Panther habit

Black pantherගෙ ඇදුම??(Panther habit)මේකෙ තියෙන විශේෂත්වය මොකක්ද??අද බලමු ඒ ගැන.
Panther habitඑක,එහෙමත් නැත්නම් Blackpantherගෙ suit එක කියන්නෙ wakandaවල ආරක්ෂකයා වන blackpanther විසින් භාවිතා කරන වයිබ්‍රේනියම් වලින් හදපු ඇදුමක්.විවිධ කාලවල හිටපු blackpanthersල ඇන්දේ එක එක habit.
අපි මේ post එකේදි බලන්න යන්නෙ MCU එකේ T'challa ඇදපු Panther habit දෙක ගැන.මීට අමතරව mcu එකේදි golden jaguar habitඑක,T'chakaගෙ habitඑක අපිට දකින්න ලැබෙනවා.

1) T'challaගෙ මුල්ම panther habit එක(Civil war එකේ තිබුණ සූට්එක)
-------------------------------------------------------------------------------------
මේක හැදුවෙ T'challa(black panther) විසින්මයි.
Bulletproof :වයිබ්‍රේනියම් වල කම්පන අවශෝෂණය නිසා පිපිරීම් සහ bullet වලට ඔරොත්තු දීමට හැකිය.
Strength : ශාරීරිකව වඩාත් ශක්තිමත් විරුද්ධවාදීන්ට පහර දීමේ හැකියාව ලබා ගැනීම සඳහා ශක්තිය වැඩි කරඇත.
Vibranium knuckles & boots:මෙහි knuckles සහ boots ශක්තිමත් ලෙස සාදා ඇති නිසා punch කිරීම සහ kick කිරීම වැඩිදියුනු කරයි.
Vibranium claws: තියුණු vibranium නියපොතු සහිත නිසා පහසුවෙන් කැපීම් සිදුකල හැකියි.
Panther helmet: හිස් ආවරණය ශක්තිමතව සාදා ඇති අතර පසුපස ප්‍රදේශයේ ආරක්ෂකයක් ඇත.එමගින් t'challaගේ හිසට හොදින් සවිවේ.
මේ panther habitඑක ඉතාමත් සුපිරි ගණයේ ආරක්ෂක ආවරණයක්.නමුත් ඒක ඇදන් ඉන්න කෙනාගෙ දක්ෂතා මත තමයි panther habitඑක කොච්චර හොඳද කියලා තීරණය වෙන්නෙ.
මේකෙ තියෙන අඩුපාඩු මගහැරල හදපු අලුත් ආමර් එක තමයි blackpanther film එකේදි අපිට වැඩියෙන්ම බලාගන්න ලැබෙන්නේ.
අපි දැන් බලමු ඒක ගැන.

2) Shuri හදපු Upgraded habit එක
-------------------------------------------------------------------------------------
මේක හදන්නෙ Shuri.ඒ කියන්නෙ T'challaගෙ නංගී.
Civilwar එකෙන් පස්සෙ Wakanda වලට නැවත එන T'challaට Shuri මේ අලුත් habit එක ඉදිරිපත් කරනවා,
"Old tech. Functional, but old. 'Hey! People are shooting at me- wait, let me put on my helmet!' Now, look at these. Do you like that one?"
"Tempting, but the idea is to not be noticed. This one.
-Shuri to T'Challa-
Shuri හදපු අලුත් panther habit එක කලින් එකට වඩා මුළුමනින් ම වැඩිදියුණු කරලා තියෙන්නේ.වඩාත්ම වැදගත් කරුණක් වන්නේ මේ habitඑක බලශක්ති ක්ෂේත්‍රයක් ඇති කර ගැනීම සඳහා බාහිර බලයන් අවශෝෂණය කර ගැනීමයි.
අපි දැන් මේකෙ තියෙන upgrades ගැන බලමු.
Wakandan technology: ශූරි විසින් නවීකරණය කරන ලද "Panther habit" Wakandaවල වඩාත්ම උසස් නිෂ්පාදනවලින් එකක් වන අතර,T'Challaගෙ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා අති නවීන තාක්ෂණයකින් සමන්විත වේ.
Suit materialization:
ශූරි හදපු අලුත් habitඑක Wakandan Nano technologyඑක යොදාගෙන සෑදූ අතර,T'challa භාවිතා කරන මාලයක තැන්පත් කර තියෙනවා.ඒවගේම T'challaගෙ ඇගට nanite කරල තියෙනවා.එ්නිසා habitඑක මානසිකව T'challaගෙ necklace එකෙන් ශරීරයට හුවමාරු කලහැකියි.ඒ වගේම panther helmet එක සහ එහි කාච අවශ්‍යනම් පමණක් කැඳවීමත් ඉවත් කිරීමත් කල හැකියි.
Suit Regeneration: ඇඳුමෙන් කොටසක් විනාශ වී ගිය පසු අහිමි වූ කොටස ප්‍රතිස්ථාපනය කිරීමට පුළුවන්.
Energy Redistribution:
මෙහි ප්‍රමුඛම ලක්ෂණය වන්නේ ශක්තිය ගබඩා කර නැවත බෙදා හැරීමේ හැකියාවයි.T'Challaට සතුරන්ගෙන් එල්ල වන bullets සහ ප්‍රහාර වලින් ලැබෙන ශක්තිය එහි nanites මගින් ගබඩා කර පසුව මුදාහරී.Habitඑක ශක්තිය රැස්කරගත් විට දම් පාටින් දිලිසෙනවා.
Kinetic Energy Pulse:
Habitඑකේ තැන්පත් වන ශක්තියෙන් විශාල ශක්තියක් ලබා ගතහැකි අතර එමගින් බොහෝ බලවත් pulse එකක් නිදහස් කිරීමට පුළුවන්.
Vibranium Claws: වයිබ්‍රේනියම් නියපොතු ඇති අතර එයින් බොහෝ දේ කැපීමට හැකිය.එමෙන්ම පිටතට ගතහැකි Knucklesද ඇත.
Sound Nullification: ඕනෑම මතුපිටක ස්පර්ශයෙන් උත්පාදනය වන ඕනෑම ශබ්දයක් අවශෝෂණය කරන shoes ඇති අතර, T'Challaගෙ අඩිපාර සම්පූර්ණයෙන්ම සැගවිය හැකියි.එය T'challaට සැගවීම පහසු කරවනවා.
Communication system : මෙහි සන්නිවේදන පද්ධතියක් ඇති අතර,T'challaට Shuriගේ Kimoyo beads සමඟ සන්නිවේදනය කිරීමට මෙයින් ඉඩ සලසනවා.
ඉතින් මේ වගේ සුපිරි දේවල් ගොඩක් තියෙන පට්ටම ආමර් එකක් විදිහට අලුත් Panther habit එක හදුන්වන්න පුළුවන්.Right ඉතින් panther habitඑක ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි.

Black panther filmඑක බැලුවෙ නැත්නම් bluray ආවම අනිවා බලන්න.

Post by Shane Perera

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List