Knull

සිම්බියෝට් පෝස්ට් සීරිස් එකෙන් දාන අන්තිම පෝස්ට් එක තමයි අද ගෙනාවෙ. ඉතින් අද පෝස්ට් එකෙන් අපි බලමු සිම්බියෝට්ලගෙ God ගැන. එහෙමත් නැත්තම් Knull ගැන.
Knull කියන්නෙ මාවල් විශ්වයේ හිස් අවකාශයේ ඉපදුණු පැරණිම දෙවිකෙනෙක් වගේ ජීවියෙක්. මුලින්ම Knull තමන්ගෙ පාඩුවේ අන්ධකාරයේ තනියම තමයි හිටියෙ. ඒත් සෙලෙස්ටියල්ස්ලා විශ්වය ගොඩනගද්දි විශ්වය ආලෝකමත් වෙලා knull නින්දෙන් අවධිවෙනවා. 🔦මේ ආලෝකය, අන්ධකාරයේ හිටපු knullගෙ නිදහසට බාධාවක් වෙනවා. ඉතින් මේ විදිහට විශ්වය වෙනස්වෙලා තමන්ගෙ නිදහස නැතිවෙන නිසා knull තමන්ගෙ හෙවනැල්ලෙන් All black කියන ජීවත්වෙන කඩුවක් හදනවා.(මේ කඩුව ජීවත් වෙනවා කියන්න හේතුව තමයි මේකත් සිම්බියෝට් කෙනෙක්. හරියටම කියනවනම් මේ කඩුවත් සමහර සිම්බියෝට්ලා තමන්ගෙ අත් කඩුවල ස්වරූපයට වෙනස් කරගත්තම තියෙන විදිහට තමයි තියෙන්නෙ.) ඊටපස්සෙ Knull මේ කඩුව පාවිච්චි කරලා Celestial කෙනෙක්ව මරණවා.
ඉතින් මේ සෙලෙස්ටියල් මැරුණම අනිත් සෙලෙස්ටියල්ස්ලා knullට පහරදීලා තනිකරලා යනවා. ඊටපස්සෙ knull අනිත් සෙලෙස්ටියල්ස්ලට විරුද්ධව විශ්වය ආයෙමත් අඳුරු කරලා පාලනය කරන්න හිතනවා.🌑
ඉතින් knull, මැරුණු සෙලෙස්ටියල්ගෙ හිස(මොකක්හරි තැනක් මතක්වුනාද??(ඔව්. ඔව්. knowwhere තමයි)😉) තමන්ගෙ කම්හල විදිහට පාවිච්චි කරලා cosmic energies වලින් මේ සිම්බියෝට් කඩුවට පණ පොවලා ග්රහලෝක යටත් කරගනිමින් සටන් කරන අතරෙ knull ග්රහලෝකයකට වැටෙනවා. මෙතනදි Knull සිහිසුන් වෙලා ඉද්දි All blackව(කඩුව) Gorr කියන කෙනා හොරකම් කරනවා. ඒවගේම All black, Gorr එක්ක සම්බන්ධ වෙනවා. මේ තමයි සිම්බියෝට් කෙනෙක්ට ඉඳපු පළවෙනි ධාරකයා.
ඉතින් knull ප්රකෘති තත්ත්වයට ආවට පස්සෙ All black නැතිනිසා ඒ ග්රහලෝකෙ ඉන්න පොඩිපොඩි සත්තුන්ව අල්ලගෙන ඒ අය එක්ක තමන්ගෙ කොටස් සම්බන්ධ කරලා තවත් සිම්බියෝට්ලව නිර්මාණය කරන්න knullට පුළුවන් වෙනවා. ඒවිදිහට සිම්බියෝට් හමුදාවක්ම හදාගෙන knull ඒඅයගේ Hive mind වෙනවා.
(විද්යා ප්රබන්ධ වලදි,
Hive mind කියලා හඳුන්වන්නෙ දැනුම, හැඟීම්, අදහස් හුවමාරු කරගෙන හැමෝටම සමානාත්මතාවයෙන් එකම බුද්ධි මට්ටමක් නිර්මාණය කරලා ඒඅයව පාලනය කරන කල්පිත පිටසක්වල ජීවින්ව)
ඉතින් Knull මේ විදිහට හදපු සිම්බියෝට්ලව පාවිච්චි කරලා ග්රහලෝක යටත් කරගෙන ඒ ග්රහලෝක වල ජීවින්ව ධාරකයො විදිහට පාවිච්චි කරගෙන ශිෂ්ටාචාර විනාශ කරනවා.😈🌑
මෙහෙම වෙද්දි කාලෙකට පස්සෙ Knullගෙ පාලනය යටතෙ ඉන්න සිම්බියෝට් කෙනෙක් පෘථිවියටත් එනවා. මේ සිම්බියෝට් ටිකක් වෙනස් කෙනෙක්. හරියටම මකරෙක් වගේ පෙනුමක් තිබුණ මේ සිම්බියෝට්ගෙ නම තමයි ග්රෙන්ඩල්. 🐉🐲 ඉතින් ග්රෙන්ඩල්ට ආපු වැඩේ කරගන්න වෙන්නෙ නෑ. පෘථිවියේදි තෝර් ග්රෙන්ඩල්ව පරද්දනවා. තෝර්ගෙ අකුණු පහරවල් නිසා ග්රෙන්ඩල් එක්ක knull හදාගෙන තිබුණු මානසික සම්බන්ධය ගිලිහිලා knullගෙ Consciousnessඑක(විඥානය) මේ සිම්බියෝට් මකරගෙ ඇතුලෙ හිරවෙනවා. මේනිසා හැම සිම්බියෝට් කෙනෙක්ම knullගෙ පාලනයෙන් මිදෙනවා. Knullගෙ දුශ්ඨ පාලනයෙන් මිදුණු මේ සිම්බියෝට්ලට තමන්ගෙ ධාරකයන්ගෙ වටිනාකම, හැඟීම් වගේ දේවල් දැනිලා තමන්ගෙ වැරදි තේරුම් යනවා. ඉතින් තමන් කරපු වැරදි යටගහන්න සේරම සිම්බියෝට්ලා එකතුවෙලා Knullව වටකරලා ග්රහලෝකයක් කියලා හඳුන්වන්න පුළුවන් තරම් විශාල ගෝලයක් වෙලා Knullව මේ ගෝලය මැද්දෙ හිරකරනවා. මේ සිම්බියෝට්ලා එකතුවෙලා හැදුන ගෝලය තමයි සිම්බියෝට්ලගෙ භාෂාවෙන් Klyntar("Cage") කියලා හඳුන්වන්නෙ.🌐
ඊටපස්සෙ මේ විදිහට වෙනත් කෙනෙක් අතින් පාලනය වුන අතීතකතාව යටගහලා තමන්ගෙ වර්ගයා ස්වභාවිකවම ඉපදුනා කියලා බොරු ඉතිහාස කතාවක් ගොඩනගාගත්ත සිම්බියෝට්ලා බැඳීමට සුදුසු ධාරකයො හොයාගෙන රණශූරයන් නිර්මාණය කරලා "Agents of the Cosmos" කියලා අන්තර් තාරකා මණ්ඩලීය සාම සංසදයක්(intergalactic peacekeeping society එකක්)හදන්න තීරණය කරනවා.කොහොමවුනත් මේ බැඳීම හරියටම වෙන්න නම් ධාරකයට කායිකව වගේම මානසිකවත් හොඳ ගතිලක්ෂණ තියෙන්න ඕනෙ.💪💪එහෙම නොවුනොත් ක්ලින්ටාර් සහ ධාරකයා කියන දෙන්නම Corruptවෙන්න පුළුවන්.👹️ඉතින් මෙහෙම නොගැලපෙන බැදීම් නිසා ගොඩක් සිම්බියෝට්ලා සහ ධාරකයො මැරෙනවා.
ඉතින් මේ විදිහට corruptවුන සිම්බියෝට්ලා ග්රහලෝක විශාල ප්රමාණයක් සම්පූර්ණයෙන්ම යටත් කරගෙන,පැතිරෙමින් හිටියා.📈මේකෙ ප්රතිඵලයක් විදිහට ක්ලින්ටාර්ලා තමන්ගෙ ධාරකයගෙ ශරීරයෙන්, හෝමෝන වලින් සහ හැගීම් වලින් පෝෂණය වෙන රෝගකාරක විලෝපිකයො වර්ගයක් වගේ වෙනස් වුනා.👹️මෙහෙම වෙනස් වුණ සිම්බියෝට්ලා ධාරකයට භයානක දේවල් කරන්න බලකරලා,ධාරකයගෙ ශරීරයෙන් නිපදවෙන ඇඩ්රිනලින් වගේ හෝමෝන වලින් පෝෂණය වෙන්නත් පටන්ගත්තා.😨(ධාරකයා මැරුනොත් සිම්බියෝට් වෙනත් කෙනෙක් හොයාගෙන යනවා.)මෙහෙම ධාරකයො කීපදෙනෙක් එක්කම සම්බන්ධ වුනාට පස්සෙ ඒ ඒ අයගෙ සමහර හැකියාවන් ලබාගන්නත්,තමන්ගෙ හැකියාවන් වැඩිදියුණු කරගන්නත් සිම්බියෝට්ලට පුළුවන් වෙනවා.
ඉතින් ඔහොම ගතවුණු අවුරුදු සියගාණකට විතර පස්සෙ S.H.I.E.L.D.එකෙන් අර සිම්බියෝට් මකරගෙ(Grendalගෙ) කොටස් යොදාගෙන Sym-Soldier Program කියල Super-soldiersල හදන ව්යාපෘතියක් පටන්ගන්නවා. ඒවගේම Grendalව පෘථිවියෙන් ආරක්ෂිතව ඉවත් කරනවා. ගොඩකාලෙකට පස්සෙ අවදි වුණ Knull මේ super-soldiersල එක්ක සම්බන්ධ කරපු සිම්බියෝට්ලව පාලනය කරනවා. ඒවගේම Grendalවත් පාලනය කරලා Manhattan වනසන්න ගියත් Venom සහ Miles Morales එකතුවෙලා Grendalව පරද්දනවා. ඊටපස්සෙ Grendelගෙ ශරීරයෙන් Knull තමන්ගෙ ස්වරූපය මවාගෙන(සිම්බියෝට්ලගෙ Shapeshifting හැකියාව පාවිච්චි කරලා) වෙනම් සිම්බියෝට්වත් පාලනය කරනවා. ඒවෙලාවෙදි තමයි Knull සිම්බියෝට්ලගෙ ඇත්ත ඉතිහාසය හෙළි කරන්නෙ. Knull මේ කතාව කියනකම් වෙනම් සිම්බියෝට් පවා ඇත්ත දැනන්හිටියෙ නෑ. ඉතින් Knullට ඕනෙ වෙන්නෙ symbiote මකරගෙ කොටස් ආපහු එකතුකරලා මකරව පාවිච්චි කරලා klyntarවලින් තමන්ගෙ ශරීරය නිදහස් කරගෙන ආයෙමත් තමන්ගෙ විනාශය පටන්ගන්න.
ඉතින් knullට Grendalගෙන් හොයාගන්න ඉතුරුවුන අන්තිම කොටස තමයි Tyrannosaurus symbiote(S.H.I.E.L.D.එකෙන් හදපු Sym-soldier කෙනෙක්ගෙ සිම්බියෝට්). ඉතින් එඩී(venom) වෙනම් සිම්බියෝට් සහ ටිරානොසෝරස් සිම්බියෝට් එක්ක එකම වෙලාවෙ සම්බන්ධ වෙලා ග්රෙන්ඩල්ව විනාශ කරලා Knullව Klyntar ග්රහලෝකයෙන් නිදහස් වෙන එක නවත්තනවා.
ඉතින් තාම knull ඉන්නෙ ක්ලින්ටාර් වල හිරවෙලා. ඕක තමයි Knullගෙ කතාව. එහෙනම් දැන් Knullගෙ Powers මොනවද කියලා වගේම තවත් විස්තර බලමු.👇👇
POWERS :
• Knullට symbiotesලා නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනවා.
• සිම්බියෝට්ලව මානසිකව පාලනය කිරීමේ හැකියාවක් සහ සිම්බියෝට්ලව පිස්සුවට්ටන්න හැකියාවක් තියෙනවා. ඒවගේම සිම්බියෝට්ලගෙ ඇතුලෙ ජීවත්වෙලා සෘජුවම සිම්බියෝට් කෙනෙක්ව පාලනය කරන්න Knullට පුළුවන්.
• All black එක්ක එක පහරකින් සෙලෙස්ටියල් කෙනෙක්ව මරන්න තරම් Knull ශක්තිමත්. ඒවගේම Celestialsලගෙ Blast වලින් බේරෙන්න තරම් Knullගෙ ශක්තිය ප්රමාණවත්.
• All black කඩුව පාවිච්චි කරලා තනියම දෙවිවරුන්ගෙ(Asgardian වගේ) හමුදා පරාද කරන්න වුනත් knullට පුළුවන්. මේකෙන් knullගෙ සටන් කිරීමේ හැකියාව ගැනත් හිතාගන්න පුළුවන්.
• ඒවගේම knullට රික්තයක් තුල ජීවත් වෙන්න වුනත් පුළුවන්. කෑම, ජලය, නින්ද අවශ්ය වෙන්නෙත් නෑ.
• ඒවගේම අනිත් සිම්බියෝට්ලට පොදු හැකියා Knullටත් තියෙනවා.
• දැනට Knullගෙ හොයාගෙන තියෙන එකම දුර්වලතාවය තමයි අකුණු 
EXTRAS :
• Knullගෙ වයස අඩුමතරමින් අවුරුදු බිලියන 13.7ක් වත් වෙනවා කියලයි කියන්නෙ.
• Sym-soldier Program කියන්නෙ Project Rebirth එකේ දෙවෙනි Versionඑක.එහෙමත් නැත්තම් Project Rebirth 2.0. (Project rebirth කියන්නෙ කැප්ටන් ඇමෙරිකා නිර්මාණය වුණු super soldier programඑක)
• සිම්බියෝට්ලා ගින්දර සහ ශබ්දයට මෙච්චර දුර්වල ඇයි කියලත් Knullගෙ කතාවෙන් හෙළි කරනවා. එතනදි Knull කියන්නෙ කම්හලේ ගින්දරටයි තමන්ට ගහලා වෙනස් කරපු සෙලෙස්ටියල් කොටස්වලින් හදපු මිටියෙ සද්දෙටයි තාමත් සිම්බියෝට්ලා බයයි කියලා..
• කලින් කියපු *Tyrannosaurus* Symbioteගෙ ධාරකයා වුනේ *Rex* Strickland කියන වියට්නාම යුද්ධයෙන් දරුණු විදිහට තුවාල ලබපු සෙබලෙක්. ගොඩක් අය දන්නව ඇති Tyrannosaurus Rex එහෙමත් නැත්තම් T-Rex කියන්නෙ ඩයිනෝසර් වර්ගයක් කියලා.😄
• Knullව නිර්මාණය කලේ Jason Aaron, Butch Guice, Donny Cates සහ Ryan Stegman විසින්. Knullව මුලින්ම බලාගන්න ලැබෙන්නෙ 2013දි Thor God of Thunder #6 කොමික් issue එකෙන්. ඒත් මෙතනදි Knullව පෙන්නන්නෙ Cameo එකක් විදිහට විතරයි.
මේ අවුරුද්දෙ(2018) Venom Vol 4 #3 කොමික් එකෙන් තමයි 2013දි කැමියෝ එකක් විදිහට හිටිය මේ කෙනා කවුද කියලා හරියටම හඳුන්වල දෙන්නෙ.
Venom vol 4(2018) කියන්නෙ සිම්බියෝට්ලගෙ ඉතිහාසය ගැනම පෙන්නන්න ලියපු Donny Cates සහ Ryan Stegmanගෙ සුපිරිම කොමික් නිර්මාණයක් කිව්වොත් නිවැරදියි.
ඉතින් මේ Knull කියන චරිතය පොඩි නම් නෑ. මාවල් යුනිව(ර්)ස් එකේ පළවෙනි Greatest Fearඑක විදිහට Knullව හඳුන්වන්න පුළුවන්. ඒකනිසා තවත් අලුත් කොමික් පොත් වලින් මේ Dark Godට ලොකු ඉදිරි ගමනක් තියෙයි. ඒවගේම කොමික් රචකයො Venomගෙ powers වැඩිකරලා, අලුත් powers දීලා කලේ, Knullව මෙතනින් නොනවත්වා Venomගෙ අලුත් villain විදිහට යොදාගන්න වෙන්න පුළුවන්. ඒවගේම Carnage වගේ දරුණු සිම්බියෝට්ලා Knull එක්ක එකතුවෙයි කියලා අපිට හිතන්න පුළුවන්.
එහෙනම් අද පෝස්ට් එක ඉවරයි. ඒවගේම #symbiotes post seriesඑකත් අදින් ඉවරයි. ඒත් seriesඑක පුරාවට මම කතා කලේ දැනගන්න ඕනෙ සිම්බියෝට්ලා ගැන විතරයි. තව සිම්බියෝට්ලා ගොඩක් ඉන්නවා. ඒ අය ගැන කතා නොකරන්න හේතුව තමයි ඉතුරු සිම්බියෝට්ලගෙන් ගොඩක් අය Earth-616 එහෙමත් නැත්තම් MARVEL comic වල prime universeඑකේ අය නෙමෙයි සහ prime universeඑකේ සිම්බියෝට්ලා වෙලත් මම සීරිස් එකෙන් හඳුන්වල දුන්නෙ නැති සිම්බියෝට්ලා සම්බන්ධ කොමික් පොත් අඩුයි. ඒකනිසා පෝස්ට් එකකින් ලියන්න තරම් තොරතුරු නෑ. මේ පෝස්ට් සීරීස් එක වෙනුවෙන් Comic Download කරන්න වැයවුණේ 10.72 GB විතරයි.😉 ඒකනිසා copy කරන්න එපා. Share කරන්න.
මෙච්චරකල් අමාරුවෙන් හරි මේ සීරිස් එක කියවපු, comment දාපු , Like කරපු හැමෝටම හදපිරි මෙව්වා එක.🎉️ එහෙනම්,
Excelsior !!!
✍️ Written by Shane Perera


Our New facebook Group👇👇

God is coming 😈

Comments

  1. සුපිරිම වැඩක් ඈ දිගටම ලිපි දාන්න අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා ❤️💪

    ReplyDelete
  2. Athatama godak loku danumak laba gatha thanx👍👍

    ReplyDelete
  3. Godak dewal danagaththa thank u

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Black Captain America & Patriot