Adamantium Explained


හරි එහෙනම් ඔන්න අද ඉදන් අලුත් රිවිස් සීරියස් එකක් අරන් එන්න තමා හදන්නේ. කොහොම හරි මේකෙදී මන් Marvel universe එකේ තියන වැදගත් ලෝහයන් ගැන තමා කතා කරන්නේ ඉතින් මේ වැඩේ ඇඩමැන්ටියම් වලින්ම පටන් ගන්න හිතුවේ Marvel කෙසේවෙතත් එකපාරක් හරි X-men බලපු කෙනෙක්නම් අනිවාරෙන් විස්තර හොයන Metal එකක් තමා Adamantium කියන්නේ ඉතින් ඔය හේතු නිසාම පලවෙනි Metal Explain එක විදියට මේ ගැන විස්තර කතා කරමු.
මුලින්ම කියන්න ඔනේ Adamantium කියන්නේ Marvel Universe එකේ තියෙන මිශ්‍ර ලෝහයක් වෙන විදියකට කියනවනම් මේක ස්වාභාවික ලෝහයක් නෙමේ අහම්බෙන් සිද්ද උන අනතුරක් නිසා Vibranium ලෝහය සමග තවත් රසායන ද්‍රව්‍ය කීපයක එකතුවකින් තමා මේ ලෝහය හැදෙන්නේ. දෙවන ලෝක යුද කාලෙදී ඇමෙරිකානුවන්ට ඔනේ වෙනවා මේ වෙනකම් ලෝකේ හෙයාගෙන තියන ශක්තිමත්ම ලෝහයටත් වඩා ශක්තිමත් ලෝහයක් හොයාගන්න Dr. Myron MacLain කියන කෙනාට තමයි මේ රාජකාරිය පැවරෙන්නේ Dr. Myron මේ ගැන පරීක්ශන කර කර ඉන්න අතරතුරකදී මෙයාට ලැබ් එක ඇතුලේ හොදටම නින්ද යනවා කොහොම හරි මෙයා නිදාගෙන ඉන්න අතරතුර සිද්ද උන පොඩි අනතුරකින් ලැබ් එක ඇතුලේ තිබ්බ Vibranium එක්ක තවත් රසායනික ද්‍රව්‍ය කීපයක් එකතු වෙලා ඉතාමත්ම ශක්තිමත් ලෝහයක් නිශ්පාදනය වෙනවා පස්සේ මේ ගැන පරීක්ශන කරන Dr. Myron හොයාගන්නවා මේ ලෝහය දැනට හොයාගෙන තියන හැමදේකටම වඩා ශක්තිමත් කියලා හැබැයි හොදම වැඩේ කියන්නේ Dr. Myron වත් දන්නේ නෑ මොන මොන දේවල් වල එකතුවකින්ද මේ ලෝහය හැදුනේ කියලා.
Avengers #66 comic issue එකෙන් මුලින්ම හදුන්වාදෙන මේ ලෝහය මෙතනින් පස්සේ යවනවා Captain america ගේ Shild එක හදන්න. ඔව් ඔයාලගෙන් සමහර අය දන්න විදියට MCU එකේදී Captain ගේ Shield එක තනි Vibranium වලින් හැදුවත් Comic වලදී මුලින්ම මේක හදන්නේ Vibranium මිශ්‍ර Adamantium වලින්. MCU එකෙන් Captain America හදනකොටත් X-men ලගේ අයිතියට FOX ලට තිබ්බ නිසා තමා මෙයාලා Adamantium වෙනුවට Film එකේදී Vibranium යොදාගන්නේ.
මෙතනින් පස්සේ දිගටම පරීක්ශන කරන Dr. Myron හොයාගන්නවා Vibranium යොදා ගන්නේ නැතිව වෙනත් රසායනික ද්‍රව්‍ය කිහිපයක එකතුවකින් Captain ගේ Shield එක තරම්ම ශක්තිමත් ලෝහයක් හදන්න පුලුවන් කියලා. කලින් Sample එකේදී මෙයාලා Vibranium යෝදා ගත්ත නිසා මෙයාලා මේ සැරේ හොයාගත්ත ලෝහය True Adamantium කියලා නම් කරනවා පස්සේ කාලෙන් කාලේට කරන පරීක්ශන වලදී එකිනෙකට වෙනස් Adamantium වර්ග පහක් ඉතර හොයාගන්නවා.
මෙකේ නිශ්පාද ක්‍රියාවලිය ගැන බැලුවොත් Dr.Myron හොයාගත්ත රසායනික ද්‍රව්‍ය කීපය එකට මිශ්‍ර කරලා ෆැරන්හයිට් 1500± පමන උෂ්නත්වයකට රත්කරලා මුලින්ම දියරමය Adamantium නිශ්පාදනය කරනවා. මේ ද්‍රව අවස්ථාවේදී Adamantium වල හැඩය අවශ්‍ය ආකාරයකට වෙනස් කරගන්න පුළුවන් හැබැයි විනාඩි 8ක් ඇතුලත මේක කරන්න ඔනේ මොකද විනාඩි 8කට පස්සේ ද්‍රව - ඝන තත්වයට පත්වෙලා මේකේ පරමාණුක පිහිටීම වඩාත් ස්ථායී තත්වයකට පත්වෙනවා වගේම, ඉතාමත් ශක්තිමත් ලෝහයක් බවට පත්වෙනවා. මේකෙ හැඩය වෙනස් කරන්න පරමාණු නැවත පිහිටුවීමක් හරි ෆැරන්හයිට් 1500 කට වඩා උශ්නත්වයකට හරි රත් කරන්න වෙනවා. මේ Adamantium හදන විදිහ දන්නේ ලෝකයෙන්ම කිහිපදෙනෙක් වගේම ඇමරිකානු රජය ඒ අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද කියලා ඉතාමත් රහසිගතව තියාගෙන ඉන්නවා. ඒ වගේම මේ Adamantium සුළු ප්‍රමාණයක් හදන්න අධික වියදමක් යන නිසාම අවශ්‍යම අවස්තාවකදී ඉතරයි මේ ලෝහය බාවිතයට ගන්නේ.
සාමාන්‍යයෙන් Adamantium වලින් Adamantium වලට හානියක් සිද්ද කරන්න බෑ comic වල එක තැනකදී Wolverine vs cpt America වලියකදී වුල්වි තමන්ගේ උපරිම ශක්තියෙන් cpt ගේ shield එකට ගහනවා හැබැයි සීරීමක් වත් වෙන්නේ නෑ මොකද Cpt ගේ shield එක Proto Adamantium ( මේ ගැන විස්තර පහල ඇති ) නිසා ඒ වගේම wolverine, Black Panther fight එකකදී black panther ගෙ Armour එක පලුදු කරන්න wolverineට පුලුවන් වෙලා තියෙනවා හැබැයි මෙකෙන් හරියටම Adamantium වලින් Vibranium කපන්න පුළුවන් කියලා කියන්න බෑ මොකද මේ පහරකදී යොදන බලය , ගැටෙන දිශාව වගේ දේවල් නියතයක් නොවෙන නිසා.
Antarctic Vibranium , God like powers සහ Magnetic Fiels තමයි මේ වෙනකොට Adamantium වල Weakness විදියට හොයාගෙන තියෙන්නේ.
මන් කිව්වනේ එකිනෙකට වෙනස් විවිද වර්ග වල Adamantium වර්ග කිහිපයක් තියෙනවා තියනවා කියලා ඒ ගැන බලමු දැන්.
Proto Adamantium
================
මේක තමයි Dr. MacLain මුලින්ම හදපු Adamantium වර්ගය. මේ වර්ගයෙන් තමයි Cpt. America ගෙ Shield එක එහෙම හදන්නේ ඒ වගේම මේක තමයි දැනට හොයාගෙන තියන ශක්තිමත්ම ලෝහය වගේම Cat. America ගේ Shield එකෙන් පස්සේ කිසිම Weapon එකකට මේ වර්ගය යොදාගෙන නෑ ඒ වගේම එතනින් පස්සේ කිසිම අවස්තාවක මේ වර්ගය නිශ්පාදනය කරලා නෑ. විනාශ කරන්න අමාරුම Adamantium වර්ගය විදියට තමා මේක හදුන්වන්නේ. හැබැයි Comic වල කීප දෙනෙක්ම මේ ලෝහය කඩලා තියනවා.
Dr. Doom තමන්ගේ Beyonders power එක බාවිතා කරලා.
Thanos , gauntlet එක පාවිච්චි කරලා,
Molecule Man පරමාණු හැසිරවීම මඟින්
Thor, Odin-Force එක භාවිතයෙන් වගේම අන්තිමට Serpent විසින්. Serpent ගෙන් පස්සේ Comic වලදී Cpt. Shield එක Uru වලින් තමා නිශ්පාදනය කරන්නේ.
True Adamantium
===============
Proto-Adamantium නැවත හදන්න ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට තමයි මේක නිශ්පාදනය වෙන්නේ මේ වෙනකොට බාවිතා කරන සාමාන්‍ය Adamantium විදියට හදුන්වන්නේ මේක. හැමෝම දන්නේ Wolverine ගේ Claws නිර්මානය වෙලා තියෙන්නෙත් මේ වර්ගයේ Adamantium වලින්ම තමා. මේකට හානි කරන්න God like power එකක් ( Odin Force ) හරි විශාල කාන්දම් බලයක් හරි ඕනි Magneto ගෙ වගේ. ඒ වගේම Antarctic Vibranium AKA Anti metals වලින් මේ Adamantium කඩන්න පුලුවන් මේ ගැන Vibranium Explain එකෙන් කියන්නම්.
Secondary Adamantium
====================
Adamantium Steel කියලත් මේක හදුන්වනවා. මේක එච්චරම ශක්තිමත් Adamantium වර්ගයක් නෙමේ හැබැයි මේක නිශ්පාදනයටනම් අදික වියදමක් දරන්න සිද්ද උනා. Superhuman strange එකක් තියෙන Thor වගේ කෙනෙක්ට මේක කඩන්න පුලුවන්.
Adamantium Beta
===============
Wolverine ගෙ අස්ති පද්දතියට මුලින්ම පාවිව්චි කලේ True Adamantium හැබැයි මේ ක්‍රියාවලියේදී wolverine ට නොමැරී බේරෙන්න මෙයාගේ Healing fac එක ඉතරක් මදි උනා මොකද True Adamantium වලට වුල්විගේ අස්ති පද්දතියත් එක්ක biological විදියට ක්‍රියාත්මක වෙන්න බැරි උන නිසා. මේ නිසා මෙයාලා මුල් Adamantium වල අනුක ව්‍යහය වෙනස් කරලා Adamantium Beta කියලා ද්‍රව තත්වයේ තියන ලෝහයක් හදනවා මේ ලෝහයට වුල්විගේ අස්ති පද්දතියත් එක්ක biological විදියට හැසිරෙන්න පුලුවන් උනා වගේම මෙයාගේ Healing fac එකත් එක්කත් හොදට ක්‍රියා කරන්න පුලුවන් තත්වයකට පත් උනා. True Adamantium වලම අනුක ව්‍යහය වෙනස් කරපු නිසා මෙයාලා මේක Adamantium Beta කියලා නම් කලා.
Carbonadium
============
Adamantium හදන්න යන අදික වියදම නිසා කට්ටියට මේක ටිකක් ලාබෙට හදන්න උත්සාහ කලා ඒකෙ ප්‍රතිඵලයක් විදියට සාමාන්‍ය ලෝහවලට ( වානේ ) වඩා ශක්තිමත් වඩාත් නම්‍යශීලී වගේම Adamantium වලට වඩා කල් පවතින ලෝහයක් හොයාගන්නවා. Adamantium වර්ග අතරින් බාලම වර්ගය විදියට තමයි මේක හදුන්වන්නේ. සාමාන්‍යයෙන් මේක ඉතාමත් අස්තායි ඒ වගේම ප්‍රායෝගික වැඩ වලට නුසුදුසු ලෝහයක් විදියට තමයි හදුන්වලා තියෙන්නේ.
Adamantium බාවිතා කරපු අවස්තා කීපයක් තමා මේ පහලින් දාලා තියෙන්නේ.
• Wolverine ගේ claws සහ අස්ති පද්දතිය සදහා
• Sabretooth ගේ claws සහ අස්ති පද්දතිය සදහා (occasionally)
• Daken ගේ adamantium katana swords (formerly)
• Battlestar ගේ shield එක
• M.O.D.O.K ගේ adamantium body එක
• Bullseye ගේ කශේරුකාවට වගේම අස්ති පද්දතියට අර්ධ වශයෙන් යොදාගෙන තියනවා.
• The Captain shield
• Hawkeye ගේ සමහර ඊතල සදාහා
• S.H.I.E.L.D Agents ලගේ සමහර Bullets සදහා
• Shuri හදපු Panther Habit එකේ Claws වලට
• Iron man ගේ සමහර weapons වලට වගේම Body armor එකේ කොටස් වලටද Adamantium යොදාගෙන තියනවා
• Omega reg ගේ Armor එකට යොදාගෙන තියනවා කියලා සමහර තැන වල කියනවා. නිශ්චිතවම කියන්න බෑ හැබැයි.
තව අවස්තානම් ගොඩක් තියනවා මන් මෙතන සේරම දැම්මේ නෑ. ඉතින් ඔය විදියට තමා Adamantium ගැන විස්තර වෙන්නේ. මීට අමතරව ඔයාලා දන්න මොනා හරිත් තියනවනම් Comment එකක් දාගෙන යන්න අනිත් අයටත් දැනගන්න. එහෙනම් ඊලග Metal Explain එකත් එක්ක ලගදිම හම්බෙමු..........!!!

Our Facebook Group👇👇


Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List