Ghost


වෙනසකටත් එක්ක අද අපි බලමු Ghost කියන්නෙ කවුද කියලා.Ghost කිව්වම මතක් වුණේ 👻👈මේ වගේ කෙනෙක්ද??එහෙනම් අපි බලමු ghostගෙ කතාව. Ghost කියන්නෙ Ant man & the Wasp එකේ villain වුණාට comicsවලදි ghost කියන්නෙ Ironmanගෙ ප්‍රධාන හතුරෙක්. Ghostගෙ historyඑකට Tony Stark සම්භන්ධ වෙනවා.

History:--
Ghost කියන Supervillain වුණු පුද්ගලයා තමයි John Morly. මෙයා computer corporationඑකක data engineer කෙනෙක් වගේම GhostTechඑක නිර්මාණය කරන්නෙත් Johnමයි. Ghost tech කියන්නෙ Overheat වෙන්න කලින් intangible (ස්පර්ශ කල නොහැකි) වෙලා වැඩකරන පට්ටම advanced computer chips වර්ගයක්. companyඑකේ පාලකයො මිනිහගෙ බුද්ධිය පාවිච්චි කරලා අසාධාරණව සල්ලි හෙව්වා.
GhostTechඑක Project එක සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරී තත්ත්වයට හැදුනට පස්සෙ, Johnගෙ girl friend ඔහුට වුණ අසාධාරණය ගැන හෙළිකරනවා කියපු නිසා ආයතනයෙ ප්‍රධානින් Ghostගෙ girlfriendව මැරුවා. Girl friend මැරුණු නිසා John තදබල ලෙස මානසික ආතතියට පත්වුණා.
අවසානයේදී ඔහු GhostTech උපාංග ශරීරයට infused කරගෙන computer systemඑක සමග Cybernetic connection එකක් (ජීවින් හා යන්ත්‍ර අතර සන්නිවේදන සම්බන්ධතාවක්) හදාගෙන සම්භන්ධ වෙලා සැබෑ ලෝකයේදි ඔහුට තිබූ කම්පනයෙන් ගැළවීමට කටයුතු කලා. මේ නිසා Johnවත් intangible තත්ත්වයකට පත්වුණා වගේම company systemඑක මගින් girlfriendගෙ මරණයට වගකිවයුතු අය දැනගත්ත ghost මිනීමැරුමට සම්බන්ධ සේරම දෙනාව එකිනෙකා බැගින් මරලාදැම්මා.(මෙහෙම තමයි Ghost Moonstoneට තමන්ගෙ කතාව කිව්වෙ.)
මේ විදිහට හැදුණු Ghostව Roxxon Oil ප්‍රධානියෙක් වුණු Carrington Pax විසින් hire කරනවා. ඒ Accutech Research and Development එක විනාශ කරන්න. ඒත් Tony Stark, Accutechඑක මිලදී ගන්නවා. ඒ අතරෙදි Tony මේ companyඑක පරික්ෂා කරද්දි පොරට Ghostව හම්බවෙනවා. ඉතින් Iron Manට පරාදවුණ Ghost, Starkගෙන් පලිගන්න පොරොන්දු වෙනවා.
මේකාලෙදි Tony නිදාගන්නෙත් ironman armorඑකක් ඇඳන්.😂 ඒවගේම Spymasterවත් hire කරනවා. ඒත් ghost, Spymasterව මරනවා.
මේ නිසා බයවුණු Stark, Ghostට උගුලක් සෙට් කරනවා. කොහොමහරි Iron Man, beta particle generatorඑකකින් ghostව කොටුකරගත්තත් Ghostගෙ suitඑක overloadවෙලා පොළොව කඩාගෙන Ghostව වැටෙනවා. ඒත් ironmanට Ghostව හොයාගන්න ලැබෙන්නෙ නෑ.
කොහොම වුණත් කාලෙන් කාලෙට ghost ආයෙමත් Ironmanව මරන්න හැදුවත් ඒක සාර්ථක වෙන්නෙ නෑ.
අපි දැන් බලමු Ghostගෙ Abilities සහ skills.
Abilities:--
👻Ghost කියන්නෙ electronic උපාංග සහ computers පිළිබඳ ඉහළම දැනුමක් ඇති කෙනෙක්.
👻Marksmanship:
ගිනිඅවි සහ පුපුරන ද්‍රව්‍ය පිළිබඳව expertකෙනෙක්.
👻 Super Hacker:
Hackingවලට ඉතාමත් දක්ෂයි වගේම අසීරුවකින් තොරව අතිශය ආරක්ෂාකාරී ජාල තුලටද පිවිසිය හැකියි.
👻 Ghosting:
Cloaking device එක්ක හදපු battle suit එකක් පාවිච්චි කරනවා එමගින් ඔහුව ස්පර්ශ කල නොහැකි සහ අදෘශ්‍යමාන කරනවා වගේම වෙනත් කෙනෙක්ගෙ පෙනුම ගන්නත් පුළුවන්. ඒවගේම විවිධ දේවල් අදෘශ්‍යමාන සහ අස්පර්ශීය කල හැකි තාක්ෂණයක්ද පාවිච්චි කරනවා. ස්පර්ශය මගින් electronic devices අක්‍රිය කලහැකියි.
Justin Hammer,Kingpin,Norman Osborn වගේ අයටත් A.I.M එකෙත් ,Thunderbolts එක්කත් Ghost වැඩ කරල තියෙනවා.
Right ඉතින් ඕක තමයි Ghostගෙ විස්තරේ. මේ postඑක දාන්න හේතුව තමයි මේ අවුරුද්දේ July 06 release වෙන ANTMAN & the WASP එකේ ප්‍රධාන හතුරා විදිහට අපිට බලාගන්න ලැබෙන්නේ Ghostව වීම.ඒකෙදි නම් storyඑක මීට වඩා වෙනස් වෙයි. මම හිතන්නෙ ඒකෙ ghost ගෑනු කෙනෙක් වෙයි.(ඇත්ත⁣ටම කිව්වෙ)
© Shane Perera
#Tchalla

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List