How Captain America Is Able To Lift Thor's Hammer In Avengers Endgame

" කැප්ටන් කොහොමද තෝර්ගේ මිටිය ඉස්සුවේ....හල්ක්ටවත් බැරි උන මිටිය කොහොමද කැප්ටන් ඉස්සුවේ " ගගා අහන ප්‍රශ්න දැකල දැකලම එපා වෙලා ඉන්න නිසා තමයි මේක ලියන්නේ....!
කිව්වා වගේම ගොඩ දෙනෙක්ගේ විශේශයෙන්ම IW එකෙන් පස්සේ ගෲප් එක්ට ආපු අයට තියන ප්‍රශ්නයක් තමා මේ කැප්ටන් කොහොමද තෝර්ගේ මිටිය ඉස්සුවේ කියන එක ඉස්සෙල්ලාම කියන්ඩ ඔනේ මේක තෝර්ට ඉතරක් අයිති එහෙම නැත්නම් තෝර්ටම ඉතරක් උස්සන්න පුලුවක් මිටියක් නෙමේ MCU එකේ නැතත් කොමික් වලදී Beta ray bill, Jane foster ( Mighty Thor ) පවා මේ Mjolnir එක පාවිච්චි කරලා තියනවා වගේම මේකේ Lightning powers පවා පාවිච්චි කරලා තියනවා ඒ නිසා තෝර්ට ඉතරක් උස්සන්ඩ පුලුවන්නම් තෝර්ට ඉතරක් උස්සන්ඩ පුලුවන් වෙන්ඩ ඔනේ වගේ මානසිකත්වයෙන් ඉන්ඩ එපා...! ඊලගට MCU එක ගැන බලනවනම් මේකෙදී මේ වෙනකොට හතර දෙනෙක් මේ Mjolnir එක උස්සලා තියනවා Thor, Captain America, Vision සහ Hela.
උඩ කිව්ව දේවල් කියන අය Ragnarok එක බැලුවනම් දකින්න ඇති Hela, තෝර් එවන Mjolnir එක නවත්තනවා ඉතරක් නෙමේ Mjolnir එක සම්පූර්ණ කෑලි කරලා දානවා තෝර්ට ඉතරක් මේක lift කරන්න පුලුවන්නම් Hela කොහොමද මෙහෙම කරන්නේ...? MCU එකේදී Hela කියන්නෙ ඕඩින් තරම්ම Powerful කෙනෙක් ඕඩින් තොර්ට හෙලා ගැන විස්තර කරනකොට කියනවා " Her violent appetites grew beyond my control. I couldn't stop her, so I imprisoned her. Locked her away. She draws her strength from Asgard, and once she gets there, her powers will be limitless. " කියලා මෙතන්දී කියන්නේ හෙලාගේ ප්‍රචන්ඩකාරී හැසිරීම ඕඩින්ගේ පාලනයයෙනුත් එහා ගියා කියන එක අඩුම ගානේ ඕඩින්ටවත් බෑ හෙලාව නතර කරන්න ඉතින් ඔය නිසා ඕඩින් කරන්නේ හෙලාව හිර කරන එක හැබැයි කිසිම වෙලාවක ඕඩින් හෙලාව Banishe කරන්නේ නෑ තෝර්ට කලා වගේ ඔය හේතුව නිසා හෙලා කිසිම වෙලාවම Mjolnir එක wield කරන්න Unworthy වෙන්නේ නෑ හෙලා කියන්නේ මුල ඉදන්ම Mjolnir එක wield කරන්න තරම් Worthy කෙනෙක් මේක ඔප්පු වෙනවා එක තැනක හෙලා ඕඩින් එක්ක ඉන්න Picture එකක් පෙන්වනාවා ඕඩින් මේ ගැන විස්තර කරනකොට එකේ හෙලා Mjolnir එක අතේ තියාගෙන ඉන්න හැටි බලාගන්න පුලුවන්....!
ඊලග දේ එක තැනක මන් දැක්කා කියලා තියනවා AOU එකේ කැප්ට Mjolnir එක උස්සන්න බැරි උනේ ටොනිගේ දෙමාපියන්ගේ රහස හංගගෙන ඉදපු නිසා කියලා එහෙමනම් හෙලා කියන්නේ කොච්චර දරුණු, ප්‍රචන්ඩ කෙනෙක්ද කියලා අමුතුවෙන් විස්තර කරන්න ඔනේ නෑ Ragnarok බැලුවනම් හෙලාගේ හැටි දැනගන්න පුලුවන් හැබැයි එහෙම වෙලත් ඒ හැමදේකට පස්සෙත් හෙලා Mjolnir එක Wield කරන්න තරම් Worthy නම් කැප් එක බොරුවක් හංගන් හිටියා කියලා Unworthy වෙන්නේ නෑ.
Endgame එකෙන් පස්සේ Russo brothers ලා කියනවා " He was able to wield it , He didn't know until that moment in Ultrone when he tried to pick it up, but Cap sense of character and his sort of humility and sort of out of deference to thor's ego, Cap in that moment realizing he can move the hammer, decides not do " කියලා. ඒ කියන්නේ AOU එකේ ඉදන්ම කැප් දන්නවා තමන්ට Mjolnir එක උස්සන පුලුවන් කියලා වගේම කැප් හැම වෙලාවකම Worthy වෙලා හිටියා ඒත් කැප් තීරනය කරනවා එහෙම නොකර ඉන්න....! අනික Endgame ගේ Mjolnir එක කැප්ගේ අතට ආවම තෝර් කියනවා " I knew it " කියලා ඒ කියන්නේ AOU එකේ ඉදන්ම තෝර් පවා දන්නවා කැප් කියනේ Worthy කෙනෙක් කියලා....! ඒ නිසා හිතේ බොරුවක් වංචාවක් තියන කෙනෙක්නම් එයා Unworthy වගේ අදහස් වල ඉන්න එපා මොකද ඔයිට වඩා දරුණු අදහස් දරුණු වැඩ කරපු අය පවා Mjolnir එක wield කරලා තියනවා.
ඊලග දේ තව කට්ටියක් අහලා තිබ්බා කැප් Mjolnir එක ඉස්සුවත් කොහොමද තෝර්ගේ Powers පාවිච්චි කරන්නේ කියලා, Thor 1 බැලුවනම් ඕඩින් තෝර්ව පිටුවහල් කරන වෙලේ දකින්න ඇති ඕඩින් Mjolnir එකට Spells කරනවා මෙතන්දී ඕඩින් කියන්නේ " Whosoever holds this hammer, if he be worthy, shall possess the power of Thor " කියන එක. කවුරුම හරි කෙනෙක් Hammer එක උස්සනවනම් ඒ කෙනා Mjolnir එක පාවිච්චි කරන්න තරම් Worthy නම් ඒ කෙනාට තෝර්ගේ Powers හම්බෙනවා කියන එක. ඉතින් කැප් මේ Mjolnir එක Wield කරන්න තරම් Worthy නිසා අනිවාර්යයෙන් එයාට තෝර්ගේ Powers හම්බෙනවා ඉතරක් නෙමේ Worthy ඔනේම කෙනෙක්ට තෝර්ගේ powers හම්බෙනවා.
ඉතින් මේකෙන්ම තේරෙනවා ඇයි Vision මේ Mjolnir එක ඉස්සුවත් එයාට තෝර්ගේ Powers හම්බුනෙ නැත්තේ කියන එක මොකද Vision මේක ඉස්සුවත් එයා මේකට Worthy නෑ Vision Mjolnir එක උස්සනවා කියන්නේ හරියට Elevator එකක් Mjolnir එක උඩට අරගෙන යනවා වගේ දෙයක්....!
මේකෙදී Worthy කියන එකේ තේරුම වෙන්නේ සාන්ත දාන්තව හෙන ගුණ ගරුකවම ඉන්න එක නෙමේ මේකට වෙනමම තේරුමක් තියෙනේ අනික එක පාරක් මේකට Worthy උනාට Odin ගේ Spell එකකින් වගේ ඇරෙන්න ඒ කෙනා කියන කරන දේවල් නිසා Unworthy වීමක් වෙන්නේ නෑ..!

Comments

  1. Worthy ,unworthy වෙන එකේ facts මොනද.....එකපරක් fury thorව unworthy කරන්න ක්‍රමයක් හොයගන්නවනෙ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List