About Marvel vs DC Fan wars


මේක දාන්න හිතුවෙ නිතරම දෙපිලේම fans ල දෙපැත්තට බෙදිල වාද කරගන්නකොට,සමහරු අනිකාගේ ගෙවල් වල ඉන්න අම්ම,තාත්තාව පවා අල්ලගෙන බැනගෙන,සමහරු මරණ තර්ජන පවා කරනව දැකල තියෙන නිසා.කොමික් ෆෑන් කෙනෙක් විදිහට ලැජ්ජාවක් එනව ඒ වගේ වෙලාවට මොකද හැමෝම වගේ උපහාසයට ලක් කරන හින්දි මෙගා නාට්‍ය ෆෑන්ස් ලවත් මෙහෙම හැසිරෙන්නෙ නැතිනිසා.facebook එකේ දරුණුම වලි වෙන බයිvsටොයිvsජෙපි දේශපාලන වලි ගානට අපේ දෙපැත්තේ ම සමහර අය අනික් ජාතියෙ ෆෑන් කෙනෙක්ගෙ reaction,comment එකක් දැක්කත් මළ පනින තත්වෙට ඇවිත්.ඔය ඕන වලි යන්න එක හේතුවක් වෙන්නෙ තමන් දන්නෙ එක පැත්තක් ගැන විතරක් නිසා.
දැන් marvel ,dc දෙකේම comics,films,cartoons,animation films ,games ගැන විස්තර කලාට පස්සෙ වලි යන එක අඩුවෙයි කියල හිතනව.
*Comics
ලෝකෙ ප්‍රධානතම හා ජනප්‍රියම comic book මුද්‍රණය කරන ආයේතන 2 වෙන්නෙ marvel ,dc ක company 2. ඒ දෙකෙන් සාර්ථක අසාර්ථක බලන විදි 2 ක් තියෙනව.
1.අදායම
2.ගුණාත්මක බව
1.Comic books වල අදායම අතින් නම් මේවෙද්දි මාවෙල් ඉදිරියෙන් ඉන්නව.යට photos වල තියෙන විදිහට 2013 ඉදන් මේ වෙනකම් comics අලෙවියෙන් ඉදිරියෙන් ඉන්නෙ marvel ආයේතනය.ඒ අතර 2014 දි වැඩියෙන්ම sales තිබ්බ comics 20න් 14ක් marvel ,2015 දි පලවෙනි 20න් 17 ක් marvel.මේ site එකෙන් මේවගෙ ඇත්ත නැත්ත ඔයාලට බලන්න පුලුවන් http://www.comichron.com/monthlycomicssales.html





2.Comic books වල ගුණාත්මක බවින් මේ වෙද්දි ඉදිරියෙන් ඉන්නෙ Dc ආයෙතනය.ඔවුන් ගේ New 52 වල පසුබෑමක් තිබ්බත් ඒවා මගහැර Rebirth event එකෙන් ගුණාත්මක බවින් ඔවුන්ට ඉදිරියට එන්න හැකි උනා.
Marvel වල 2015න් පසුව ගුණාත්මක බවින් කඩාවැටීමක් ඇතිවුනා.
*Animation Films
මේ ගැන නම් ඕන ෆෑන් කෙනෙක් දන්න විදිහට dc ආයේතනය ඉදිරියෙන් ඉන්නව.ඔවුන්ගේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් වෙන්නෙ ඔවුන් හැකිතාක් animation films comic book accurate කරන නිසා.බෲස් ටිම් ගෙ පිස්සු වැඩ(batman+batgirl ,nightwing+harley) නිසා පහුගිය දවස් වල animation පොඩ්ඩක් out ගියත් death of superman වලින් ඒ අඩුපාඩු නැතිකරගෙන තියෙනව.
Marvel වල හොදයි කියන්න පුලුවන් animation 2,3යි තියෙන්නෙ ඒ අතරින් planet hulk ඉතා හොද මට්ටමේ එකක්.
*Cartoons
මේකෙන් නම් දෙගොල්ලොම එක සමානයි කියලයි මගේ අදහස
Dc වල batman animated series,justice league,young justice,batman beyond
Marvel වල spiderman animated series,xmen animated series,earth mightiest heroes,spectacular spider man
ගොඩක් අය marvel වල ultimate spiderman,avengers assemble වගේ ඒව බලල තියෙන්නෙ ඒව fun උනාට ගුණාත්මක බවෙන් අඩුයි.
*Games(CBG)
මේගැන නම් ගොඩදෙනෙක් පිලිගන්න අකමැති වෙයි.අවිවාදයෙන් තොරව මෑත කාලෙ ආව හොදම comic based game series එක Arkham series එක.ඒත් අපි ඉපදෙන්නත් කලින් ඉදන් ආව පරණ CBG ඒ කියන්නෙ CBG වල golden age එක කාලෙ spiderman maximum carnage,punisher,wolverine වගේ games ගොඩක් උඩින් හිටිය.fighting games ගත්තහම injustice,injustice2 වගේ මෑත කාලෙ dc ගේම්ස් ජනප්‍රිය වෙලා තිබ්බට 2000ට කලින් ආව capcom vs marvel series එකට තරග කරන්නන ඒකාලෙ fighting ගේම් තිබ්බෙ නෑ.ගොඩ දෙනෙක් කියන කතාවක් තමා අලුත් spiderman ps4 ගේම් එක arkham වල කොපියක් කියල.spiderman ps2 වලින් තමා superhero ගේම්ස් ජනප්‍රිය කරවන්න පුලුවන් කියන මතේ ඇතිවෙලා arkham series හැදෙන්න පවා හේතු උනේ.ගොඩ දෙකෙන් marvel games වලින් පහලින් ඉන්නව කියන්න හේතුව ඒගොල්ලො pc games ගැන විතරක් දන්න නිසා.
Games වලිනුත් දෙකම සමාන තත්වයේ ඉන්නව spiderman ps4 වලින් මේක වෙනස් වෙන්නත් පුලුවන් මොකද මේ වෙද්දිත් ඕනම වර්ගයේ ගේම් එකක හොදටම details තියෙන විදිහට Newyork නගරෙ open world තියෙන්නෙ මේකෙ කියල ආරංචි තියෙන්නෙ.
*Tv series
මේකටත් ගොඩදෙනෙක් එකග වෙන එකක් නෑ.
මේ ගැන නම් ලංකාවෙ ෆෑන්ස් ලගෙන් මම සමීක්ෂණයකුත් කරා marvel ගෲප් 2කේම.
Agents of shield,daredevil,punisher වලට විතරයි හොදට vote තිබ්බෙ.
Tv series වලින් marvel ඉන්නෙ ගොඩක් උඩින්
Legion,daredevil,jessica jones,agents of shield වගෙ සුපිරිම සීරීස් තියෙද්දි failed ඒවට තියෙන්නෙ inhumans,ironfist 2 ක විතරයි.
Legion කියන්නෙ ලෝකෙ ඕනම සුපිරි series එක්ක තියන්න පුලුවන් masterpiece එකක්.
Dc series ගත්තොත් gotham,constantine විතරයි බලන්න පුලුවන් විදිහට තියෙන්න.ඉස්සරහට එන්න තියෙන watchmen series එකෙන් පස්සෙ dc හොද තරගයක් දෙන්න පුලුවන් වෙයි.
*Movies
මේ category එකෙන් marvel ඉදිරියෙන් ඉන්නව.ගුණාත්මක බවින් හා ආදායම් වලින්.ගුණාත්මක බව කියන්නෙ ඒ universe එකේ continuity වගේ දේවල් වලට.ඒකයි mcu fox xmen universe වලට වඩා ඉස්සරහින් ඉන්නෙ.සමහරු ෆිල්ම් 2ක3ක childish jokes තිබ්බහම හිතන්නෙ mcu එකම fail කියල.මුහුදෙ තියෙන iceberg එකක ඉහල කොටස පොඩියට තිබ්බට ජලයෙන් පහල ටික විශාලයි වගේ mcu වලට බනින අය උඩ තියෙන ටික දැකල තියෙන්නෙ.mcu වල සාර්ථකතවයට එකම හේතුව තමයි marvel fan කෙනෙක් වෙන kevin feige.එයාගෙ plans වලට ලගටවත් එන්න කිසිම franchise එකකට බැරිවෙලා තියෙනව.2008 comicon එකකදි තමා ඔහු antman ගැන කියන්නෙ.මේ ලගදි කිව්ව avengers 4 වලින් පස්සෙ ලෑස්ති කල movies 20ක් තියෙනව කියල.මගේ අදහස නම් kevin feige mcu වලින් අයින් වුනොත් මිසක් කාටවත් mcu වල සාර්ථකවය ගන්න වෙන්නෙ නෑ.
Dc වල පසුබෑමට හේතුව nolan ගෙන් පස්සෙ ,franchise එකක් කරගෙන යන්න kevin feige වගේ producer කෙනෙක් හොයා ගන්න හොයා ගන්න බැරි උන එක.ඒක නිසා ඉස්සරහට එන ෆිල්ම් ගැන අවදානෙකින් බලන්න කෙනෙක් නැති නිසා වෙන අවුල ඔයාලට බලන්න පුලුවන් වෙනව wonder woman 2 වලින්.bvs,jl වල උන දේවල් ආයෙ recton වෙන්න ඉඩවැඩී.
ඔන්න මූලික ටික කිව්ව ඊලගට කියන්න තියෙන්නෙ ෆෑන්ස් ලගෙ හැසිරීම් නිසා වෙන ගැටුම් ගැන.
Avengers infinity war ආවට පස්සෙ සමහරු එකේ අදායම් වාර්තා එක්ක jl ආදායම සංසන්දනය කර කර ,dc sucks වගේ දේවල් කියන නිසා general audience එක හා universe 2ටම කැමති අය එක පැත්තකට යන්න හේතු වෙනව.තව aquaman trailer එක ආව වෙලාවෙ black panther වල කොපි යක් වගේ තමන් නොදන්න දේවල් කියන්න යනකොටත් මේවගේම තමා.
Dc ෆෑන්ස් ලත් marvel = light ,dc = dark වගේ හැසිරෙන එක වැරදී මොකද comic වල වගේම live action වලත් දෙගොල්ලොම එක වගේම light tone dark tone තියෙනව(light -teen titans go,justice league action,ultimate spiderman,antman) dark- watchmen,constantine,jessica jones,daredevil)
සමහර dc ෆෑන්ස් ල cw arrowverse dc කියලත් පිලිගන්න කැමති නෑ.ඒත් dc official fb,youtube,twitter ඔක්කොගෙම arrowverse promote කරනව.
අනික එක universe එකකට විතරක් කැමති ෆෑන්ස්ල දැන ගන්න ඕන තමන් කැමති එකට අකමැතිවෙන්නෙ අනික් universe එකේම අය නෙමේ කියල
උදා:- bvs වලට dc die hard fans ,general audience,nolan fans වගේ marvel ෆෑන්ස් ල විතරක් නෙමේ hate කරේ
ඒක නිසා එහෙම ෆෑන්ස් ලට marvelpants කියන එක හරිද කියල dc fans ල හිතන්න ඕන.එක dc admin කෙනෙක් නම් ඒවගේ අයට haters ල කියල කියන එක අගය කරන්න ඕන.
තව වලි යන්න හේතුවක් වෙන්නෙ characters copy,inspire නිසා.
මේ ගැන නම් තමන්ම හිතල බලල තීරණය කරන්න ඕන.උදා:- batman film එකකුයි black panther film එකකුයි,zorro cartoon එකකුයි,batman cartoon එකක් බලන කොට එකම හැඟීමක් ද එන්නෙ කියල.
සමාන තිබ්බට.bp-පෝසත්,martial arts,කලු පාට ඇදුම
Zorro-dual identity,secret base,කලු ඇදුම,සහයක පොඩි කෙනෙක්
මේ 3න් දෙනාම එකයි කියල හිතෙනවනම් ඒක ලෙඩක්.
කොපියක් කියල website වල තිබ්බට තමන් ගෙ fanboy කණ්නාඩි ගලවල චරිත 2කේම origin,design,characterdevelopment ඔක්කොම සමාන නිසා මූ එකම චරිතෙනෙ කියල හිතෙනව නම් ඒ චරිතෙ තමා කොපියක් වෙන්නෙ.
පුලුවන් විදිහට fight ඇතිවෙන්න බලපාන
හේතු ටික පැහැදිලි කරා,ප්‍රශ්න ,තව එකතු වෙන්න ඕන ඒව තියෙනව නම් comment කරන්න.මීට පස්සෙ fansල universe 2ම රසවිඳගෙන ඉදී කියල බලාපොරොත්තු වෙනව.

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List