Avengers Infinity War Explained -Part 1

Avengers: Infinity War චිත්රපටිය ඉවර උනේ ප්රශ්න ගොඩක් ඉතුරු කරලා. ඒ සමහර ප්රශ්නවලට උත්තර සහ වැඩිදුර විස්තර චිත්රපටිය අධ්යක්ෂනය කරපු Russo සහෝදරයෝ (Anthony, Joe) සහ චිත්රපටියෙ තිර රචකයන් දෙපල වන Stephen McFeely සහ Christopher Markus නොයෙක් තැන්වලදි ලබාදීලා තියෙනවා.
Russo සහෝදරයන්ගෙ සහ තිර රචකයන්ගෙ ඒ ප්රකාශ එකතැනකට එකතු කරලා හදපු ලිපියකින් කරුණු අරගෙන ලියපු ලිපියක්, මේ.
👇මේ පහලින් තියෙන්නෙ ඒ මූලාශ්ර ලිපියෙ Link එක. අවශ්යය කෙනෙක්ට ගිහිල්ලා කියවන්න පුළුවන්.👇
👉https:// screenrant . com/infinity-war-questions-directors-explain/👈
(☝️අකුරු අතරෙ තියෙන හිස්තැන් ඉවත් කරන්න.)
ලියපු මුල් ලිපිය Facebookවල අකුරු සීමාව ඉක්මවා ගිය නිසා ඒ ලිපිය කොටස් දෙකකට කඩන්න සිද්ද උනා. මේ ගෙනාවෙ පළමුවැනි කොටස.
----------------------------------------------------------------------------
🌟Avengers: Age of Ultron චිත්රපටියෙ post credits දර්ශනයෙදි තානෝස් ළඟ Infinity gauntlet එක තිබුණෙ කොහොමද?
(gauntlet = ලෝහ අත්වැසුම)
Avengers: Age of Ultron චිත්රපටියෙ post credits දර්ශනයෙදි තානෝස් (තෑනෝස්? Whatever🤷🏻‍♂) Infinity gauntlet එක තමන්ගෙ අතට දාගෙන මෙහෙම කියනවා, "Fine, I'll do it myself" ("හොඳයි, මමම ඒක කරන්නම්"😑). තානෝස් Infinity gauntlet එක හදා ගන්න ආකාරය ගැන Infinity War චිත්රපටියෙදි තියෙන විස්තර එක්ක බලද්දි Age of Ultron චිත්රපටියෙදි තානෝස් ළඟ Infinity gauntlet එක තිබුණ එකේ නොගැළපීමක් බැලූ බැල්මට පේන්න තිබුණා.
Joe Russo මේ ගැන පැහැදිලි කිරීමක් ලබා දීලා තියෙනවා. එයා නොකියා කියලා තියෙනවා ඒ සිදුවීම නිඩවෙලියර්වලදි(Nidavellir) වෙන සිදුවීමක් වෙන්න ඇතියි කියලා. පැහැදිලිවම Gauntlet එක හදපු කෙනා තමයි එයිත්රි(Eitri). තානෝස් ළඟ ඒ වෙලාවෙ gauntlet එක තිබුණා කියන්නෙ එතන එයිත්රිට සම්බන්ධයි කියලා තමන් හිතන බව එයා කියලා තියෙනවා.
ඒ සිදූවීම උනේ Nidavellirවලදි නම් ඒ වෙලාවෙදි Nidavellirවල ආරක්ෂාවට ඇස්ගාඩ්වලින් ආවෙ නැත්තෙ මොකද කියන ප්රශ්නයත් එනවා. ඒකටත් Joe Russo පැහැදිලි කිරීමක් ලබා දීලා තියෙනවා. එයා කියලා තියෙනවා ඒ සිදුවීම වෙන කාලය, ඇස්ගාඩ්වලින් එයිත්රි සහ එයාගෙ මිනිස්සු ගැන සැලකිල්ලක් නොදක්වපු කාලයක් බව.
(Avengers: Age of Ultron චිත්රපටිය අධ්යක්ෂනය කළේ Russo සහෝදරයො නෙවෙයි. ඒ නිසයි Joe Russo ඔය විදිහට අනියමාර්තයෙන් තමන්ගෙ අදහස් ප්රකාශ කරලා තියෙන්නෙ. තැනේ හැටියට ඇණය ගැසීම👆.)
+👉මේ ගැන තවදුරටත් පැහැදිලි කලොත්, Nidavellirවලට ඇස්ගාඩ්වල ආරක්ෂාව නොලැබී යන්නෙ ඇස්ගාඩ් විනාශ උනාට පස්සෙ නෙවෙයි. ඊට කලිනුයි. Thor: The Dark World චිත්රපටිය අන්තිමේදි ලොකී ඇස්ගාඩ්වල පාලනය තමන්ගෙ යටතට ගන්නවා. ඉතින් ලොකීගෙ පාලනය යටතෙ ඇස්ගාඩ්වලින්, Nidavellirවල ආරක්ෂාව ගැන හොයා බැලීමක් සිදු වෙන්නෙ නැති නිසා තානෝස් ඒ අවස්ථාවෙන් ප්රයෝජන අරගෙන Nidavellirවලට ගිහිල්ලා එයිත්රිට කියලා Gauntlet එක හදා ගන්න ඇතියි කියලා හිතන්න පුළුවන්.
(Joe Russo කියන විදිහ අනුව බැළුවොත්, Age of Ultron චිත්රපටියෙදි ඒ පෙන්වන්නෙ තානෝස් පළවෙනි වතාවට gauntlet එක පළදින අවස්ථාව.)
**************👇විශේෂ+👇**************
(Source - Infinity War Audio Commentary)
Infinity Gauntlet එක තානෝස් හදාගෙන තිබුණා නම් ඇයි තානෝස් ඒ කාලෙදිම පහර නොදුන්නෙ.
ඇයි තානෝස් මීට කලින් ආවෙ නැත්තෙ, ඇයි Stones එකතු කරන්න මේ කාලයම තෝරාගත්තෙ?
තානෝස් මීට කලින් පහර නොදුන්නෙ Odin, Ancient One සහ Ego කියන බලවත් අය ජීවත් වෙලා හිටපු නිසාම නෙවෙයි.
Joe Russo සඳහන් කරලා තියෙන විදිහට Saul stone එක තියෙන තැන හරියටම නොදැන හිටපු නිසයි තානෝස් මීට කලින් පහර නොදුන්නෙ. Infinity stones එකතු කරන්න ගත්ත ගමන්ම, කට්ටිය තමන්ට විරුද්ධව පෙළ ගැහෙන බව තානෝස් දැනගෙන හිටියා. ඒ නිසා Infinity stones 6ම තියෙන තැන් හරියටම දැනගන්නකල් තමයි තානෝස් බලාගෙන හිටියෙ.
+👉Nebula තානෝස්ව මරන්න තානෝස්ගෙ යානාවට ආපු වෙලාවෙ Saul stone එක ගැන හෝඩුවාවක් තානෝස්ට ලැබෙනවා. ඊට පස්සෙ තමයි තානෝස් තමන්ගෙ වැඩ ආරම්භ කළේ.
**************************************************
🌟Infinity War trailer එකට වඩා Infinity War චිත්රපටිය වෙනස් ඇයි?
චිත්රපටියෙදි සිද්ද වෙන්න යන දේ ගැන trailer එකෙන් අදහසක් ගන්න බැරි වෙන විදිහට හිතමතාම trailer එක වෙනස් කරලයි හදලා තියෙන්නෙ. Trailer එකේ තිබුණු සමහර දර්ශන trailer එක වෙනුවෙන්ම වෙනම රූගත කරපුවා. (පළවෙනි trailer එකේ තිබුණු "money shot" නමින් හඳුන්වන, හල්ක් ඇතුළුව කට්ටියම කැමරාව පැත්තට දුවගෙන එන දර්ශනය එහෙම එකක්.) චිත්රපටිය සහ trailer එක අතර වෙනස ඇතිවෙන්න හේතුව ඕකයි.
(ගත යුත්ත - කවදාවත් trailer එකෙන් චිත්රපටිය මනින්න යන්න එපා👍.)
+👉ඉතින් ඔය විදිහට අමතර වියදමකුත් දරාගෙන එයාලා උත්සාහ කරලා තියෙන්නෙ චිත්රපටිය spoil වීම වලක්වා ගන්නයි. එයාලා එහෙම කරද්දි සමහර අය Infinity War චිත්රපටිය ආපු ගමන්ම ඒක බලලා ඇවිත් මුළු චිත්රපටියම spoil කලා කට්ටියට මතකත් ඇති. ඉතින් Avengers 4 චිත්රපටිය ආවහම අඩුමගානෙ හෝල්වල පෙන්නලා ඉවරවෙනකල්වත් බලපු නැති අයට හානියක් නොවෙන විදිහට වැඩ කරන්න උත්සාහ කරමු.
[Thanos demands your SILENCE.]
🌟තානෝස් සැන්ඩාර්වලට(Xandar) පහර දීලා Power stone එක ලබා ගන්න හැටි චිත්රපටියට ඇතුලත් කරලා නැත්තෙ ඇයි?
Infinity War චිත්රපටිය තුළින් සඳහන් කරපු, නමුත් නොපෙන්වපු දේවල් කිහිපයක් තිබුණා. ඒ අතරින් එකක් තමයි තානෝස් Power stone එක ලබාගන්න Xandarවලට පහර දෙන එක. චිත්රපටිය තුළදි එකම සිද්ධියක් (තානෝස් Infinity stones ලබා ගන්න ග්රහලෝකයකට පහර දීම) නැවත නැවත පෙන්වන එක සහ චිත්රපටිය කලින්-කීමට හැකිවෙන(predictable) තත්වයට පත්වෙන එකෙන් වළක්වන්න ඒ කොටස නොපෙන්වා ඉන්න තීරණය කරලා තියෙනවා.
තවදුරටත් පැහැදිලි කලොත් තානෝස් පෘථිවියට පහර දෙන වෙලාවෙ ලොකු සටනක් ඇති උනා. ඉතින් තානෝස් Xandarවලට පහර දෙනකොටත් වෙන්නෙ ඔය ටිකම තමයි. Xandarවල ඉන්න අය (Nova Corps) තානෝස්ට විරුද්ධව සටන් කරනවා. ඉතින් එකම දේ නැවත නැවතත් පෙන්වීමක් තමයි Xandarවල සටනත් චිත්රපටියට ඇතුලත් කලා නම් වෙන්නෙ. Power stone එක තියෙන්නෙ කොහේද කියලා පැහැදිලිවම Guardians of the Galaxy චිත්රපටියෙදි පෙන්නපු නිසා තානෝස් Power stone එක ලබාගන්න ආකාරය Infinity War චිත්රපටියට ඇතුලත් නොකර ඒ ගැන සඳහන් කිරීමක් පමණක් කරන්න තීරණය කරලා තියෙනවා.
["There are six stones out there. Thanos already has the Power Stone because he stole it last week when he decimated Xandar." - Thor]
[Infinity Stones 6ක් තියෙනවා. තානෝස් ළඟ දැනටමත් Power stone එක තියෙනවා, මොකද ගිය සතියෙ සැන්ඩාර්වලට ලොකු විනාසයක් කරලා එයා ඒක හොරකම් කරගත්තු නිසා - තෝර්]
+👉(අදහසක් පමණි.) MCU එක ඇතුළෙ Novaගෙ(Richard Rider) Origin එක සිදු වෙන්න අවශ්ය කරන පරිසරය මේ වෙනකොට නිර්මාණය වෙලා ඉවරයි. ඉදිරි කාලයේදි Novaව(Richard Riderව) MCU එකට අරගෙන එන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. ඉතින් එහෙම Nova චිත්රපටියක් ආවොත් බොහෝවිට ඒකෙදි තානෝස් Xandarවලට පහර දීපු එක දකින්න පුළුවන් වේවි.
🌟Valkyrieට, Korgට සහ Miekට මොකද උනේ?
Valkyrie, Korg සහ Miek තුන්දෙනාව Infinity War චිත්රපටියෙදි දකින්න ලැබුනෙ නැහැ. Infinity War චිත්රපටියෙදි තෝර් කියන විදිහට තානෝස් මරන්නෙ ඇස්ගාඩ් යානාවෙ හිටපු පිරිසෙන් බාගයක් පමණයි.
["He stole the Space Stone from me when he destroyed my ship and slaughtered 👉HALF👈 my people." - Thor]
[මගේ යානාව විනාශ කරලා මගේ මිනිස්සුන්ගෙන් බාගයක් මරලා දාපු වෙලාවේ එයා මගෙන් Space stone එක හොරකම් කරගත්තා. - තෝර්]
තානෝස් පහර දෙන්න කලින් වෙනත් යානාවලින් (Escape ships) පිරිසක්ව එතැනින් පිටත් කරලා තියෙන බව Joe Russo කියලා තියෙනවා. Valkyrie ඒ අතරෙ ඉන්න බවත් Joe Russo තහවුරු කරලා තියෙනවා. ඒත් Korg, Miek දෙන්නත් බේරුණාද කියලා නම් සඳහන් කරලා නැහැ.
🌟හල්ක්, තානෝස්ට බය උනාද?
තානෝස් එක්ක සටනින් පස්සෙ චිත්රපටිය පුරාවටම හල්ක් එළියට එන්නෙ නැහැ. ඒ හල්ක් තානෝස්ට බය උන නිසා කියලා පොඩි කතාවක් ගියා. නමුත් හල්ක් එළියට නොඑන්න ඇත්තම හේතුව තමයි බෲස් බැනර් තමන්ගෙ ප්රශ්නවලදි හල්ක්ව ආයුධයක් විදිහට පාවිච්චි කරනවට හල්ක් අකමැති වීම. Sakaarවල ඉන්න කාලයෙදි හල්ක් තේරුම් ගන්නවා තමන් වෙනම අයිතිවාසිකම් තියෙන වෙනම පුද්ගලයෙක් බව. බෲස්ට හල්ක්ව ඕන වෙන්නෙ අමාරුවක වැටුණු වෙලාවට විතරයි කියලත් හල්ක් තේරුම් ගන්නවා. ඉතින් බෲස්ගෙ පස්ස බේරන වැඩ හල්ක් නතර කරලා තියෙන බව තමයි Russo සහෝදරයො කියන්නෙ.
["Hulk. We got a lot to figure out, pal." - Bruce Banner]
ඉතින් ඔය සිදුවීම ගොඩක් අය 'බය' කියලා වරදවා වටහාගෙන කියලයි Joe Russo කියන්නෙ. හල්ක් මීට කලිනුත් හොඳට ගුටිකාලා තියෙනවා. හල්ක් හොඳ සටනකට ඉතාමත්ම කැමතියි. ඉතින් ගුටි කෑවා කියලා හල්ක් කවදාවත් බය වෙයි කියලා තමන් හිතන්නෙ නැති බවයි Joe Russo වැඩිදුරටත් කියලා තියෙන්නෙ.
ඒවගේම හැම ප්රශ්නයකදිම හල්ක්ට කන්කෙදිරි ගාන්නෙ නැතුව තමන්ගෙ ප්රශ්න තනියම විසඳගන්න බෲස්ට පුළුවන් කියලා පෙන්නන්නත් Russo සහෝදරයන්ට ඕන වෙලා තියෙනවා. බෲස් කරදරයක වැටෙන හැම වෙලාවකම හල්ක් ඇවිත් බෲස්ව බේරගත්තොත් හල්ක් වීරයා වෙලා බෲස් දුර්වලයා බවට පත් වෙනවා. ඉතින් වීරයා වෙන්න බෲස්ට බල කරන්න එයාලට ඕන උනා කියලා තමයි Joe Russo පැහැදිලි කරලා තියෙන්නෙ.
["Oh, screw you, you big green asshole! I'll do it myself!" - Bruce Banner]
Infinity War චිත්රපටිය ප්රවර්ධනය සඳහා හදපු සෙල්ලම් බඩුවල (promotional action figures) කවරයෙ, Hulkbuster Armor එක කඩාගෙන හල්ක් මතුවෙලා ඉන්න රූපයක් තිබුණා. ඒ ගැන අහපුවහම Russo සහෝදරයො කියලා තියෙනවා එහෙම සිදුවීමක් මුල් පිටපත් වල තිබුණු බව. ඒ වගේම චිත්රපටියෙ ප්රවර්ධන කටයුතු සඳහා හදපු භාණ්ඩ සකස් කලේ චිත්රපටිය රූගත කරන්න අවුරුද්දකටත් කලින් පිටපත සකසමින් ඉන්න අතරතුරදි බවත්, ඒකෙ ප්රතිඵලයක් විදිහට වෙළඳ භාණ්ඩ සහ අවසන් චිත්රපටිය අතර නොගැලපීම් ඇතිවෙන බවත් එයාලා කියලා තියෙනවා.
(Infinity War චිත්රපටියෙදි තෝර් Stormbreaker එක හදා ගනීවි කියලත් Stormbreaker එකේ මිට නිපදවලා තියෙන්නෙ Grootගෙ අතකින් බවත් මත පළ උනා මතක ඇතිනෙ. එහෙම මත පළ වෙන්න ප්රධානම හේතුව උනෙත් තෝර් සෙල්ලම්බඩුවල Stormbreaker එක තිබීම.)
ඉතින් ඉහතදි සඳහන් කළ ඒ හේතු නිසයි Infinity War චිත්රපටියෙදි හල්ක්ව වැඩිය දකින්න නොලැබුණේ. (අදහසක් පමණි👉) බොහෝ විට Avengers 4 චිත්රපටියෙදි බෲස් බැනර්ගෙ සහ හල්ක්ගෙ එකතුවක් (Professor Hulk) දකින්න පුළුවන් වේවි.
🌟Red Skullව ආපහු ගෙනාවෙ ඇයි?
Soul stone එක තියෙන තැන මුරට ඉන්න, එතන තියෙන නීති ගැන තානෝස්ව සහ ගමෝරාව දැනුවත් කරන්න කෙනෙක්ව එතනට දාන්න අවශ්යතාවයක් මතු වෙලා තියෙනවා. Infinity stones එක්ක බැඳුණු ඛේදනීය අත්දැකීම් සහිත ඉතිහාසයක් තියෙන කෙනෙක්ව ඒ වැඩේට වඩාත් සුදුසුයි කියලා Russo සහෝදරයො තීරණය කරලා තියෙනවා. ඉතින් ඒ අනුවයි Red Skullව ආපහු MCU එකට ගේන්නෙ.
🌟Star-Lord?
ගමෝරා, Star-Lordව දෙයකට පොරොන්දු කරව ගන්නවා මතකනෙ.
තිර රචකයන්ට අනුව, මුලින්ම කතාව නිර්මාණය කරන්න ඉදලා තියෙන විදිහට නම් Star-Lordට ඒ පොරොන්දුව සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නෙ නැහැ. ගමෝරව මරනවා වෙනුවට, Star-Lord තානෝස්ට ඉඩ දෙනවා ගමෝරව අරගෙන යන්න.
නමුත් Star-Lordට පණපොවන නළු Chris Prattගෙ සහ GOTG චිත්රපටි අධ්යක්ෂක James Gunnගෙ බලපෑම මත ඔය සිදුවීම වෙනස් කරලා තියෙනවා. ඒ අනුව තමයි Star-Lord තමන්ගෙ පොරොන්දුව ඉටු කරන්න හදනකොට තානෝස් Star-Lordට විරුද්ධව Reality stone එක පාවිච්චි කරන්නෙ.
+👉මගේ අදහසට අනුව ඒ මුලින් තිබුණු විදිහට පෙන්නුවානම්, ගමෝරා මිය ගිය බව දැනගත්තම Star-Lordට තරහ පාලනය කර ගන්න බැරිවෙන එක වඩාත් සාධාරණීකරණය වෙන්න තිබුණා.
+👉(මට තේරුණු විදිහට) ටයිටන්වලදි උනේ, තානෝස් ගමෝරව මැරුව බව දැන ගත්තම ඇති උන ක්ෂණික කෝපය(/දුක) නිසා Star-Lordට සිහිකල්පනාව නැතිව ගියපු එක. තානෝස් Time stone එක අරගෙන ගියාටත් පස්සෙ තමයි Star-Lord පියවි සිහියට එන්නෙ.
👉["Did we just lose?" - Star-Lord]
+👉තමන්ගෙ දෙමව්පියන්ව මැරුවෙ Winter Soldier බව දැනගත්තු වෙලාවෙ ටෝනිත් ඔය තත්වයට වැටුණා.
Captain: It wasn't him, Tony! Hydra had control of his mind!
Tony: MOVE!
Captain: IT WASN'T HIM!
Captain: This isn't gonna change what happened.
Tony: I don't care. He killed my mom.
+👉සමහර අය Civil War චිත්රපටියෙදි Hydra බංකරය ඇතුළෙ සිදු උන ඒ සිදුවීම තේරුම් අරන් තියෙන්නෙත් වැරදියට. සමහර අය (විශේෂයෙන්ම Iron Man රසිකයො) හිතන් ඉන්නෙ ස්ටීව් ටෝනිට ද්රෝහි උනා කියලයි.
නමුත් ඇත්තටම ස්ටීව් එතනදි කළේ තරහෙන් වියරු වැටිලා හිටපු තමන්ගෙ එක යාළුවෙක්ගෙන් තමන්ගෙ තවත් යාළුවෙක්ව බේරාගත්තු එක. ටෝනිගෙ දෙමව්පියන්ගෙ මරණය ගැන ඇත්ත තොරතුරු ටෝනිට නොකියා හිටපු එක නම් වැරදියි, නමුත් ඒ ගැන කිව්වා කියලා ටෝනිට සිද්දවෙන යහපතක් නැහැ.
(FYI👉) එතනදි බකීට වැරැද්ද පටවන එකත් සාධාරණ නැහැ. මොකද ටෝනිගෙ දෙමව්පියන්ව මරණ වෙලාවෙ Winter Soldier හිටියෙ Hydra පාලනය(Mind Control) යටතෙ.
+👉ඒ කොහොම උනත් වැඩි දෙනාගෙ යහපත වෙනුවෙන් තමන්ගෙ ආදරවන්තියව පවා කැප කරන්න හිත හදාගත්තු Peter Quillට බොරුවට බණින එක වැරදියි මම නම් කියන්නෙ.
+👉කට්ටියක්, විශ්වයෙ බාගයක් මරලා බාගයක් බේරගන්න හදපු තානෝස්ගෙ ක්රියාව සාධාරණීකරණය කරද්දි තවත් කට්ටියක් මුළු විශ්වයම බේරගන්න උදව් කරපු Star-Lordට නිකරුණේ වරද පටවන එක තමා අපූරුම වැඩේ. (✌️මානව විවිධත්වය✌️)
["For the record, this was my plan." - Star-Lord]
අනිත් කාරණය, චිත්තවේග මුල්කරගෙන අත්වැරදීමක් සිදු කලේ Star-Lord විතරක්ම නෙවෙයි.
🌟ඇයි තෝර්, තානෝස්ගෙ ඔළුවට ඉලක්ක නොකළෙ?
["You should've gone for the head" - Thanos]
ස්ටෝ(ර්)ම්බ්රේකර්(Stormbreaker) එකත් එක්ක තෝර්ට තානෝස්ව මරන්න පුළුවන්කම තිබුණා. තෝර් තානෝස්ගෙ ඔළුවට ඉලක්ක කරලා තානෝස්ව ක්ෂණිකව මැරුවා නම් විශ්වයෙ භාගයක ජීවිත ආරක්ෂා කරන්න තෝර්ට පුළුවන්කම තිබුණා. ඒත් තෝර් ඒ වෙනුවට කළේ ක්ෂණික මරණයකට යන්නෙ නැතුව තානෝස්ගෙ පපුවට ඉලක්ක කරපු එක.
තෝර් එහෙම කරන්න හේතුව (Joe Russo කියන විදිහට) තමන් තමන්ගෙ පළිය ලබා ගත්තු බව තානෝස්ට කියන්න තෝර්ට උවමනා වීම.
["I told you, you'd die for that." - Thor]
දුකෙන් සහ පළිගැනීමේ චේතනාවෙන් හිටපු තෝර්, තානෝස්ව ක්ෂණිකව නොමරා ඉන්න ගත්තු තීරණය නිසා විශ්වයෙ ජීවයෙන් බාගයක ඉරණම අනතුරේ වැටුනා.
[Thanos is just the latest of a long line of bastards, and he’ll be the latest to feel my vengeance. Fate wills it so." - Thor]
Russo සහෝදරයන්ට අනුව තෝර්, වැරදි වෙලාවෙ වැරදි තීරණ අරගත්තු චරිත අතරින් කෙනෙක්. ඒවගේම Star-Lord එක්ක අමානාපයෙන් ඉන්න රසිකයො තෝර් එක්කත් ඒ හා සමානවම අමනාපයක් ඇති කර ගන්න ඕනා කියලයි Joe Russo තර්ක කරන්නෙ.
මේ තීරණ ඉතාමත් විශාල වේදනාවක් විඳිමින් සිටින චරිත අරගත්තු තීරණ කියලත්, ඒ චරිතවලට කතාන්දර තුළින් ක්රමයෙන් දියුණු විය හැකි නිසාවෙන්, ඒ චරිත දිහා සංවේදනාත්මකව බලන්න ඉගෙනගන්න ප්රෙක්ෂකයන්ට හැකිවෙයි කියලා විශ්වාස කරන බවත් Joe Russo ප්රකාශ කරලා තියෙනවා.
["What more could I lose?" - Thor]
ඒවගේම හැම තීරණයක් දිහාම, ඒ තීරණ අරගත්තු චරිතයේ දෘෂ්ටිකෝණයෙන් බලන්න අපි උත්සාහ කල යුතුයි කියන එක තමයි කතාන්දරයෙන් අපිට ඉගෙනගන්න තියෙන දේ කියලත් Joe Russo වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා.
(Marvel පොඩිහිටියන්ට පමණයි, විනෝදාස්වාදයට පමණයි කියලා සමහර කට්ටිය කිව්වත්, Marvel චිත්රපටිවලින් ලොකු පණිවිඩ අරගෙන යන බවට සාක්ෂියක් තමයි ඔය☝️.)
+👉මට නම් Infinity War චිත්රපටියෙ තිබුණු සුපිරිම තැනක් තමයි තෝර්, තානෝස්ට stormbreaker එකෙන් ගහලා, ලගට ඇවිත් ඇස් දිහා බලාගෙන "I told you, you'd die for that." 😠 කියලා කියන තැන. නමුත් තෝර් එහෙම කරපු නිසා තානෝස්ට තමන්ගෙ වැඩේ කරගන්න අවශ්යය කරන කාලය ලැබුණා. ඉතින් විශ්වයෙ බාගයක මරණයට වගකිව යුත්තා (👈සමහර ඇත්තො පීටර්ව හඳුන්වන විදිහ) Star-Lord විතරක්ම නෙවෙයි.
(දැන් මට පේනවා Star-Lordගෙ කරේ නැඟලා ඉන්න කට්ටිය ඇස්ගාඩ් පැත්තට ඇදී යන ආකාරය😂✌️.)
(Extra Info) ☝️Source - https:// comicbook. com/marvel/2018/05/07/avengers-infinity-war-thor-thanos-head-hammer-kill/
+👉මෙතනටම තවත් දෙයක් එකතුවෙන්න ඕනෙ. ගොඩක් අය කියන කතාවක් තමයි Infinity War චිත්රපටියෙදි Visionගෙන් කිසිම ප්රයෝජනයක් සිද්ද උනේ නැහැයි කියන එක. හොඳයි, චිත්රපටිය ආරම්භයේදි Corvus Glaive, එයාගෙ ආයුධයෙන් Visionට අනිනවා අනපේක්ෂිත වෙලාවක. ඒකෙන් Visionට ගොඩක් හානි වෙනවා. Corvus Glaiveගෙ ඒ ආයුධය එසේ මෙසේ ආයුධයක් නෙවෙයි. ඒක ඉතාමත් බලවත් ආයුධයක්. ඒකෙන් විශ්වයෙ තියෙන ඕනෑම දෙයක්, ඕනෑම කෙනෙක් පාසාරු කරන් යන්න අනින්න පුළුවන්. ඒවගේම මේ ආයුධය නිසා Corvus Glaive අමරණීයයි. ඉතින් ඒවගේ ආයුධයකින් ඇග පාසාරු උනාට පස්සෙ Vision දුර්වල උන එක සධාරණයි. එහෙම හානි වෙලා ඉදිද්දිත් Vision, Corvus Glaiveව මරණවා. කැප්ටන්ගෙ ජීවිතේ බේරගන්නවා. (Corvus Glaiveට එයාගෙම ආයුධයෙන් ඇනපු නිසයි එයා මැරෙන්නෙ.) ඒ ඇරුණම මුල ඉඳලම තමන්ගෙ ජීවිතය කැප කරලා හරි Mind stone එක විනාශ කරන්න ලෑස්ති පිටයි Vision හිටියෙ. ඉතින් මේ දේවල් සලකා බලද්දි Visionගෙන් ප්රයෝජනයක් උනේ නැහැයි කියන්න බැහැ නේද?
එහෙමනම් ඉතින් චිත්රපටියෙ ඉන්න චරිතවලට නිකරුණේ බනින්න කලින් ඒ චරිත එහෙම කලේ ඇයි කියන කාරණය ගැන ඒ චරිතයේ පැත්තෙන් බලලා තේරුම්ගන්න උත්සාහ කරන්න.
----------------------------------------------------------------------------
ලිපියෙ පළවෙනි කොටස මෙතනින් අවසන් කරනවා. නැවතත් මතක් කළොත්, මේ ලිපියට පදනම් කරගෙන තියෙන්නෙ Avengers: Infinity War චිත්රපටියෙ අධ්යක්ෂකවරු සහ තිර රචකයන් නොයෙක් තැන්වලදි(Interviews, Podcasts...) ප්රකාශ කරපු දේවල්.
ඒවගේම ඒ ප්රකාශ තවදුරටත් පැහැදිලි වෙන විදිහට අමතර කරුණුත්, විස්තර කිරීමුත් මේ ලිපියට එකතු කරලා තියෙනවා. (+👉)
ඊට අමතරව සමහර තියරිත් එකතු කරලා තියෙනවා. (Nova චිත්රපටිය, Professor Hulk)
ඔය කරුණු එකිනෙක වෙන්කරගන්න ඔයාලට පුළුවන් වේවි කියලා හිතනවා. (සිහිබුද්ධියෙන් ලිපිය කියෙව්වොත් ඒ වැඩේ අපහසු වෙන්නෙ නැහැ.)
ඒ වගේම Infinity War audio commentaryවල තිබුණු තොරතුරු වගයකුත් මම මේ ලිපියට අමතරව එකතු කරලා තියෙනවා (**👇විශේෂ+👇**). ඒ audio commentaryවල තිබුණු විස්තර ඇතුලත් වෙනම ලිපියක් ඉදිරි කාලයෙදි ගේන්න බලාපොරොත්තු වෙනවා.
මූලාශ්ර ලිපියෙදි, මේ එක් එක් විස්තර, කියපු කෙනා සහ කියපු තැන් පවා වෙන වෙනම සඳහන් කරලා තිබුණා. නමුත් සිංහලෙනුත් ඒ විදිහටම ලිව්වොත් ලිපිය නීරස වේවි කියලා හිතුන නිසයි මේ විදිහට ලිව්වෙ. ("ඉතින් දැනටමත් එහෙමනෙ" ...කියලා හිතුවා නේද? ඈ?😂✌️)
ඒ වගේම මේ ලිපියෙ තියෙන ඔය චිත්රපටි දෙබස් මම අරගත්තෙ IMDB සහ MARVEL CINEMATIC UNIVERSE WIKI වෙබ් අඩවිවලින්. මේ ලිපියෙ තියෙන කරුණු තව තවත් තහවුරු කරගන්න, ඒ දෙබස් ඔයාලට උපකාරයක් වෙවි කියලා හිතනවා👍.
පරිවර්තනයෙදි ඇති උන දෝෂ තියෙන්න පුළුවන්. (පරිවර්තනය කරපු පුද්ගලයා වැඩිය ඉංග්රීසි දන්න කෙනෙක් නෙමෙයි✌️.) ලිපිය ලියන්න යොදාගෙන තියෙන භාෂාව කෙනෙක්ට අපැහැදිලි වෙන්න පුළුවන්. සමාව ඉල්ලනවා ඒ ගැන. අපැහැදිලි, නොතේරුණ තැනක් තියෙනවා නම්... බය නැතුව අහන්න.
----------------------------------------------------------------------------
මේ ලිපියට එකතු කරලා තියෙන තියරි, සැබෑවක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. උදාහරණ කිව්වොත්, රූසෝ සහෝදරයන්ගෙ ප්රකාශ අනුවත් පැහැදිලි වෙනවා හල්ක්ව එළියට ගන්න නම් බෲස්ට හල්ක් එක්ක එකඟතාවකට එන්න සිද්දවේවි කියන එක. ඉතින් ඒ අනුව Avengers 4 චිත්රපටියෙදි බෲස්ගෙ සහ හල්ක්ගෙ එකතුවක් දකින්න පුළුවන් වෙන්න ලොකු සම්භාවිතාවයක් තියෙනවා. Nova ගැන කතා කළොත්, තානෝස් සැන්ඩාර්වලට පහර දීම සහ Novaගෙ (Richard Riderගෙ) Origin එක එකිනෙක කිසිම ගැටළුවක් නැතුව සම්බන්ධ කරන්න පුළුවන්කම තියෙනවා. (නමුත් මේ දේවල් 100%ක්ම තහවුරු කරන්න නම් දැනට සාක්ෂි මදි.)
----------------------------------------------------------------------------
එහෙනම් මේ කතාකරලා තියෙන දේවල් සම්බන්ධව ඔයාලගෙ අදහස්, ඔයාලා දන්න කියන දේවල් මෙතනට එකතු කරලා යන්න.
(FYI - ඔයාලගෙ අදහස් එකතු කරනකොට රණ්ඩුසරුවල් කරගන්නෙ නැතුව ඉන්න වගබලාගන්න කියලත් කාරුණිකව ඉල්ලා සිටිනවා.)
මතු සම්බන්ධයි ... ... ... ...🙏 (snap)
[✍️ - ජනිත පසන්✔️]

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List