Totally Awesome Hulk
අද පෝස්ට්එක Amadeus Cho, එහෙමත් නැත්තම් Totally Awesome HULK ගැන.අපි මුලින්ම ආමඩේයස්ගෙ කොමික්වල විකාශනය සිද්ධවුණු විදිහ බලමු.👇👇
Amadeus Cho කියන්නෙ ඇරිසෝනාවල හැදුන Korean-American ළමයෙක්.ආමඩේයස්ට කියුරි චෝ කියලා සහෝදරියක් ඉන්නවා.ඒවගේම ආමඩේයස් පොඩිකාලෙ ඉදලම ඉතාමත්ම බුද්ධිමත් සහ දක්ෂ කෙනෙක්.කෙටියෙන් කියනවනම් ජීනියස් කෙනෙක්.ආමඩේයස්ට වයස අවුරුදු පහළොවක් වෙද්දි සුපිරි බුද්ධිමතුන් සහභාගි වෙන Brain Fight කියන online quiz competition එකෙන් පහසුවෙන්ම දිනලා $5,000ක ප්‍රථම ත්‍යාගය දිනාගන්නත් සමත්වෙනවා.මේක නිසා ආමඩේයස් ලෝකෙ සුපිරිම බුද්ධිමතුන් අතර 7වෙනි තැනට එනවා.ඒත් ඒකෙන් හොඳක් නම් වෙන්නෙ නෑ.Brain fight එකේ organizer වුණු පයිතගරස් දුප්රීට ඕනවෙන්නෙ තමන්ගෙ බුද්ධිමට්ටමට අභියෝගයක් වෙන අයව අයින්කරන එක.👈😕😂 ඉතින් දුප්රිගෙ මිනිස්සු ආමඩේයස්ගෙ ගෙදර පුපුරවනවා.පිපිරීමෙන් ආමඩේයස්ගෙ අම්මයි තාත්තයි මැරෙනවා.ඒත් ආමඩේයස් පැනලා දුවලා බේරෙනවා
දුප්රිගෙ කට්ටිය ආමඩේයස්ව හොයාගෙන එද්දි ආමඩේයස්, හල්ක් ළඟට යන නිසා බේරෙනවා.ඉතින් හල්ක් ආමඩේයස්ව බේරගෙන ආමඩේයස්ගෙ යාළුවෙක් වෙනවා.ඔහොම කාලයක් ගතවෙද්දි හල්ක්ගෙ දරුණු ක්‍රියාකලාපය නිසා ඉලුමිනාටිලා හල්ක්ව shuttleඑකක දාලා පෘථිවියෙන් ඈතට යවනවා.කාලයක් ගියාට පස්සෙ S.H.I.E.L.D. එක මාර්ගයෙන් බෲස්(හල්ක්)ට අයිතිවෙලා තිබුණු මෙක්සිකෝවේ රහස් මූලස්ථානයක් ගැන දැනගන්න ආමඩේයස් එතනදි Baxter Building security networkඑක හැක් කරලා හල්ක්ව යවපු ඉලුමිනාටි එක ගැන දැනගන්නවා.🔍🔍
ඉතින් හල්ක් ඉලුමිනාටිලාගෙන් පලිගන්න ආපහු පෘථිවියට ආවට පස්සෙ(කලින් ස්කාර් ගැන,හල්ක් ගැන දාපු පෝස්ට්වල කතාව තියෙනවා 😉) හල්ක් දරුණු විදිහට හැසිරෙන්න හේතුව ඉලුමිනාටිලා නිසා තමන් ආදරේ කරන අය නැතිවුන නිසා කියලා හල්ක්ව සාදාරණීකරනය කරන්න චෝ උපරිමයෙන් උත්සහ කරනවා.ඒත් S.H.I.E.L.D.එකවත් ජෙනරාල් රොස් වත් ආමඩේයස් චෝගෙ කතා පිලිගන්නෙ නෑ.ඉතින් හල්ක් පැරදුනාට පස්සෙ ආමඩේයස් ව S.H.I.E.L.D.එකේ හිරකාරයෙක් කරනවා.
චෝ හිර අඩස්සියේ ඉද්දි S.H.I.E.L.D.එක චෝගෙ බුද්ධිමත්කම ආයුධයක් විදිහට පාවිච්චි කරන්න හිතුවත් අසාධාරණ විදිහට වැඩ කරපු S.H.I.E.L.D.එක ගැන කලකිරිලා ආමඩේයස් චෝ පැනලා යනවා.
ඔහොම ඉද්දි ආමඩේයස් චෝ විවිධ අවස්ථා වලදි විවිධ කණ්ඩායම් ,වීරයො එක්ක වැඩකරනවා.වැඩියෙන්ම තරුණ වීරයො කණ්ඩායම් එක්ක සහ හල්ක්,හර්කියුලිස් එක්ක.
ඒවගේම චෝ Spider-Girl, X-23, Thunderstrike සහ Power Man එකතුකරලා කණ්ඩායමක් හදලත් තියෙනවා.පස්සෙ කට්ටියව දාලා මාරුවෙනවා.
ඉතින් හල්ක් ඉලුමිනාටිලාගෙන් පලිගන්න ආපහු පෘථිවියට ආවට පස්සෙ(කලින් ස්කාර් ගැන,හල්ක් ගැන දාපු පෝස්ට්වල කතාව තියෙනවා 😉) හල්ක් දරුණු විදිහට හැසිරෙන්න හේතුව ඉලුමිනාටිලා නිසා තමන් ආදරේ කරන අය නැතිවුන නිසා කියලා හල්ක්ව සාදාරණීකරනය කරන්න චෝ උපරිමයෙන් උත්සහ කරනවා.ඒත් S.H.I.E.L.D.එකවත් ජෙනරාල් රොස් වත් ආමඩේයස් චෝගෙ කතා පිලිගන්නෙ නෑ.ඉතින් හල්ක් පැරදුනාට පස්සෙ ආමඩේයස් ව S.H.I.E.L.D.එකේ හිරකාරයෙක් කරනවා.
චෝ හිර අඩස්සියේ ඉද්දි S.H.I.E.L.D.එක චෝගෙ බුද්ධිමත්කම ආයුධයක් විදිහට පාවිච්චි කරන්න හිතුවත් අසාධාරණ විදිහට වැඩ කරපු S.H.I.E.L.D.එක ගැන කලකිරිලා ආමඩේයස් චෝ පැනලා යනවා.
ඔහොම ඉද්දි ආමඩේයස් චෝ විවිධ අවස්ථා වලදි විවිධ කණ්ඩායම් ,වීරයො එක්ක වැඩකරනවා.වැඩියෙන්ම තරුණ වීරයො කණ්ඩායම් එක්ක සහ හල්ක්,හර්කියුලිස් එක්ක.
ඒවගේම චෝ Spider-Girl, X-23, Thunderstrike සහ Power Man එකතුකරලා කණ්ඩායමක් හදලත් තියෙනවා.පස්සෙ කට්ටියව දාලා මාරුවෙනවා.
කාලෙකට පස්සෙ ආමඩේයස් චෝ ඉලුමිනාටි එකට සම්බන්ධ වෙනවා.ඒත් ඒකාලෙදි Avengersල ඉලුමිනාටි එක හොයන නිසා හැංගිලා තමයි ආමඩේයස්ට ඉන්න වුනේ.(සරලවම කියනවනම් ඉලුමිනාටි කියන්නෙ Reed Richards, Professor X, Tony Stark, T'challa, Namor, Black Bolt, Doctor Strange වගේ බලවත් බුද්ධිමතුන් එකතුවෙලා හදපු පෘථිවියේ ආරක්ෂාව වෙනුවෙන් වෙන ඕනෑම ග්‍රහලෝකයක් විනාශ කරන්න වුනත් සූදානම් කණ්ඩායමක්👎) ඉලුමිනාටි එකේ ඉන්න කාලෙදි S.H.I.E.L.D.එකේ මධ්‍යස්ථානයකට පැනලා ටෝනි ස්ටාක්ගෙ files උස්සන්න හදලා ආමඩේයස් S.H.I.E.LD. එකට අහුවෙනවා.🚓🚔
ප්‍රශ්න වලින් නිදහස් වුනාට පස්සෙ කාලෙකදි විලයන ප්‍රතික්‍රියාකාරකයක්(fusion reactor එකක්☣️️) පුපුරනවා.ඒකෙන් ඇතිවෙන විකිරණ අවශෝෂණය කරගෙන මිලියන ගණනක් මිනිස්සු හල්ක් විසින් බේරගන්නවා.ඒත් හල්ක් අවශෝෂණය කරගත්තු විකිරණශීලිත්වය දරාගන්න බැරිව ඉද්දි විශේෂ නැනයිට්ස් වර්ගයක් පාවිච්චි කරලා හල්ක්ගෙ බලය අවශෝෂණය කරගත්ත ආමඩේයස් චෝ අලුත් හල්ක් කෙනෙක් බවට පත්වෙනවා.ආමඩේයස් තමන්ගෙ මේ අලුත් ස්වරූපය හදුන්වන්නෙ "Totally Awesome HULK" කියලා.☣️
ඉතින් මේ තරුණ හල්ක්, තරුණ සුපිරි වීර කණ්ඩායමක් වුන Championsලට එකතුවෙනවා.
දෙවෙනි Civil war එකේදි බෲස් බැනර් මැරුනට පස්සෙ හල්ක් විදිහට කටයුතු කරන්නෙත් මේ අලුත් හල්ක්.
දෙවෙනි Civil war එකේදි බෲස් බැනර් මැරුනට පස්සෙ හල්ක් විදිහට කටයුතු කරන්නෙත් මේ අලුත් හල්ක්.
ආමඩේයස්ගෙ බුද්ධිය ඒ වගේම පාවිච්චි කරන්නත් මේ අලුත් හල්ක්ට පුළුවන්.ඒත් සමහර වෙලාවට හල්ක් තමන්ගෙ පාලනය ගන්නවා.ඉතින් සමහරවෙලාවට තමන්ගෙම මනසේ හිරකාරයෙක් වෙලා ඉන්නත් ආමඩේයස් ට වෙලා තියෙනවා.ඉතින් හල්ක් තමන්ව පාලනය කරද්දි හල්ක්ට පාලනයක් නෑ.ඉතින් තමන්ට හල්ක්ගෙ අදුරු පැත්ත විනාශ කරන්න බැරිනිසා හල්ක්ව සදහටම නවත්වගන්න ආමඩේයස් තීරණය කරනවා.☢️🔚
ආමඩේයස්ගෙ powers , හැකියාවන් සහ දුර්වලතා මෙහෙමයි.👇👇
💪 Leader නිර්මාණය කරපු තාක්ෂණයක් භාවිතයෙන් හදපු Nanobotsලා පාවිච්චි කරලා සෛලවල ව්‍යුහය බෲස්ගෙ වගේ Gamma energyඑක ගබඩාකරන්න පුළුවන් විදිහට වෙනස්කිරීම නිසා ආමඩේයස්ට හල්ක් වගේ වෙන්න පුළුවන්.වම් අතේ සවිකරපු Device එකක් පාවිච්චි කරලා තමයි ආමඩේයස් තමන්ගෙ ස්වරූපය වෙනස් කරන්නෙ.
💪 සාමාන්‍ය හල්ක් වගේම නිසා සුපිරි ශක්තිමත්බවක්, ඔරොත්තු දීමක්, වේගවත් සුවවීමක් ඉතාමත්ම වැඩි දුරකට හෝ උසකට පැනීමේ හැකියාවක්, කාර්යයක් කරද්දි ඉතාමත්ම අඩු වෙහෙසක් සහ හානිවීමට දැඩි ප්‍රතිරෝධයක් ආමඩේයස්ගෙ Totally awesome hulkටත් තියෙනවා.
💪 ආමඩේයස්ගෙ බුද්ධිමට්ටම ගැන කියනවනම් ආමඩේයස් කියන්නෙ super genius කෙනෙක්.💡ආමඩේයස් තමයි මාවල් පෘථිවියේ ඉන්න සුපිරි බුද්ධිමතුන් අතර අටවෙනියා.ඉතාමත්ම ඉක්මනින් ඉගෙනගැනීමේ හැකියාවක් , සුපිරිම මතකයක්,ප්‍රශ්න විසදීමේ හැකියාවක් , අවබෝධ කරගැනීමේ හැකියාවක් ,පෘථිවියේ ඕනෑම මනුෂ්‍යයෙක්ට වඩා නිවැරදි pattern recognition හැකියාවක්, eidetic memoryඑකක්(කවදාවත් කිසිම දෙයක් අමතක නොවීම සහ පරිපූර්ණව සිහිකිරීමේ හැකියාව)තියෙනවා.😰😰
💪 ආමඩේයස් සුපිරිම හැකර් කෙනෙක්.💻
👎 ආමඩේයස් චෝගෙ දුර්වලතාවයක් තමයි Dissociative Identity Disorder.සරලවම කියනවනම් multiple personality disorder(එකම කෙනාට මානසිකව ස්වරූප කිහිපයක් තිබීම😇😈(මානසික රෝගයක්)).
EXTRAS :-
☢️ ආමඩේයස්ට A.I. එකක්, පියාසර කිරීමේ හැකියාවක්, වැඩිදියුණු වුන ශක්තියක් සහිත බලශක්ති ක්ෂේත්රයක් නිර්මාණය කරන්න පුළුවන් Calvin Klein A.I. Suit කියලා ඇදුමක් තියෙනවා.
☢️ ආමඩේයස් තමන්ම නිර්මාණය කරපු ඉතාමත් advanced computerඑකක් පාවිච්චි කරනවා.පරණ Nintendo Gameboyඑකක් 🎮තමයි මේකෙ කේසින් එක.
☢ ️ආමඩේයස් චෝ Ultimate Spider-Man Season03 එකෙන් අපිට වෙනස්ම විදිහකට බලාගන්න ලැබෙනවා.ඒ Iron Spider විදිහට.🎥(කොමික්වල තියෙනවට වඩා animated series වල storyඑක ගොඩක් වෙනස්)
☢ ️2014දි ආපු japanese anime filmඑකක් වුන Avengers Confidential: Black Widow & Punisher එකෙන් S.H.I.E.L.D.එකට වැඩකරන කෙනෙක් වගේම Black widowගෙ සහ හල්ක්ගෙ යාළුවෙක් විදිහට බලාගන්න ලැබෙනවා.🎬
☢ ️ආමඩේයස් චෝ කියන කොමික් චරිතය නිර්මාණය කරන්නෙ Greg Pak සහ Takeshi Miyazawa විසින්.චරිතය මුලින්ම බලාගන්න ලැබෙන්නෙ Amazing Fantasy Vol 2 #15(January, 2006) කොමික් 📖️එකෙන්.ආමඩේයස් හල්ක් කෙනෙක් වෙනවා පළවෙනි වතාවට බලාගන්න ලැබෙන්නෙ Totally Awesome Hulk #1(February, 2016)📖️එකෙන්.
හරි.දැන් ආමඩේයස් චෝ A.K.A. "Totally Awesome HULK" ගැන නොදන්න මොනවමහරි දැනගන්න ඇති කියල හිතනව.ඉතින් #hulkfamily seriesඑක මේ පෝස්ට් එකෙන් ඉවරයි.Marvel Comic Characters ගැන අලුත් series එකකින් ඉක්මනටම හම්බවෙමු.(අලුත් පෝස්ට් සීරිස් එක මොන කට්ටියක් ගැනද කියලා පුළුවන් නම් Guess කරලා කියන්න.😇)එහෙනම් හැමකෙනෙක්ටම, Excelsior !!!
✍️ Shane Perera
Comments
Post a Comment