Red skull

අද කියන්න යන්නෙ Red skull ගැන.හැබැයි MCU එකට අනුව.mcu එකේදි redskullව පෙන්නුවේ "Captain America the first Avenger" film එකෙන්.
ඉතින් අපි බලමු Redskull ගැන.
ජොහාන් ස්මිඩ් කියන්නෙ HYDRA abteilung එකේ එහෙමත් නැත්නම් Nazi විශේෂ ආයුධ ඒකකයක ප්‍රධානියෙක්.අතිදක්ෂ විද්‍යාඥයෙකු වූ ඔහු, ඇඩොල්ෆ් හිට්ලර්ගේ මිත්‍රයෙකු බවට පත්වීමට කටයුතු කල කෙනෙක්.කෙසේවෙතත්,ඔහුගේ අභිප්‍රාය වුණේ superhuman කෙනෙක් වීමට අසම්පූර්ණ super soldier serum එකක් test කිරීමයි.
History:--
Johaan Schmidt ජර්මනියේ උපත ලැබූ දරුවෙක්.ඔහු දක්ෂ ශිෂ්‍යයෙක් වූ අතර පසුව භෞතික විද්‍යඥයෙක් වුණා.වසර ගණනාවක් පුරා ඔහු Norse මිථ්‍යාවන් පිළිබඳ උනන්දුවක් දැක්වූ අතර ඔහු නොර්ස් දෙවියන් සහ ඔවුන්ගේ මැජික් මිථ්‍යාවට වඩා වැඩි දෙයක් බවට theory එකක් නිර්මාණය කලා.පසුව ඔහු දේශපාලනික මූලධර්මයක් අනුගමනය කළ ancient society එකක් වන HYDRA හි සාමාජිකයෙක් වුණා.
1940 දී Abraham Erskine, Schmidt බලාපොරොත්තු වුණ පලවෙනි වගේම අස්ථායී super soldier serum එක හදල ඉවරයි කියලා දැනගන්න ලැබුණා.Erskine ඒකෙ ප්‍රතිඵලය ගැන කිව්වත් Schmidt super soldier serum එක බලෙන් අරගෙන inject කරගත්තා.මේ serumඑක ඔහුව වේගවත්, ශක්තිමත් සහ වඩාත් කඩිසර බවට පත්කරන්න ඕනෙ වුනත් මේකෙන් මේකෙන් Schmidtට රතු,විරූපී මුහුණක් සහ අතුරු ආබාධ ලැබුණා.මේ පෙනුම වහගන්න ඔහු කලින් පෙනුමට සමාන mask එකක් දාගත්තා.නමුත් Schmidt "Red Skull" කියන නම දාගත්තා.Erskine Peggy Carterගෙ සහයෙන්(Captain Americaගේ girlfriend) පැනල ගිහින් United States වල රැකවරණය ලබාගෙන Strategic Scientific Reserve එකට එකතු වුණා.
මේ අතර Redskullට සුපිරි weapon එකක් හදන්න ඕනවෙලා odinගෙ vault එකේ තිබිලා පෘථිවියේ අතරමං වුණ tesseract එකේ බලය ගැන දැනගෙන ඒක හොයනවා.තමන්ගේ පරික්ෂණ අනුව හමුදාව මෙහෙයවා අන්තිමට Redskull,Norway වල පල්ලියක තිබිලා Tesseract එක හොයාගත්තා.
(මේක වෙන්නෙ මෙහෙමයි.ඈත අතීතයේදී Asguardiansල frost giantsල එක්ක පෘථිවියේදි සටන් කලා.එහිදී Tesseractඑක පෘථිවියේදි නැතිවුණා.මිනිසුන්ට tesseractඑක හම්බවෙලා ඔවුන් ඒක Norwayවල හංගනවා.)
ටෙසරැක්ට් එක ලබාගත් පසුව,ඔහු hitlerව පරදා ලෝකය තනියම පාලනය කරන්න තීරණය කළා.කෙසේවෙතත්, දෙවන ලෝක යුද්ධය කාලෙ redskullගේ සැලැසුම්වලට සමාන super soldierකෙනෙක් වන Captain America නිර්මාණය වුණා.1945 වගේ කාලෙ United States තම පාලනයට ගන්න යුද්ධ කරද්දි captain-America එක්ක fight කරන්න redskullට සිද්ද වුණා.මේ සටනේදී Captain Americaට ටෙසරැක්ට් එක දාල තියෙන tesseract cradle එකට හානි කරන්න හැකි වුණා.මේ වෙලාවෙ Redskull Tesseract එක තදින් අල්ලගන්නවා.ඒක නිසා tesseractඑකෙන් Portal එකක් විවෘත වෙලා burn වෙලා ඔහු අතුරුදහන් වෙලා ගියා.
(අවසානයේදී tesseractඑක Atlantic සාගරයට වැටිලා Howard stark(tonyගෙ තාත්තා) හොයාගෙන S.H.I.E.L.D.එකට ඒක ලැබෙනවා.ඒත් ඒකෙ බලය S.H.I.E.L.D එක දන්නෙ නෑ.ඉතින් Loki ලේසියෙන්ම S.H.I.E.L.D.එකෙන් ඒක අරගන්නවා.The Avengers 2012 එකේදී Avengersලා Lokiව පැරැද්දුවට පස්සෙ නැවතත් ඒක Asgardවලට අරන් යනවා.)
ඉතින් ඕක තමයි Redskullගෙ කතාව.අපි දැන් Redskullගෙ powers සහ හැකියාවන් ගැන බලමු.
Powers:--
Enhanced Physiology:
super soldier serum එකේ ප්‍රතිඵලයක් ලෙස විශාල ශක්තියක්, වේගය, ආතතිය සහ reflexes වගේ විශිෂ්ට ගුණාංග ලැබුණා.
Enhanced intelligence:
ඉහළ බුද්ධියක් ඇති අතර මිථ්‍යාවන්ගෙන් සත්‍ය වෙන්කර හඳුනා ගැනීමට ඔහුට හැකිවූ විශිෂ්ඨ පර්යේෂකයෙකු හා විද්යාඥයෙකු විය.
Enhanced Strength :
superhuman strength එකකට සමාන strength එකක් තිබෙන අතර captain-americaටද පහරදීමට සමත් විය.
Enhanced Speed :
Captain Americaගේ වැඩි දියුණු වූ reflexes ප්‍රතිචාර දැක්වීමට පෙර පහර දීමට හැකි තරම් වේගවත්.
Enhanced Durability:
සටන් කරද්දී ලැබෙන පහරදීම් වලින් ඉක්මනින් සුවය ලැබීමට හැකියි.
Enhanced Stamina:
විඩාපත් වීමට ඔරොත්තු දීමේ හා දුර්වලතාවයකින් තොරව දිගු කාලයක් සටන් කිරීමට හැකියි.
Regenerative Healing Factor:
Supersoldier serum එක නිසා ඔරොත්තු දීමේ හැකියාවද,සුව වීමේ වේගයද වැඩියි.
Abilities:--
Master Tactician:
Hydra එකේ නායකයා ලෙස Schmidt සෙබලුන්ට නායකත්වය දුන් අතර දෙවන ලෝක යුද්ධ කාලයේදී බොහෝ මෙහෙයුම්වලදී ඔවුන් මෙහෙයවනු ලැබීය.Ernst Kaufmann,Abraham Erskine වැනි ඔහුගේ සතුරන්ගේ ඝාතන redskull විසින් කර ඇත.
Expert Scientist:
විශිෂ්ට විද්යාඥයෙකු ලෙස පිළිගත් Redskullව Nazi science divisionඑක භාරව පත්කලේ හිට්ලර් විසිනි.Tesseractඑක ගැන පර්යේෂණය කිරීම සඳහා ගුප්තවිද්‍යාව පිළිබඳ ඔහුගේ විද්‍යාත්මක දැනුම භාවිතා කළ අතර අනෙක් අය එය මිථ්‍යාවක් ලෙස සැලකූ නමුත්,එය සොයාගැනීමට schmidt සමත් විය.
Pilot:
දක්ෂ pilot කෙනෙක් වන Redskull වරක් USAවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා Valkyrie යානයක් භාවිතා කලා.
ඉතින් අදත් පරක්කු වෙලා හරි මතක් වුණ කරුණු එකතු කරල postඑකක් හදලා දැම්මා.එහෙනම් අදට මෙච්චරයි.
අඩුපාඩු හදාගන්න comment කරන්න.
Post by Shane Perera

Comments

  1. පට්ට බ්‍රෝ.. සුපිරි ලිපියක්....
    Thanx..👍 👍 👍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List