Sentry

Post එකේ විස්තර කරන්නෙ සමහර අය අහල ඇති සමහර අය අහල නැති sentry ගැන.
Sentry කියන code name එකෙන් හැදින්නුවට මෙයාගේ නම Robert Reynolds . ඇත්තටම මෙයා meth වලට ඇබ්බැහි උන කෙනෙක් . 1947 දී canada වල department K කියන organization එකයි united states වල තවත් organization එකකුයි project එකක් පටන් ගන්නවා project sentry කියලා super human soldiers ලාව හදන . පස්සේ ඒක වෙන වෙන sub projects වලට කැඩෙනවා . ඔය එක project එකක් හම්බෙනවා cornelius කියන professor ට .. මම කලින් කිව්වා නෙහ් Reynolds කියන්නේ meth addicted කෙනෙක් කියලා . මෙයා professor වැඩ කරන lab එකට පැනලා ඒකේ තියන serum එකක් දැකලා ඒක බොනවා . Comics වල කියන හැටියට මෙයාට ඒක නිසා super nova මිලියනයක බලයක් හම්බෙනවා . පස්සේ Reynold , professor ට කියලා තව serum හදාගන ඒවත් බොනවා . ටික දවසකට පස්සේ reynolds ට තමන් ගැනම කලකිරිලා පරන ජීවිතය අතහැරලා superhero කෙනෙක් වෙන්න තීරනය කරනවා.
Powers :-
Molecular Manipulation - මේ power එක අනුව sentry ට අණු පාලනය කරන්න පුලුවන්. ඒක නිසාම එයාට වෙන super hero කෙනෙක්ට නැති විදිහට heal වෙන්න සහ ඕනම විදිහක attack එකකට ඔරොත්තු දෙන්න පුලුවන් . ඒ වගේමයි sentry ට පදාර්ථය සහ ශක්තිය හසුරවන්නත් පුලුවන් .
Materialization - මේකත් Molecular Manipulation වගේම power එකක් මේ power එකෙන් කියවෙන්නෙ sentry ට හැකියාව තියනවා ඕනම දෙයක අණු හැසිරවීම මගින් තමන් කැමති ඕනෑම දෙයක් නිර්මාණය කරන්න
Superhuman Strength - හුගක් super heroes ලාට වගේම sentry ටත් මේ power එක තියනවා . තාම මෙයාට උස්සන්න පුලුවන් උපරිම බර ගැන හරි සදහනක් නෑ . හැබැයි marvel ලා කියනවා මෙයාට ton 100k කිසි ප්‍රශ්නයක් නැතුව උස්සන්න පුලුවන් කියලා . ඒ වාගෙම marvel ලා කියලා තියනවා sentry ට hulk ගේ අස්තියක් උනත් කිසි ප්‍රශ්නයක් නැතුව කඩන්න පුලුවන් ලු ..
Superhuman Speed - ඒ වාගෙමයි sentry ට ආලෝකයේ වේගෙටත් වඩා වෙගයෙන් ගමන් කරන්න පුලුවන් . පෘථිවියේ ඉදලා ඉරට යන්න sentry ට යන්නේ විනාඩි 8ක් වගේ වේලාවක්.
Superhuman Stamina - ඒ වාගෙමයි sentry ට කොපමණ වැඩ කරත් සාමාන්‍ය මිනිසුන්ට වගේ වෙහෙස දැනෙනේ නෑ.
Superhuman Reflexes - sentry ට තියන තවත් එක් බලයක් තමයි ඕනම දෙයකට ඉක්මනට ප්‍රතිචාර දැක්වීම . Marvel fanbase එකේ හැටියට sentry ට ශබ්දයේ වේගෙටත් වඩා ඉක්මනින් ප්‍රතිචාර දක්වන්න පුලුවන් .
Superhuman Senses - sentry ට ඕනෑම ශබ්දයක් ඇසීමේ හැකියාවක් පවතිනවා . ඒ වාගෙම භාදක කිහිපයක් හරහා උනත් දිගු දුරක් දැකීමේ හැකියාවක් මොහුට තියෙනවා . Comics වල තියන හැටියට sentry ට africa වල ඉන්න සමනලයෙකුගේ heart beat එක පවා ඇහෙනවා.
Flight - ඒවාගෙමයි sentry ටත් super man වගේම ගුරුත්වාකර්ෂණයට එරෙහිව පියාසර කිරීමේ හැකියාවක් පවතිනවා . මොහුගේ පියාසර වේගය mach 10 ට වඩා වැඩිය .
Nigh Invincibility - sentry තමන් මියයාමට සූදානම් යැයි සිතුවහොත් හැර ඔහුට තුවාල සිදුකල හැකි වෙන ක්‍රමයක් නැත . Nick fury සහ Tony Stark කිහිප වරක්ම උත්සහ කලද ඔවුනට sentry ට පහර දිය හැකි ක්‍රමයක් සොයා ගැනීමට නොහැකි විය .
Photokinesis / light projection - මෙම බලයන් දෙකම එක හා සමානය . Sentry ට තමන් විසින්ම ආලෝකය නිපදවිය හැකි අතර ඔහුට එම ආලෝකයේ පැහැය හා ගමන් කරන දිශාව වුවද පාලනය කල හැක
Energy Blasts - sentry හට තම ශරීරයෙන් කහ පැහැයෙන් යුක්ත ශක්තීන් නිකුත් කල හැකි අතර එම ශක්තීන්ගෙ උපරිම බලය ගනනය කිරීිමට පවා අපහසු බව පැවසේ.
Psionic Abilities - sentry හට x men හී professor charles මෙන් මනසින් දේවල් පාලනය කිරීමේ හැකියාවක් පවතී . Charles තරම් powerful නොමැති වුවද වරක් sentry ව්සින් පුද්ගලයෙකුගේ මනස සම්පූර්නයෙන් මකා දමා ඇත.
Biokinesis - මෙම බලය අනුව sentry හට තම ශරීරයේ ඕනෑම දෙයක් තමන්ට උවමනා ලෙස වෙනස් කරගත හැක . උදා : කොන්ඩය , මුහුන , සමේ පාට
එමෙනම sentry හට වෙන තමන්ගේ මෙන්ම වෙන අයගේද ශරීර වෙනස් කිරීම මගින් ලෙඩ රෝග සුව කල හැක .
Resurrection - මෙම බලය තවම හරිහැටි පාලනය කල නොහැකි වුවද sentry හට මියගිය අය හට නැවත පණ ලබා දිය හැක . වරක් ultron මරා දැමූ සිය බිරිදව ස්පර්ශ කිරීම මගින් sentry ඇයට පන දී ඇත .
Regenerative Healing Factor - සියල්ලන්ටම වඩා දියුණු healing factor එකක් sentry ට ඇත .වරක් thor විසින් sentry ගේ ඔලුව කුඩු කරනු ලැබුවද නැවත එය පෙර තිබූ ලෙසටම නිර්මාණය විය .
Power Sharing - sentry හට තමාගෙ බලය තමන් කැමති ලෙස අන් අය හා බෙදාගැනීමේ හැකියාවක්ද ඇත
Immortality - sentry යනු තමා මියයායුතුයි කියා සිතනා තෙක් අමරණීය පුද්ගලයෙකි.
Weaknesses :-
Mental Illness - කෙතරම් බලයක් තිබුනද sentry ගේ මනස ස්ථාවර නැත .ඔහුගේ මනසේ මනස ස්ථාවර නොවීම නිසා ඔහුගේ බලයන්ද ඒහා අනුලෝමව වෙනස් වේ..
The Negative Zone - මෙම ස්ථානයේ සිටින විට sentry ගේ බලයන් ක්‍රමයෙන් දුර්වල වේ .. නමුත් ඒවා නැති නොවේ.
Psychic Assault - මනස ස්ථාවර නොවිම නිසා ඔහුට කියනු ලබන සෑම negative දෙයකටම තව තවත් මොහුගෙ මනස අවුල් වේ ..
මේ තමා මම sentry ගැන හොයාගත් විස්තර ටික . මේකේ නැති ඔයාලා දන්න වෙන මොනාහරි තිබ්බොත් ඒවත් comment කරන්න .
M.P

Our Facebook Group 👇👇
https://www.facebook.com/groups/1936179566669834/

Comments

  1. Aiye Sentry molecule man va maruwa ne. Ethakota sentry neda 5th most powerful character eka?

    ReplyDelete
  2. හීරෝස්ලගෙ රිලේශන්ශ්ප්ස් ගැන පෝස්ට් දාන්නකො

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List