Beta Ray Bill


Beta-ray-bill with stormbreaker

පොඩිකාලේ  Beta-ray-billව දැක්කම හිතුවෙ thor විකෘති වෙලා කියලා.ඉතින් අපි බලමු කවුද මේ thor වගේම ඉන්න Beta-ray-bill කියලා.

කාලෙකට කලින් Korbiniteලගෙ ග්‍රහලෝකෙ suture සහ ඔහුගේ fire demonsලා විනාශ කලා. ඉතින් එහෙ ඉතිරි වෙච්ච korbinitesලා රණශූරයෙක් තෝරා ගැනීමට තීරණය කරනව. ඒ අවස්ථාවෙදි korbinitesලා බීටා රේ බිල් කියලා හඳුන්වන කෙනෙක්ව තෝරගෙන ඉතාමත්ම ශක්තිමත්, දරුණු ජීවියෙක් බවට පත්කලා.(Supersoldier කෙනෙක් කලා) 
Bill Supersoldier කෙනෙක් විදිහට
ඊටපස්සෙ කෝබිනිට්ලා බිල්ගේ space shipඑක එහෙමත් නැත්තම් skuttlebuttඑක අනුගමනය කරමින් ආරක්ෂිත තැනක් හොයාගෙන යද්දි S.H.I.E.L.D. එකේ satalite එකකට skuttlebutt එක අහුවෙලා fury ඒවෙලාවෙදි thorට ඒගැන පරික්ෂා කරන්න දැනුම් දෙනවා. ඉතින් thorව තමන්ට තර්ජනයක් කියලා හිතපු බිල් thor එක්ක සටන් කළා. සටනේදී thorව mjolnirඑකෙන් (මිටියෙන්) වෙන්වුණා. ඒ අවස්ථාවේ bill thorව shipඑකෙන් පිටතට ඇදලා දාලා mjolnir එක අතට අරගත්තා. මේ Billගෙ worthyබව වගේම Odinගෙ enchantmentඑක නිසා බිල්ට තෝර්ට සමාන බලයක් ලැබෙනවා ("Whosever holds this hammer, if he be worthy, shall possess the power of thor")
Billට Thorගෙ powers ලැබුණට පස්සෙ පෙනුම

ODIN All farther මෙම ගැටලුව විසඳන්න thorව සහ billව ඇස්ගාඩ් වෙත ගෙන්වලා දඬුවම විදිහට bill හා thorට මරණය දක්වා සටන් කරන්න අණ දෙනවා. මෙතනදී ආයෙමත් තෝර්ව පරද්දලා Bill ජයග්‍රහණය කළා. ඒත්,ඔහු Thorව මරන එක ප්‍රතික්ෂේප කලා. මේනිසා Odin Billව තමන්ගෙ අනිත් පුතා විදිහට සලකන්න කියලා ප්‍රකාශ කලා වගේම Odin විසින් බිල්ට ගෞරවයක් විදිහට uru වලින් හදපු strombreaker එක ලබාදුන්නා. (ඔව්. Comicsවලදි stormbreakerඑක billගෙ. මුල්ම Imageඑකේ තියෙන්නෙ ඒක. ඒවගේම comicsවලදි mjolnirඑක stormbreakerඑකට වඩා powerful) මේ සිදුවීම් වලින් පස්සෙ thor ඔහුව තමන්ගෙ සහෝදරයා විදිහට සැලකුවා. ඒවගේම දෙන්නා එකතුවෙලා ගොඩක් villainsලව පරාද කරලා තියෙනව. කොහොමවුණත් අන්තිමට galactus, Bill korbinitesලාව අරගෙන ගිය ග්‍රහලෝකයෙන් පෝෂණය වෙනවා. මේ නිසා ඉතුරුවුණ අන්තිම Korbinite තමයි Bill.

Powers:--

Bill කියලා කියන්නෙ තෝර්ගෙ නිවුන් සහෝදරයා වගේ කෙනෙක්. සමාන ශක්තියක් තියෙන කෙනෙක්.

Beta-ray-bill ට thorට සමාන බලයක් හා භෞතික ලක්ෂණ තියෙන අතර,රෝගවලට ප්‍රතිශක්තිකරණයක් තියෙනවා.

Superhuman strength :  බිල්ට  පහරකින් චන්ද්‍රයන් කුඩු කර දැමීමට ප්‍රමාණවත් ශක්තියක් ඇති අතර, ඔහුගේ මුළු ශක්තියෙන් මුළු ග්‍රහලෝකයක්ම කුඩු කරන්න පුළුවන්.

Superhuman speed: Stormbreakerඑක සමඟ ආලෝකයේ වේගයෙන් වුනත් පියාසර කරන්න පුළුවන්.

healing factor: තුවාල වූ විට, ඔහුගේ ශරීරය ඉතාමත්ම වේගයෙන් සුවවීමේ හැකියාවක් තියෙනවා.

Stormbreakerඑක මගින් teliport වෙන්නත් billට පුළුවන්.

Allspeak: ඔහුට සියලු ජීවීන් සමඟ සන්නිවේදනය කිරීම හා තේරුම්ගැනීමට පුළුවන්.

ඒවගේම bill ඉතාමත්ම දක්ෂ දරුණු රණශූරයෙක්. (Korbinitesලගෙ supersoldier කෙනෙක්)

Extra :

• Thor වැඩියෙන්ම විශ්වාස කරන කෙනා Beta-ray-bill කිව්වොත් නිවැරැදියි.

• Bill, Thor වෙනුවෙන් ඕනෙම දෙයක් කැපකරන්න තරම් තෝර්ට පක්ෂපාතී කෙනෙක්. (Thor unworthy කාලෙදි thorව හොයන් ඇවිත් stormbreakerඑක දෙන්නත් bill ලෑස්තියි)

• තෝර්ට පුළුවන් ඕනෙම දෙයක් තමන්ටත් පුළුවන් කියලා බිල් විශ්වාස කරනවා.

• සමහරු බිල්ව "horse thor" කියලා හඳුන්වනවා.

ඉතින් Beta-ray-bill ගැනත් post එකක් ලිව්වා.එහෙනම් අදට එපමණයි.

Post by Shane Perera

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List