THE ONE BELOW ALL


O.B.A. (ONE-BELOW-ALL) කියන්නෙ O.A.A.(ONE-ABOVE-ALLගෙ) dark counterpartඑක. Hellඑකේ ගැඹුරුම layer එකේ  මුද්‍රා තියලා තියෙන Green Doorඑකෙන් පිටිපස්සෙ තමයි O.B.A. ඉන්නෙ. ගැමා ශක්තියේ තුන්වෙනි විකෘති ස්වරූපය ඇතිවෙන්න මූලාශ්‍රය තමයි One Below All. Gamma mutatesලා ඇතිවෙන්නෙත් One-BELOW-ALL නිසා කියලයි කියන්නෙ. මේගැන Brian Banner(බෲස්ගෙ තාත්තා) පරික්ෂණ කරපු කාලෙදි මේ green doorඑකයි One-BELOW-ALLවයි හීනෙන් දර්ශනය වෙලා තියෙනව.

කොහොම වුණත් අපේ බෲස් ටෙස්ට්කරපු ගැමා බෝම්බෙ නිසා මේ Green Doorඑක විවෘත වෙනවා. ඒවගේම මේ නිසා One Below Allගෙ බලය bruceට ලැබෙනව. මේ නිසා තමයි Hulk ඇතිවෙන්නෙ.

කාලෙකට පස්සෙ බ්‍රයන් බැනර්ව, බෲස් මරනවා Devil Hulk කියන ස්වරූපයෙන් ඉද්දි. ඉතින් එහෙම මැරුණු බ්‍රයන්ව යන්නෙ One Below Allගෙ realmඑකට. බ්‍රයන්ගෙ ආත්මය තමන්ගෙ vesselඑකක් කරගෙන Below Allට එළියට එන්න පුළුවන් වෙනවා. (One below allට සාමාන්‍ය පරිසරයට එන්න ඕනෙනම් ධාරකයෙක් ඕනෙ වෙනව)
කොහොමහරි අන්තිමට හල්ක්ගෙ ඇඟටත් එන One Below All එක්ක කොමික් issues ගාණක් පුරාවටම සටන් කරලා ආපහු යවන්න හල්ක්ට පුළුවන් වෙනව.

One below allගෙ powers ගැන කිව්වොත්,
marvel multiverseඑකේ God විදිහට සලකන්නෙ One Above All. ඒවගේම තමයි One below All කියන්නෙ ඒකෙ අනිත් පැත්ත. ඒකියන්නෙ One below All තමයි Devil/Satan කියලා සලකන්නෙ.

ක්‍රිස්තියානි ධර්මයේ එන Satan වගේම One below Allට මිනිස්සුන්ගෙ හැඟීම් පාලනය කරන්න පුළුවන්.
ඒවගේම ක්ලිප්පොත් කියලා හඳුන්වන මැරුණු මිනිස්සුන්ගෙ පෙනුමක් තියෙන deamonsලව ඇති කරන්නත් One-Below-Allට පුළුවන්.

One Above All වගේම One Below Allටත් නිශ්චිත පෙනුමක් නෑ. විවිධ ස්වරූප වලින් One Below All පෙනී ඉන්නව.

මේක තමයි පිස්සුම දේ,
බෲස් තියරියක් ගෙනත් තියෙනව Knull(Symbiote god)  කියන්නෙත් One Below Allගෙ එක ස්වරූපයක් හෝ One Below Allගෙ පාලනය යටතේ ඉන්න ජීවියෙක් කියලා.

කොහොම වුණත්, Earth-TRN781 කියලා දැනට නම් කරලා තියෙන අනාගත Realityඑකේදි One Below All විසින් බෲස්ගෙ ආත්මය විනාශ කරලා ශරීරයට ඇතුල් වෙලා ඉන්නවා බලාගන්න ලැබෙනව.

අටවෙනි cosmosඑක විනාශවෙන්න අවුරුදු බිලියන 2කට කලින් bruce විදිහට One below all,  Franklin Richardsව, Galactusව, සහ Mister Immortalව මරනවා. ඊටත් අවුරුදු බිලියන ගාණකට පස්සෙ Sentience of the Universe(විශ්වයේ ආත්මගතවීම) එහෙමත් නැත්තම් Metatronවත් ගිලදානව. ඊටපස්සෙ නිර්මාණය වෙන අලුත් Cosmosඑකේදි Hulk,(one below all) Galactus වගේ ජීවියෙක් වෙනවා. අවුරුදු බිලියන දහයක් තිස්සෙ Breaker of Worlds(Hulk) විශ්වයේ සියළුම ජීවිත, ග්‍රහලෝක, ආලෝකය විනාශ කරමින් යනව. අන්තිම ජනාවාසය වුණ O%losත් විනාශ වුනාට පස්සෙ ජීවිත් වෙලා ඉන්න අන්තිම ජීවියා වෙන Par%l කියන ජිවියා destroyer of worlds එක්ක කතාකරන්න හදද්දි ඔහු තුලින් One Below Allව දකිනව. Par%lට ඒවෙලාවෙදි One below all  කියන එකම දේ තමයි,

"මට ඕනෙ අනිත් හැමදෙයක්ම මම වගේම  හිස්වෙන්න, මම වගේම අඳුරු සහ මැරුණු දේවල් වෙන්න."

ඊලඟට One below all Par%lවත් මරලා තමන්‍ට වුවමනා වුණු දෙය ඉෂ්ට කරගන්නවා. ඒත් ඒවෙද්දි Par%l කලින් Cosmos එකට(වර්තමාන cosmosඑකට) Tiding-fly කෙනෙක්ව පිටත් කරලා ඉවරයි....... Tiding-flyව ලැබෙන්නෙ වර්තමාන cosmos එකේ කාටද? ඉදිරියෙදි වර්තමාන cosmos එකේ වෙන්නෙ මොකක්ද? ඒගැන ඉස්සරහට බලමු.

ඉතින් ඔය ටික තමයි සරලවම MARVEL Multiverseඑකේ Supreme Beingගෙ Dark Counterpartඑක ගැන කියන්න තියෙන්නෙ.

Written by Shane Perera

Our Facebook Group👇
https://www.facebook.com/groups/1936179566669834/

Comments

  1. Kiyanna sathutui mama me blogger eke serama articles kiyawala iwari
    Thanks You a Lot

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List