Mysterio


=============================================
• ඔන්න එහෙනම් අද කියන්ඩ යන්නේ අපිට ඉදිරියේදී දැකගන්න පුලුවන් වෙන villain කෙනෙක් ගැන ගැන කට්ටිය දැනටමත් දන්නවා ඇතිනේ ඉදිරියේදී නිකුත් වීමට නියමිත Spider man කතාවේ ප්‍රදාන villain විදියට දැනටමත් තහවුරු වෙලා ඉන්නේ මේ mysterio කියන කෙනා කියලා ඒ වගේම මේ සදහා රංගන දායකත්වය ලබා දෙන්නේ Jake Gyllenhaal ( prince of persia එකේ ඉන්නේ ) කියලත් කට්ටිය දන්නවා ඇති 🙄
ඉතින් කව්ද මේ mysterio කියන්නේ කෝමද මෙයා හැදුනේ මොනාද මෙයාගේ powers මේ ගැන තමා මෙකෙදී කියන්න යන්නේ.....✌️
• මුලින්ම කියන්නේ ඔනේ මේකේදී කියන්නේ මෙයාගේ කොමික් පැත්ත ගැන. ඒ වගේම මේ mysterio කියන චරිතයට වසර කීපයක් තිස්සේ Quentin Beck , Daniel Berkheart සහ Francis Klum කියන කොමික් චරිත තුන සහබාගී වෙලා තියනවා ඉතින් අපි මේකෙදී කතා කරන්න යන්නේ Quentin Beck කියන කෙනා ගැන ඉතරයි. මොකද මෙයා තමයි ප්‍රදානම චරිතය. බලමු එහෙනම්.......👌
• චරිත නිර්මානය - Stan Lee සහ Steve Ditko
• මුල් වරට ඉදිරිපත් කිරීම - The Amazing Spider-Man#13 (June 1964)
• සත්‍ය නම - Quentin Beck
• අන්වර්ත නාමයන් - mysterio , Master of Illusion
• පුරවැසිබාවය - U.S.A ( with criminal records )
• උපන් ස්ථානය - Riverside - California - u.s
•පවුල් සම්බන්දතා -
° Henrietta Beck ( මව )
° Elmore Beck ( පියා)
° Vincent ( මමා )
° Maguire Beck ( ඥාතියෙක් )
• අද්‍යාපන මට්ටම - උසස් අද්‍යාපනය දක්වා
• රැකියාව - විශේෂ ප්‍රයෝග සැලසුම් කරුවෙක්
• ශරීර ලක්ශන -
° කලු කොන්ඩයක් සහ දුබුරු පාටට හුරු ඇස් තියන මෙයාගේ උස 5'11" සහ බර 175 lbs තරම් වෙනවා 🙇 පේනවනේ මෙයා සාමාන්‍ය පොරක් ඉතිම්.....හරි බලමු මෙයාගේ කතාව 😁
• Beck කියන්නේ Hollywood වල ඉන්න දක්ශ stunt man කෙනෙක් 🤸‍♂️ වගේම විශේෂ ප්‍රයෝග සකස් කරන්නෙක්ද වෙනවා ඒත් මේ රැකියාවෙන් සතුටු වෙන් නැති Beck ට ඕනේ වෙනවා චිත්‍රපට ක්ශේත්‍රයේ තමන්ටම කියලා නමක් හදාගන්න. ඉතින් මෙයා යනවා නලුවෙක් වෙන්න හැබැයි මෙයාගේ මේ උත්සහයනම් සාර්ථක වෙන්නේ නෑ
පස්සේ මෙයාට තේරෙනවා තමන්ගේ විශේෂ ප්‍රයෝග නිර්මාන හැකියාවෙන් වැඩක් ගන්න ඔනේ කියලා 🤔 ඉතින් මෙයා තීරනය කරනවා Mysterio විදියට තමන්ගේ හැකියාවන් පාවිච්චි කරලා spider-man කව්ද කියන එක ලෝකෙට එලිදරව් කරන්න සහ spider-man ව තමන්ගේ දෙපා මුල වට්ටන්න 😮
මෙයත් ටිකක් elctro වගේ පොරක් මතකනේ The amazing spiderman එකේ spidy එක්ක කිසිම තරහක් නැතුව මොකක්දෝ හේතුවක් නිසා spidy එක්ක පැටලෙනවා....🤔
මේ අතරෙදී තමා මෙයාට තවත් spider-man ට වෛර කරන කෙනෙක් වෙන J. Jonah Jameson කියන පුවත්පත් වාර්තාකාරයව හම්බෙන්නේ මෙයාගේ උදව්වෙන් Beck තමන්ගේ අදහස් ප්‍රසිද්දියට පත් කරනවා. ඒ වගේම මේ jonah කියන කෙනා නිසා beck ට එයාගේ stunt වලටත් ලොකු උදව්වක් වෙනව👌
කෝම හරි මෙයා යනවා spider-man එක්ක සටනට මුල්ම සටනෙන්ම spider-man ගේ දුර්වලතා හදුන්ගන්න මෙයා දැන ගන්නවා යම්කිසි වායුවක් බාවිතා කරලා spider-man ගේ spidy-sens වලට හානි කරන්න පුලුවන් කියලා ඉතින් මෙයා ඊලග හැම අවස්තාවකදීම මෙයාගේ උපක්‍රම සහ ප්‍රයෝග විශාල වශයෙන් බාවිතා කරමින් මේ spiderman කියන්නේ කව්ද කියලා ලොකෙට එලිදරව් කරන්න උත්සාහ කරනවා.
මේ වගේ කීප වතාවක්ම spiderman එක්ක සටනට යන මෙයා Doctor Octopus ගේ Sinister Six කියන supervillain gallery එකටද එකතු වෙනවා. මෙකේ ඉන්නේ තනිකරම spiderman ගේ villains ලා ඉතරයි green goblin ගේ ඉදන් venom ට එනකම් හැම කෙනෙක්ම මේ gallery එකේ ඉන්නවා 🙄 මෙතන්දි Doctor Octopus ගේ උදව්වෙන් තමන්ගේ හැකියා තවත් වර්දනය කරගෙන මෙයා spiderman ගේ suppervillain කෙනෙක් බවට පත් වෙනවා 💪🔥
කොටින්ම කිව්වොත් spidyට පුදුම වදයක් උන ඩයල් එකක් තමා 😅
POWERS & ABILITIES
• මෙයාට කිසිම Superhuman power එකක්නම් නෑ. හැබැයි මෙයා විශේෂ ප්‍රයෝග උපකරන නිර්මානයට ගොඩක් හොද දක්ශයෙක් වෙනවා. මෙයාට රසායන විද්‍යාව පිලිබදව වගේම roboticist පැත්ත ගැනත් හොද අවබෝදයක් තියනවා. ඒ වගේම මෙයා හොද මැජික් ශිල්පියෙක්ද වෙනවා. Holographic protector ගැනත් මෙයාට හොද අවබෝදයක් තියනවා. මෙයා hollywood වල ඉන්න කාලෙදී stunt man කෙනෙක් විදියට හිටපු නිසා මෙයාට හොද සටන් හැකියාවක්ද තියනවා. 👌
මෙයාගේ ඇදුම ගැන බැලුවොත් කලින් කිව්වා වගේම මෙයා ගාව spidy-sens වලට හානි කල හැකි ගෑස් වර්ගයක් තියනවා 💨💨 💨මේවා පිටතට විසිරවන්න හැකි injectors සහිත අත්වැසුම් වර්ගයක්ද මෙයා බාවිතා කරනවා. ඒ වගේමයි මේ ගෑස් නිසා කිසිම වෙලාවක මෙයාට හානියක් නම් වෙන්නෙ නෑ. විශාල වායුවක් ඇතුලේ හැංගිලා ඉන්න කෙනෙක් navigation කරගන්න තරම් දියුනු sonar 📡 පද්දතියක් වගේම අවම පැය 1.30 කට තරම් ප්‍රමානවත් වන ස්වයංක්‍රීය ස්වසන පද්දතියක්ද මෙයාගේ ඇදුමේ සමන්විත වෙනවා. මීට අමතරව spring-heeled boots 👢 වගේ දේවල් මෙයාගේ ඇදුමේ තියනවා.
ඉතින් මේ විදියට තමයි mysterio ගේ විස්තර වෙන්නේ......එහෙනම් කට්ටියට ජයවෙවා ❤️

Comments

  1. එහෙනම් 2019 ස්පයිඩර් මෑන්
    චිත්‍රපටිය සුපිරිටම තියේවි.
    සුපිරි ලිපියක් බ්‍රෝ, thanx..🐮🐮🐮

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List