Black panther (mcu)




අද postඑක Black panther ගැන.මුලින්ම අපි black pantherගෙ කතාවට අදාල දේවල් බලමු. (මේ පෝස්ට් එක marvel cinematic universeඑකේ black panther ගැන. Comicsවල black panther ගැන බලන්න පෝස්ට් එකේ අන්තිමට link එකක් තියෙනවා. Stories දෙක ගොඩක්ම වෙනස්)

අවුරුදු මිලියන ගාණකට කලින් වයිබ්‍රේනියම් වලින් හැදුන උල්කාපාතයක්,එහෙමත් නැත්නම් විශ්වයේ ශක්තිමත්ම දෙයක් අප්‍රිකානු මහද්වීපයට වැටුනා. ඒ අවට ශාක වලට වයිබ්‍රේනියම් වල විකිරණ අවශෝෂණය වුණා.මානව යුගය උදාවෙද්දී ගෝත්‍රයන් 5ක් එහි ජීවත් වෙන්න පටන් ගත්තා. මේ ගෝත්‍ර 5 ඒ ප්‍රදේශය වකන්ඩා කියල නම් කරා.ඒත් මේ ගෝත්‍ර ජීවත් වුණේ එකිනෙකා සමඟ නොනවතින යුද්ධයක් එක්ක. මේ අතරේ බෂින්ගා නම් එක් රණශූරයෙක්ට බැස්ට් කියලා හඳුන්වන ඊජිප්තු ව්‍යාඝ්‍ර දේවතාවිය දර්ශනයක් මගින් වයිබ්‍රේනියම් උඩ වැවුණ හදවත් හැඩැති පැළෑටිය(heart shaped herb) පෙන්නුවා. ඒ පැළෑටියෙන් ඔහුට සුපිරි ශක්තියක් ,වේගයක් සහ උසස් බුද්ධියක් ලැබුණා.රණශූරයා රජ වෙලා,පළමු බ්ලැක් පැන්තර් ලෙස වකන්ඩාවේ ආරක්ෂකයා බවට පත්වුණා. මේ සිදුවීමෙන් පසුව ගෝත්‍රයන් 4ක් රජු යටතේ ජීවත් වෙන්න එකගවුණා. නමුත් ජබාරි ගෝත්‍රය කදු මුදුන් වල වෙනම ජීවත් වුණා. වකන්ඩානුවන් වයිබ්‍රේනියම් පාවිච්චි කරල තාක්ෂණය දියුණු කරගෙන අනිත් හැම ජාතියකටම වඩා දියුණු වුණා. අනිත් රටවල් යුද්ධ කරද්දි වයිබ්‍රේනියම් ආරක්ෂා කරගන්න වකන්ඩාවල තැනිතලා ප්‍රදේශයට ආවරණයක් යොදල තමන්ගෙ සැබෑ බලය සගවන්න ගෝත්‍ර නායකයන් තීරණය කලා. ඒනිසා බාහිර ලෝකයට wakandaව පේන්නෙ 3rd world country එකක් හැටියට.


ඉතින් ඔහොම කල්යද්දි තරුණ T'chakaට (ටි චකාට) blackpanther තනතුර ලැබෙනවා.

කාලය ගතවෙද්දි වයසට ගිය T'Chakaව සමුළුවකදී බෝම්බ පිපිරීමකින් මැරෙනවා.(මේ scene යන්නෙ civil war එකේ.)

T'chakaගෙ පුතා තමයි T'challa.(ටිචාලා)T'Challa කියන්නෙ අනෙක් අයට ඉතාමත් ගරු කරන කෙනෙක්,විශේෂයෙන්ම T'chakaට.

T'Challa තමන්ගෙ හතුරන්ගේ ජීවිතයට පවා ගරු කරන කෙනෙක්.T'challa Erik Killmongerව මැරෙන්න කලින් ඔහුගේ ආශාව වුණ Wakandaවෙ ඉරබැසීම බලන එක ඉෂ්ටකලා.

ඒවගේම T'challa වැඩිය කතානොකරන කෙනෙක්.සාමාන්‍යයෙන් කතා කරන්නෙ කෙටි වාක්‍ය වලින්.

Civil war එකේදි වුණ තාත්තාගෙ මරණෙන් පස්සෙ බ්ලැක්පැන්තර් විදියට ඊලඟට පත් වෙන්න t'chllaට සිද්ද වෙනවා.

මේකට නිකායන් 6 න් තමන්ට අභියෝග කරන ඕන රණකාමියෙක් එක්ක සටන් කරල දිනන්න ඕනෙ.ඊලඟට වකන්ඩා වල හැදෙන සුවිශේෂ පැළෑටියක් තියෙනවා "හාර්ට් " (Heart) එකක හැඩයේ.නිකාය විශ්වාස කරන්නේ ඒක Bast විසින් නිකායේ නායකයා වෙන කෙනාට ශක්තිය ලබාදෙන්න මවපු දෙයක් කියලා.තෝරාගන්න කෙනාට මේ පැළෑටියේ යුෂ බොන්න දෙනවා.එහෙම බිව්වම abilities වර්ධනය වෙනවා.ඉතින් ඔහොම තමයි t'challa බ්ලැක් පැන්තර් (king of wakanda)වෙන්නේ.

Wakandaවල Kingට පෞද්ගලික Armyඑකක් තියෙනවා.ඒකේ නම Dora Milaje.(අර තට්ටෙ ගාපු ගෑනු අය ඉන්නෙ)Wakandaවලට වෙනම තවත් armyඑකක් තියෙනවා rhino squad එකකුත් එක්ක.

Blackpantherට විශේෂ vibranium ඇදුමක් තියෙනවා කියලා ඔයාල දන්නවා ඇතිනෙ.ඒකට panther habit කියලයි කියන්නෙ.T'challa panther habit දෙකක් පාවිච්චි කලා.පලවෙනි එක හැදුවෙ T'challa.දෙවනි panther habitඑක හැදුවෙ T'challaගෙ නංගී Shuri.දෙවනි එක තමයි සුපිරිම.

මම Panther habitඑක ගැන ලාවට Advanced විදිහට දාපු postඑක මේ link එකෙන් ගිහින් බලන්න.👇👇

https://m.facebook.com/groups/1936179566669834?view=permalink&id=2024929977794792

Panther habitඑක ගැන බලන්න ඇතිනෙ.එහෙනම් දැන් Black pantherට තියෙන Powers and Abilities ගැන බලමු.

Powers:--

Heart-Shaped Herb Enhancement:

Heart shaped herb පානයට ගත් පසු T'Challaගෙ physical ස්වභාවය supersoldier කෙනෙක් එක්ක සන්සන්දනය කරන්න පුළුවන් තරම් වැඩිවුණා.

Enhanced Strength:

Heart-Shaped Herb නිසා T'Challa අතිශය ශක්තිමත් වුණා.Black panther ෆිල්ම් එකේදි හෙල්ලයකින් ගසා wakandan plane එකක් බිම දැම්මා.ඒ සේරටම වඩා වේගයෙන් දුවගෙන එන Rhino කෙනෙක්ව බිම දානව අපි දැක්කා.(සාමාන්‍යයෙන් ඒ වගේ rhino කෙනෙක් ටොන් 2ක් විතර වෙනවා)H.S.H. පානය කරන්න කලිනුත් civil war එකේදී winter soldier සහ captain-america සමඟ පහසුවෙන් Blackpanther සටන් කලා.

Enhanced Speed:

T'Challaට සාමාන්‍ය මනුෂ්‍යයන් ඉක්මවන වේගයකින් දිවීමට හා චලනය වීමට පුළුවන්.

Enhanced Senses:

Wolverineටත් වඩා වැඩි sense එකක් තියෙනවා.senseඑක පාවිච්චි කරල target track කරන්න පුළුවන්.

Enhanced Stamina:

T'Challaගෙ පේශිපද්ධතිය අඩු වෙහෙසක් නිපදවන ව්දිහට හැදිල තියෙනවා.

Enhanced Durability:

T'Challa සාමාන්‍ය මිනිසුන්ට වඩා ගොඩක් සවිමත්.Winter Soldierට bionic අතක් තිබුණත් civil warඑකේදි panther habitඑක නැතුව fight කලා. Vienna පිපිරුමේදිත් බේරුනා.

Regenerative Healing Factor:

වේගවත් සුවවීමේ හැකියාවක් තියෙනවා.Heart-Shaped Herb පානය කලාට පස්සෙ Black Panther වීමට කරන සටනේදී දරුණු තුවාල ලැබුණත් පැය කිහිපයක් තුළ සුව වුණා.

Enhanced Reflexes:

The Heart Shaped Herb නිසා T'Challaගෙ reflexes හොදින් වැඩි වුණා. T'Challa ඊට කලිනුත් Hawkeyeගෙ ඊතල ක්ෂණිකව ඇල්ලුවා.

Abilities:--

Genius-Level Intellect:

T'challaට ඉහළ මානසිකත්වයක් සහ බුද්ධියක්

තියෙනවා.ඔහුට තම රටේ ඇති විශිෂ්ටතම සම්පත භාවිතා කරමින් තමාගේම Panther Habit නිපදවීම සඳහා ප්‍රමාණවත් තරම් බුද්ධියක් තියෙනවා.

Master Martial Artist:

සටන් පිළිබඳ විශේෂ හැකියාවක් ඇති Wakanda ආරක්ෂා කිරීම සදහා ශ්‍රේෂ්ඨතම warrior වීමට පුරුදු වුණ martial artist කෙනෙක්.ඒ වගේම බොහෝ martial art ප්‍රගුණ කල කෙනෙක්.

Master Tactician:

T'challa උපාය මාර්ග හා උපක්‍රමවල master කෙනෙක් .vibraniumවල දුර්වලතා භාවිතා කර killmongerව පැරදවීම උදාහරණයක් ලෙස දැක්විය හැකියි.

කොමික් වලදි,Black panther Avengers සාමාජිකයෙක් සහ illuminati සාමාජිකයෙක්ද වෙනවා.ඉලුමිනාටි කියන්නෙ Black Bolt, Tony Stark, Bruce Banner, Medusa, Hank Pym සහ Doctor Strange ඇතුලු Marvel Universeඑකේ බුද්ධිමත්ම සහ බලවත්ම charactersලගෙ group එකක්.

මීට අමතරව දාන්න කරුණු නම් මට මතක් වුණේ නෑ.ඉතින් අද postඑක මෙතනින් නවත්තනවා. කොමික්වල Black panther ගැන පහත linkඑකෙන් බලන්න. 👇👇
https://slmarvelfansunited.blogspot.com/2018/09/black-panther.html



© Shane Perera

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List