Toxin

අද පෝස්ට් එක ගොඩදෙනෙක් ඉල්ලපු Toxin ගැන. ටොක්සින් සිම්බියෝට් කියන්නෙ සිම්බියෝට් පරම්පරාවෙ 1000වෙනි පුරුක. එහෙමත් නැත්තම් කානේජ්ගෙන් ඉපදුණු සිම්බියෝට් තමයි ටොක්සින්. ඒවගේම සිම්බියෝට්ලගෙ God කියලා හදුන්වන Knullට විතරක් දෙවෙනි වෙන ශක්තිමත්ම වගේම භයානකම සිම්බියෝට් තමයි ටොක්සින්. ඉතින් මේ සුපිරිම සිම්බියෝට් ගැන දැන් බලමු.👇👇(⚠️⚠️️කලින් කානේජ් ගැන ලියපු පෝස්ට්එක කියවලා මේක කියවන්න.)
මුලින්ම Venom Vs Carnage කොමික් එක බැලුවොත් කානේජ්ට සිම්බියෝට් බබෙක් හම්බවෙන්න යන්නෙ.😂 කානේජ් පිරිමි සිම්බියෝට් කෙනෙක් නෙමෙයි, Agender කෙනෙක්. ඉතින් ශරීරයේ ඇතිවෙන කොටසක් තමයි වෙනත් සිම්බියෝට් කෙනෙක් විදිහට ශරීරයෙන් එළියට එන්නෙ. (වෙනම්ගෙන් කානේජ් ඉපදෙන්නෙත් මෙහෙම) මේ ඉපදෙන්න ඉන්න සිම්බියෝට් කවදහරි තමන්ව මරයි කියන බය නිසා කානේජ් ඉන්නෙ මේ Symbioteව ඉපදුණාම මරන්න බලාගෙන. ඒත් අලුත් සිම්බියෝට් කෙනෙක් ඉපදෙන්න යනව කියල Venom symbioteට දැනෙනවා. ඉතින් Venom, කානේජ්ව නවත්තන්න යනවා. ඉතින් දිග වලියකින් පස්සෙ කොහොමහරි අලුත් සිම්බියෝට් කෙනෙක් ඉපදෙනවා. මේවෙලාවෙදි දුර්වල වෙලා හිටපු Carnage, වෙනම්ගෙනුත් බේරෙන්න ඕනෙ නිසා මේ අලුත් සිම්බියෝට්ව පොලිස් නිලධාරියෙක්ගෙ ඇඟට දාලා මාරුවෙනවා.👮️👮
මේ පොලිස් නිලධාරියගෙ නම තමයි Patrick Mulligan. ඉතින් මේ පැට්රික්ව හොයාගෙන ආපහු කානේජ් එන්න පුළුවන් නිසා වෙනම් පැට්රික්ව බේරගන්න ගෙදරට පනිනව. ඉතින් මේක දකින ස්පයිඩි වෙනම් ගැන වැරදියට හිතලා වෙනම් එක්ක වලියක් යනව. ඔය අතරෙ කානේජ් ගෙදරට ඇවිත් පැට්රික්ව මරන්න අරන් යනවා. ඉතින් ඒක දකින Black Cat ,වෙනම් එක්ක එකතුවෙලා කානේජ්ව පරද්දනවා.
ඒවගේම ආපහු සැරයක් කානේජ් පැට්රික්ව මරන්න එනවා. ඒවෙලාවෙදි තමයි පැට්රික්ගෙ ඇඟ ඇතුලෙ හිටපු Toxin Symbiote එළියට ඇවිත් වැඩ පටන්ගන්නෙ. ඉතින් මේපාර කානේජ්ට, තමන්ගෙම පුතාම දුවන්න ගහනවා. අන්තිමට කානේජ් වෙනම්වත් ටොක්සින්ව මරන්න පොළඹවනවා.🆚 ඒත් අන්තිමට ටොක්සින් තමන්ගෙ තාත්තවයි, සීයවයි දෙන්නවම පරද්දනවා. ඊටපස්සෙ පැට්රික් Toxin විදිහට දිගින් දිගටම අපරාධකාරයන්ව අල්ලලා පොලීසියට බාරදෙනවා. මේගැන අවධානයෙන් ඉන්න ස්පයිඩි පැට්රික්ට මේ දේවල්වලට උදව් වෙනවා.
අවුරුදු ගාණක් මෙහෙම හිටියට පස්සෙ ටොක්සින් සිම්බියෝට්ව BlackHeart,(prince of Hell) පැට්රික්ගෙන් ඉවත්කරලා පැට්රික්ව මරණවා. ඊටපස්සෙ ටොක්සින් සිම්බියෝට්ව Las Vegasවල තියෙන ලැබ් එකක රඳවනවා.
ඔයකාලෙදි crime master කියන අපරාධකාරයා Agent Venom කියන්නෙ කවුද කියල දැනගන්නව.
(Agent-venom කවුද කියලා දන්නැත්තම් මම ගියසතියෙ දාපු Anti-venom පෝස්ට්එක කියවන්න.) ඉතින් තමන් ආදරේ කරන අයව බේරගන්න නම් ෆ්ලෑෂ්ට(Agent-Venomට) crime master කියන දේවල් කරන්න වෙනවා. ඔය නිසා Agent-Venom ටොක්සින් සිම්බියෝට්ව ලැබ් එකෙන් උස්සල Crime-Masterට ගිහින් දෙනවා. මේ කාලෙදි තමයි එඩී බ්රෝක්(Venomගෙ Host) සිම්බියෝට්ලව දඩයම් කරමින් ඉන්නෙ.🎯(*hybrid ගැන ලියපු පෝස්ට් එකේදි කිව්වා) ඒඅතරෙ ඒජන්ට් වෙනම් හදන්නෙ crime-masterව වෙඩිතියලා මරන්න.
💥🔫 ඒත් එඩී ඔය සිද්දියෙ මැද්දට පැනල ඒජන්ට් වෙනම්ව මරන්න හදනවා. ඒකෙන් වෙන්නෙ දෙන්නවම Crime-masterට අහුවෙන එක. ඒත් Agent-venom මෙතනින් පැනල යනවා. ඒත් එඩී කියන්නෙ සිම්බියෝට්ලට හොඳම ධාරකයෙක් නිසා Crime-master ටොක්සින් සිම්බියෝට්ව එඩී එක්ක සම්බන්ධ කරනවා.
මේ සිද්ධියෙන් පස්සෙ ටොක්සින් සිම්බියෝට්, එඩීව පාලනය කරගෙන Savage Six අපරාධ කල්ලියට එකතුවෙලා තමන්ගෙ සීයව(venom symbioteව) මරන්න හදනවා. ඉතින් Agent-venom කොහොමහරි ටොක්සින්ව ගිනිතියනවා. ඒත් එඩීව බේරගන්න Agent-venom කොච්චර උත්සහ කලත් පුළුවන්කමක් ලැබුණෙ නෑ.
Toxin symbioteගෙ healing factorඑක කොච්චර සුපිරිද කියනවනම් හොඳටම පිච්චුන එඩීව සම්පූර්ණයෙන්ම සුවකරලා බේරගන්නවා. දිගින් දිගටම මේ සටන කිහිපවතාවක්ම වුනත් අන්තිමේ Agent-venom සහ Toxin එකඟතාවයකට එනවා. ඒ Venom පාලනයකින් තොරව වැඩ කලොත් Toxin තමන්ව(venomව) මරන්න ඕනෙ කියලා. මේ එකඟතාවයෙන් පස්සෙ Toxin ආපහු හොඳ වැඩ කරන්න පටන්ගන්නවා.
කොහොමවුනත් අන්තිමට FBIඑකෙන් එඩීව අත්අඩංගුවට අරගෙන Toxin symbioteව symbiote inhibitor drugsවලින් පාලනය කරනවා.ඒවගේම toxinට වැඩකරන්න පුළුවන් වෙන්නෙ විශේෂ antidoteඑකක් එන්නත් කරගත්තට පස්සෙ විතරයි.💉
කානේජ්ව නවත්වන්න හදපු කණ්ඩායමක් වුණ Anti-Carnage Task Forceඑකට එඩීවත් බඳවාගන්නවා. ඉතින් කානේජ්ව සහ කානේජ් Darkholdඑක පාවිච්චි කරලා නිදහස් කරපු Elder God කෙනෙක් වුණ Chthonව පරද්දන්න Jubulile van Scotter විසින් Toxin symbioteවයි Raze symbioteවයි අවශෝෂණය කරගෙන අලුත් සිම්බියෝට් කෙනෙක් වෙනවා. Chthonව විනාශ කරන්න පාවිච්චි කළාට පස්සෙ එළියක් එක්ක මේ සිම්බියෝට් නැතිවෙලා යනවා. ඊටපස්සෙ මේවෙනකම් ආපහු ටොක්සින් සිම්බියෝට්ව බලාගන්න ලැබුණෙ නෑ.
Toxinගෙ POWERS සහ ABILITIES ගැන බලමු.👇👇
(මේක කියවන්න කලින් කානේජ් ගැන පෝස්ට්එක කියවන්න)
• Carnageගෙ offspring කෙනෙක් වුණ Toxinට Carnageග බොහොමයක් powers ඉතාමත්ම වැඩිදියුණු විදිහට තියෙනවා.
(කානේජ් ගැන පෝස්ට් එකෙන් ඒ powers ගැන කියපු නිසා මෙතනදි toxinගෙ විශේෂ powers ගැන විතරක් බලමු.👇👇)
• ගින්දර සහ ශබ්ද තරංගවලට කානේජ් සිම්බියෝට්ට වඩා හොඳ ප්රතිරෝධයක් දක්වනවා.
• වෙනම්,කානේජ් එකතු වුනත් සමාන කරන්න බැරි Superhuman Strengthඑකක්(අධික ශක්තියක්) ටොක්සින් සිම්බියෝට් සතුයි. ටොක්සින්ගෙ ශක්තියේ ප්රමාණය තීරණය වෙන්නෙ තරහව වගේ හැඟීම් මත.
• ඒවගේම තරහව සහ අනිත් හැඟීම් මත toxin, ශක්තියෙන් සහ ප්රමාණයෙන් ඉතා විශාල වෙනවා.ඒවගේම තියුණු දත් සහ නිය වර්ධනය වෙනවා.
• පිළිකා පවා සුවකිරීමට තරම් වේගවත් සුවවීමේ හැකියාවක් toxin සතුයි.
• ටොක්සින්ගෙ තියුණු දත් ඉතාමත්ම ශක්තිමත් වගේම ටොක්සින්ගෙ සපාකෑම(toxic bite) විෂ සතිතයි.
• ඉවකිරීම මගින් ඕනම කෙනෙක්ව track කිරීමේ හැකියාවක් toxinට තියෙනවා.
WEAKNESSES:
• Symbiote inhibitor drugs💊
• ඉහළ සංඛ්යාතවල ශබ්ද🔊📣
• ගින්දර🔥🔥
EXTRAS :
• Patrick Mulligan එක්ක සම්බන්ධ වෙලා ඉද්දි Spider-manගෙ පෙනුමට තරමක් සමාන පෙනුමක් සහ රතු, තදනිල් පාටක් තමයි Toxinට තිබුණෙ.
• එඩී Anti-Carnage task forceඑකේ වැඩ කරද්දි Agent-venomගෙ පෙනුමට සමාන කළු සහ රතු පාට body armorඑකක් වගේ තමයි ටොක්සින්ව බලාගන්න ලැබුණෙ.
• සමහර තැන් වලදි Toxinගෙ healing factorඑක වුල්වරින්ට වඩා වේගවත් කියල තියෙනවා.ඒත් මේකට පැහැදිලි sourceඑකක් නෑ.
• Toxinව නිර්මාණය කලේ Peter Milligan සහ Clayton Crain විසින්. (කොමික්වලදි Patrick Mulligan විදිහට ආවෙ Peter Milliganමද??)
• Toxinව මුලින්ම බලාගන්න ලැබෙන්නෙ 2004දි Venom Vs. Carnage #2 කොමික්📖️issue එකෙන්. ඒවගේම 2017දි නිකුත්වුණ Carnage Vol 2 #16 කොමික්📖️ issue එකෙන් තමයි ටොක්සින්ව අවසන් වතාවට බලාගන්න වෙන්නෙ.
• Darkhold කියන්නෙ Chthon කියන Elder Godගෙ ඥානය තැන්පත් කරපු පොතක්.(Agents of S.H.I.E.L.D. Season04 එකෙන් Darkholdඑක බලාගන්න පුළුවන්)📑
SCORN ගැන විස්තරයක් -
කානේජ් ගැන ලියපු පෝස්ට් එකෙන් මම කිව්වා කානේජ්ව ගොඩක් අවස්ථාවලදි විශේෂ තැන්වල හිර කරලා තියෙනව කියලා.ඉතින් ඔයවගේ හිරකරපු තැනක් වුණ "Raft" කියන හිරගෙදරින් කානේජ් පනිද්දි සෙන්ට්රිට(superman වගේ වීරයෙක්) අහුවෙලා කානේජ්ව අභ්යාවකාශයෙදි කෑලි දෙකකට ඉරනවා.ඒත් ක්ලීටස්වත් කානේජ් සිම්බියෝට්වත් මැරෙන්නෙ නෑ.ක්ලීටස්ව කානේජ් ආරක්ෂා කරගෙන කෝමා තත්ත්වයක තියාගන්නවා.පස්සෙ කාලෙකදි Michael Hall කියන නව නිර්මාණකරුට කානේජ්ව හම්බවෙනවා.ඉතින් Hall කානේජ් සිම්බියෝට් සහ ක්ලීටස්ව වෙන්කරනවා.ඒවගේම කානේජ් සිම්බියෝට්ව හිරකරගෙන කානේජ්ගෙ කොටස් පාවිච්චි කරලා කෘත්රිම ශරීර කොටස් සහ super-soldiersලා හදනවා.Sentry කානේජ්ව දෙකට ඉරලා දැම්මට පස්සෙ ක්ලීටස්ට කකුල් දෙකක් නෑ.ඒනිසා ඒකට යොදාගන්නෙත් Carnage symbiote පාවිච්චි කරලා හදපු කෘත්රිම කකුල් දෙකක්.ඒවගේම Dr.Tanis Nievesගෙ කෘත්රිම අත හදන්නත් කානේජ් සිම්බියෝට්ගෙ කොටස් යොදාගන්නවා.
Dr.Tanisගෙ කෘත්රිම අත හදන්න පාවිච්චි කරපු කානේජ්ගෙ offspringඑක මගින් Doctorව පාලනය කරලා Dr.Tanis එක්ක සම්බන්ධ වෙලා Carnage symbiote හිරකරපු තැනින් පැනගන්නවා.ඉතින් කානේජ් සිම්බියෝට් තමන්ගෙ Origin Host වුණ ක්ලීටස් කැසඩිව හොයාගෙන ගිහින් ක්ලීටස් එක්ක සම්බන්ධ වෙලා Dr.Tanisව අතහරිනවා.
ඒත් කානේජ් සිම්බියෝට් පාලනය කරපු Dr.Tanisගෙ කෘත්රිම අතට යොදාගත්ත කානේජ්ගෙ offspring වේගයෙන් වර්ධනය වෙලා අලුත්ම Cyborg Symbiote කෙනෙක් හැදෙනවා. ඉතින් මේ අලුත් සිම්බියෝට් තමයි Scorn කියන්නෙ.
• සාමාන්යයෙන් සිම්බියෝට්ලට තියෙන powers වලට අමතරව විවිධ ආයුධ, තාක්ෂණික උපකරණ ශරීරයට සම්බන්ධ කරගන්න Scornට පුළුවන්.
එහෙනම් Toxin සහ Scorn ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි. ඉතින් අද පෝස්ට්එක මෙතනින් ඉවර කරනවා.Toxinගෙ සහ Scornගෙ originඑක සහ Storyඑක පුළුවන් තරම් කෙටියෙන් කිව්වා. මේක කියවන අය මොනවමහරි දැනගන්න ඇති කියල හිතනවා.✌️එහෙනම්,
Excelsior !!!
✍️ Written by Shane Perera

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List