THE ONE ABOVE ALL

ගොඩදෙනෙක්ගෙ ඉල්ලීම නිසා මේ පෝස්ට් එක දාන්න හිතුවා. ඉතින් අද පෝස්ට්එක One Above All ගැන.
One Above All(OAA) එහෙමත් නැත්තම් "හැමෝටම වඩා උසස් කෙනා" කියන්නෙ MARVEL multiverseඑකේ කාලයට සහ අවකාශයට වඩා ඉහළින්(omniversal levelඑකේ) ඉන්න, සීමාවක් නැති Omnipotent(සර්වබල), Omniscient(සියළුම දේ දන්න), Omnipresent(සර්වවාසී) බලයන් තියෙන කිසිම දුර්වලතාවයක් නැති Supreme Being. එහෙමත් නැත්තම් බලගතුම MARVEL චරිතය.
ඒවගේම MARVEL multiverseඑකේ තේරුම්ගන්න අමාරුම චරිතය තමයි OAA. ඒකට හේතුව OAAව කොමික් පොත්වලින් බලාගන්න ලැබෙන්නෙ අවස්ථා කිහිපයකදි විතරක් වීම සහ OAAගෙ ඉතිහාසයක් කොහෙවත් සඳහන් නොවීම. මේ නිසා OAA කියන්නෙ අභිරහස් චරිතයක්.
සමහරු කියන විදිහට OAA කියන්නෙ MARVEL සමාගමේ නිර්මාතෘ. තවත් අය කියන විදිහට OAA කියන්නෙ Stan Lee. තවත් වෙලාවකට Jack Kirby. කොහොමවුනත් OAAට නිශ්චිත ස්වරූපයක් නෑ. ඕනෙම ආකාරයකින් OAAට පෙනී ඉන්න පුළුවන්. ගොඩක්වෙලාවට OAA පෙනී ඉන්නෙ MARVEL comics ආයතනයේ සුපිරිම නිර්මාණකරුවන්ගෙ පෙනුමෙන්.
දැන් බලමු OAAව කොමික් වලින් බලාගන්න ලැබුණු අවස්ථා 👇👇👇වරහන් ඇතුලෙ අදාළ Comic මොනවද කියලා තියෙනවා. ඕනෙනම් ඒ කොමික් ටිකත් කියවන්න.👇👇👇
• එකපාරක් Beta Ray Billව දිලිසෙන කෙනෙක් විසින් මරණයෙන් ගලවනවා. ඒ එන්නෙ OAA.
• තවත් වතාවක් Fantastic Four කණ්ඩායම existenceඑකෙන් එපිටට යනවා. ඊලඟට ඒ අය නතරවෙන්නෙ Jack Kirby ළඟින්. එතනදි ඒඅය Jack Kirbyව හඳුන්වන්නෙ God කියලා. ඒවගේම Jack එතනදි තමන්ගෙ පැන්සලේ මකනයෙන් Reedගෙ මූණෙ තියෙන කැළලක් මකලා ආපහු කට්ටියව එවනවා. (Fantastic Four #511)
• තවපාරක් Aunt Mayට දරුණුවට අසනීප වුණ නිසා සේරම දේවල් ගැන කලකිරිලා ඉන්න Peter Parkerට කවදාවත් නොදැකපු යාචකයෙක් නම කියලා කතාකරනවා. ඊටපස්සෙ උපදෙස් දීලා අතුරුදහන් වෙනවා. (Sensational Spider-Man Vol 2 #40)
• ඒවගේම Stan Leeව කිහිප වතාවක්ම comicවලදි බලාගන්න පුළුවන්. සමහර වෙලාවට Barඑකක කෙලවරේ ඉඳන් ඉන්න කෙනෙක් විදිහට, Franklin Richardsගෙ Birthday partyඑකේ spider-man වගේ ඇඳගෙන සහ ගොඩක් අවස්ථාවලදි Stan කොමික්වල ඉඳලා තියෙනව.
• එකපාරක් realityඑක විනාශ වුණාට පස්සෙ තෑනෝස් සහ ඇඩම් වෝලොක් Above All Others කියලා කෙනෙක්ව මුණගැහිලා realityඑක ආපහු නිර්මාණය කරන්න කියලා ඉල්ලනවා. ඊටපස්සෙ OAA ඉල්ලීම ඉෂ්ට කරනවා. (Thanos: The Infinity Finale #1)
• Deadpool එකපාරක් OAAගෙ පැන්සලේ එල්ලිලා ගිහින් OAAට කතාකරලා කොමික් චරිත කිහිපදෙනෙක් පැන්සල උස්සලා earth-616 rewrite කරන එක නවත්තනවා.😂😂(Deadpool: Secret Agent Deadpool #6)
• Official Handbook of the Marvel Universeඑකේ "the entity believed to be the supreme being/creator of the Omniverse"කියලා OAAව හඳුන්වලා තියෙනවා.
EXTRAS :
• One Above All කියලා සෙලෙස්ටියල් කෙනෙකුත් ඉන්නවා. හැබැයි ඒ සෙලෙස්ටියල් කෙනෙක් විතරයි. ඊටවඩා කෙනෙක් නෙමෙයි.
• ගොඩක් අය දැකලා ඇති හැම MARVEL movie එකකම Stan Lee ඉන්නවා. ඒත් ඒ හැමඑකේම ඉන්නෙ විවිධ තනතුරු වලින්. (හමුදා නිලධාරියෙක්, ගගනගාමියෙක්, බස්/ටැක්සි Driver කෙනෙක් වගේ විවිධ විදිහට)
MCU විතරක් නෙමෙයි, Earth-10005(FOX's X-Men Cinematic Universe)
Earth-121698(Fox entertainment's Fantastic Four film universe)
වගේ හැම MARVEL universe එකකදීමත්, Cartoon seriesවලදිත් Stanව බලාගන්න ලැබෙනවා.
ඒකියන්නෙ Stan Lee, Multiverseඑකේ හැම universeඑකකම ඉන්නවා.
ඒවගේම Venom 2018 filmඑකේ mid credit sceneඑකේදි Stan එඩීට,
"Don't giveup on her...Either of you." කියලා කියනවා. Stan කොහොමද එඩී එක්ක තව කෙනෙක්(Venom) ඉන්නව කියලා දන්නෙ?? ඒකියන්නෙ Stan Lee Omniscient(සියළුම දේ දන්න) කෙනෙක්ද ??
සාරාංශය :-
තාමත් ONE ABOVE ALL කියන්නෙ කවුද කියනඑක MARVEL fansලට තියෙන ප්රශ්නයක්. මම දකින විදිහට One-above-all කියන්නෙ Marvel comics නිර්මාණකරුවන්ගෙ එකතුවක්.(OAA කියන්නෙ MARVEL සමාගමටම වෙන්නත් පුළුවන්.) හරියටම කිව්වොත් multiverseඑකේ හැමෝටම වඩා බලවත් චරිතය.
✍️ Shane Perera
Our Facebook Group 👇👇



Comments

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List