Avengers Infinity War Explained -Part 2

Avengers: Infinity War චිත්රපටිය ඉවර උනේ ප්රශ්න ගොඩක් ඉතුරු කරලා. ඒ සමහර ප්රශ්නවලට උත්තර සහ වැඩිදුර විස්තර චිත්රපටිය අධ්යක්ෂනය කරපු Russo සහෝදරයෝ (Anthony, Joe) සහ චිත්රපටියෙ තිර රචකයන් දෙපල වන Stephen McFeely සහ Christopher Markus නොයෙක් තැන්වලදි ලබාදීලා තියෙනවා.
Russo සහෝදරයන්ගෙ සහ තිර රචකයන්ගෙ ඒ ප්රකාශ එකතැනකට එකතු කරලා හදපු ලිපියකින් කරුණු අරගෙන ලියපු ලිපියක්, මේ.
👇මේ පහලින් තියෙන්නෙ ඒ මූලාශ්ර ලිපියෙ Link එක. අවශ්යය කෙනෙක්ට ගිහිල්ලා කියවන්න පුළුවන්.👇
👉https:// screenrant . com/infinity-war-questions-directors-explain/👈
(☝️අකුරු අතරෙ තියෙන හිස්තැන් ඉවත් කරන්න.)
මම ලියපු මුල් ලිපිය Facebookවල අකුරු සීමාව ඉක්මවා ගිය නිසා ඒ ලිපිය කොටස් දෙකකට කඩන්න සිද්ද උනා. මේ ගෙනාවෙ දෙවැනි කොටස.
----------------------------------------------------------------------------
🌟Snap කළාට පස්සෙ එකපාරටම තානෝස්ව ගියේ කොහෙටද?
Snap එකෙන් පස්සෙ තානෝස් එකපාරටම තැබිලි පාට වටපිටාවටක් තියෙන තැනකට යනවා. එතනදි තානෝස් පුංචි ගමෝරා එක්ක කෙටි කතාබහකත් යෙදෙනවා. ගොඩක් අය කිව්ව විදිහට Soul stone එක තුළ තියෙන Soul world එකේ දෘෂ්ටියක්(vision) තමයි තානෝස් ඒ දකින්නෙ.
Russo සහෝදරයොත් මේක තහවුරු කරලා තියෙනවා. Joe Russo කියලා තියෙනවා, සියළුම Infinity stones එකවර පාවිච්චි කරපු නිසා තානෝස්ට Soul word එකේ දෘෂ්ටියක් දකින්න ලැබුණු බව. Joe Russo ඒක හඳුන්වලා තියෙන්නෙ out of body experience එකක් විදිහටයි. (ශරීරයෙන් පිට අත්දැකීමක් - මනෝකාය වගේ.)
+👉මූලාශ්ර ලිපියෙ මේ කරුණත් සඳහන් කරලා තිබුණා. (මෙය අදහසක් පමණකි.)
ගමෝරා ඇත්තටම මැරිලා නැති බව, ගමෝරගෙ ආත්මය Soul stone එකට බිලිදීලා තියෙන බව, Soul stone එකෙන් ගමෝරගෙ ආත්මය ලබාගෙන තියෙන බව සහ ගමෝරා දැන් Soul stone එක තුළ හිර වෙලා ඉන්න බව Russo සහෝදරයන්ගෙ අර හෙළිදරව්වෙන් ඇඟවෙනවා කියලයි ඒ ලිපියෙ සඳහන් වෙන්නෙ. ඒ වගේම ඔය කාරණය පිළිබඳව සෘජු උත්තරයක් ලබා දෙන එක Russo සහෝදරයො මඟහරිනවා කියලත් ඒ ලිපියෙ සඳහන් වෙනවා.
(☝️Spoiler??? Maybe)
🌟Black Pantherගෙ මරණය අච්චරටම සවුත්තු ඇයි?
Infinity War චිත්රපටියෙදි Black Panther snap එකෙන් පස්සෙ නැතිවෙලා යන්නෙ බොහොම සවුත්තු විදිහට. චිත්රපටිය බලපු ඇතැම් අය චිත්රපටියෙදි T'challaට සලකපු ඒ විදිහ ගැන විශේෂයෙන්ම කලකිරීමට පත් වෙලා තියෙනවා. චිත්රපටියෙ තිර රචකයන්, Stephen McFeely සහ Christopher Markus පිළි අරන් තියෙනවා Black Panther සහ ප්රේක්ෂකයන් අතරෙ තියෙන සම්බන්ධය කොයිතරම් ශක්තිමත් එකක්ද කියලා අවබෝධ කර ගන්න එයාලා අසමත් උනා කියලා. ඒවගේම McFeely කියලා තියෙන විදිහට එයාලා Infinity war චිත්රපටියෙ පිටපත ලියනකොට, චිත්රපටිය රූගත කරනකොට පවා Black Panther චිත්රපටියක් තිබිලා නැහැ. ඉතින් එයාලා දැනන් ඉඳලා නැහැ T'challa කියන චරිතය මෙච්චටම ප්රේක්ෂකයො වැළඳ ගනීවි කියලා. ඔන්න ඔය නිසයි Infinity War චිත්රපටියෙදි Black Pantherගෙ මරණයට එච්චරටම බරක් දීලා නැත්තෙ.
🌟Hawkeye නැත්තෙ මොකද?
මුල් Avengers සාමාජිකයන් හැමදෙනාම වගේ Infinity War චිත්රපටියෙදි තමන්ගෙ දායකත්වය ලබා දුන්නත් Hawkeyeව දකින්න ලැබුනෙ නැහැ.
චිත්රපටියෙ එක් තිර රචකයෙක් වෙන Christopher Markus කියලා තියෙනවා, එයාලා Hawkeyeට හොඳ කතන්දරයක් ලබාදුන්නා කියලා. ඒවගේම Joe Russo කියලා තියෙනවා Hawkeyeට විශේෂ කතාවක් තියෙනවා, ඒ වගේම ඒක දිග එකක්, කොට එකක් නෙවෙයි, ඉවසගෙන ඉන්න කියලා. ඒ වගේම Kevin Feige කියලා තියෙනවා Hawkeyeගෙ නොපැමිණීම ඒ චරිතයට හොඳයි කියලා. (Kevin Feige - President of Marvel Studios)
+👉Avengers 4 චිත්රපටියෙ Hawkeye ඉන්නවා කියලා දැන් Set photosවලින් පවා තහවුරු වෙලා තියෙනවා.
(අදහසක් පමණි👉) බොහෝවිට Avengers 4 චිත්රපටියෙදි Ronin විදිහට Hawkeyeව දකින්න ලැබේවි.
🌟Black Order සාමාජිකයන්ට ලොකු තැනක් දීලා නැත්තෙ ඇයි?
Infinity War චිත්රපටියෙ චරිත බොහෝ ප්රමාණයක් හිටියා. ඉතින් Black Order සාමාජිකයන්ගෙ ඉතිහාසයත් ඇතුලත් කරන්න ගියා නම් ඒක වෙනම චිත්රපටියක් වෙන බව තමයි Joe Russo කියලා තියෙන්නෙ. ඒ වගේම චිත්රපටියෙ ප්රධාන villain, තානෝස්ට වඩා Black Order සාමාජිකයන්ව කැපිලා පේන එක වලක්වාගන්න අවශ්යය නිසාත් Black Order සාමාජිකයන්ට ඕනාවටත් වඩා වැඩි අවධානයක් ලබා දීලා නැහැ.
**************👇විශේෂ+👇**************
(Source - Infinity War Audio Commentary)
කොමික්වලදි Black Order සාමාජිකයන් චිත්රපටියෙදි පෙන්නනවට වඩා ගොඩාක් බලවත් අය. හේතු දෙකක් උඩ Infinity War චිත්රපටියෙදි එයාලගෙ බලයන් අඩු කරන්න තීරණය කරලා තියෙනවා. එක හේතුවක් තමයි චිත්රපටියෙ ප්රධාන villain, තානෝස්ට වඩා Black Order සාමාජිකයන් කැපිලා පෙනෙන එක වලක්වාගන්න. අනික තමයි චිත්රපටියෙ ඉන්න සුපිරි වීරයන්ගෙ මට්ටමට Black Order සාමාජිකයන්වත් අරගෙන එන්න.
Infinity War චිත්රපටියට සඳහා Ebony Mawව නිර්මාණයේදි Mephisto කියන මාවල් කොමික් චරිතයෙන් පන්නරය(inspire) ලබාගෙන තියෙනවා. Joe Russo කියලා තියෙන විදිහට මුල් Mephisto පොත්වල තිබුණු ඇතැම් දෙබස් සෘජුවම Ebony Mawට ලබාදීලා තියෙනවා.
+👉Black Order සාමාජිකයන්ගෙ විතරක්ම නෙවෙයි, MCU එකේදි බොහොමයක් සුපිරි වීරයන්ගෙ, බොහොමයක් සුපිරි දුෂ්ඨයන්ගෙ, සමහර අවිආයුධවල සහ Infinity Stonesවල පවා බලයන්/හැකියාවන් කොමික්වලට වඩා අවම කරලයි පෙන්වන්නෙ.
**************************************************
🌟Adam Warlock එන්නෙ නැද්ද?
Guardians of the Galaxy Vol 2 චිත්රපටිය අන්තිමේදි Adam කියන නම අහන්න ලැබුණා. පැහැදිලිවම ඒ සඳහන් කළේ Adam Warlock ගැන. Infinity Gauntlet කොමික්වලදි Adam Warlock කියන්නෙ වැදගත් චරිතයක්. ඉතින් කට කතාවක් ගියා Adam Warlock, Avengers: Infinity War චිත්රපටියෙ ඉදීවි කියලා. (MCU Soul stone එක Adam Warlock ළඟ තියෙයි කියලා තියරියකුත් තිබුණා මතක ඇතිනෙ.) නමුත් Infinity War චිත්රපටියෙ Adam Warlock හිටියෙ නැහැ. Russo සහෝදරයෝ කියනවා Avengers 4 චිත්රපටියෙත් Adam Warlock ඉන්න එකක් නැහැ කියලා.
අධ්යක්ෂකවරයෙක් වශයෙන් දැනටමත් කියලා තියෙන කතන්දරයක් නැවත කියන්න හෝ දැනටමත් කියලා තියෙන කතන්දරයක් නැවත දකින්න තමන්ගෙ උනන්දුවක් නැති බවත් Russo සහෝදරයන් කියලා තියෙනවා. ඒවගේම එයාලා අහලා තියෙනවා, චිත්රපටියෙදි සිද්දවෙන යන හැමදෙයක්ම දන්නවා නම්, චිත්රපටිය බලන්න යන එකේ ඇති ඵලය මොකක්ද කියලත්.
+👉(සරලවම, මේ කියලා තියෙන්නෙ කොමික්වල විදිහටම MCU එකේ දේවල් සිද්ධ වෙන්නෙ නැහැ කියන එකයි.)
MCU චිත්රපටි බැලූ පමණින් ඔබ Comic ගැන සියල්ල දත්තෙක් බවට පත් නොවේ. එසේම කොමික් කියෙවූ පමණින් ඔබ MCU එක ගැන සියල්ල දත්තෙක් බවටත් පත් නොවේ.
[No offense, Perfectly balanced as all things should be]
🌟කැප්ටන්ගෙ සහ බකීගෙ නැවත හමුවීම එච්චරම භාවාත්මක නැත්තෙ ඇයි?
බකී කියන්නෙ කැප්ටන්ගෙ සමීපතම මිත්රයා. ඒ වගේම කැප්ටන් පැවත එන අතීතයට සම්බන්ධවෙන එකම පුරුක තමයි බකී. මේ දෙන්නගෙ මිතුරුකම MCU එක තුළ තියෙන හොඳම මිතුරුකම කිව්වත් වරදක් නැහැ.
["He said 'Bucky' and suddenly I was that 16-year-old boy from Brooklyn again." - Captain America]
නමුත් හොඳම මිත්රයන් දෙදෙනෙක් දිගුකාලයකට පස්සෙ එකිනෙකාව හමුවෙනකොට හැසිරෙන ආකාරයෙ හැසිරීමක් Infinity War චිත්රපටියෙදි බකී සහ කැප්ටන් නැවත මුණගැසුනු වෙලාවෙ පෙනෙන්න තිබුණෙ නැහැ.
Joe Russo පැහැදිලි කරලා තියෙන විදිහට ඒකට හේතුව සරල එකක්. කැප්ටන් මීට කලින් වකන්ඩාවලට කිහිපවතාවක්ම ඇවිත් තියෙනවා. ඉතින් ශූරි බකීව හිමායන නින්දෙන් (cryogenic suspension) අවදි කලාට පස්සෙ කැප්ටන් සහ බකී එකිනෙකාව මුණගැහෙන මුල්ම අවස්ථාව මේක නොවන බවයි Joe Russo කියන්නෙ.
🌟බෲස් බැනර්ගෙ සහ Black Widowගෙ සම්බන්ධයට මොකද උනේ?
Infinity War චිත්රපටියෙ තිබුණු තවත් නැවත හමුවීමක් තමයි Black Widowගෙ සහ බෲස් බැනර්ගෙ මුණගැසීම.
+👉Age of Ultron චිත්රපටියෙදි Black Widow සහ බෲස් බැනර් අතර ආදර සම්බන්ධයක් ඉස්මතු කරලා පෙන්නුවා. මේ ආදර සම්බන්ධය Avengers: Age of Ultron චිත්රපටියෙ තිර රචක සහ අධ්යක්ෂක Joss Whedonගෙ තීරණයක් බවයි සඳහන් වෙන්නෙ. Age of Ultron චිත්රපටියෙදි මේ සම්බන්ධය හල්ක්ව නැවත බෲස් බැනර් බවට පත් කරන්නත් උපකාර කරගෙන තිබුණා.
+👉කොමික්වලදි නම් බෲස් සහ Black Widow අතර ආදර සම්බන්ධයක් තිබිලම නැහැ. ඒවගේම කොමික්වලදි බෲස්ගෙ (ප්රධාන) ආදරවන්තිය වෙන්නෙ බෙටී රෝස්. (හල්ක් සහ හල්ක්ට සම්බන්ධ අනිත් චරිතවල තනි අයිතිය තවමත් Marvel Studio සතුව නැහැ. ඒ නිසා ඒ චරිත MCU එක තුළ යොදාගැනීම ගැන ගැටළු තියෙනවා.)
කොහොම නමුත් Infinity War චිත්රපටියෙදි Black Widowගෙ සහ බෲස් බැනර්ගෙ මුණ ගැසීම ඉතාම කෙටි කතාබහකට පමණක් සීමා වෙලා තිබුණා. චිත්රපටිය පුරාවටම මේ දෙන්නගෙ සම්බන්ධය ගැන කිසිම සඳහනක් කෙරුණෙත් නැහැ.
Bruce: I think you look great. Yeah. I'm back.
Black Widow: Hi, Bruce.
(silence)
Bruce: Nat.
(silence)
Falcon: This is awkward.
Joe Russo කියන විදිහට, බෲස් අවුරුදු දෙකක් පුරාවටම අතුරුදහන් වෙලා හිටියා. ඒවගේම Black Widow අන් අයගෙ උදව් නැතිව තනිවම වැඩ කරගන්න කෙනෙක්. ඉතින් Black Widow බෲස් වෙනුවෙන් බලාගෙන හිටියෙ නැහැ කියලා තමයි Joe Russo සඳහන් කරලා තියෙන්නෙ.
+👉Joe Russo මේ කියලා තියෙන්නෙ බෲස්ගෙ සහ නටාශාගෙ සම්බන්ධය අවසන් කියන එකද කියලා එච්චරටම පැහැදිලි නැහැ. Infinity War චිත්රපටියෙ චරිත ගොඩක් හිටපු නිසාත් කාලය ඉතාමත්ම සීමා සහිත උන නිසාත් ඒවගේම චිත්රපටිය ගලාගෙන ගියෙ ටිකක් කලබලකාරී ස්භාවයෙන් නිසාත් චිත්රපටිය තුලදි ඇතැම් දේවල්වලට වැඩි අවධානයක් ලබාදීලා නැහැ. සමහරවිට බෲස් බැනර්ගෙ සහ Black Widowගෙ සම්බන්ධයෙ දැන් තත්වය මොකක්ද කියන එක ගැන නිශ්චිත තොරතුරක් Avengers 4 චිත්රපටියෙදි අපිට දකින්න ලැබේවි.
🌟Snap එකෙන් පස්සෙ ඉතුරුවෙන චරිත සහ නැතිවෙන චරිත තෝරාගත්තෙ කොහොමද?
Anthony Russo කියන විදිහට එයාලගෙ සියළු තෝරාගැනීම් පදනම් වෙලා තියෙන්නෙ කතාව මතයි.
(ඉතිරිවෙන චරිත තෝරාගෙන තියෙන්නෙ අරමුණක් ඇතිව බව තමයි මේ ප්රකාශයෙන් අදහස් කරන්නෙ.)
+👉Snap එකෙන් නැතිඋන අය අතරෙ Doctor Strange, Black Panther, Spider-Man සහ GOTG කණ්ඩායමේ බහුතරයක් ඉන්නවා. නමුත් මේ වෙනකොට Spider-Man දෙවැනි චිත්රපටියක් සහ GOTG තුන්වැනි චිත්රපටියක් එන බවට නිල වශයෙන් තහවුරු කරලා ඉවරයි. ඒ වගේම Black Panther, Doctor Strange දෙවැනි කොටස් ඉදිරියෙදි එන බවටත් තොරතුරු තියෙනවා. ඉතින් ඔය කරුණු අනුව තානෝස්ගෙ Snap එකෙන් සිදුවුන දේ Avengers 4 චිත්රපටියෙදි යථා තත්වයට පත් කරන බව පැහැදිලියි. ප්රශ්නය වෙන්නෙ ඒක කරන්නෙ කොහොමද කියන එකයි. ඒ ප්රශ්නයට හරිම උත්තරේ තියෙන්නෙ නම් Avengers 4 චිත්රපටියෙ.
[Hi. I'm Captain America. Here to talk to you about one of the most valuable traits a soldier or a student can have – patience. Sometimes patience is the key to victory.]
ඒවගේම Infinity War චිත්රපටියෙදි දකින්න ලැබුණු මුල් Avengers සාමාජිකයන් (Captain America, Iron Man, Thor, Hulk, Black Widow) හැම කෙනෙක්ම Snap එකෙන් පස්සෙ ඉතිරි උනා. ඉතින් එතන ලොකු... විශේෂත්වයක් තියෙනවා. ඒ ගැන Russo සහෝදරයන්ගෙන් ඇහුවම එයාලා "Interesting" ("සිත් ඇඳ ගන්නවා") කියලා කියනවා ඇරෙන්න ඉන් එහාට දෙයක් කියලා නැහැ.
+👉මුල් Avengers සාමාජිකයන්ට පණපොවන බොහොමයක් නළුවන්ගෙ contract, Avengers 4 චිත්රපටියෙන් පස්සෙ අවසන් වෙනවා කියන එක ගොඩක් ප්රසිද්ධ කාරණයක්. (Captain Americaට පණ පොවන Chris Evansගෙ twitter පණිවිඩය ගැන මේ වෙනකොට ඔයාලට ආරංචි වෙලා ඇති.) ඉතින් දුකෙන් උනත් කියන්න වෙනවා, අපිට හුරුපුරුදු නළුවන්, අපි ආදරය කරපු ඒ චරිත රඟපානවා දකින්න ලැබෙන අවසාන අවස්ථාව Avengers 4 චිත්රපටිය වේවි.
(සමහර අය මැරෙයි. සමහර අය විශ්රාම ගනියි. තවත් සමහර අය ඉතුරු වෙයි. etc.)
+👉Black Widowගෙ තනි චිත්රපටියක් ඉදිරියෙදි එන බව මේ වෙනකොට තහවුරු වෙලා තියෙනවා. ඒ නිසයි මම නළුවන් ගැන විතරක් සඳහන් කළේ. නමුත් Black Widow චිත්රපටියක් ඉදිරියට එන පමණින්ම, Avengers 4 චිත්රපටියෙදි Black Widowට ප්රශ්නයක් නොවේවි කියලා නම් ස්ථිරේටම කියන්න බැහැ. මොකද දැනට තියෙන තොරතුරුවලට අනුව ඉදිරියෙදි එන්න නියමිත ඒ Black Widow චිත්රපටියෙ තියෙනවා කියන්නෙ අතීත සිදුවීමක්.
(Source - http://www. digitalspy. com/movies/black-widow/feature/a859006/black-widow-movie-cast-trailer-marvel-director-release-date/)
🌟Scarlett Witchගෙ දේශීය උච්චාරණ විධියට (accent) මොකද උනේ?
මේ කාරණය නම් අපිට එච්චරම කැපිලා පේන්නෙ නැති දෙයක්. එක් එක් රටවල්වල අය ඉංග්රීසි උච්චාරණය කරන විධි විවිධාකාරයි. (ශ්රී ලංකාවෙත් පළාතෙන් පළාතට සිංහල කතා කරන විදිහ එකිනෙකට වෙනස්නෙ. අන්න ඒ වගේ.) ඒ නිසා ඉංග්රීසි උච්චාරණය කරන ආකාරය අනුව කෙනෙක් කුමන රටක කෙනෙක්ද කියන එක තීරණය කරන්න පුළුවන්. (Sherlock Holmes පොත් කියවලා තියෙන අය මේ ගැන දන්නවා ඇති.)
මුල් කාලෙදි වොන්ඩාට තිබුණෙ නැගෙනහිර යුරෝපියානු උච්චාරණයක්. නමුත් Infinity War චිත්රපටියෙදි ඒක වෙනස් වෙලා තිබුණා. Joe Russo පැහැදිලි කරලා තියෙන විදිහට මේ වෙනසට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඔත්තුකාරියක් විදිහට ක්රියා කරන්න Black Widow වොන්ඩාව පුහුණු කිරීම (Civil War චිත්රපටියෙ ආරම්භයේදි මේක දකින්න පුළුවන්.) අනිත් එක තමයි Scarlett Witchවත් අපරාධකාරියක් විදිහට නම් කරලයි තියෙන්නෙ. දැන් වොන්ඩාත් නීතියෙන් පලා යමින් ඉන්න කෙනෙක්. ඉතින් වොන්ඩාගෙ උච්චාරණ විධිය නිසා එයාව හඳුනාගන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඒ නිසයි දැන් වොන්ඩා තමන්ගෙ උච්චාරණය වෙනස් කරගෙන තියෙන්නෙ.
🌟ගෲට්ගෙ අවසාන වචනවල තේරුම මොකක්ද?
මේකත් ඔයාලා වැඩි දෙනෙක් දන්නවා ඇති. Twitter ඔස්සේ අහලා තිබුණු ප්රශ්නයකට උත්තර දෙමින් GOTG චිත්රපටි අධ්යක්ෂක James Gunn සඳහන් කරලා තිබුණු විදිහට ගෲට් අවසානයට කියලා තියෙන්නෙ "Dad" කියලයි.
----------------------------------------------------------------------------
🌟Stormbreaker එක ඕනෑම කෙනෙක්ට ඔසවන්න පුළුවන්ද?
ගෲට් තමයි Infinity War චිත්රපටියෙදි ප්රථමයෙන්ම Stormbreaker එක ඔසවන්නෙ. ඉතින් ගෲට්ට Stormbreaker එක ඔසවන්න පුළුවන් උනේ ගෲට්, තෝර් වගේම worthy නිසාද කියලා Twitter ඔස්සෙ අහලා තිබුණු ප්රශ්නයකට උත්තරයක් දෙමින් Russo සහෝදරයො සරලවම කියලා තියෙන්නෙ
Stormbreaker එක එසවීම සඳහා Mjolnir එක එසවීමේදී අවශ්ය වෙන ආකාරයට worthyබවක් (යෝග්ය බවක්/සුදුසු බවක්) අවශ්යය වෙන්නෙ නැහැ කියලයි. (මෙතනදි ගෲට් worthy නැති බවක් සෘජුවම Russo සහෝදරයො සඳහන් කරලා නැහැ.)
+👉ඒ කියන්නෙ Worthy උනත් නැතත්, Stormbreaker එක ඔසවන්න තරම් ශක්තියක් තියෙන ඕනෑම කෙනෙකුට Stormbreaker එක ඔසවන්න පුළුවන්. නමුත් Stormbreaker එක ඔසවන්න පුළුවන් උන පළියට හැම කෙනෙක්ටම තෝර්ට වගේ Stormbreaker එක පාවිච්චි කරන්න/දරාගෙන ඉන්න හැකියාවක් නැහැ.
👉
Star-Lord - Wait, what kind of weapon are we talking about here?"
Thor - The Thanos killing kind.
Star-Lord - Don't you think that we should all have a weapon like that?"
Thor - No. You simply lack the strength to wield them. Your bodies will crumble as your minds collapse to the madness.
(Source - http:// www. digitalspy. com/movies/the-avengers/news/a863251/avengers-infinity-war-groot-stormbreaker-lifting-power-levels/)
----------------------------------------------------------------------------
එහෙනම් මේ තමයි අවසානය. නැවතත් මතක් කළොත්, මේ ලිපියට පදනම් කරගෙන තියෙන්නෙ Avengers: Infinity War චිත්රපටියෙ අධ්යක්ෂකවරු සහ තිර රචකයන් නොයෙක් තැන්වලදි(Interviews, Podcasts...) ප්රකාශ කරපු දේවල්.
ඒවගේම ඒ ප්රකාශ තවදුරටත් පැහැදිලි වෙන විදිහට අමතර කරුණුත්, විස්තර කිරීමුත් මේ ලිපියට එකතු කරලා තියෙනවා. (+👉)
ඊට අමතරව සමහර තියරිත් එකතු කරලා තියෙනවා. (Ronin, ගමෝරගෙ මරණය කියන දේවල්)
ඒවා එකිනෙක වෙන්කරගන්න ඔයාලට පුළුවන් වේවි කියලා හිතනවා. (සිහිබුද්ධියෙන් ලිපිය කියෙව්වොත් ඒ වැඩේ අපහසු වෙන්නෙ නැහැ.)
ඒ වගේම Infinity War audio commentaryවල තිබුණු තොරතුරු වගයකුත් මම මේ ලිපියට අමතරව එකතු කරලා තියෙනවා (**👇විශේෂ+👇**). ඒ audio commentaryවල තිබුණු විස්තර ඇතුලත් වෙනම ලිපියක් ඉදිරි කාලයෙදි ගේන්න බලාපොරොත්තු වෙනවා.
මූලාශ්ර ලිපියෙදි, මේ එක් එක් විස්තර, කියපු කෙනා සහ කියපු තැන් පවා වෙන වෙනම සඳහන් කරලා තිබුණා. නමුත් සිංහලෙනුත් ඒ විදිහටම ලිව්වොත් ලිපිය නීරස වේවි කියලා හිතුන නිසයි මේ විදිහට ලිව්වෙ.
ඒ වගේම මේ ලිපියෙ තියෙන ඔය චිත්රපටි දෙබස් මම අරගත්තෙ IMDB සහ MARVEL CINEMATIC UNIVERSE WIKI වෙබ් අඩවිවලින්. මේ ලිපියෙ තියෙන කරුණු තව තවත් තහවුරු කරගන්න, ඒ දෙබස් ඔයාලට උපකාරයක් වෙවි කියලා හිතනවා👍.
පරිවර්තනයෙදි ඇති උන දෝෂ තියෙන්න පුළුවන්. (පරිවර්තනය කරපු පුද්ගලයා වැඩිය ඉංග්රීසි දන්න කෙනෙක් නෙමෙයි✌️.) ලිපිය ලියන්න යොදාගෙන තියෙන භාෂාව කෙනෙක්ට අපැහැදිලි වෙන්න පුළුවන්. සමාව ඉල්ලනවා ඒ ගැන. අපැහැදිලි, නොතේරුණ තැනක් තියෙනවා නම්... බය නැතුව අහන්න.
පළමු කොටසට හොඳ ප්රතිචාර ලැබුණා. බොහොම ස්තූතියි ඒ අයට.
----------------------------------------------------------------------------
මේ ලිපියට එකතු කරලා තියෙන තියරි, සැබෑවක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. උදාහරණ කිව්වොත්, අන්තර්ජාලයෙ තියෙන Avengers 4 set photosවලදි Hawkeyeට පණ පොවන නළු Jeremy Renner ඇඳන් ඉන්න costume එක කොමික්වල Ronin costume එකට ගොඩක් සමානයි. ඒ අනුව තමයි Avengers 4 චිත්රපටියෙදි Ronin විදිහට Hawkeyeව දකින්න පුළුවන් වේවි කියලා මත පල වෙලා තියෙන්නෙ. (නමුත් මේ දේවල් 100%ක්ම තහවුරු කරන්න නම් දැනට සාක්ෂි මදි.)
----------------------------------------------------------------------------
Extra
මේ සමූහයෙදි ඔයාලා ඕනතරම් දැකලා ඇති තානෝස්ව පරද්දන්නෙ Iron Man තමයි, තානෝස්ව පරද්දන්නෙ තෝර් තමයි, තානෝස්ව පරද්දන්නෙ Captain Marvel තමයි, වගේ අදහස් පළ කරලා තිබුණා. පොදුවේ ඒ උදවිය මතක තියා ගන්න ඕනා දෙයක් තමයි Avengers 4 කියන්නෙ Solo චිත්රපටියක් නොවන බව. Avengers 4 කියන්නෙ කණ්ඩායම් චිත්රපටියක්.
ඒ වගේම මට නිකමට වගේ හිතෙනවා Avengers 4 චිත්රපටියෙදි තානොස්ට අමතරව තවත් villain කෙනෙක් ඉඳීවිදෝ කියලත්. නැත්නම් දැනට තානෝස්ට විරුද්ධව වැඩ කරන කෙනෙක් තානෝස් පැරදුනාට පස්සෙ villain කෙනෙක් බවට පත් වේවිදෝ කියලත්. (කොමික්වලදි එහෙම වෙලා තියෙනවා. 👉Nebula👈 කොමික්වල දේවල් ඒ විදිහටම MCU එකේදි සිද්ද නොවුනත් ඒ හා සමාන දේවල් සිද්ද වෙන්න ඉඩකඩ තියෙනවා.)
අනිත් කාරණේ මේ දක්වා MCU එක තුළ Fan favorite villain උනේ, ලොකී. ඉතින් චිත්රපටි බර ගානක ලොකී මැරුණා, ආපහු ආවා, ආපහු මැරුණා........ දැන් තෝර්ටවත් ලොකී ඇත්තටම මැරුණද නැද්ද කියන එක හිතාගන්න බැරි තත්වයක් තියෙන්නෙ.
["Well, he’s been dead before. But this time, I think it really might be true." - Thor]
ලොකී ඇත්තටම මැරුණද නැද්ද කියන එක මේ වෙද්දි ලොකු ප්රශ්නයක් වෙලා. හොයාගන්න ලැබුණු තොරතුරුවලට අනුව ලොකීට පණ පොවන Tom Hiddlestonගෙ contract එකත් Avengers 4 චිත්රපටියෙන් පස්සෙ අවසන් වෙනවා. ලීක් උන Avengers 4 set Photos වල ලොකී ඉන්නවා. හැබැයි ඒ ඉන්නෙ Avengers 1 චිත්රපටියෙ නිව් යෝර්ක් සටනෙදි ඇදගෙන හිටපු Costume එක ඇදගෙනයි. මේක නිව් යෝර්ක් සටනෙ flashback එකක් වෙන්නත් පුළුවන්. Civil War චිත්රපටියෙදි පෙන්නපු ටෝනි ස්ටාර්ක්ගෙ උපකරණයෙන් කෘතිමව මවපු නිව් යෝර්ක් සටනෙ දර්ශනයක් වෙන්නත් පුළුවන් (Civil War චිත්රපටිය අධ්යක්ෂනය කළෙත් Russo සහෝදරයන්මයි.). කාලතරණයක් වෙන්නත් පුළුවන්. සමාන්තර ලෝකයක වෙන සිද්දියක් වෙන්නත් පුළුවන්. නැත්නම් Marvel එකෙන්ම කරපු බොරුවක් වෙන්නත් පුළුවන්😁. ඒ කොහොම නමුත් කොමික්වල, MCU එක තුළ මැරෙන ගොඩක් අය දිගටම මැරිලම ඉන්නෙ නැහැනෙ✌️.
Infinity War චිත්රපටියත් එක්ක තානෝස් ගැන කට්ටිය ගොඩාක් කතා කරන්න ගත්තා. තානෝස්ට ලොකු Fan base එකක් ගොඩනැගුනා. එහෙව් එකේ තානෝස්ව චිත්රපටි දෙකකට පමණක් යොදා ගෙන නිකන්ම අයින් කරලා දායිද? තානෝස්ගෙ මරණය හැරුනම වෙන විකල්ප දෙයක් සිද්දවෙන්නත් ඉඩකඩ තියෙනවා. මේ දක්වා MCU එක තුළ සිද්ද උන දේවල් එක්ක බලද්දි අපි නොසිතන ඕනෑම දෙයක් MCU එක තුළ සිදුවීමේ හැකියාව තියෙනවා.
(පසුබිමින්) Darling, you have no idea what's possible.
තවත් කාරණයක් තමයි බලවත් කාන්තා චරිතයක් (Captain Marvel) MCU එකට ගෙන්නනවට සමහර අයගෙ කැමැත්තක් නැති බව පේනවා. ඒ අය දැන්මම හිත හදා ගන්න එක තමයි හොඳ. මොකද ඉස්සරහට MCU එක ඇතුළෙ කාන්තා සහභාගීත්වය වැඩි කරන බව ඉහල තැන්වලින් මේ වෙනකොටත් දැනුම් දීලයි තියෙන්නෙ....
(පසුබිමින්) FUN isn't something one considers when balancing the UNIVERSE.
....ඇත්තම කිව්වොත් දැනටමත් ඒක සිද්ධ වෙලයි තියෙන්නෙ. (Mantis, Valkyrie, Okoye, Nakia, Shuri, Wasp - Hope Van Dyne, Janet Van Dyne, Captain Marvel,....)
(පසුබිමින්) Dread it. Run from it. DESTINY arrives all the same. And now it's here. Or should I say, WOMEN are. ✌️
අනික දැන් ඔය Captain Marvelට බනින, Captain Marvelව එපා කියන අයගෙන් බහුතරයක්, පස්සෙ කාලෙකදි Captain Marvelට ආවඩන්න පටන්ගන්නා බව නම් සහතිකයි. මීට කලින් සිද්ද නොවුනු දෙයක් නෙවෙයිනෙ. (✌️මනුෂ්ය ස්භාවය✌️)
----------------------------------------------------------------------------
එහෙනම් මේ කතාකරලා තියෙන දේවල් සම්බන්ධව ඔයාලගෙ අදහස්, ඔයාලා දන්න කියන දේවල් මෙතනට එකතු කරලා යන්න.
(FYI - ඔයාලගෙ අදහස් එකතු කරනකොට රණ්ඩුසරුවල් කරගන්නෙ නැතුව ඉන්න වගබලාගන්න කියලත් කාරුණිකව ඉල්ලා සිටිනවා.)
මතු සම්බන්ධයි ... ... ... ...🙏 (snap)
[✍️ - ජනිත පසන්✔️]

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List