Daredevil

"The man without fear" ලෙස හදුන්වන Daredevil (ඩෙයාඩෙවිල්) ගැන තමයි අද පෝස්ට්එක දාන්නෙ.Stan Lee සහ Bill Everett විසින් නිර්මාණය කල ඩෙයාඩෙවිල්ව පළමුවරට අපිට බලාගන්න ලැබෙන්නේ 1964දි අප්‍රේල් මාසයේ නිකුත්කල Daredevil #1 කියන කොමික් එකෙන්.

       මැතිව් මර්ඩොක් කියන්නේ තාත්තා එක්ක NewYorkවල Hell's Kitchen කියන ප්‍රදේශයේ ජීවත්වුණ ළමයෙක්.මැට්ගෙ තාත්තා boxing ශූරයෙක්.
දවසක් මැට් දකිනව අන්ධ කෙනෙක් ට්‍රක්එකක් එන පැත්තට ඇවිදන් යනව. මැට් ඒ මනුස්සයව තල්ලු කරල අනතුරෙන් බේරගන්නව. ඒත් ට්‍රක් එක හැප්පිලා ඒකෙන් රසායනද්‍රව්‍යයක් මැට්ගේ මූණට වැටිල මැට් අන්ධ වෙනවා. මේ නිසා ඉස්පිරිතාලෙක සුවවෙමින් ඉද්දී මැට් තමන්ගෙ ශ්‍රවණය,ආග්‍රහනය,රසදැනීම,ස්පර්ශය ඉතාමත්ම වර්ධනය වෙලා කියල ඔහු තේරුම්ගන්නවා. ඒවගේම ඔහු මානසිකව "Radar sense" නම් ඔහු වටා තියෙන දේවල් රූප ලෙස ගොඩනගාගැනීමේ හැකියාවක් දියුණු කරගන්නවා.

ඔහුට මුල් කාලයේදී මෙම සංවේදන විශාල අපහසුවක් සහ වේදනාවක් වුණා. නමුත් මේ අසාමාන්‍ය සංවේදන පාලනය කරගන්න මැට් පුහුණු වුණා. ඔහු මේ දෙය රහසක් ලෙස තබාගෙන සාමාන්‍ය අන්ධ කෙනෙක් වගේ ජීවත් වුණා.
මැට් ළමා කාලයේදී ඔහුගේ හැකියාවන් දියුණු කරන්න පුරුදු වෙනවා. ඒ වගේම අන්ධ පුද්ගලයින් භාවිතා කරන සැරයටිය යොදාගනිමින් සටන් කරන්න ඉගෙනගත්තා. Stick කියලා තවත් අන්ධ වැඩිහියෙක් මැට්ගෙ හැකියාවන් දියුණු කරගන්න උදව් වෙනවා. මේ අතරෙ යම්කිසි කෙනෙක් එයාගේ තාත්තාව මරා දැමීම නිසා මැතිව් අනාථ වෙනවා.
       වැඩි වියට පත්වුන මැට් මර්ඩොක් දහවලේදී නීතීඥයෙක් ලෙස පත්වී කටයුතු කරනවා. පොදු නීතියට හසු නොවන අපරාධකරුවන්ට ඔහු Daredevil හැටියට රාත්‍රියේදී තම බල ප්‍රදේශය වන Hell's kitchen හා අවටදී දඩුවම් කරන්න පටන් ගන්නවා. ඒවගේම විවිධ කාලවලදී මැට් Elektra, black widow වගේ අයගෙ පෙම්වතා වෙලා ඉඳලා තියෙනවා.

ඉතින් ඩෙයාඩෙවිල්ගෙ කතාව ඔහොමයි.ඉතින් අපි දැන් powers සහ abillities ගැනත් බලමු.

Powers :--

• Peak human strength Peak human speed

•Superhuman Reflexes: තුවක්කුකරුවන් කිහිපදෙනෙක් එකවර වෙඩි තබන විට මිදීමට තරම් වේගවත් නම්‍යශීලීත්වයක් තියෙනවා.

•Enhanced Stamina: මැට් හට, මහන්සිය දැනීම අඩුයි.ඒවගේම වතුර යට සැලකිය යුතු කාලයක් හුස්ම නොගෙන සිටීමට ඔහුට හැකියි.

•Enhanced Endurance:වේදනාවන් සඳහා ප්‍රතිරෝධීබවක් දැක්වීමට මැට් හට හැකියි.

•Enhanced Tracking: දින හෝ සති ගණනක් පරණ අඩිසටහන් පසුපස හඹායාහැකියි.

•Sonar Sense: ඩෙයාඩෙවිල්ට සෝනාර් තරංග පිටකල හැකියි, එමගින් අවට ඇති දෑ සහ දුර ප්‍රමාණ හදුනාගත හැකියි.

•Enhanced senses:
වායු ධාරා සහ ශරීර උෂ්ණත්වයන් හරහා ඔහු වටා සිටින අයව ඔහුට දැනේ. ඔහුට වාතය හරහා කපා හැරීමෙන් චායාවන් නිර්මාණය කල හැකිය. මිනිසුන් චලනය වනවිට බිත්ති හරහාද පෙනේ.

• Enhanced balance: මැතිව් අතිශයින් සමබර වේ.ජිම්නාස්ටික් හැකියාව ඉහළ මට්ටමක පවතී.

•Lie Detecting: හදගැස්ම සිදුවන ආකාරය අනුව මිනිසුන් බොරු කියන්නේද නැද්ද කියා තහවුරු කිරීමට හැකිවේ.

•Enhanced smell : බල්ලෙකුට වඩා තියුණු වන ඉවක් ඇත.

•Enhanced hearing: ඩෙයාඩෙවිල්ගේ ඇසීම අතිශයින් තියුණු වන අතර, ඔහුට පැහැදිලිව සංවාදයන්, හදගැස්ම හා හුස්ම පවා ඇසිය හැකිය.

•Echolocation: ශබ්දයට සවන් දීමෙන් ඔහුගේ පරිසරය තුළ ඇති දේ සොයා ගැනීමට ඔහුට හැකි වේ.අසල ඇති වස්තූන් වලින් ඇතිවන ශබ්ද තරංග, ඒවායේ පිහිටීම සහ ප්‍රමාණය නිවැරදිව හඳුනාගත හැකිය.

•Telepathic Immunity: mattට තම මනස කියවිය නොහැකි ලෙස පවත්වා ගත හැකිය.

•Proximity Sense: ඔහුගේ sense වලින් වටපිටාව මනසේ ගොඩනගාගත හැකියි.

•Person Identification:
 එකිනෙකාට ආවේණික විශේෂ රටාවන් භාවිතා කර ශබ්දය ,ස්පර්ශය ,හදගැස්ම ,සුවඳ සහ radar දර්ශනය මගින් පුද්ගලයින් නිවැරදිව හදුනාගන්න පුළුවන්.

Abilities:--

The Man Without Fear: වසර ගණනාවක පුහුණුව මගින් බය නැති කරගැනීමට හැකියාවක් ලබා තිබෙනවා. මේ හැකියාව නිසා fear toxins සහ spells වලට ඩෙයාඩෙවිල් ප්‍රතිරෝධී වෙලා තියෙනවා. මේනිසා ඩෙයාඩෙවිල්ට "The Man Without Fear" කියල කියනවා.

Indomitable Will: ඩෙයාඩෙවිල් කවදාවත් අතහරින්නෙ නෑ,ඔහුට ශක්තිමත් අධිෂ්ඨානයක්,නොනැවැත්විය හැකි ධෛර්යයක් තියෙනවා.

Master Detective: මැට් අතිදක්ෂ අපරාධ පරික්ෂකයෙක්, ඔහුගේ senses වලින් සංකීර්ණ අපරාධ ඉතාමත්ම පහසුවෙන් විසදීමට හැකියි. ඒත් ඔහුට තමන්ගෙ හැකියාවන් ගැන අනිත් අයට කියන්න බැරි නිසා සාමාන්‍ය lawyer කෙනෙක් විදිහටම උසාවියේදි හැසිරෙන්න Mattට සිදුවෙනවා.

Master Acrobat: ඔහු සුපිරි athlete කෙනෙක්, ජිම්නාස්ටික්කරුවෙක් සහ කරණම්කරුවෙක්.

Master Martial Artist: katana sword, nanchaku, batons,වැනි ආයුධ වල සුපිරි පුහුණුවක් ඇති අතර තාත්තගෙ ආභාශය නිසා අතිශය දක්ෂ boxer කෙනෙක්. ඔහු විශේෂයෙන්ම Stickඑක මගින් කරන ninja artsවල දක්ෂයෙක්.ඒවගේම Ninjutsu, Jui-jitsu, Aiki-Jujutsu, Savate, Kung Fu, Judo, Krav Maga, Silat, Karate, Capoeira, Eskrima, Aikido, සහ Greco-Roman Wrestlingවල අති දක්ෂයෙක්.(වැඩිය නෑනේ)

Weaknesses:--

 ඉතින්  ඩෙයාඩෙවිල්ගෙ හැකියාවන් නිසාම සමහර වෙලාවට ඔහුව දුර්වල වෙනවා.ඒක වෙන්නෙ මෙහෙමයි.

Blindness: Daredevil අන්ධ නිසා senses වලට බාධා ඇතිවන අවස්ථාවලදී අපහසුතා ඇති වෙනවා.

Superhuman Sense Disruption: Daredevilගේ senses නිසා අධික ශබ්දයන් වැනි දෑ වලින් ඔහුව දැඩි වේදනාවන්ට පත්වෙනවා.ඒවගේම ඒ නිසා ඔහුගේ senses තාවකාලිකව දුර්වල වෙනවා.

Radar Sense Disruption: එකවගේම ගොඩක් වස්තූන් ,ශබ්ද ,සහ ගන්ධයන් නිසා radar sense වල තාවකාලික ගැටලු ඇතිවෙනවා.

Vurnerabilty to Superhuman Speed: Radar sense එකෙන් දැකිය නොහැකි තරම් වේගවත් දේවල් සහ පුද්ගලයන් ඔහුට තවත් ප්‍රශ්නයක්.

තමන්ගෙ superhuman senses වලින් සංකීර්ණ අපරාධ ඉතාමත්ම පහසුවෙන් විසදීමට හැකි වුනත් තමන්ගෙ හැකියාවන් ගැන අනිත් අයට කියන්න බැරි නිසා සාමාන්‍ය lawyer කෙනෙක් විදිහටම උසාවියේදි හැසිරෙන්න Mattට සිදුවෙනවා.

ඉතින් Daredevil ගැනත් පෝස්ට් එකක් දැම්මා.ආයෙත් දවසක තවත් පෝස්ට් එකකින්  හම්බවෙමු.

post by Shane Perera

Our Facebook Group 👇👇


Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List