Nova Corps - Part1
නෝවා (1 කොටස)
නෝවා ගැන කතා කරන්න කලින් දැනසිටිය යුතු දේවල් කිහිපයක් තියෙනවා.👇
◾️Nova Corps
නිර්මාණය කළේ - Marv Wolfman
පළමු පෙනී සිටීම - Fantastic Four #205 (1979)
පළමු පෙනී සිටීම - Fantastic Four #205 (1979)
Nova Corps, සිංහලෙන් කිවුවොත් නෝවා බලකාය කියන්නෙ මුලදි සැන්ඩාර්(Xandar) කියන ග්‍රහලෝකයට අයත් අභ්‍යවකාශ හමුදාක් සහ ගවේශණ කණ්ඩායමක්. පස්සෙ කාලෙකදි ඒගොල්ලො තමන්ගෙ ආරක්ෂක පරාසය සම්පූර්ණ *ඇන්ඩ්‍රොමීඩා වක්රාවාටය සහ පෘථිවියත් ඇතුලත් වෙන විදිහට පුළුල් කරගන්නවා. Xandarian StarCorps කියන නමිනුත් මේ බලකාය හදුන්වනවා.
[*ඇන්ඩ්‍රොමීඩා - පෘථිවිය තියෙන මන්දාකිණිය වන ක්ශීර පථයට (Milky Way) ආසන්නයේම තියෙන මන්දාකිණිය තමයි ඇන්ඩ්‍රොමීඩා (Andromeda) කියන්නෙ. සැන්ඩාර් ග්‍රහලෝකය තියෙන්නෙ මේ මන්දාකිණියෙ.]
Nova Corps එකෙන් ප්‍රමුඛත්වය දෙන කාරණා තුනක් තියෙනවා.
1)සැන්ඩාරියානු ශිෂ්ටාචාරය ආරක්ෂා කිරීම.
2)Xandarian Worldmind එක ආරක්ෂා කිරීම.
3)මන්දාකිණියෙ සාමය ආරක්ෂා කිරීම හා පවත්වාගැනීම.
1)සැන්ඩාරියානු ශිෂ්ටාචාරය ආරක්ෂා කිරීම.
2)Xandarian Worldmind එක ආරක්ෂා කිරීම.
3)මන්දාකිණියෙ සාමය ආරක්ෂා කිරීම හා පවත්වාගැනීම.
Nova Corpsලගේ බල ප්රභවය හඳුන්වන්නෙ Nova Force නමිනුයි.
[DC කොමික්වල ඉන්න Green Lantern Corpsලට උත්තර දීමක් විදිහට තමයි Marvel එකෙන් මේ Nova Corpsලව නිර්මාණය කරලා තියෙන්නෙ.]
◾️Xandarian Worldmind සහ Nova Force
👇Xandarian Worldmind👇
නිර්මාණය කළේ - Marv Wolfman, Sal Buscema
පළමු පෙනී සිටීම - Nova #8 (1977)
නිර්මාණය කළේ - Marv Wolfman, Sal Buscema
පළමු පෙනී සිටීම - Nova #8 (1977)
Xandarian Worldmind නමින් හැඳින්වෙන සජීවී පරිගණකය මඟින් ජනනය කරන අසීමිත බලය තමයි Nova Force කියලා හඳුන්වන්නෙ. මේ Worldmind පරිගණකය තුළ සැන්ඩාර් ඉතිහාසයෙ සහ ශිෂ්ටාචාරයෙ සියළු විස්තර ඇතුලත්. ඒවගේම පසුගිය අවුරුදු දහස් ගණනක් ඇතුලත මියගිය සියළුම සැන්ඩාර් වැසියන්ගෙ සහ Nova Corps නිලධාරීන්ගෙ තනි පුද්ගල මනස් (lndividual Minds) මේ Worldmind එක තුළ ඇතුලත් වෙනවා. ඒවගේම Nova Corps එකෙන් මෙතෙක් සොයාගත්තු සියළු තොරතුරු, දැනුම මේ තුළ අන්තර්ගතයි. මේ WorldMind එක ආරක්ශා වෙලා තියෙනකල් සැන්ඩාර් ශිෂ්ටාචාරය නැත්තටම නැතිවෙලා යන්නෙ නැහැ.
👉Nova Corps සාමාජිකයන්ට මේ Nova Force එකේ කුඩා කොටසකට ප්‍රවේශ වෙන්න පුළුවන්.
👉Nova Corps නිලධාරියෙකුගේ තනතුර අනුව ඔහුට හෝ ඇයට ප්‍රවේශ විය හැකි Nova Forceහි ප්‍රමාණය තීරණය වෙනවා.
Nova Force එක මඟින්, ඒක ලබාගන්නා කෙනාට සුපිරිමිනිස් ශක්තිය, සුපිරිමිනිස් වේගය, ක්ශණික ප්‍රතිචාර දැක්වීමේ හැකියාව (Superman reflexes), සංවේදන මඟින් දේවල් දැනගැනීමට ඇති හැකියාව (Superhuman perception) සුපිරි මිනිස් දරාගැනීමේ ශක්තිය වගේ හැකියාවන් ලබා දෙනවා. පියෑබීමේ හැකියාවත් ලැබෙනවා. ශක්තිය උරාගන්නත් පිට කරන්නත් හැකියාව ලැබෙනවා. ඒවගේම සීමාසහිත Healing Factor එකකුත් ලැබෙනවා.
නැවතත් මතක් කළොත් මේ සියළු බලයන් රඳාපවතින්නෙ තනතුර මතයි. තනතුර අනුව ප්‍රවේශ විය හැකි Nova Force ප්‍රමාණය මතයි මේ දේවල් ලැබෙන්නෙ.
◾️Nova Corpsහි තනතුරු
➖Nova Prime
නෝවා සෙන්ටූරියන් නිලධාරීන් විසින් Nova Corpsහි ඉහළම නිලය ඇති සාමාජිකයා ලෙසටයි 'නෝවා ප්‍රයිම්' පත් කරලා තියෙන්නෙ. අනෙක් Nova Corps නිලධාරීන්ට සාපේක්ෂව නෝවා ප්‍රයිම්ට හිමි වෙන Nova Force ප්‍රමාණය විශාලයි. ඒ මඟින් නෝවා ප්‍රයිම්ට ලොකු ලොකු වැඩ කරන්න හැකියාව ලැබෙනවා.

➖Syfon Warriors
Syfon Warriors කියන්නෙ Nova Corps එකේ විශේෂ රෙජිමේන්තුවක්. තනතුරෙන් Syfon නිලධාරීන්ව සලකන්නෙ නෝවා ප්‍රයිම්ට වඩා පොඩ්ඩක් පහළින්. මේක ඒ තරම් ඉහළ තනතුරක් උනත් Syfon නිලධාරීන්ට ලැබෙන්නෙ, එයාලට වඩා පහළ නිලතලවලට ලබාදෙන Nova Force ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයක්. Syfon නිලධාරියෙක්ට ආසන්න වශයෙන් ටොන් 1ක් ඔසවන්න පුළුවන්. නමුත් (පණ තියෙන ජීවීන් ඇතුළුව) ඕනෑම ශක්ති ප්‍රභවයකින් ශක්තිය ලබාගෙන තමන්ගෙ ශරීර ශක්තිය වැඩි කර ගන්න මේ අයට පුළුවන්, අනෙත් අයගෙ ශක්තිය ක්‍රමයෙන් හිස් කරන්න හැකියාවත් මේ අයට තියෙනවා.

➖Centurion
Nova Corpsහි ඉහලම තලය මේ සෙන්ටූරියන් කියන්නෙ. සෙන්ටූරියන් නිලධාරීන් අතරින් තමයි නෝවා ප්‍රයිම්ව තෝරා ගන්නෙ. සෙන්ටූරියන් කෙනෙක්ට ආසන්න වශයෙන් ටොන් 20ක් ඔසවන්න පුළුවන්. ඒවගේම තුවාලවලට ප්‍රතිරෝධීබවක් මේ සෙන්ටූරියන්වරුන් සතුයි. (ඒ කියන්නෙ මේ අයට පහසුවෙන් තුවාල සිදු වෙන්නෙ නැහැ.)

➖Denarian
Nova Corpsහි මැද තලය තමයි ඩෙනේරියන් කියන්නෙ. සෙන්ටූරියන් කෙනෙක්ට ප්‍රවේශ විය හැකි Nova Forceහි ප්‍රමාණය මෙන් හතරෙන් තුනකට (75% කට) ප්‍රවේශ වීමට ඩෙනේරියන් කෙනෙක්ට පුළුවන්. ඩෙනේරියන් කෙනෙක්ට ආසන්න වශයෙන් ටොන් 15ක් ඔසවන්න පුළුවන්. මේ අය සතුවත් තුවාලවලට ප්‍රතිරෝධීබව තියෙනවා.

➖Millennian
සෙන්ටූරියන් කෙනෙක් සතු Nova Forceහි ප්‍රමාණය මෙන් දෙකෙන් පංගුවක් (50% ක්) මිලේනියන් කෙනෙකු සතුයි. මොවුන්ට පියෑබීමේ හැකියාව නම් නැහැ. නමුත් තනි පුද්ගල අහස් යානා පැදවීමට මොවුන්ට පුළුවන්. මිලේනියන් කෙනෙක්ට ආසන්න වශයෙන් ටොන් 10ක් ඔසවන්න පුළුවන්. මේ අය සතු තුවාලවලට ප්‍රතිරෝධීබව සීමාසහිතයි. ඒවගේම මොවුන්ගෙ නිල ඇදුමෙ කුඩා *photon blasters තියෙනවා.

[*Photon blasters - ශක්ති ධාරා නිකුත්කරන. (Iron man armor එකේ අත්වල තියෙන්නෙ. අන්න ඒවා.)]
➖Corpsman
Corpsman කියන්නෙ Nova Corpsහි ඇතුලත් වීමේ මට්ටම. පුහුණු පාසලෙන් එළියට එන අයව Corpsman නිලධාරීන් විදිහට බඳවා ගන්නවා. සෙන්ටූරියන් කෙනෙක්ට ප්‍රවේශ විය හැකි Nova Forceහි ප්‍රමාණය මෙන් හතරෙන් එකක ප්‍රමාණයකට (25% ක්) ප්‍රවේශ වීමට Corpsman කෙනෙක්ට පුළුවන්. ආසන්න වශයෙන් ටොන් 5ක් ඔසවන්නත් ඔවුන්ට පුළුවන්. මොවුන්ගෙත් තුවාලවලට ප්‍රතිරෝධීබව සීමාසහිතයි. මිලේනියන් නිලධාරීන්ගෙ වගේ, Corpsman නිලධාරීන්ගෙත් නිල ඇදුම්වල කුඩා photon blasters තියෙනවා.

👉තනතුර අනුව නිල ඇදුම්වල සුළු සුළු වෙනස්කම් තියෙනවා. (මුල් Comments බලන්න.)
තනතුරුවලට අනුව ලැබෙන Nova Force ප්‍රමාණය සීමා කරලා ලබා දෙන්නෙ හෙල්මට් මඟින් බවයි සඳහන් වෙන්නෙ.
තනතුරුවලට අනුව ලැබෙන Nova Force ප්‍රමාණය සීමා කරලා ලබා දෙන්නෙ හෙල්මට් මඟින් බවයි සඳහන් වෙන්නෙ.
◾️Nova Corps නිලඇඳුම්
සම්මත Nova Corps නිල ඇඳුම් නිපදවා තියෙන්නෙ, තමන්ට හානි නොවෙන්න තමන්ගෙ බලය භාවිතා කරන්න හැකි වෙන විදිහට. Nova corps නිල ඇඳුම්, හානිවීම්වලට ඉහළ ප්‍රතිරෝධයක් දක්වනවා. ඒ කියන්නේ නිල ඇඳුම්වලට පහසුවෙන් හානියක් සිදු වෙන්නෙ නැහැ. තාපයට, සීතලට අභ්‍යවකාශයෙ වායුරෝධක තත්ත්වවලටත් මේ ඇඳුම් ඔරොත්තු දෙනවා. නිල ඇඳුමෙ නොයෙක් විශේෂාංග තියෙනවා. එයින් එක් විශේෂාංගයක් තමයි විද්‍යුත් චුම්බක විසර්ජනය. (තනතුරු අනුවයි මේක ලැබෙන්නෙ.) මේ මඟින් ගුරුත්වාකර්ෂණය ශුන්‍ය කරන්නත්, තරුදොරටු(stargates) සමඟ සම්බන්ධ වෙලා *අධ්යවකාශයට(hyperspace) පිවිසෙන්නත් හැකියාව ලැබෙනවා. ඒවගේම තමන්ට කැමති විදිහට නිල ඇඳුමෙ පෙනුම/ ස්භාවය වෙනස් කර ගන්නත් පුළුවන් බව සඳහන් වෙනවා.
[*අධ්යවකාශය(hyperspace) කියන්නෙ වෙනම මානයක්(dimension). Nagative Zone කියලත් මේක හඳුන්වනවා. පෘථිවිය පවතින මානයෙ තියෙන භෞතික නියාම ඉක්මවා යන්න මේ අධ්යවකාශයෙදි පුළුවන්. ඒකෙදි ආලෝකයේ වේගය ඉක්මවා යන්න පුළුවන්. ඒවගේම පෘථිවි මානයෙදි ස්ථාන දෙකක් අතර ඉතාම විශාල දුරක් අධ්යවකාශය හරහා නම් ඉතාම කෙටි දුරක්. (අධ්යවකාශය භාවිතා කරන තවත් පුද්ගලයෙක් තමයි Silver Serfer.)]
හෙල්මට් මඟින් ස්වයංක්‍රීයවම පිටස්තර භාෂා පරිවර්තනය කරලා දෙනවා (universal translation). ඒ නිසා ඕනෑම අයෙකු සමඟ සන්නිවේදනය කරන්න පුළුවන්කම ලැබෙනවා.
මීට අමතරව රේඩියෝ තරංග සම්ප්‍රේෂණය, දුරදක්නයක ක්‍රියාකාරීත්වය, Night vision, තාප සංවේදක රූපරාමු වගේ විශේෂාංගත් හෙල්මට් සතුව තියෙනවා. ශක්ති සංඥාවක් ලුහුබඳිද්දි ඒවායෙ දර්ශන මුහුණ ඉදිරියෙන් පෙන්නුම් කරනවා (Iron Man Armor එකේදි වගේ.) ඒවගේම හඬ පටිගත කරන්නත්, වාර්ථා තබා ගන්නත් හෙල්මට් මඟින් පුළුවන්.

හෙල්මට් එකෙන් පිටතට විවෘත වෙන මුහුණෙ කොටස් (කට පෙදෙස) අවශ්‍ය වෙලාවකදි ආවරණය කර ගන්න හැකි විදියෙ යාන්ත්‍රණයක් හෙල්මට් සතුව තියෙනවා. විධානයක් ලබාදීම මඟින් මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙම නැතත් නිල ඇඳුමෙ තියෙන සංවේදක මඟින් පීඩනයෙ හෝ වායුගෝලයෙ වෙනසක් හඳුනාගත් වෙලාවට ස්වයංක්‍රීයවම මේ මුහුණ ආවරණය වෙන යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. ඒක ක්‍රියාත්මක වූ වහාම නිල ඇඳුම වායුරෝධක තත්වයට පත් වෙලා හෙල්මට් එක නිල ඇඳුමෙ තියෙන ඔක්සිජන් සැපයුමකට සම්බන්ධ වෙනවා. මේ ඔක්සිජන් සැපයුමට පැය හයක් පුරාවටම ඔක්සිජන් ලබාදෙන්න පුළුවන් බව සඳහන්. ඒ කියන්නෙ Nova Corps නිල ඇඳුම් Life support suit එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ නිසා අභ්‍යවකාශයෙදි සහ වතුර යටදි හුස්ම ගැනීමේ හැකියාව ලැබෙනවා.
◾️Supernovas / Black Novas
නිර්මාණය කළේ - Jeph Loeb, Ed McGuinness
පළමු පෙනී සිටීම - Nova Vol 5 #1 (2013)
පළමු පෙනී සිටීම - Nova Vol 5 #1 (2013)
Supernovas කියන්නෙ Nova Corpsහි රහසිගත(Black Ops) ඒකකයක්.
නමුත් මුල් කාලයෙදි නම් Supernovas කියන්නෙ ඝාතකයන්ගෙන් සහ හොරුන්ගෙන් සමන්විත වූ ස්වාධීන සංවිධානයක්. මේ පිරිස Nova Corps නිලධාරීන්ව මරමින් ඒ මැරුණු අයට ලැබී තිබුණු Nova Force කොටස හොරකම් කරමින් සිටි බවයි සඳහන් වෙන්නෙ.
Nova Corps නිලධාරීන් අතර බලය බෙදා දී තිබෙන ආකාරය ගැන සෑහීමකට පත් නොවුණු ඇඩොමොක්ස්(Adomox) කියන Nova Corps Corpsman නිලධාරියා තමාට ලැබී තිබෙන බලයට වඩා වැඩි බලයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනුයි මේ Supernovas පිහිටුවලා තියෙන්නෙ.
ඇඩොමොක්ස් තමන්ගෙ පුද්ගලික වාසිය, කීර්තිය උදෙසා තමන්ගෙ බලය වැඩි කර ගැනීමේ අරමුණින් තාක්ෂණය භාවිතා කරලා නීතිවිරෝධීව තමන්ගෙ හෙල්මට්, Nova Force එකෙන් ලබා ගත හැකි උපරිම බලයට පිවිසිය හැකි පරිදි සකසා ගන්නවා. ඒ කියන්නෙ පහළ නිලයක් තියෙන කෙනෙක්ගෙ හෙල්මට් එකකින් උනත්, ඉහළ නිලයක් තියෙන කෙනෙක්ට ලැබෙන Nova Force ප්‍රමාණය අවහිරයකින් තොරව ලබා ගත හැකි විදිහට සකසනවා. මෙතනදි වෙන්නෙ හෙල්මට් එකට සවිකරපු ප්‍රතික්‍රියාකාරකයක්(reactor) මඟින් අදාළ හෙල්මට් එකට ලැබෙන Nova Force ප්‍රමාණය WorldMind එකට නොදැනෙන්න වර්ධනය කර ගැනීමක් කියලයි සඳහන් වෙන්නෙ.
ජෙසී ඇලෙක්සැන්ඩර් කියන Nova Corps නිලධාරියා විසින් Supernovas තුලට සම්බන්ධ වෙලා රහසිගතව සිදු කල මෙහෙයුමකින් පස්සෙ Nova Corps නිලධාරීන්ට Supernovas සංවිධානය නැවැත්වීමට පුළුවන් වෙනවා.
ඊට පස්සෙයි Nova Corpsහිම රහසිගත ඒකකයක් විදිහට Supernovas පත්කරනු ලබන්නෙ.
Nova Corps හෙල්මට් රත්රන් පැහැති උනත් Supernovas හෙල්මට් කලු පැහැ නිසා මොවුන්ව Black Novas කියලත් හඳුන්වනවා.
◾️Supernovas Helmet
නිර්මාණය කළේ - Jeph Loeb, Ed McGuinness
පළමු පෙනී සිටීම - Point One #1 (2012)
පළමු පෙනී සිටීම - Point One #1 (2012)
මේ Supernovas හෙල්මට් සැලසුම් කරලා තියෙන්නෙ Supernovas සාමාජිකයින්ටයි. මේ හෙල්මට් සාමාන්‍ය Nova Corps හෙල්මට්වලට වඩා වෙනස්.
සාමාන්‍ය Nova Corps හෙල්මට් (රත්රන් පැහැති) මඟින් තනතුරු අනුව කොටස් වශයෙන් Nova Force එකට ප්‍රවේශය ලබාදුන්නත් Supernovas හෙල්මට් (කළු පැහැති) නිමවා තියෙන්නෙ අවහිරයකින් තොරව Nova Force එකෙන් ලබාගත හැකි උපරිම බලයෙන් සන්නද්ධ විය හැකි අයුරින් බව සඳහන් වෙනවා.
[*Nova Force එකෙන් ලබා ගත හැකි උපරිම බලය සහ Nova Force එකේ උපරිම බලය කියන්නෙ දෙකක්, හොඳේ.]
[*Nova Force එකෙන් ලබා ගත හැකි උපරිම බලය සහ Nova Force එකේ උපරිම බලය කියන්නෙ දෙකක්, හොඳේ.]
හෙල්මට් ගැලෙව්වහම Supernovas නිලධාරීන්ගෙ බලය නැති වෙලා යනවා. (Earth-616)
මේ හෙල්මට් සකසලා තියෙන්නෙ අයිතිකරුවන්ගෙ DNA සමඟ කේතනය කරලා. ඒ නිසා මේ හෙල්මට් වැඩ කරන්නෙ ඒකෙ අයිතිය ඇති පුද්ගලයන්ට හෝ ඔවුන්ගේ DNA ඇති පුද්ගලයන්ට පමණයි.
දැනට ඉතුරු වෙලා තියෙන එකම Supernovas හෙල්මට් එක තියෙන්නෙ සෑම් ඇලෙක්සැන්ඩර් සතුව.
Jesse Alexander
නිර්මාණය කළේ
Jeph Loeb (රචකයා)
Ed McGuinness (චිත්‍ර ශිල්පියා)
Jeph Loeb (රචකයා)
Ed McGuinness (චිත්‍ර ශිල්පියා)
පළමු පෙනී සිටීම
Nova Vol 5 #1 (2013)
Nova Vol 5 #1 (2013)
සත්‍ය නම
Jesse Alexander
Jesse Alexander
අනුවර්ථ නාමය
Nova
Nova
වර්ගය - මනුෂ්‍ය
(සැන්ඩාර්වල ඉපදුන කෙනෙක් කියලත් මතයක් තියෙනවා.)
(සැන්ඩාර්වල ඉපදුන කෙනෙක් කියලත් මතයක් තියෙනවා.)
ඇස්වල පැහැය - නිල්
කොණඩයේ පැහැය - දුඹුරු
විශ්වය
Earth-616
Earth-616
පුරවැසිභාවය - ඇමෙරිකානු
රැකියාව-තත්වය
උසස් පාසලක මුරකරු(Janitor).
හිටපු Nova Corps නිලධාරියෙක්.
හිටපු Supernova කෙනෙක්.
උසස් පාසලක මුරකරු(Janitor).
හිටපු Nova Corps නිලධාරියෙක්.
හිටපු Supernova කෙනෙක්.
අධ්‍යාපනය
උසස් පාසල (අධ්‍යාපනය අවසන් කර නැත.)
උසස් පාසල (අධ්‍යාපනය අවසන් කර නැත.)
නෑදෑයන්
Eva Alexander (බිරිඳ)
Sam Alexander (පුතා)
Kaelynn Alexander (දුව)
Eva Alexander (බිරිඳ)
Sam Alexander (පුතා)
Kaelynn Alexander (දුව)
👉ජෙසීගෙ ඔරිජින් එක ගැන නම් සඳහන් වෙන්නෙ නැහැ.
👉Supernovas සංවිධානය පවත්වාගෙන යන ඇඩොමොක්ස්ව අල්ලා ගැනීමේ අරමුණෙන් ඇඩොමොක්ස්ගෙ විශ්වාසය දිනාගෙන Supernovas සංවිධානය සමඟ සම්බන්ධ වෙලා ජෙසී වැඩ කරලා තියෙනවා. ජෙසී, ඇඩොමොක්ස්ගෙ විශ්වාසය දිනා ගන්නෙ වෙනත් Nova Corps නිලධාරියෙක්ව මරා දමලා. (ඇත්තටම මේ ඝාතනය බොරු රඟපෑමක්.)
👉පසු කාලයෙදි Nova Corpsහිම ඒකකයක් විදිහට Supernovas පිහිටුවීමේදීත් ජෙසී මූලිකවෙලා කටයුතු කරපු පුද්ගලයෙක්.
👉වතාවක් රොකට් රැකූන්ව සහ ගමෝරාව චිටාරීන්ගෙන් මුදවා ගැනීමේ මෙහෙයුමකටත් ගිහින් තියෙන්නෙ ජෙසී ඇතුළු පිරිසක්.
👉ජෙසී තමන්ගෙ පළමු දරුවාගෙ(සෑම්ගෙ) උපත දකින්න පෘථිවියට ඇවිත් තියෙනවා. ඊළගට සෑම් ලොකු වෙනකල්ම ජෙසී තමන්ගෙ පවුලෙ අය එක්ක හිටිය බවයි සදහන් වෙන්නෙ.
👉පෘථිවියෙදි රැකියාවක් නැතිව හිටපු ජෙසී, එයාගෙ පුතා, සෑම්ගෙ පාසලේ මුරකරු හැටියට රැකියාව ලබාගෙන තියෙනවා. ඒත් එයාගෙ අතීතයයි බීමත්කමයි නිසා එයාට ඒ රැකියාව හරියට කරන්න නම් පුළුවන් වෙලා නැහැ.
👉ජෙසී තමන්ගෙ අතීතය ගැන කතාන්දර කිව්වත් සෑම් ඒවා විශ්වාස කරලා නැහැ. (සෑම් හිතලා තියෙන්නෙ ඒවා වෙරිමතින් කියන ගොතපු කතාන්දර කියලා.) බීමත්, පාලනය කල නොහැකි, අපරිණත, මිත්‍යා විශ්වාස ඇති පුද්ගලයෙක් විදිහටයි ගොඩක් අය ජෙසී ගැන හිතන් ඉදලා තියෙන්නෙ. ඒවා ඇලෙක්සැන්ඩර්(බිරිඳ) සහ කෙලීන් ඇලෙක්සැන්ඩර්(දුව) නම් ජෙසීගෙ ඒ කතාන්දර විශ්වාස කල බව සදහන්.
👉වීරයෙක් සහ හොඳ මිනිසෙක් හැටියටයි රොකට් සහ ගමෝරා, ජෙසී ගැන සඳහන් කරලා තියෙන්නෙ.
👉පෘථිවියෙ ඉන්නා කාලය අතරතුරදි චිටාරීන්, ජෙසීව අල්ලාගෙන හිරකදවුරක හිර කරනවා. (මේ සිදුවීම වෙන කාලයෙදි තමයි ජෙසී තමන්ගෙ Supernovas හෙල්මට් එක සෑම්ට ලබා දෙන්නෙ.) ජෙසී ඉන්නෙ සිරකරුවන් යොදාගෙන (Gladiator) සටන් සිදු කරලා, ඒ සටන් සජීවීව විකාශය කරන විදිහෙ සිර කඳවුරක් තුළ. නමුත් පස්සෙ තවත් සිරකරුවන් පිරිසක් එක්ක චිටාරි යුධ යානාවකුත් හොරකම් කරගෙන ජෙසී හිරකදවුරෙන් පැනලා ගිහින් තියෙනවා.
👉චිටාරීන් විසින් ජෙසීව පිටපත් කරලා ක්ලෝන් ගණනාවක්ම හදලා තියෙනවා. එහෙම කිරීමේ අරමුණ ජෙසීගෙ Supernovas හෙල්මට් එක හොයාගැනීම කියලයි සඳහන් වෙන්නෙ.
👉ඇත්තම ජෙසී මේ වෙනකොට ජීවතුන් අතර ඉන්නා බව Uatu (The *Watcher) සහ Xandarian Worldmind එකෙන් පවා තහවුරු කරලා තියෙනවා. නමුත් ඉන්නෙ කොහෙද කියලා නම් සඳහනක් නැහැ.
[* Watchers - විශ්වයෙ පැරණිම සහ බුද්ධිමත්, බලවත් ජීවී විශේෂයක්. මේ කට්ටියගෙ අරමුණ මල්ටිවර්ස් එක මුර කිරීම. අනෙත් ජීවී විශේෂවල ක්‍රියාකාරකම් මේ අය බලගෙන ඉන්නවා. ඒවගේම සිදුවෙන සෑම දෙයක්ම මේ අය දකිනවා. නමුත් මැදිහත් වෙන්නෙ නැහැ. පෘථිවිය සහ අපේ සෞරග්‍රහ මණ්ඩලය දිහා බලාගෙන ඉන්නෙ Uatu කියන Watcher. මෙයා ජීවත් වෙන්නෙ හඳ මත.]
මතු සම්බන්ධයි...
මීළඟ ලිපියෙන්... ---> සෑම් ඇලෙක්සැන්ඩර්.
Source -
👉Wikipedia
👉Marvel Database - Fandom
👉Comic Vine
👉Nova Prime Page
👉Comicstorian (Youtube channel)
👉Comic Explained (Youtube channel)
👉Wikipedia
👉Marvel Database - Fandom
👉Comic Vine
👉Nova Prime Page
👉Comicstorian (Youtube channel)
👉Comic Explained (Youtube channel)
[✍️ - ජනිත පසන්✔️]
Comments
Post a Comment