Spider Man (Miles Morales)


❤️🕷ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මොකක්ද මේ ස්පයිඩර් වර්ස් එක..? කවුද ඒකෙ ඉන්නෙ කියන එක...ස්පයිඩර් වර්ස් එක කියන්නෙ ස්පයිඩර් මෑන්ල ගොඩකගේ එකතුවක්..ඒ කියන්නෙ ස්පයිඩර් මෑන්ල ගොඩක් ඉන්නවනෙ..මයිල්ස් මොරල්ස් , බෙන් රයිලි , ස්පයිඩර් මෑන් 2099 , අයන් ස්පයිඩර් මෑන් , ස්පයිඩර් ක්නයිට් ඒ වගේ හැමෝම පොදුවෙ ගත්තහම ඒ හැමෝටම පොදුවෙ කියන්නෙ ස්පයිඩර් වර්ස් එක කියල..😎🕷ඒ කියන්නෙ හැම ස්පයිඩර් මෑන් කෙනෙක්වම ගත්තහම හැමෝගෙම එකතුවට කියන්නෙ ස්පයිඩර් වර්ස් එක කියල. ප්‍රශ්න තියෙයිනම් අහපන්...😍❤️මම මුලින්ම කිව්වෙ පීටර් පාකර් ගැන..ඉතින් අද කියන්න යන්නෙ ස්පයිඩර් වර්ස් එකේ තවත් වැදගත් චරිතයක් වෙන මයිල්ස් මොරල්ස් ස්පයිඩර් මෑන් ගැන...හැමෝටම ලේසි වෙන්න කොටස් වලට බෙදල කියන්නම්.😍🕷🕷🕷🕷.

❤️🕷නිකුත් කිරීම - Marvel Comics

❤️🕷මුල් වරට හදුන්වාදීම - Ultimate Fallout #4 (August 2011)

❤️🕷චරිත නිර්මාණය - බ්‍රයන් මයිකල් බෙන්ඩිස් සමග සාරා පිචෙලි

😍😎*මෙම චරිතය නිර්මාණය කිරීමේදී ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහ ඇමරිකානු නලු ඩොනල්ඩ් ග්ලෝවර්ගේ චරිතයන් , හැඩරුව , හැසිරීම වැනි ලක්ෂණ උපයෝගී කරගෙන තිබෙනව...🕷

😍😎*ස්පයිඩර් මෑන් නොහොත් පීටර් පාකර් සමග , නෝව සමග , මිස් මාවල් (කමලා ඛාන්.... පලවෙනි කමෙන්ට් එකේ පොටෝ එකක් දාන්නම්)සමග , ස්පයිඩර් වුමන් සමග එකිනෙකාට උදව් කරගත් ඉතා ශක්තිමත් පාට්නශිප් එකක් තිබිල තියෙනව....🕷

❤️🕷වෙබ් වොරියර්ස් (අල්ටිමේට් ස්පයිඩර් මෑන් කාටූන් සිරිස් එක බලපු උන් දන්නව...) , ද අල්ටිමේට්ස් ( කැප්ටන් ඇමරිකා , Giant මෑන් , Wasp , Iron Man , Thor ) , ඇවේන්ජර්ස්හි සුලු චරිතයක් විදිහටත් , චැම්පියන්ස් (මිස් මාවල් , හල්ක් , නෝව , සයික්ලොප්ස් ) නැමති කණ්ඩායම් වලට වැඩි හරියක් තම සහයෝගය දීල තියන චරිතයක් තමයි මයිල්ස් මොරල්ස් ස්පයිඩර් මෑන් කියන්නෙ....

❤️🕷හැදින්වීමට යොදාගත් වෙනත් නම් - කිඩ් අරච්නිඩ් (Kid Arachnid) , තමන්ගෙ ලෝකෙදි ඌව හදුන්වන්න යොදාගත්තෙත් ස්පයිඩර් මෑන් කියන නමම තමයි...ඒත් ඉතින් මේ සමාන්තර ලෝකෙට ආවට පස්සෙ පීටර්ටත් ස්පයිඩර් මෑන් කියල කියන නිසා මූව හදුන්වන්න භාවිතා කරපු නම තමා මයිල්ස් මොරල්ස් කියන්නෙ...හැබැයි මූ හරිනම් ස්පයිඩර් මෑන්ම තමයි...

😍🕷(2011 කරලියට පැමිණීමත් සමග ඇමරිකාව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් වුණු චරිතයක්...ඒ වගේම මූ ජනප්‍රියට පත්වීම එක්ක වොෂින්ටන් පෝස්ට් කියන පුවත්පතේ සදහන් උනා පීටර් දැන් ඔයාට වඩා හොද කෙනෙක් කට්ටියට හම්බෙලා වගේ කියල...මමනම් හිතන්නෙ එහෙම කියන එක එක්තරා ආකාරයක ගුණමකු කමක්...😡ඒ වගේම 2012 අල්ටිමේට් ස්පයිඩර් මෑන් කාටූන් සීරිස් එකටත් මයිල්ස් මොරල්ස්ව යොදා ගන්නව...ඒ උගෙ ජනප්‍රියත්වය නිසා...තව මේ අවුරුද්දෙ දෙසැම්බර් වලදි මුගෙ ඇනිමේටඩ් සීරිස් එකක් එනව Spider Man : into the Spider Verse කියල....මම හිතන්නෙ ඒක තමයි ස්පයිඩර් වර්ස් එකේ යලි පිබිදීම..ඊට පස්සෙ ගොඩ චරිත මේ විදිහට එයි කියල තමා ගොඩක් අය කියන්නෙ...)😍😍🕷

😎❤️🕷හරි හරි මාතෘකාවෙන් පොඩ්ඩක් පිටයන්න උනා....කතාවට එමුකො..මයිල්ස් ජීවත් වෙන්නෙ අම්ම එක්ක...අම්මගෙ නම තමයි රියෝ මොරාල්ස්...තාත්ත තමයි ජෙෆර්සන් ඩේවිස් කියන පොර..සාමාන්‍ය කෙනෙක් තරම් උසයි 5'8 වගේ වෙනව..බර 73 kg වගේ වෙනව...කොහොම හරි අර වගේම මුටත් පවර්ස් හම්බෙනව.ඒ කියන්නෙ මකුලුවෙ දෂ්ඨ කිරීමෙන්.හැබැයි ටිකක් පවර්ෆුල් විදිහට.මොකද Oz Formula එක නිසා..ඒ ගැනනම් ගොඩක් දන්නෑ....නමුත් පීටර් තරම් කපටි කෙනෙක්වත් බුද්ධිමත් කෙනෙක්නම් නෙමෙයි....🕷මූ ඉන්න Earth එක තමයි Earth 1610 (දෙවෙනි කමෙන්ට් එකේ පොටෝ එකක් ඇති)...එහෙදි මයිල්ස්ව හදුන්වන්නෙත් ස්පයිඩර් මෑන් කියලම තමයි..නමුත් අපේ Earth එක..ඒ කියන්නෙ Earth 616 ට ආවට පස්සෙ තමයි මයිල්ස් මොරල්ස් කියල හදුන්වන්න ගත්තෙ..😍😍❤️

😎🕷හරි ඊලගට කතා කරන්න හදන්නෙ මුගෙ විශේෂ හැකියාවන් ගැන..මම කලිනුත් කිව්වනෙ ටිකක් පවර්ෆුල් චරිතයක් කියල බුද්ධිමය පැත්තෙන් අඩුපාඩු තිබුණට....ඔන්න ඉතින් ඒක ඔප්පු කරන්නයි යන්නෙ...මූත් ඉතින් හැම එකාම අයිති වෙන කැටගරි එකට තමා අයිති..ඒ කියන්නෙ Human Mutate (මානව විකෘති) කැටගරි එකට...😍🕷

🕷❤️1.විශේෂ හැකියාවන් බැලුවහම අර වගේම සාමාන්‍ය සුපර් සෝල්ජ කෙනෙක්ට වඩා වේගය සහ ශක්තිය තියනව..තව සුපර් හියුමන් කෙනෙක්ට වඩා ශක්තියක් තියෙයි...සිතීමේ හැකියාවනම් ගොඩක් දුරට පීටර් එක්ක බලද්දි ගොඩක් දුර්වලයි...තව අවම වශයෙන් ටොන් 10 කිසිම ගාණක් නැතුව උස්සගෙන ඉන්න පුලුවන් කියල තමයි කියන්නෙ...

🕷❤️2.ඕනෑම රලු මතුපිටක කිසි ගාණක් නැතුව රැදිල ඉන්නත් පීටර්ගෙ තරම් නොවුණත් ශක්තිමත් මකුලු දැල් විදින්නත් පුලුවන් චරිතයක් තමයි මයිල්ස් මොරල්ස්...

🕷😍මම කලින්ම කිව්වනෙ ටිකක් පවර්ෆුල් වැඩි චරිතයක් තමයි මයිල්ස් මොරල්ස් කියන්නෙ කියල...ඔන්න ඒ මොකද කියල දැන් උබලට තේරෙයි.... 😁

🕷❤️3.Camouflage - උබල දැකල තියෙනව නේද සමහර සත්තු පරිසරයේ වර්ණයට අනුකූලව වර්ණය වෙනස් කරගන්නව...ඒ වගේම සමහර හමුදාකාරයො (ස්නයිප ගෝස්ට් වොරිය ගහපු උන් හොදට දන්නව මේක) පරිසරයේ වර්ණයට හැඩගැහෙන්න ඒ ඒ ගැලපෙන ඇදුම් අදිනව කියල...අහ් මයිල්ස් මොරල්ස්ටත් පුලුවන් ඒ වගේ...ඒක නිසා Secret විදිහට තමන්ගෙ වැඩේ කරගන්න පුලුවන් කෙනෙක් තමයි මයිල්ස් මොරල්ස් කියන්නෙ..ඉතින් පීටර්ට වගේ කපටිකම තිබ්බනම් කොහොම එකෙක් වෙයිද කියල හිතන එක උබලට බාරයි...😊එතනින් ගියහම තව සදහන් වෙනව ඉන්විසිබල් (නොපෙනී යා හැකි) පවර්ස් තියනව කියල යම් කිසි කාල පරාසයකට...❤️ඒකෙ ඇත්ත නැත්තනම් මම දන්නෙත් නැහැ...අල්ටිමේට් ස්පයිඩර් මෑන් සිරිස් එකේදිනම් මම ඒක දැක්ක (සැ.යු - උබල කාටූන් සීරිස් වලදි දකින දේවල් ගොඩක් විශ්වාස කරන්න යන්න එපා)...😊🕷❤️

🕷❤️4.තව විශේෂ දෙයක් තමයි ශොක් කරන්න පුලුවන් පවර් එකක් මූ ගාව තියනව...ඒ කියන්නෙ යම් කිසි රතු පැහැති විද්‍යුත් බලයක් වගේ දෙයක් මයිල්ස්ගෙ අත් දෙකේ තියනව.ඒ ගැනනම් ගොඩක් දන්නෙ නෑ...ඒකත් අනික් අයට නැති ඒත් මයිල්ස්ගෙ විශේෂත්වයක් විදිහට ගන්න පුලුවන්...😍

🕷❤️5.Venom Strike - වෙනම් සිම්බියොට් එකට ගොදුරු උන කෙනෙක් වගේ මහන්සියක් නොදැනීම පහර පිට පහර එල්ල කරන්න පුලුවන් චරිතයක්....ගොඩක් වෙලාවට ඒ තරම්ම නැතත් යම්තාක් දුරට ඒ සමානව බලවත්...ඒත් වීක් පොයින්ට් එක එහෙම නැත්නම් දුර්වලතාවය තමයි බැදීම් වලට ගොඩක් ආදරේ කරන එක...😍

🕷❤️6.Precognitive Spider Sense - යම් කිසි දෙයක් වෙන්න කලින් දෙයක් දැනෙනව....පීටර්ටනම් දැනෙන්නෙ යම්කිසි දෙයක් වෙන්න තත්පරයකට දෙකකට කලින්..ඒත් මයිල්ස්ගෙ සෙන්ස් එක ඊට වඩා ටිකක් විතර පවර්ෆුල්...😍

🕷❤️7.තව ඉතින් ශක්තිමත් මකුලු දැල් විදීම , යම් දෙයක් ක්ෂණිකව හදුනාගැනීමේ හැකියාව ඒ වගේම මිනිස්සුන්ව ඉතා ඉක්මනින් තේරුම් ගැනීමේ හැකියාවකුත් මයිල්ස් සතුව තියනව....😍

❤️🕷තව ගත්තහම මුගෙ ලෝකෙ ඒ කියන්නෙ Earth 1610 ඉන්න Villainla (විලන්ල) ටිකක් පවර්ෆුල් වැඩී....ගොබ්ලින්ට Wings එක්ක ඇගෙන් ගිනිගන්න සුලු බලයකුත් තිබිල තියෙනව මේ සමාන්තර ලෝකෙ...😊🕷

❤️😍🕷කවුරුත් වැඩිය දන්නෙ නැති උනාට ගොඩක් ජනප්‍රිය උන ගොඩක් දෙනා ආදරේ කරන චරිතයක්..ඒ වගේම ස්පයිඩර් වර්ස් එකෙ යම්කිසි ප්ලේස් එකක් තියන Character එකක් තමයි මයිල්ස් මොරල්ස් ස්පයිඩර් මෑන් කියන්නෙ....ඉතින් තවමත් ගොඩ දේවල් බලාගන්නත් මූ ගැන තියන ගොඩක් ප්‍රශ්නත් විසදගන්න මේ අවුරුද්දෙ ක්‍රිස්මස් සීසන් එකේ එන ඇනිමේටඩ් එකෙන් උබලට පුලුවන් වෙයි.....😍😍❤️

😊❤️ඉතින් මේක තමයි ස්පයිඩර් වර්ස් එක ගැන දෙවනි පෝස්ට් එක....ඒක දැම්මෙ මයිල්ස් මොරල්ස් ස්පයිඩර් මෑන් ගැන...ඉතින් ගොඩක් අඩුපාඩු , අත්වැරදීම් ඇති..දැන් වෙලාව පාන්දර එකයි පනහයි..උදේට දෙන්න ඕනි නිසා නිදිමතේ ලිව්වෙ...ඒක නිසා අකුරු මිස්ටේක් තියෙයිනම් සොරි...☺️අඩුපාඩු තියෙයිනම් අනිවාරෙන් කියහන්..ඒ වගේම උබලට මයිල්ස් මොරල්ස් ස්පයිඩර් මෑන් ගැනයි ස්පයිඩර් වර්ස් එක ගැනයි තියන ඕනිම ප්‍රශ්නයක් අහපන්..අනිවාරෙන් දන්න විදිහට කියාදෙන්නම්....🕷එහෙනම් පෝස්ට්‍ එක කම්මැලි උනත් මෙච්චර වෙලා කියෙව්වට උබලට තෑන්ක්ස්....ඊලගට ස්පයිඩර් මෑන් 2099 ගැන හෝ Cosmic එකා ගැන දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ....😍❤️🕷

✍️ Niroshan Jayasooriya ©

Our New Facebook Group👇👇

https://www.facebook.com/groups/312857299957300/?ref=share


#NiRosHaN 😎❤️🕷
#Marvel_Universe 😎❤️🕷
#Spider_Man_Forever 😎❤️

Comments

  1. තෑන්ක්ස් බ්‍රෝ.. සුපිරි ලිපියක්,
    දිගටම ඕනෙ, ජය වේවා !!!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List