MORBIUS The Living Vampire



අද අපි Morbius ගැන කතා කරමු. ගොඩක් කට්ටියට Morbius කවුද කියන්නේ කියන එක ගැන title එකෙන්ම තේරුම් ගියා කියලා හිතෙනවා. ඔව් Morbius Vampire කෙනෙක්! ලබන අවුරුද්දේ Morbius film එක්කුත් එන්න තියෙන නිසා මේක වැදගත් වෙයි කියලා හිතනවා...

History
-----------

ඉස්සර්ලම අපි කතා කරමු Morbius ව Marvel Comics තුළට හදුන්වාදීම ගැන... Morbius ව අපිට මුලින්ම Marvel Comics ලගේ  The Amazing Spider-Man #101 (1971) කියන Comic Issue එකෙන්. මේක නිකුත් උනේ ඒ වසරේ ඔක්තෝම්බර් වලදි. මේකේ Creators ලා වෙන්නේ Roy Thomas,Gil Kane කියන අය. Jack Palance කියන නළුවගේ looks මේ charactor එක හදද්දි පාවිච්චි කරලා තියෙනවා. මේ character එකේ විශේෂත්වය වෙන්නේ මෙයාට තමන්ගේ Powers ලැබිලා තියෙන්නේ ඒ කාලේ තිබුණු මේකට සමාන වෙන චරිත වගේ Magical powers වලින් නෙමෙයි. විද්‍යාත්මක හේතූන් නිසා Morbius බවට පත්වුණා කියලා කතාව හදලා තියෙන හින්දා Morbius ඒ කාලෙත් එක්ක බලද්දි ටිකක් විශේෂ චරිතයක්.

Origin
---------

Morbius ගේ Origin එක බැලුවොත් Morbius කියන්නේ ලෝක ප්‍රසිද්ධ නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයෙන් වටා ගෙතිච්ච චරිතයක්. Morbius ගේ full name එක තමයි Michael Morbius. මෙයාට පොඩි කාලේ ඉදන් තියෙන්නේ විකෘති පෙනුමක්. ඒ විශේෂ disease එකක් ඒක හින්දා. Michael ගේ අම්මා තනියෙන්ම තමයි පොරව හදාගන්නේ. Michael ඉන්නේ ග්‍රීසියේ උනත් පස්සේ New York වලට එනවා. ඒ ආපුවම පොඩි අකරතැබ්බෙකටත් මූණ දෙන්න වෙනවා. කවුරුත් Lizard Man ව දන්නවනේ... ඌ එනවා Morbius ගෙ Blood සාම්පලයක් ගන්න (උගේ ලෙඩේ හොදකරගන්න) ඒත් Spiderman නිසා Morbius බේරෙනවා.

පොඩි කාලේ ඉදන්ම හොදට පොත් පත් කියවලා සුපිරි දැනුමක් තියෙන්නේ තියෙන්නේ මෙයාට (නොබෙල් එකත් ගත්තනේ ඉතින්) තමන්ගේ ලෙඩේ හොදකරගන්න Morbius ගොඩක් මහන්සි වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මෙයා ප්‍රතිකාරක ඉන්ජෙක්ෂන් හදාගෙන ඇගට ඇතුළත් කරගන්නවා. ඒත් ඒ වැඩේ හරියන්නෑ... වැඩේ කියන්නේ මේකෙන් මේක තවත් දරුණු වෙලා ඇත්තම Vampire කෙනෙක්ගේ ස්වරූපයක් මෙයාට හම්බවෙනවා. ඒ කියන්නේ සම,දත් වගේ දේවල් වල ඉදන් හැම දෙයක්ම ඇත්තම Vampire කෙනෙක් වගේ වෙනස් වෙන්න ගන්නවා! අපි විද්‍යා ප්‍රබන්ධ වල දකිනවා වගේම තමයි Morbius ගාව Vampire ලට තියෙන ගොඩක් ගති ලක්ෂණ තියෙනවා. මේකට හේතුව වෙන්නේ Morbis තමන්ගේ ඉන්ජෙක්ෂන් එකට ගත්තේ වැම්පයර් වවුලන්ගේ DNA (Genes).

In Comics
---------------

Morbius ට ගොඩක් හොද ලොකු කොමික් ඉතිහාසයක් තියෙනවා. විවිධාකාර Crossover,Battles Morbius එක්ක සිද්ද වෙලා තියෙනවා. Morbius ට Blade ව පවා හම්බවෙලා තියෙනවා. විවිධ කණ්ඩායම් එක්ක Morbius එකතු වෙලත් තියෙනවා. මේ ඒවගෙන් කීපයක්.... 👇

1. S.H.E.I.L.D
2. Midnight Sons
3. A.R.M.O.R.
4. Legion of Monsters
5. Agents of Wakanda

තව කොමික් වල වැදගත් පුද්ගලයෝ ගොඩක්වත් Morbius විසින් විවිධ අවස්ථාවලදි හම්බවෙලා තියෙනවා. Morbius කියන්නේ Anti Hero කෙනෙක්. කියනවානම් තව ගොඩක් දේවල් කියන්න පුළුවන් උනත් දැනට මෙතනින් මේ ටික ඉවරකරනවා. ඊලගට අපි බලමු Morbius ගේ Powers සහ abilities ගැන...

Powers and Abilities
--------------------------------

Morbius ට වැම්පයර් කෙනෙක්ගේ DNA තිබ්බත් මෙයාට වැම්පයර් කෙනෙක්ට තියෙන හැම ලක්ෂණයක්මත් නෑ. වෙනත් ප්‍රබන්ධ කතා වල මනඃකල්පිත මනුෂ්‍ය-වැම්පයර් චරිත වගේම සහ තවත් අමතර හැකියාවන් ගොඩකුත් මෙයාට තියෙනවා.

1. Superhuman Strength and Speed

Morbius ට අධිමානුෂික ශක්තියක් වගේම ඉහළ දරාගැනීමේ ශක්තිය තියෙනවා. ඒ වගේම තමයි මෙයා සාමාන්‍ය මනුස්සයෙක්ට සාපේක්ෂව වේගවත්. ඊට අමතරව හොද Stamina එක්කුත් මෙයාට තියෙනවා.

2. Night Vision

Morbius ට සාමාන්‍යය මනුස්සයන්ට වගේ නෙමෙයි වැම්පයර් වගේ සත්තුන්ට වගේ රෑටත් ඉහල තීව්‍රතාවකින් අදුරේ දේවල් දකින්න පුළුවන්.

3. High Knowladge

මේක නම් ඉතින් විශේෂ දෙයක් නෙමෙයි මෙයා පොත් හෙම කියවලා හදාගත්ත දෙයක්. කොහොමහරි ඉතා ඉහළ දැනුමක් Morbius සතුයි.

Weaknesses
--------------------

සාමාන්‍යයෙන් වැම්පයර්ලට,ඩ්‍රැකියුලලට තියෙනවා වගේ මෙයා garlic, holy water, crucifixes,silver වගේ දේවල් වලට දුර්වලතාවයන් පෙන්නන්නේ නෑ. හැබැයි මෙයාටත් weakness තියෙනවා.

1. Ingest Fresh Blood on a Regular Basis

Morbius කියන්නේ ඉතින් වැම්පයර් කෙනෙක් වගේ චරිතයක් නේ. ඔව් ඉතින් මෙයා ලේ බොනවා! පිරිසිදු ලේ මෙයාට අවශ්‍ය වෙනවා නිතරම වගේ. ඒකත් පොඩි weakness එකක් වගේ තමා. ඒත් හරියටම මේක weakness එකක්ම කියන්නත් බෑ මොකද කිසිම තැනක කොච්චර ලේ කොච්චර කාලයක් ඇතුළත අවශ්‍යද කියලා කියලා නෑ. ඒත් මේක වැදගත් වගේ කියලා හිතුණ නිසයි මෙතනින් දැම්මේ.

2. Vulnerable to Light

මෙයාට තියෙන තවත් දුර්වලතාවයක් තමයි ආලෝකයට අධික සංවේදීතාවයක් දක්වන එක. ආලෝකයට නිරාවරණය උනාම Morbius ගොඩක් අඩපණ වෙනවා.

Comic References
-----------------------------
Marvel Zombies 4 #1
Legion of Monsters vol. 2 #3
The Amazing Spider-Man #101-102
Adventure into Fear #30-31
Marvel Team-Up #3–4
Giant-Size Super-Heroes #1
Vampire Tales #2-5, 7-8
Fear #20-26
Fear #27-29
Fear #30-31
Marvel Premiere #28
Marvel Two-in-One #15
Spectacular Spider-Man #6-8
Spectacular Spider-Man #38
Savage She-Hulk #9-11
Doctor Strange (vol. 3) #10
Doctor Strange (vol. 3) #14-18
Spider-Man #13-14
Morbius #1
Bade #5
b Marvel Zombies 3 #1
Marvel Zombies 3 #4
arvel Zombies 4 #1-4
Punisher vol. 7 #11
The Amazing Spider-Man #623
The Amazing Spider-Man #642
The Amazing Spider-Man #671
The Amazing Spider-Man #679.1
The Amazing Spider-Man #688
The Amazing Spider-Man #689
The Amazing Spider-Man #690
The Amazing Spider-Man #699
The Amazing Spider-Man #699.1
Morbius the Living Vampire (vol. 2) #1
Domino #7-8
Avengers (vol. 8) #12
Morbius the Living Vampire #20
Morbius the Living Vampire #5
Morbius the Living Vampire vol. 1 #1
Morbius the Living Vampire vol. 1 #25
Morbius the Living Vampire vol. 2 #3
Marvel Zombies 3 #3
Marvel Zombies 3 #4 (Jan. 2009)
Ultimate Spider-Man #95
Ultimate Spider-Man #96
Edge of Spider-Geddon #2. Marvel Comics.
Vault of Spiders #1. Marvel Comics.
Infinity Warps: Arachknight #1
___________________________________

ඔන්න එහෙනම් ඕක තමයි Post එක... අදහස් දක්වගෙන යමු... මාසෙකින් දෙක්කින් මේ Post එකක් දැම්මේ. එහෙනම් තවත් Character Post එක්කින් හමුවෙමු... 🤞😘
___________________________________
Written by: Dilshan Weerasena ✍___________________________________

Our Facebook Group 👇👇



Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List