A-Bomb
අපි Hulk family පෝස්ට්එක පටන්ගද්දි මුලින්ම කිව්වෙ බෲස් බැනර් AKA Incredible Hulk ගැනනේ.ඉතින් ඒකෙදි මම කිව්වා සිවිල් වැසියෙක් බේරගන්න ගිහින් තමයි බෲස්,හල්ක් විදිහට වෙනස්වුණේ කියලා.අද කතාකරන්නෙ ඒ සිවිල් වැසියා ගැන.දැන් කතාවට බහිමු.👇👇
අනාථව පොඩිකාලෙ හැදුන රිචඩ් ජෝන්ස්,එහෙමත් නැත්තම් රික් ජෝන්ස් තරුණ කාලෙ පිස්සු වැඩ කරකර එකඑක නගරවල ගතකලා.Driving license අරගෙන,සෙකන්ඩ් හෑන්ඩ් කාර්එකකුත් ගත්ත මේ පිස්සු කෙලින කොල්ලා පරමාණු බෝම්බයක් testකරනවා කියලා ආරංචියක් තියෙන කාන්තාරෙකට යන්න යාළුවෙක්ගෙ Dare එකක් භාරගන්නවා.ඒත් මේ කියන්නෙ බෲස් බැනර් testකරපු ගැමා බෝම්බය ගැන.ඉතින් රික් මේ testඑක කරන කලාපයට තමන්ගෙ කාර්එක driveකරන් යනවා.කලින් පෝස්ට්එකේදි කිව්වවිදිහට මේගැන දැනගන්න බෲස් බැනර්,ගැමා බෝම්බය පිපිරීමෙන් රික්ව බේරගන්නවා.ඒත් බෲස්ට ගැමා කිරණ වලින් බේරෙන්න බැරිවෙලා හල්ක් ඇතිවෙනවා.
ඉතින් මේ ගැන ලොකු වරදකාරී හැගීමක් ඇතිවෙන රික්,අපි හැමෝටම ඉන්නවා වගේ වදකාරයෙක් වුනත් බොක්කෙන්ම ඉන්න හල්ක්ගෙ යාළුවා වෙනවා.ඒවගේම හල්ක්ගෙ ක්‍රියාකලාපය ගැන තොරතුරු හොයන්න සහ දැනුම්දෙන්න කණ්ඩායමක් රික් හදනවා.
මේ කණ්ඩායම Avengersල ඇතිවෙන්නත් බලපෑවා.ඒවගේම රික් තාවකාලිකව බකී වෙනුවට කැප්ටන් ඇමරිකාගෙ සහයකයා වෙනවා.පස්සෙ කාලෙක Mar-Vell එක්කත් වැඩකරන රික්,Mar-vell මැරුණට පස්සෙ ආපහු hulkට එකතුවෙනවා.ඒත් තමන්ගෙ වරදකාරී හැගීම නිසා රික්,හල්ක්ව නවත්වන්න පුළුවන් හල්ක් වගේ කෙනෙක් වෙන්න හිතාගෙන ගැමා කිරණ වලට නිරාවරණය වෙන්න තීරණය කරනවා.මේනිසා මැරෙන්න යන රික්ව,බෲස් සුවකරත් රික්ට මේනිසා blood cancerඑකක් ඇතිවෙනවා.රික්ට Beyonderව මුණගැහිලා රික් Beyonderගෙ බලයෙන් ආපහු සුවවෙන්න ලැබෙනවා.
මේ කණ්ඩායම Avengersල ඇතිවෙන්නත් බලපෑවා.ඒවගේම රික් තාවකාලිකව බකී වෙනුවට කැප්ටන් ඇමරිකාගෙ සහයකයා වෙනවා.පස්සෙ කාලෙක Mar-Vell එක්කත් වැඩකරන රික්,Mar-vell මැරුණට පස්සෙ ආපහු hulkට එකතුවෙනවා.ඒත් තමන්ගෙ වරදකාරී හැගීම නිසා රික්,හල්ක්ව නවත්වන්න පුළුවන් හල්ක් වගේ කෙනෙක් වෙන්න හිතාගෙන ගැමා කිරණ වලට නිරාවරණය වෙන්න තීරණය කරනවා.මේනිසා මැරෙන්න යන රික්ව,බෲස් සුවකරත් රික්ට මේනිසා blood cancerඑකක් ඇතිවෙනවා.රික්ට Beyonderව මුණගැහිලා රික් Beyonderගෙ බලයෙන් ආපහු සුවවෙන්න ලැබෙනවා.
අපි world war hulk comicඑක පැත්තට ගියොත්,සකාර්වල ඉදලා illuminatiලගෙන් පලිගන්න එන හල්ක්ව නවත්වන්න රික් යනවා.ඒත් සකාර්වලදි හල්ක්ගෙ සගයෙක් වුන මීක්(ragnarokඑකේ korg එක්ක හිටියේ) රික්ගෙ පපුවට අනිනවා.
තුවාල වුන රික්ව, ambulance එකක දාලා අරගෙන ගියත් ඒ කොහෙටද කියලා රික් දන්නෑ.ඒත් එකපාරටම ඇලස්කාවෙන් මතුවෙන රික් Nevada වලට යනවා.මෙතනදි රික්ට රතුපාට Hulk කෙනෙක්ව මුණගැහෙනවා.මේ Red hulk,Abominationව මරලා තමයි එන්නෙ.මේ රතුපාට හල්ක්ගෙන් පහරක් වැදුණට පස්සෙ එකපාරටම රික් Abominationට තරමක් සමාන නිල්පාට රාක්ෂයෙක් විදිහට වෙනස්වෙනවා.රික් තමන්ගෙ මේ ස්වරූපයට A-bomb කියලා නමක් දාගන්නවා.ටිකකාලයක් යද්දි A-bombට සාමාන්‍ය විදිහට වෙනස්වෙන්න පුළුවන් වෙනවා.
මේවිදිහට රික් A-Bomb විදිහට වෙනස්වුණේ Leader සහ MODOKගෙ වැඩක් නිසා කියලා පස්සෙ හෙළිදරව් වෙනවා.Abominationගෙ ලේ යොදාගෙන රික්ව තමන්ගෙ ආයුධයක් කරගන්න තමයි මේක කරලා තියෙන්නෙ.ඒත් පස්සෙ Leader සහ MODOK තේරුම් ගන්නවා රික්ව එහෙම ලේසියෙන් නටවන්න වෙන්නෑ කියලා.
රික් A-bomb විදිහට Avengers , Fantastic4 වගේ විවිධ කණ්ඩායම් එක්ක සහ විවිධ සුපිරිවීරයො එක්ක වැඩකරලා තියෙනවා.
කොහොමවුනත්, A-Bombට ප්‍රසිද්ධ සුපිරිවීරයෙක් වෙන්න තිබ්බත්,හල්ක් "Doc Green" කියන ස්වරූපයට ආවට පස්සෙ Gamma powers තියෙන අයගෙන් මිනිස්සුන්ට ලොකු තර්ජනයක් තියෙනවා කියල Gamma powers තියෙන සේරම අයව නැතිකරන්න තීරණය කරනවා.(මරන්න නෙමෙයි).ඉතින් ඩොක් ග්‍රීන් වැඩේ පටන්ගන්නෙ රික්ට ප්‍රතිකාරකය දීලා.😞ඒකෙන් රික්ව සම්පූර්ණයෙන්ම මනුෂ්‍යයෙක් වෙනවා.
කොහොමවුනත්, A-Bombට ප්‍රසිද්ධ සුපිරිවීරයෙක් වෙන්න තිබ්බත්,හල්ක් "Doc Green" කියන ස්වරූපයට ආවට පස්සෙ Gamma powers තියෙන අයගෙන් මිනිස්සුන්ට ලොකු තර්ජනයක් තියෙනවා කියල Gamma powers තියෙන සේරම අයව නැතිකරන්න තීරණය කරනවා.(මරන්න නෙමෙයි).ඉතින් ඩොක් ග්‍රීන් වැඩේ පටන්ගන්නෙ රික්ට ප්‍රතිකාරකය දීලා.😞ඒකෙන් රික්ව සම්පූර්ණයෙන්ම මනුෂ්‍යයෙක් වෙනවා.
රික්ගෙ බලය දැන් නැතිවුනත් රික්ගෙ මොළයේ විවිධ අතුරුආබාධ ඇතිවෙනවා.ඒ එක්ක වාසිත් වෙනවා.රික්ට තේරෙනවා තමන්ට ඕනෙම දෙයක් ඉතාමත්ම වේගයෙන් ඉගෙනීමේ හැකියාවක් ඇතිවෙලා කියලා.(අන්න ලැබෙනවනම් පවර්ස්😁)ඉතින් රික් සන්නිවේදන තාක්ෂණයෙන් ඉදිරියට යන්න තීරණය කරනවා.කොටින්ම කියනවනම් රික් නතරවෙන්නෙ Whisperer කියන නම දාගත්ත සුපිරි හැකර් කෙනෙක් වෙලා.
Secret Empire storylineඑකේදි (මේකෙදි Redskullගෙ cloneඑකක් Kobikගෙ බලය පාවිච්චි කරලා කැප්ටන් ඇමෙරිකාව හයිඩ්‍රා ඒජන්ට් කෙනෙක් කරනවා.) රික්,කැප්ටන් ඇමරිකාගෙ ඇත්ත ඔප්පු කරනවා කියන ආරංචිය නිසා කැප්ටන්,රික්ව අල්ලගෙන වෙඩිතියලා මරන්නත්,ඒ දඩුවම tvඑකේ සජීවීව පෙන්නන්නත් අණදෙනවා.වෙඩිතියන්න කලින් රික් එකදෙයක් කියලා කෑගහනවා.ඒ තමයි,
"Avengers Assemble"
😫❤😫❤
"Avengers Assemble"
😫❤😫❤
ඉතින් ඕක තමයි Abombගෙ කතාව.එහෙමනම් අපි A-bombගෙ powers ගැනත් බලමු.
Physical Transformation: රික් ජෝන්ස්ට abominationවගේ සුපර්හියුමන් කෙනෙක් විදිහට පරිවර්තනය වෙන්න පුළුවන්.
Superhuman Strength: A-Bomb විදිහට වෙනස්වුනාම රික්ගෙ පේශී,පටක සහ අස්ථි පද්ධතිය abominationගෙ වගේම ඉතාමත්ම ශක්තිමත් වෙනවා.
Suspended Aging: A-Bomb වයසට යන්නෙ නෑ.A-bombගෙ healing factorඑක නිසා සෛල වේගයෙන් ප්‍රතිජනනය වෙනවා.ඒවගේම gamma energyඑක නිසා බලවත් වෙනවා.
Superhuman Stamina: කාර්යයක් කරද්දි වැයවෙන ශක්තිය,ස්රාවයන් ඉතාමත් අඩුයි.
Superhuman Durability: A-Bombගෙ හානිවීමට තියෙන ප්‍රතිරෝධීබව ගැන කියනවනම් Red hulkගෙන් සෑහෙන්න ගුටිකෑවත් හානියක් නෑ.ඒවගේම සෑහෙන උසකින් වැටුනත්,අධික උෂ්ණත්වයක් යටතේත් හානියක් නෑ.ඒවගේම A-bomb කියන්නෙ bulletproof කෙනෙක්.
Self Sustenance: වතුර,වාතය ,ආහාර,නින්ද නැතුව A-Bombට සැලකියයුතු කාලයක් ඉන්න පුළුවන්.
Camouflage: බාහිර පරිසරයට අනුව පාට වෙනස් කරගෙන කාටවත් නොපෙනී ඉන්නත් A-bombට පුළුවන්.(nearly invicible)
•රික් කියන්නෙ හොඳ ජිම්නාස්ටික්කරුවෙක් සහ සටන්කරුවෙක්.ජූඩෝ ,කරාතේ වගේ සටන්ක්රම ගැන හොඳ දැනුමක් සහ කැප්ටන් ඇමරිකාගෙන් සටන්ක්රම සහ combat gymnastics පුහුණුව ලබපු කෙනෙක්.
ඒවුනාට A-bomb වුනාම ඒව මතක නෑ.ඒවුනාට A-bomb හොඳ සටන්කාරයෙක්.
ඒවුනාට A-bomb වුනාම ඒව මතක නෑ.ඒවුනාට A-bomb හොඳ සටන්කාරයෙක්.
•Computer Skills: කලින් කිව්වා වගේ රික් සුපිරි හැකර් කෙනෙක්.S.H.I.E.L.D. එකේ කම්පියුටර් හැක් කරලාත් තියෙනවා.☝😮
A-bombගෙ ගෙ දුර්වලතා ගැන බලද්දි A-Bomb විදිහට ඉද්දි රික්ගෙ බුද්ධිමට්ටම සාමාන්‍ය මිනිසෙක්ට වඩා අඩුයි.ඒවගේම රික්ගෙ අතීතය ගැන මතකයන් අඩුයි.පස්සෙ රික් A-Bombගෙ මනසෙ පාලනය ලබාගන්නවා.
ඉතින් රික් ජෝන්ස් AKA A-bombගෙ කතාව ඔහොම තමයි.එහෙනම් Hulk familyඑකේ වෙනත් කෙනෙක් ගැන ඊලඟ පෝස්ට්එකෙන් බලමු.
Written by Shane Perera
Comments
Post a Comment