III: මේක හදන්නෙ Horizon Labs එකේදි. Sinister Six කණ්ඩායම එක්ක fight කරන්න තමයි මේක හදන්නෙ.
Spider armor mark iii

• Superior Spider-Man Mark III:  Doctor Octopusඑක්ක Mind swap වෙලා Peter ආයෙමත් තමන්ගෙ ඇඟට ආවට පස්සෙ Spider-Arms, Laser Beams, Web Wings සහ Nerve Hacking Technologyඑකක් එක්ක තමයි මේක හදන්නෙ. කොහොම වුණත් Doc Oc එක්ක mind swap වෙලා ඉද්දි වුණු මානසික වෙනස්කම් නිසා තමයි මේ suit එක හැදෙන්නෙ.
Superior spider-man suit

• Iron Spider Armor: මේක හදලා දෙන්නෙ Tony Stark, ඒවගේම Iron Man Armorඑකේ පාටින්ම තමයි මේක බලාගන්න ලැබෙන්නෙ. Peter මේ armorඑක අතහරින්නෙ Civil Warඑකේදි Tony මේ suit එකෙන් Peter ගැන ඔත්තු බලපු නිසා. මේ නිසා සහ තවත් හේතු නිසා Spidey Captain Americaගෙ කණ්ඩායමට එකතුවෙනවා. ඒවගේම Peter තමන්ගෙම අලුත් iron spider suitඑකක් නිර්මාණය කරනවා. (හැමදාම කියනව වගේ film කියන්නෙ comicවල විකෘති ප්‍රභේදයක්)
Iron-spider armor

• Stealth Suit: මේක Peter හදන්නෙ Hobgoblinගෙ sonic Screamsවලින් බේරෙන්න. මේකට තමන්ගෙ වටේ තියෙන ආලෝකය සහ ශබ්දය Warp කරලා invisibleවෙන්න පුළුවන්.
Stealth suit

• Spider-Armor MK I: caliber fire-armsවලින් බේරෙන්න තමයි මේ  Spider-Armorඑක හැදෙන්නෙ. මේක Peter නිර්මාණය කරපු ලෝහමය කුඩු වර්ගයකින් තමයි හදලා තියෙන්නෙ. මේක නිසා Spideyගෙ වේගය අඩු වුණත් මේක bullet proof.
Spider armor mark i

• Electro-Proof suit, Anti-Magnetic Inverterඑකක්, Anti-Sonic Inverterඑකක් use කරලා තියෙනවා.

• Spider-Armor MK IV: මේක නම් සුපිරිම එකක්. Laser gun එකකින් ළඟ ඉඳලා shoot කලත් අවුලක් නෑ.
Spider armor mark iv


FACTS

• Doctor Octopusගෙ ශරීරය මැරෙමින් තියෙන කාලෙදි Doc තමන්ගෙ Consciousnessඑක(විඥානය) Peterගෙ ශරීරයට දාලා, Peterගෙ Consciousnessඑක Doc Ockගෙ ඇඟ එක්ක මාරුකරනවා. මේ නිසා Doctor Otto Octaviusට Peterගෙ මානසික ලක්ෂණ සම්ප්‍රේෂණය වුන නිසා ආයෙමත් Peter තමන්ගෙ ශරීරය ආයෙමත් ලබාගත්තට පස්සෙත් Doc Ock, Superior Spider-man කියන අනන්‍යතාවයෙන් 2019 වෙනකම් පෙනී ඉන්නවා. (උඩ තිබුණු Superior spider-man suit imageඑකේ හිටියෙ Otto තමයි)

• Parker Industriesඑකේ CEO වෙන්නෙත් Peter Parker කියන විද්‍යාඥයා. ඔව්. එයා තමයි. Parker Industries කියන්නෙ Stark industriesඑක වගේම ආරක්ෂක සහ තාක්ෂණික ව්‍යාපාරයක්. මේකෙ headquartersඑක Baxter building එක. ඒ කියන්නෙ Fantastic4 කණ්ඩායමට අයිතිවෙලා තිබුණු බිල්ඩින් එක.
Horizon Labsවලින් එලවපු Doctor Otto Octavius (Peterගෙ ශරීරයට තමන්ගෙ Consciousnessඑක එකතුකරලා හිටපු Doc Ock.) තමන්ගෙම company එකක් හදනව. මේකට පාවිච්චි කරන්නෙ Peterගෙ ඇඟ නිසා තමයි මේක Parker industries වෙන්නෙ. S.H.I.E.L.D. එකේ තාක්ෂණික සහායක ආයතනය වෙන්නෙත් මේක. කොහොමවුණත් Parker industriesඑක ටිකෙන් ටික නැතිවෙලා යනවා.

• Parker industriesඑක නිසා Spider-Man කියන්නෙ Peterගෙ bodyguard කියලා මිනිස්සු හිතන්නත් පටන්ගන්නවා.

• Octavius එක්ක වුණ mindswapඑක නිසා Peterට තමන්ගෙ ජීවිතයේ සමහර අවස්ථා මතක නෑ.

• Cable කියන විදිහට Spider-Man තමයි අනාගතයෙදි ශ්‍රේෂ්ඨම වීරයා විදිහට සලකන්නෙ.

• Civil war එකේදි Ironmanගෙ පැත්ත ගත්තු Spider-man තමන්, Peter Parker කියලා reveal කරනවා. (ඒත් අන්තිමට, Tony තමන්ගෙ ගැන ඔත්තු බලනවා කියලා දැනගත්තු Peter පැත්ත මාරු කරනවා) ඒවගේම මේනිසා Peterගෙ public identityඑක දැනගත්ත Kingpin, Parker familyඑක මරන්න sniper කෙනෙක්ව hire කරනව. මේ නිසා Aunt Mayට වදින bullet එකක් නිසා එයා Coma එකකට පත්වෙනවා. ඒවගේම Peter black spider suitඑක අඳින්න පටන්ගන්නවා. ඒවගේම Mayට මොනවහරි වුණොත් Kingpinව මරනවා කියලා තර්ජනය කරනවා.

Peterට Mayව බේරගන්න අවශ්‍යතාවය එන්න එන්නම වැඩිවෙද්දි Mephisto Peterට dealඑකක් offer කරනවා. ඒ Aunt Mayගෙ ජීවිතය වෙනුවෙන් Peterගෙ MJගෙ Wedding lifeඑක වගේම Peter තමයි Spider-man කියලා සේරම අයට අමතක වෙන විදිහට ඉතිහාසය වෙනස් කිරීම. මේ historyඑකේදි MJ & Peterගෙ Weddingඑකේදි Peter ඇවිත් නෑ. ඒනිසා මේ වෙනකම් Peter & MJගෙ marriageඑක වෙලා නෑ.

• Spider-manට Clone කිහිපයක් ඉන්නවා. මේ අතරින් වැදගත්ම දෙන්නා තමයි Jakal විසින් හදපු Ben Reilly (Scarlet Spider) සහ Kaine.
මේ දෙන්නවම හදන්නෙ Miles Warren A.K.A. Jakal. Peterගෙ DNA වලින් පලවෙනියටම Jakal හැදුවෙ Kaineව, ඒත් Jakalගෙ පලමු cloneඑක වුණු Kaine unstable වුණු නිසා අලුත් clone එකක් විදිහට Ben Reillyව හදනවා. ඒත් කාලය එක්ක Kaine ආයෙමත් Stable වෙනවා.
දෙන්නම බොහෝදුරට Peter Parkerට සමාන වුණත්, Kaineට තමන්ගෙ අත්වලින් කෙනෙක්ව පුළුස්සන්න පුළුවන් වගේම විෂ නිපදවන්න පුළුවන්.
                      
Kaine fights Ben

• Peter නීතිය ඉදිරියේ තමන් නොකරපු වරදවලට frame වුණාම Spider-Man විදිහට නැතුව Ricochet, Hornet, Dusk, Prodigy කියන වෙනත් ස්වරූප හතරකින් පෙනී ඉඳලා තමන්ගෙ නම බේරගෙන තියෙනවා.



• Spider-Man මරපු එකම කෙනා Charlemagne කියන KGB Agent. ඒක වෙන්නෙ Wolverine කියලා හිතලා වැරදිලා Spidey අතින් වදින punch එකක් නිසා. කොහොමවුණත් මේ නිසා Spideyට මානසිකව පීඩා විඳින්න වුණා.

• Spider-manගෙ Secret identityඑක දන්න අය අතර Mary Jane Watson, Black Cat, Madame Web, Kaine, Ben Reilly, Miles Morales, Silk, Spider-Man 2099, Teresa Parker, Carlie Cooper, Anna Maria Marconi, The Rumor, J. Jonah Jameson, Normie Osborn, Danielle Cage, Moon Girl, Captain America, Karnak, Gwenpool, Doctor Strange, Fantastic Four කණ්ඩායම, New Avengers කණ්ඩායම (Luke Cage, Iron Fist, Captain Marvel, Mockingbird, Hawkeye, Spider-Woman, Jessica Jones, Wolverine, සහ Winter Soldier) Jackal, Mephisto, Hydra Supreme, Loki, Master Matrix, Mysterio, Kindred, Otto Octavius, Venom symbiote සහ Eddie Brock ඉන්නවා. හරිම පොඩි ලිස්ට් එකක්.

• Normie Osborn, Peter තමයි Spidey කියලා දැනගන්නෙ Spider-Man Normieව තමන්ගෙ godson කියලා වැරදීමකින් Dylan Brock(එඩීගෙ පුතා) සහ The Makerට හඳුන්වලා දුන්න නිසා.

• Felicia Hardy (Black Cat), Gwen Stacy, Mary Jane Watson, Betty Brant, Carlie Cooper, Michele Gonzales, Liz Allan, Debra Whitman, Cissy Ironwood, Sara Bailey, Silver Sablinova (Silver Sable), Carol Danvers (Ms. Marvel, Captain Marvel), Julia Carpenter (Spider-Woman, Arachne, Madame Web), Cindy Moon (Silk), Lian Tang සහ Bobbi Morse (Mockingbird) එක්ක Peterගෙ පොඩි පොඩි මෙව්වා තිබිලා තියෙනවා.

• Telipath කෙනෙක් Peterගෙ මනස එක්ක සම්බන්ධ වුනොත් telipathටත් ඒවෙලාවෙදි Spider senseඑක දැනෙනවා.

• J. Jonah Jameson ඉස්සර කොච්චර Spider-manව පහත් කරලා කතා කලත්, මේ වෙද්දි Spideyට ගොඩක් උදව් කරන කෙනෙක් වෙලා ඉවරයි.

 පෝස්ට් එක මෙතනින් ඉවරයි. ඒත් පෝස්ට් එකට සේරම දේවල් දාල නෑ. සේරම දැම්මොත් මට මේක ඉවරකරගන්න බැරිවෙයි. Spider-man ගැන හරියට නොදන්න බහුතරයට Basic දැනුමකට මේ ඇති. ප්‍රශ්න තියෙනවනම් comment කරන්න. #excelsior !!

✍️ © Shane Perera

Our New Facebook Group👇👇



Comments

  1. Spider man he thawath girl kenek neda Kitty pryde kiyanneth ???

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List