Eternals

ගොඩ කාලෙකට පස්සෙ තමයි ආයෙමත් Character review post එකක් ලියන්නෙ. මේ පෝස්ට් එක දාන්න ප්‍රධානම හේතුව වුණේ ගෲප් එකේ ගොඩ කාලෙකින් comics ගැන කතාවෙනවා දකින්න නොලැබීම. (ගෲප් එකේ නම SL MARVEL fans' united. නැතුව SL Endgame fans united නෙමෙයි.) සහ, ගෲප් එකේ කිහිපදෙනෙක්ම Eternalsලා ගැන අහලා තිබුණු නිසා තමයි මේ පෝස්ට් එක දාන්නෙ.

ඉතින් වැඩි කතා නැතුව මාතෘකාවට බහිමු.

අද පෝස්ට් එකෙන් කතාකරන්නෙ Homo immortalis එහෙමත් නැත්තම් Eternalsලා ගැන. මේ Eternalsලව නිර්මාණය කරන්නෙ Martin A. Burnstein සහ Jack Kirby විසින්.
දැන් අපි මේ Eternalsලගෙ ඉතිහාස කතාව වෙන්නෙ කොහොමද කියලා බලමු.👇👇
අවුරුදු මිලියනයකට විතර කලින් පෘථිවියට එන Celestialලා කණ්ඩායමක් ඇවිත් අපේ ආදි මුතුන්මිත්තන් වුණ Homo erectus කණ්ඩායමක් අල්ලගන්නවා. ඒ පෘථිවියේ ජීවය පරිණාමයට ලක් කරන්න. මේ අවස්ථාවෙදි Ziran the Tester කියන සෙලෙස්ටියල් විසින් unstable genomeඑකක්(අස්ථායී ජානයක්) භාවිතයෙන් homo erectus කෙනෙක්ව අධික වේගයෙන් පරිණාමයට ලක් කරනවා. මේකෙ ප්‍රතිඵලයක් විදිහට Deviants (Homo descendus) නමින් හඳුන්වන විකෘති ජීවීන් වර්ගයක් ඇතිවුණා. ඒ විදිහට හදලා නිදහස් කරපු Daviantsලා පෘථිවියේ ගල්ගුහාවල හැංගිලා ජීවත් වුණා.
ඒ විදිහටම Nezarr the Calculator කියන සෙලෙස්ටියල් විසින් කරපු පරීක්ෂණ වලින් Eternalsලා (Homo immortalis) ඇතිවුණා.
මේ eternalsලා තරමක් හැඩිදැඩි මිනිස් පෙනුමක් තියෙන ඉතාමත් බලවත් ජීවීන් වර්ගයක්. මොවුන් Celestialලගෙ Laboratory shipඑකෙන් නිදහස් වෙලා පෘථිවියෙ ජීවත් වුණා.
මේ විදිහටම Oneg කියන සෙලෙස්ටියල් "latent genes"සහ "mutant genes" නිර්මාණය කලා. (මේකෙන් තමයි mutantsලා හැදෙන්නෙ. පෝස්ට් එකට අදාල නෑ.) සති ගාණකට පස්සෙ Onegගෙ පරීක්ෂණවල අවසන් ප්‍රතිඵල නිදහස් කරලා Celestialලා පෘථිවියෙන් ඉවත් වුණා.
ඔහොම කාලය ගතවෙද්දි Eternalsලා එකතුවෙලා city of Titanos කියන නගරය උතුරු ආසියාවේ නිර්මාණය කලා.

අවුරුදු 750,000කට විතර කලින් Ouranos කියන eternal පෘථිවිය පාලනය කරන්න යුද්ධයක් ඇතිකලා. මේ යුද්ධයට Kronos සහ Oceanus කියන eternalsලා විරුද්ධ වෙලා Ouranos සහ අනුගාමිකයන්ව පිටුවහල් කරනවා. ඉතින් මේ අය යන්නෙ යුරේනස් වලට.
ඉතින් කාලෙකට පස්සෙ Ouranos ආපහු පෘථිවියට යන්න යානයක් හැදුවත්,
Ouranosට තමන්ගෙම කිහිපදෙනෙක් විරුද්ධ වෙලා යුරේනස්වල නතර වෙනවා. මේ විදිහට යුරේනස්වල නතරවුණු eternalsලා exiles කියලා හඳුන්වනවා.
කොහොම වුනත්, මේ විදිහට පෘථිවියට යන්න Ouranos හදපු යානය Kree aliensලා විසින් විනාශ කරනවා. මේනිසා ඉතුරුවෙන්නෙ Eternalsලා කිහිපදෙනෙක් විතරයි. ඉතින් මේ අය ටයිටන්වල (සෙනසුරුවල චන්ද්‍රයෙක්) ජනාවාසයක් ගොඩනගනවා.
මේ අතරෙ Kree aliensලා විනාශකරපු යානයෙන් Arlok කියන eternalගෙ සිරුර හොයාගෙන සෙලෙස්ටියල් පරීක්ෂණ ගැන අධ්‍යනය කරනවා.
මෙහෙම අවුරුදු ගාණක් ගතවෙද්දි වෙන විවිධ සිදුවීම් නිසා Eternalsලා අතර තවත් බෙදීම් ඇතිවෙනවා. Zuras කියන eternal තමන්ගෙ අනුගාමිකයන් එක්ක අලුත් ජනාවාස ඇතිකරනවා. ඒවගේම ඔවුන් ග්‍රීසියේ කඳුඅතර ඔලිම්පියාව, පැසිපික් සාගරයේ Oceana , සයිබීරියාවේ Polaria නිර්මාණය කරනවා. Kronos cosmic energyඑක ගැන පරීක්ෂණ කරද්දි labඑක පිපිරිලා මැරෙනවා. Titanවල ඉතුරු වෙන්නෙ Sui-san කියන eternal විතරයි. ඒවගේම මේ වෙද්දි පෘථිවියෙ homo sapiensලත්(මිනිස්සු) ජනාවාස පටන්ගෙන.

මේ අතර ආයෙමත් එළියට එන මිලියන ගාණක් Daviantsලා එටර්නල්ස්ලට විරුද්ධව සටන් කරනවා. මේක දිනන්න Zuras ඇතුලු Eternalsලා එකතුවෙලා uni mind එකක් හදාගෙන (තනි බලවත් මනසක්) Celestialලව නැවතත් පෘථිවියට කැඳවනවා. ඒවගේම ආයෙ එන සෙලෙස්ටියල්වරු බහුතරයක් Deviantsලාව විනාශ කරනවා. මේ සිදුවීම වෙද්දි Mu, Lemuria, සහ Atlantis නගර මුහුදු පතුලේ ගිලෙනවා.
ඒවගේම මිනිස්සු, Deviantsලා ඇතුලු හැමෝම විනාශ වෙනවා. යාත්‍රාවක් යොදාගෙන මිනිස්සු කිහිපදෙනෙක්ව සහ සතුන්ව මේ ජලගැල්මෙන් බේරගන්න Utnapishtim සහ Ikarisට පුළුවන් වෙනවා.
ඊටපස්සෙ eternalsලා මිනිස්සුන්ට දැනුම, තාක්ෂණය ලබාදීලා උදව් කරනවා. මේනිසා මිනිස්සු හිතන් හිටියෙ eternalsලා දෙවිවරු කියලා. ඉතින් අපි එහෙමත් නැත්තම් මිනිස්සු මේ දෙවිවරුන්ව මැදිකරගෙන පෘථිවියේ මානව ශිෂ්ටාචාර ඇති කරනවා.

Hyborian යුගයේ අවසානයේදී ඔලිම්පියන් දෙවිවරු වන්දනාකරුවන්ව බලාපොරොත්තු වෙනවා. ඒවගේම නෙප්චූන්, ඇට්ලැන්ටියන්ස්ලගෙ පාලක දෙවියා වෙනවා. සියුස්, ඔලිපියාව ආසන්නයේ ඉඳලා ග්‍රීකයන්ගේ සහ රෝම ජාතිකයන්ගේ ප්‍රධාන දෙවියන් වෙනවා.
මේ කාලෙදිම, ටයිටන් ග්‍රහයෙ ඉන්න A'Lars සහ Sui-san (Mad titanගෙ දෙමාපියන්) එකතුවෙලා ජාන ඉංජිනේරු විද්‍යාව සහ ක්ලෝනිකරණය මගින් titanවල eternalsලා ආපහු නිර්මාණය කරනවා.
කොහොම වුනත් thanos විසින් කාලෙකට පස්සෙ titan විනාශ කරනවා.

POWERS AND ABILITIES :

MARVEL comicsවලදි විවිධ mythologyවල එන සමහර දෙවිවරු පවා eternalsලා. ඉතින් Eternal කෙනෙක්ගෙ powers ගැන ඒකෙන් කට්ටියට හිතාගන්න පුළුවන් ඇති කියලා හිතනවා.
ඒවගේම Eternalsලගෙ powers එකිනෙකාට වෙනස් වගේම විවිධ levelsවල තමයි තියෙන්නෙ.

Eternalsලාට පෘථිවියට සමාන පරිසර, වායුගෝලීය, ගුරුත්වාකර්ෂණ තත්ත්ව යටතේ ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මේක ටයිටන්වලදි Avengersලා හුස්ම ගත්තෙ කොහොමද අහපු අයට උත්තරයක් වෙයි.

පෝස්ට් එකේදි කියපු නම් සහ නොකියපු තවත් වැදගත් Eternalsලගෙ නම් කිහිපයක් තියෙනවා.

Kronos(Chronos) - තෑනෝස්ගෙ සීයා
Mentor (A'Lars) - තෑනෝස්ගෙ තාත්තා
Sui-San - තෑනෝස්ගෙ අම්මා
Starfox(Eros) - තෑනෝස්ගෙ සහෝදරයා
Thanos (mcuඑකේ තෑනෝස්ව comicsවල තෑනෝස් එක්ක දැනට compare නොකර ඉමු😄)
තෑනෝස් කොහොමද eternal කෙනෙක් කියලා කියන්නෙ කියලා නොදන්න අය මේ පෝස්ට් එක කියවන්න.👇👇
https://m.facebook.com/groups/1936179566669834?view=permalink&id=2022283951392728
ඉතින්,කොමික් විශාල ප්‍රමාණයක තියෙන කතාවක් පුළුවන් තරම් කෙටියෙන් කිව්වා. කොහොම වුණත්, ඉදිරියෙදි (2021දි විතර) "Eternals" film එකක් release වෙන්න නියමිතයි. ඒවගේම ඒකෙ director විදිහට Chloe Zhaoව යොදාගන්නවා කියලා rumors තියෙනවා. Eternalsලා ගැන දැනට කතා කරන්න තියෙන්නෙ ඔච්චරයි. එහෙනම්,
Excelsior !!
Written by Shane Perera

අපේ අලුත් facebook groupඑකට මෙතනින් join වෙන්න.👇👇




Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List