World War Hulk

මේක දාන්නෙ තාම Comics කියවන්න පටන් අරන් නැති අයට Comics ,comic based movies/animation/cartoons වලට වඩා කොච්චර පට්ට ද කියල පෙන්නන්න.

මේ video එක youtube එකේ comicstorian කියන channel එකට අයිති එකක්.ඒක ට්‍රාන්ස්ලේට් කරල මේක ලිව්වෙ.සමහර තැන් වල අවුල් ඇති කියවල ඉවර වෙලා video එක බලපුහම තේරෙයි.English අවුලක් නැත්තම් video එක විතරක් බලන්න.

https://www.youtube.com/watch?v=Dywyv7EH9hw

story ය දන්න අය ps:- වල අන්තිමට දාපු facts වැරදී නම් පෙන්නල දෙන්න.

මේ WW hulk story යෙ සාරාංශයක් වගේ එකක් ,සම්පූර්ණ story යෙ මීට වඩා සුපිරි සීන් ගොඩක් තියෙනව (උදා:hulk vs ghost rider ,hulk vs xmen)
World War Hulk කියවන්න කලින් ඒකට පාර කැපුන Planet Hulk comic එක කියවල තියෙන්න ඕන ඒකත් කෙටියෙන් මතක් කරල story එක පටන් ගන්නව.

ගොඩක් අය ඇහුව civilwar(comic) එක වෙලාවෙ hulk හිටියෙ නැත්තෙ ඇයි කියල,ඒකට හේතුව hulk පෘථිවියෙ ඉන්නකොට තර්ජනයක් නිසා illuminati සංවිධානය තීරණය කරනව හල්ක් ව පෘථිවියෙන් පිටුවහල් කරන්න.

රීඩ් රිචර්ඩ්ස්(mr fantastic),බ්ලැක් බෝල්ට්,ස්ටීවන් ස්ට්‍රේන්ජ්,අයන් මෑන් ඇතුලු illuminati සංවිධානයේ ප්ලෑන් එක උනේ හල්ක් ව සිහිනැති කරල ජෙට් එකක දාල හල්ක් ට විනාශ කරන්න දෙයක් නැති ග්‍රහලෝකෙ යවන්න.
ඒත්,යන අතර මගදි hulk ට සිහිය ඇවිත් තමන් යාලුවො කියල හිතන් හිටපු අයගෙන් පණිවිඩයක් ලැබෙනව ඇයි ඔහුව අභ්‍යාවකාශෙට යැව්වෙ කියල.hulk ට පට්ටෙට 😠 තරහ ගිහින් ඔහු ඉන්න space ship එකේ හැම තැනටම පහර දෙනව,ඒක නිසා යානාව නියමිත ගමන් මාර්ගයෙන් පිට ගිහින් වෙනත් ග්‍රහලෝකෙකට වෙටෙනව.

මේ ග්‍රහලෝකෙ ඉන්නෙ සුපිරි ශක්තියක් තියෙන ග්ලැඩියේටර්ස් ල,හල්ක් ට දැනෙනව මේ අය එක්ක හිටියොත් තමන්ට හානියක් වෙන්න පුලුවන් කියල ඒක නිසා hulk ,bruce දෙන්න එකග වෙනව බෲස් ගෙ බුද්ධිය එක්ක හල්ක් ගෙ ස්වරූපයෙන් ඉන්න,ඒකෙන් දෙන්නම ආරක්ෂා වෙන නිසා.මේ වාසිය(ශක්තිය +බුද්ධිය) නිසා හල්ක්ට පුලුවන් වෙනව ග්ලැඩියේටර්ස් සමග තරග කරල ඔවුන්ව පරද්දල ඒ ග්‍රහලෝකෙ චැන්පියන් වෙලා මේ ග්‍රහලෝකෙ පාලනය කල රෙඩ් කින්ට එරෙහිව කැරැල්ලක් ගහල එහි රජ වෙන්න.හල්ක් අන්තිමේදි මේ ග්‍රහලෝකෙට සාමය ගෙනල්ල තමන්ට ආදරවන්තියෙක් වත් හොයාගත්තා.අවසානයේදි හල්ක් සතුටින් හිටියා.

ඒත් එකපාරටම හල්ක්ව මේ planet එකට ගෙනාව ship එක පුපුරල planet එකේ ප්‍රධාන නගරෙ හිටිය මිලියන ගානක් මැරෙනව pregnant වෙලා හිටිය හල්ක්ගෙ wife එක්ක.
ඒ ගැන හල්ක් ට හොදටම තරහ යනව තමන්ගෙ යාලුවො space එකට යවල නිකන් හිටියෙ නෑ තමන්ව තනියෙම මැරෙන්න ship එක පුපුරවන්න හදල තිබ්බ නිසා.ඒක නිසා හල්ක් තීරණය කරනව තමන්ගෙ යාලුවන්ව බලල එන්න යන්න තව තමන් කියන්නෙ මල පන්නගන්න හොද එකෙක් නෙමේ කියල පෙන්නන්න.

ඔහුගේ පලමු නැවතුම උනේ moon එක.black bolt එක්ක medusa හිටිය.black bolt එක් power එක උනේ ඔහුට ඕනනම් පරමාණු බෝම්බයක් හා powerful විදිහට කතා කරන්න පුලුවන් එක.මේක හල්ක් ගනන් ගත්තෙවත් නෑ හල්ක් ගොඩබැහැල black bolt වෙත කෙලින් බලාගෙන කිව්ව

Hulk:-උබ මාව අභ්‍යාවකාශෙට යැව්ව,මගෙ ලෝකෙ මැරුව

ඒටපස්සෙ හල්ක් black bolt (bb)ව අත්වලින් අල්ලගන්න හැදුව.ඒත් bb නිකන්ම

Bb-ඇති!!!!!!!!!!!!!

කිව්ව.හල්ක් ව අඩි සියගනනක් පස්සට විසි උනා.ඊට පස්සෙ bb ආපසු හැරිල ගියා හල්ක් පරාද උනා කියල හිතල.ඒත් හල්ක් නැගිටල කිව්ව

Hulk :- මම ආවෙ උබ කෙඳිරිගානව අහන්න නෙමේ,මට ඕන උබ කෑගහනව අහන්න

කියල bbගෙ ඇගට පැන්න.

හල්ක් මුලු ලෝකෙ පුරාම පණිවිඩයක් විකාශනය කලා.

හල්ක් :- puny humans.මම ආවෙ smash කරන්න.උබල දැනගන්න ඕන ඒකට වැරදිකාරයො කවුද කියල.උබල උන්ට කියන්නෙ වීරයො කියල,මම කියන්නෙ රාක්ෂයො කියල.උන් මාව අභ්‍යාවකාශෙට යවල මරන්න උත්සාහ කලා,මම ග්‍රහලෝකෙක රජ උනාට පස්සෙ,උබලගෙ වීරයො අටවපු බෝම්බයක් නිසා මිනිස්සු මිලියන ගානක් මැරුන.මම මගෙ යුධ සහයකයො එක්ක ඇවිත් ඉන්නෙ උන්ව යටත් කරගන්න.උබලට පැය 24ක් තියෙනව මෙතනින් ඉවත් වෙන්න.මම ආපහු ආවහම මම බලාපොරොත්තු වෙනව උන් මාත් එක්ක ෆයිට් කරන්න ඉදී කියල.නැත්තම් මෙහෙම කරනව

කියල.ලේ පෙරෙන bb ව මුලු ලෝකෙටම පෙන්නුව.වීරයන්ට තේරුනා මේ සටන තමන්ට ගොඩක් අපහසුයි කියල.හල්ක් කවමදාටත් වැඩියෙන් බලවත් නිසා.ටෝනි,රීඩ් ගියා සමහරවිට හල්ක්ව පරද්දන පුලුවන් වෙයි කියල ඔවුන් හිතන සෙන්ට්‍රි ලගට.ඒත් සෙන්ට්‍රි ගොඩක් powerful නිසා තමන්ගෙම බලයට බයයි.ඒක නිසා ඔහු මාස ගානකින් එලියට බැහැල නෑ.ඒක නිසා ඔහුට හල්ක් එක්ක සටනට යන්න ගෙදරින් එලියට බහින්නවත් බැරි උනා.

සෙන්ට්‍රි නැති නිසා ටෝනි හල්ක්ගෙ පරණ යාලුවන්ට කතාකරල හල්ක්බස්ටර් සූට් එක ඇදන් ෆයිට් එකට ගියා.හල්ක් ෆයිට් එකට රෙඩිවෙලා ටෝනි ලගට ආව.hulk vs hulkbuster armor ෆයිට් එක සැතපුම් ගනනක් දුර ජනෙල් බිද දමමින් ඇරඹුනා.ටෝනි හල්ක් ගෙ ඔලුවට රොකට් පන්ච් එකක් ගහල හල්ක්ව බිමට දැම්ම.ඒත් හල්ක් ආයෙ නැගිට්ට.ඊට පස්සෙ ටෝනි හල්ක්ගෙ බඩෙන් තල්ලු කරගෙන ගොඩනැගිලි හිල් කරගෙන ගෙනිච්ච.ටෝනි පහර දෙන එක නැවැත්තුවට පස්සෙ ඔහුගේ ඔලුව උඩින් සටන් ජෙට් යානා ගිහින් හල්ක් ට මිසයිල ප්‍රහාරයක් එල්ල කරා.ඒවායින් හල්ක්ව ගින්දරින් වට උනා.ඒත් ඒක වැඩකලේ නෑ.මොකද හල්ක්ට තමන්ගෙ wife ව මැරුණ විදිහ මතක් උන නිසා ඔහුගේ තරහ තවත් වැඩිඋනා.හල්ක් ටෝනි දිහා බලල කිව්ව

Hulk:- උබ ඇයව මැරුව
Tony:-මගුලයි

හල්ක් ටෝනිට ප්‍රහාර එල්ල කරා බිල්ඩිමක් සම්පුර්ණයෙන් සූට් එකට මතට වැටිල සූට් එක කෑලි වලට විනාශ වෙලා යන්න.

හල්ක් නැගිටල ආපහු නගරයට ගියා.ඔහු ඔහුගේ යුධ සගයන්ට කතා කරා අනෙක් වීරයොත්(ටෝනි කතාකල අය) එක්ක ෆයිට් කරන්න.යුධ සගයන් හල්ක් මෙච්චර තරහ යන්න කලින් හිටිය තරමටම ශක්තිමත් අය.

She hulk ඉස්සරහට ගිහින් කිව්ව

She hulk:-බෲස්,අපි ටෝනි ව නීතිය ඉදිරියට ගෙනියමු.මේක හරි විදිහ නෙමේ

හල්ක් she hulk ගේ කටෙන් අල්ලල පොළොවෙ ගැහුව.මේක නිසා එතන හිටිය සියලු වීරයො සහ යුධ සහයකයන් අතර ගැටුමක් ඇති උනා.හල්ක් ගියා තමන්ව space එකට යැව්ව අනික් 3දෙනාව හොයන්න.ඔහුගේ ඊලග නැවතුම උනා mr fantastic හිටපු තැන.ස්ටෝම්(xmen) සහ human torch තමන්ගෙ බලවලින් හල්ව පරද්ද්න උත්සාහ කරා.ඒත් හල්ක් ඒව වලක්වගන්නෙ නැතුව නිකන්ම බලන් හිටිය.තින්ග්(fantastic 4) ඒක දැකල පුදුම උනා.පස්සෙ තින්ග් හල්ක් එක්ක මුහුණට මුහුණ සටනට ගියා හල්ක් ගෙ අත් වලින් ඔලුව smash වෙලා පරදින කම්.හල්ක් ඊට පස්සෙ රීඩ්ට පහර එල්ල කරන්න පටන් ගත්ත invisible woman(සූ) ගෙ force ෆීල්ඩ් වලින් ආරක්ෂා කරනකන්ම.ඒත් හල්ක්ගෙ ශක්තිමත් පහර වල් force ෆීල්ඩ් එකට දරාගන්න බැරි නිසා සූ ව සිහිනැති වුනා.ඊට පස්සෙ හල්ක් රීඩ්ව සිහිනැති වුන පාප්ප ගොඩක් වගේ තලල දැම්ම.හල්ක් පාර දිගේ රීඩ්ව ඇදගෙන ආව ඔවුන්ව රික් නවත්තන කම්.රික් කියන්නෙ ඉස්සර ඔහු හල්ක් බවට පරිවර්තනය උනහම ඔහු බේරගත්ත තරුණයෙක්.රික් hulk ගෙන් ඉල්ලුව

රික්:-plz හල්ක් මේ පිස්සුව නවත්තන්න

මේ වෙලාවෙම වීරයන්ගේ පාර්ශ්වයේ අය මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන ස්ටීවන් ස්ට්‍රේන්ජ් හල්ක්ගෙ මනස ඇතුලට ගියා කතාවක් දාන්න.ස්ට්‍රේන්ජ්(ds) මනස ඇතුලට ගිය ගමන්ම ජෙනරල් රොස් හල්ක්ගෙ සැබෑ ලෝකයේ ශරීරය වෙත පහර දෙන්න පටන් ගත්තා.මේ අතර ds හල්ක් එක්ක මනසින් චැට් එකක් දාන්න පටන් ගත්තා.දෙදෙනා මනසින් වාද කරගන්න පටන් ගත්තා.හල්ක් ඉන් පසු ds ගෙ astral form එකට පහර දෙන්න පටන් ගත්තා.ඒත් ඇත්ත ලෝකෙදි ඒක පෙනුනේ හල්ක් හිස් වාතයට පහර දෙන විදිහටයි.ds තදින් කිව්ව hulkට යටත් වෙන්න කියල.ඔහු තමයි සෝසර් සුප්‍රීම්.හල්ක්ගෙ තරහට දිනන්න බෑ.ds කිව්ව,

Ds:- මට උදව් වෙන්න බෲස්,ඔබගේ ඇත්ත පෙනුම පෙන්නන්න.

හල්ක් cool down වෙලා බෲස් බැනර් විදිහට හැරෙන්න වුනා.

බෲස්:-ඒක තමයි ඇයත් කිව්වෙ

බෲස් තාමාටම කියාගත්ත.ds බෲස් ගෙ මනසට hulk තමන්ගෙ wife එක්ක ගතකල සුන්දර කාලය මතක් කරා.ඊට පස්සෙ ඔහු astral form එකෙන් මිදිල බෲස් ගෙ ඇගට අත තියල කිව්ව.

Ds:-මම හැමදාමත් ඔයාගෙ යාලුවෙක් වෙලා හිටියෙ බෲස්

ඒත් බෲස් හිනාවක් දැම්ම

බෲස්:-නෑ ස්ටීවන් මම උබව අල්ල ගත්ත

කියල dsගෙ අත් තදකරගෙන හල්ක් බවට ආයෙත් හැරුන,අත් කැඩුන වේදනාව නිසා හල්ක් ගෙ මනසෙ පාලනය ds අතින් නැතිවුනා,ds ගෙන් නිදහස් උන හල්ක් තමන්ට ඇටෑක් කර කර ඉදපු රොස්ගෙ හමුදා වට පහර දෙන්න පටන් ගත්ත.කිසිම දේකට ඔහුව නවත්තන්න හම්බුනේ නෑ රොස් ඔහුගේ ඇස් වලට වෙඩි තිබ්බ එකටවත්.ඊට පස්සෙ හල්ක් ඔහුගේ යුධ සගයො එක්ක ds ගෙ ගෙදරට යන්න පටන් ගත්තා.ඒ කණ්ඩායම ඉතා පහසුවෙන් ds ගෙ ආරක්ෂා වට හිටපු අයව පැරැද්දුව.ironfist ටවත් ඔවුන්ව නවත්තන්න පුලුවන් උනේ නෑ.යුධ සගයො ස්ට්‍රේන්ජ් ගෙ සැන්ටම් එකට අඩිය තිබ්බ ගමන්ම ds ඔහුගේ අන්තිම උත්සාහය අරන් බැලුව.ඔහු ඔහුගේ සම්පූර්ණ තරහ powerful form එකකට ගෙනත් හල්ක් ඉස්සර ගියා

Ds:- ස්ට්‍රේන්ජ් smash

කියල කෑගහල සටන පටන් ගත්තා.ds ගෙ ශක්තිය දැන් හල්ක් ට වඩා වැඩී, මුලින් ම ds හල්ක්ව පරාද කලා.ඒත් මේ පවර් එක ds ට පාලනය කරන්න අමාරුයි ඔහු අතින් මිත්‍ර පාර්ශ්වයේ අයටත් හානි වෙන්න පටන් ගත්ත.මේ අවස්ථාව හල්ක් ds ට ගොඩනැගිලි ගොඩක් මැද්දන් විසික්වෙන්න ගහන්න යොදා ගත්ත.ඊට පස්සෙ හල්ක් ds ගෙ ඇගට පැනල,එකදිගට ම ප්‍රහාර එල්ල කරා ds පරදිනකම්ම.හල්ක් අන්තිමට තමන්ව මරන්න හදපු 4 දෙනාවම අල්ල ගත්ත.හල්ක්ට ඔවුන්ව නිකන්ම හිර කරන්න අදහසක් තිබ්බෙ නෑ.ඔහුට ඕන උනා ඔහු මුලින් ම ග්‍රහලෝක ගියහම දැනුන බය ලබල දෙන්න.අල්ල ගත්ත හැම වීරයෙක්මටම කීකරු බව ඇතිකරවන ඩිස්ක් එකක් පැලැන්දුව(thor ragnarok වල thor ට දැම්මෙ),ඒ ඩිස්ක් ගොඩක් බලවත්,සිල්වර් සර්ෆර් ට වත් ඒවගෙන් ගැලවීමක් තිබ්බෙ නෑ.ඊට පස්සෙ ඔහු ටෝනි ස්ටාක්,ඩොක්ටර් ස්ට්‍රේන්ජ්,රීඩ් රිචර්ඩ්ස් සහ බ්ලැක් බෝල්ට් ව arena එකකට දැම්ම තමන්ට ග්‍රහලෝකෙ පලවෙනි දවසෙ සටන් කරන්න උනා වගේ භයානක ජීවියෙක් එක්ක සටනකට.ඔවුන්ට පවර්ස් නැතිඋනත් දීල තිබ්බ ආයුධ එක්ක සතාව පරද්දන්න පුලුවන් උනා බ්ලැක් බෝල්ට් අන්තිම ශොට් එක සතාගෙ ඔලුවට ඇන්නහම.ඒත් හල්ක් තාම ඉවර නෑ.හල්ක් ඔවුන් ට එකිනෙකාට මරාගන්න කියල මොකද හල්ක්ට ග්‍රහලෝකෙ දෙවෙනි දවසෙදි අනික් වහල්ලු එක්ක මරනය වෙනකම් ෆයිට් කරන්න උන නිසා.ඔවුන් තමන් ගෙ ලග තිබ්බ ආයුධ එකිනෙකා ට විසිකරගනිමින් ෆයිට් කරන්න පටන් ගත්ත.ටික වෙලාවට පස්සෙ රීඩ් බිම වැටුන ටෝනි ඉස්සරහ mace එකකකින් ඔහුගේ ඔලුව කුඩු කරන්න බලාගෙන හිටියා.සටනේ ප්‍රේක්ෂකයො කෑගැහුව

ප්‍රේක්ෂකයන්:- මරන්න!! මරන්න!!

කියල.හල්ක් තමන්ගෙ අත මිටමොලවල මාපට ඇගිල්ල පහතට දැම්ම රීඩ් ටෝනිව මරන්න ඕන කියල ඉඟි කරල.

මේ වෙද්දි එක පුද්ගලයෙක් අපේ ස්ටෝරියෙන් අමතක වෙලා ගිහින්.සෙන්ට්‍රි

ඔහු තාමත් තමන්ගෙ ගෙදර දොර ගාවට වෙලා ඉන්නව එලියට යන්න බයේ.ඒත් ඔහු තීරණය කලා දැන් god කෙනෙක් වෙන්න වෙලාව හරි කියල.ඔහු ඉතා වේගයෙන් arena එක පැත්තට ගියා.

රීඩ් තවමත් ටෝනිගෙ ඔලුව කුඩු කරන්න බල කරන ඩිස්ක් එකෙන් ගැලවෙන්න උත්සාහ කරනව.ඔහුට ඒක කරන්න බැ ඔහු mace එක ටෝනි ගෙ ඔලුවෙන් අගලක් ඇතින් අතඅරිනව.හැමෝම නිශ්ශබ්ද උනා.හල්ක් කතා කරන්න පටන් ගත්ත.

හල්ක්:-මෙක මතක තියාගන්න.අපි මෙහෙට ආවෙ යුක්තිය වෙනුවෙන් මිනීමරන්න නෙමේ.කවුරුවත් මැරුනෙත් නෑ.අපි උබලව මේ නගරෙට යන්න අරිනව උබලටම ලැජ්ජ වෙන්න.

ඒත් ටෝනි තමන්ගෙ මූනෙන් ලේ පෙරෙන ගමන් කිව්ව.

ටෝනි :-මේක තමා අන්තිම අවස්ථාව තමුසෙට යටත් වෙන්න හම්බෙන

මේ ප්‍රකාශයට කවුරුවත් ප්‍රතිචාරක් දෙන්න කලින් සෙන්ට්‍රි arena එක ඉරාගෙන ඉතා වේගෙන් ඇවිත් හල්ක්ව ගොඩනැගිලි මැදින් තල්ලුකරන් ගියා.ඔහු තමන්ගෙ සම්පූර්ණ ශක්තිය දැම්ම එක පාරින්ම හල්ක්ව විසික් කරල දාන්න.ඒත් හල්ක් නැගිට්ට

හල්ක් :-ස්ටාක්!! රිචර්ඩ්ස්! ඊලගට වෙනදේවල් වලට උබල වගකියන්න ඕන

මාවෙල් universe එකේ දරුණුම තදින් පහරදෙන්නන් දෙපල ගහගන්න පටන් ගත්තා ,එක් පහරකින් අවට තිබුන ගොඩනැගිලි බිමට සමතලා කරමින්.පාරවල් ගින්දරින් වැහැන්න පටන් ගත්තා.සෙන්ට්‍රි ක්‍රියාකාරී සූර්ය‍යන් මිලියනයක බලය නිදහස් කරා.සටන්කරුවන් දෙන්න ගින්දර ,ශක්තිය එක්ක එකදිගට පහර දෙන්න පටන් ගත්තා.අවසානයේදි දෙන්නම දැවිල ගිහින් තමන්ගෙ මනුෂ්‍ය ස්වභාවයට පත් උනා.සෙන්ට්‍රි මනුස්ස විදිහට හැරිල බිමට වැටුන හල්ක්ට සෙන්ට්‍රි පැරදුනා කියල අගවල.බෲස් නැගිටල වටපිට බැලුව.යුධ සගයො ඇහුව

යුද සගයො:-හල්ක් කොහෙද ?

ඒත් එක්කම රික් බෲස් ට අත දික්කරල කිව්ව

රික්:-නිවසට(earth) පිලිගන්නව!

බෲස් රික් ගෙ අත අල්ලන්නත් කලින් එක් යුධසගයෙක්(මීක්)

මීක්:-නෑ හල්ක් ගෙ වැඩ තාම ඉවර නෑ,ආයෙ එන්න

කියල රික්ගෙ පපුවට ආයුධ යකින් ඇන්න.බෲස් ගෙ තරහ ආයෙ පටන් ගත්ත ඔහූ ආයෙත් හල්ක් බවට පත්වෙලා මීක්ව තලාගෙන යන්න පටන් ගත්තා.මීක් හල්ක් දිගා බලල කිව්ව

මීක්:-ඔව් මෙහෙම කරනව.කවදාවත් නවත්තන්න එපා අපිට උගන්නපු එක.අපි කවදාවත් සටන් කරන එක නවත්තන්නෙ නෑ.ඒකයි මම ඔවුන්ව මැරුවෙ

ඒ කියපු දේට හල්ක් නැවතුනා 
හල්ක් :- ඔවුන්?

මීක් ආයෙත් කියන්න පටන් ගත්ත.
මීක්:-මට උබට ආයෙ මතක් කරල දෙන්න වෙනව.උබට ඕන උනේ සාමය.එත් උබ එහෙම එකෙක් නෙමේ.මම තමයි උබේ යානයෙ බෝම්බයක් හයි කරේ

හල්ක් ට තරහ උපරිමයටම යන්න පටන් ගත්ත.ඔහුගේ ඇස් වලින් හා කටිනුත් ගැමා rays විහිදුනා.ඔහුගේ තරහ ඉතා ඉහලයි කවුරුවත් ආරක්ෂිත නෑ.ඔහුගේ අත්ල එකට වැදුනහම ඒක මුලු ලෝකෙටම දැනුන.ඔහු බිමට එක අඩියක් තිබ්බ ගමන් නැගෙනහිර වෙරල තීරයේ භූමිකම්පාවන් ඇති උනා.ඔහු කෑගහන්න පටන් ගත්ත

හල්ක්:-ටෝනි උබට පුලුවන් මොනවහරි කරපන්.උබේ හොදම ආයුධය පාවිච්චි කරපන් මම ලෝකෙම විනාශ කරන්න කලින්

ටෝනි සැටලයිට් ප්‍රහාරයක් තමන්ට ඉලක්ක කරල හල්ක් ගාවට දුවගෙන ගිහින් සම්පූර්ණ බලයෙන් හල්ක්ට එල්ලකරා.සියල්ල අවසන් කරමින්.හල්ක් නැවත බෲස් බවට හැරුන .ඔහු සිහිනැති වෙලා බිමට වැටුන.ශීල්ඩ් එකෙන් ඇවිත් බෲස්ව හිර කලා ඔහුත් සමගම ඔහුගේ යුධ සගයන් වත් අල්ලගත්ත පෘථිවි ට එරෙහි ක්‍රියාකලාපය නිසා.

නිමි.

Ps:-*හල්ක් ව space එකට යවන්න තිබ්බ වෝට් එකෙන් ඊට එරෙහිව vote කරේ නේමර් විතරයි.(illuminati- ironman,black bolt,dr strange,professor x,namor,reed richards,black panther(ඌ ටීම් එකෙන් අයින් වෙනව illuminati එකෙන් තව ප්‍රශ්න ඇතිවෙන එක විතරයි වෙන්නෙ කියල)

*හල්ක් ගොඩබැස්ස ලෝකෙ නම sakaar(ragnarok වල තිබ්බෙ)

*ragnarok film එකේ තිබ්බෙ story 2-3ක් සෙට් කල එකක්.ඇත්තskaar වල පාලකය red king.film එකෙ grandmaster ව දාල.grandmaster ටත් contest of champions කියල event එකක් කොමික් වල තිබ්බත් skaar එක්ක සම්බන්ධ නෑ.

*වීරයගෙ නගරෙ මිනිස්සු ඔක්කොම මැරිල,pregnant gf/wife මැරුන කිව්වහම මොනවත් ස්ටෝරියක් මතක් උනාද 😂 (inj***ce)

*මේ event එක වෙද්දි skrulls ල පෘථිවියට ඇවිත් වෙස්වලාගෙන ඉන්න කාලෙ,black bolt ට ඉන්නෙත් skrull කෙනෙක් ඒකයි උගෙ powerful ගතිය අඩු.නැත්තම් හල්ක් ට ලේසියෙන් ඌව පරද්දන්න බෑ.

*hulk ගෙ යුධ සගයන්ගෙන් දෙන්නෙක් ඔයාල දන්න අය korg & මීක්

*හල්ක් තමන්ගෙ cousin වෙන she hulk ට නිකන් ගැහුවෙ නෑ she hulk උට ගැහුවට පස්සෙ ගහන්නෙ ස්ටෝරිය කෙටි කරන්න ඕන නිසා ඒක හදපු කෙනා අයින් කරල.එහෙම අයින් කරපුව ගොඩක් තියෙනව

*රීඩ් ව අල්ලන ගිය වෙලාවෙ ඌ හල්ක්ව අන්දනව sentry (sentry ,hulk යාලුවො )වගේ vision එකක් පෙන්නල.ඒක අහුවෙලා තමයි අරු ගුටිකන්නෙ.

*doctor strange ඇත්තටම කරන්නෙ වෙන ඩිමෙන්ෂන් එකක ඉන්න powerful ජීවියෙක්ට ආරූඪ වෙන එක.ඌ පට්ට powerful එකෙක්.ඌව නවත්තන්න එකපාරක් living tribunal ව ඕන උනා.

*ගොඩක් අය ragnarok වල තෝර් අර disk එකට පරාද වෙනඑකට හිනා උනානෙ.ඒකෙ බලේට silver surfer ටවත් සටන් කරන්න බෑ(hulk sakaar වල champion වෙන්න කලින් champion surfer )surfer ට එහෙම කරන්න පුලුවන් උනා කියන්නෙ justice league ,avengers ලට බබා හම්බෙනව ඒක දැම්මහම

*wwh story යෙ tie ins issues වල ඌ professor x වත් අල්ලන්න යනව xmen ල කාටවත් ඌව පරද්දන්න වෙන්නෙ නෑ.ඒවෙද්දි house of m සීන් එකේ වැරැද්ද තමන්ගෙ කියල prof x කලකිරීමෙන් ඉන්න නිසා හල්ක් තීරණය කරනව prof x දැනටමත් විඳවන නිසා ඌව අල්ලන්නෙ නැතුව ඉන්න.

*ඇත්තටම මීක් නෙමේ බෝම්බෙ සෙට් කරේ.හල්ක් රෙඩ් කින්ග් ව මැරුවට උගෙ සේවකයන්ව මැරුවෙ නෑ.උන් තමා බෝම්බෙ ඇටෙව්වෙ ,මීක් එහෙම කරනව දැකල කාටවත් කියන්නෙ නැතුව හිටිය.ඌ ඒක හල්ක්ට හෙලිකරාට පස්සෙ තමන්ගෙ පවුල මැරුන වෙන යුද සගයෙක් ඌව මරල දානව.

*කට්ටිය හිතන්න පුලුවන් ඇයි doctor strange ට බැරි උනේ හල්ක්ව වෙන ඩිමෙන්ෂන් එකටකට දාන්න කියල.ඒගැන ds කියනව.ඌව එහෙම දැම්මත් ඌ ආයෙ එන එක නවත්තන්න බෑ කියල.

*අර satellite blast එක ඩොකා අරූගෙ මනසෙ ඉද්දි ලෑස්ති කරල තිබ්බෙ නෑ,අනික හල්ක් එක තැන ඉන්න ඕන ඒකෙ ප්‍රතිපලේ හම්බෙන්න.

*ටෝනි hulkbuster දාන් හිටියත් හල්ක්ට පැරදුනා,thor එක්කත් thorbuster වලින් දිනන්න හම්බෙලා නෑ,ඒක නිසා ironman fans ලගෙන් ඉල්ලනව batpants ලවගේ prep time තිබ්බොත් ඕන එකෙක්ට ගහනව කියල හැසිරෙන්න එපා.උන් දන්නෙ නැතුවට dc වල bat vs sm fights බර ගානකින් 1ක් 2ක් බැටා දිනල තියෙන්නෙ prep තිබිලත්

Our Facebook Group 👇👇


Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List