Thanos


කවුද මේ Thanos කියන්නෙ???අද post එක ඒ ගැන.

    Marvel fan කෙනෙක් නම් අනිවාර්ය‍යෙන්ම Avengers Infinity War ෆිල්ම් එක ගැන දන්නවා. මේකේ villain වෙන්නෙ Thanos කියලත් දන්නවා ඇති කියලා හිතනවා.
 ඉතින් mcu film කිහිපයකම easter egg එකක් වුණ කෙනෙක් තමයි thanos කියන්නේ.
Marvel විශ්වයේ තැන තැන තියෙන Infinity Stones එකතු කරගෙන මුලු විශ්වයම පාලනය කරන එක තමයි thanosගෙ plan එක වුණේ.ඒත් මේ  Infinity Stones අල්ලන්න පුලුවන් ඉතාමත් බලවත්  අයට විතරයි.ඒ නිසා mcuඑකේදි මේ Infinity Stones වෙනත් වස්තුවක දාලා තමයි තියෙන්නේ.
ඉතින් Infinity Stones 6 ගන්න නම් thanos කොහොම කෙනෙක් වෙන්න ඕනෙද.trailers වලින් හොඳටම දැක්කනේ Thanos ඇවිත් Avengersලට ගහන හැටි කොහොමද කියලා. ඉතින් අද බලමු තෑනෝස් ගැන කොමික්වලින්.

 මෙච්චර powerful වෙන්න thanos කියන්නෙ මොන ජාතියෙ එකෙක්ද??ඇත්ත⁣ටම thanos eternal කෙනෙක්.
Eternal???

Eternalsලා ගැන දැනගන්න කලින් Celestialsලා ගැන දැනගන්න ඕනෙ.

Celestialsලා කියන්නේ දෙවියන්ට වගේ බල තියෙන විශ්වයේ ආරම්භයේ සිටම ජීවත්වුණ ආදී ජීවී කොට්ඨාශයක්.celestialsලා ජීවීන් වර්ග දෙකක් පරීක්ෂණ මගින් බිහිකලා Eternals සහ Daviants කියලා.Thanos eternal වර්ගයට අයිති කෙනෙක්.

Thanos infinity stones සේරම අල්ලන්න තරම් ඔච්චරම powerful වුණේ eternal කෙනෙක් නිසයි.

ඉතින් මීට අමතරව Thanos ගැන Comicවලින් බැලුවොත්,
තෑනෝස් eternal කෙනෙක් වුණත් විකරණය වුණ deviant ජානයක් ඔහුට තිබුණ නිසා(Deviant syndrome කියන රෝගය නිසා) thanos daviant කෙනෙක් වගේ විකෘතිව තමයි ඉපදුණේ. මේ විකෘති තෑනෝස්ගෙ ඇස්වලින් Deathව දකින තෑනෝස්ගෙ අම්මා තෑනෝස්ව දකින මුල් අවස්ථාවෙදිම මරන්න හදනවා. මේනිසා තෑනෝස්ගෙ අම්මට ජීවිතේ ඉතුරු කාලෙ ගතකරන්න වෙන්නෙ මානසික රෝගීන් ඉන්න රෝහලක. මේනිසා පොඩිකාලෙ ඉඳලම අනිත් eternalලා අතරෙ තෑනෝස් කොන්වුණා. ඒවගේම පොඩිකාලෙදි ඉතාමත්ම අහිංසක කෙනෙක් තමයි තෑනෝස් කියන්නෙ. ඒත් තෑනෝස්ට ටිකක් අමුතු ගති තියෙන ගෑණු ළමයෙක්ව හම්බවෙනවා. ඒ තමයි Death. ඉතින් Death තෑනෝස්ව ටිකෙන් ටික දරුණු දේවල් කරන්න පොළඹවනවා. ඉතින් තෑනෝස් වයසින් වැඩෙද්දි දරුණු සටන්කරුවෙක් වෙනවා. අන්තිමට තෑනෝස් තමන්ගෙ අම්මව ඇතුලු ගොඩක් දෙනෙක්ව මරනවා. ඒවගේම ටයිටන් විනාශ කරලත් නතර නොවෙන තෑනෝස් ග්‍රහලෝක යටත් කරගනිමින් තමන්ගෙ බලය විශ්වයේ පුරාම පැතිරුවා.ඒවගේම comicsවලදි මුලින්ම තෑනෝස් infinity gems එකතුකරන්නෙ විශ්වයේ භාගයක් මරන්න. මෙහෙම කරන්න මූලික හේතුව තමයි Deathව සතුටු කිරීම.
Death ගැන වැඩි විස්තර👇👇
https://slmarvelfansunited.blogspot.com/2018/09/death.html

FACTS:

•"The Mad-Titan" යනුවෙන් thanosව හැඳින්වෙනවා.ඒකට හේතුව thanosගෙ මව්ග්‍රහයා titan වීමයි.

•Chitauri  සහ outriders යනුවෙන් හැඳින්වෙන දැවැන්ත සේනාංක දෙකක් සහ Black order කියලා හඳුන්වන ආරක්ෂකයන් කණ්ඩායමක් thanosට ඉන්නවා.

•Gamora කියන්නෙ thanosගෙ හදාගත්ත දුව. ඒවගේම Nebula කියන්නෙ තෑනෝස්ගෙ මිණිබිරිය. Gamora පොඩිකාලේ nebula එක්ක සටන් කරල දිනන නිසා thanos වැඩියෙන්ම ආදරේ gamoraට.

•Marvel comics වලට අනුව thanos කියන්නෙ මාවල් විශ්වයේ වැඩිම මරණ ගණනක් කල පුද්ගලයා.

•තෑනෝස් කියන්නෙ විශ්වයේ දරුණුම සටන්කරුවන් අතර ඉන්න කෙනෙක්.

Post by Shane Perera

Our New Facebook Group👇👇




Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List