Guardian Symbiotes
Symbiotes post seriesඑකේදි ගිය සතියෙ පොරොන්දු වුණ විදිහටම මේ පාර පෝස්ට් එකෙන් සිම්බියෝට්ලා පස්දෙනෙක් ගැන තමයි කියන්න යන්නෙ. මේක කියවන්න කලින් මුල් පෝස්ට් තුන කියවල ඉන්නවනම් කතාව තවත් පැහැදිලි වෙයි. ඉතින් අද පෝස්ට් එකෙන් හදුන්වල දෙන පස්දෙනා තමයි Guardian Symbiotesලා..මේ guardian symbiotesලා Guard කලේ Life Foundationඑක. ඉතින් අපි මාතෘකාවට බැහැල මේ ගැන කියවලා බලමු.👇👇
සීතල යුද්ධයකින් පස්සෙ ඇතිවෙන්න පුළුවන් විනාශ සහ වියවුල් වලට සූදානම් වෙන්න Life Foundation සංවිධානයට අධිමානුෂික හමුදාවක් ඕනෙ වෙනවා. (foundationඑකේ clientsලව ආරක්ෂා කරන්න.)ඉතින් Life Foundationඑකේ නායකයා වුන Carlton Drake, සිම්බියෝට් හමුදාවක් හැදුවොත් කොහොමද කියලා හිතනවා.
ඉතින් Life Foundationඑක කාලයක් තිස්සෙ ට්‍රයි කරලා,අන්තිමට වෙනම්ව අල්ලගන්නවා. ඊටපස්සෙ මොහාවි කාන්තාරයෙ තියෙන Labඑකකට ගෙනිහින් වෙනම්ව හිරකරලා seeds(offspring) 5ක් බලෙන්ම ගලවගෙන ඒව ගැන පරීක්ෂණ කරනවා. ඒවගේම ධාරකයෙක්ව පාලනය කරන්න බැරිතරම් අඩුවයසින්ම මේ offspring, විවිධ ධාරකයො එක්ක සම්බන්ධ කරවනවා.
ඉතින් මේ විදිහට ගත්ත සිම්බියෝට්ලා පස්දෙනා එක්ක සම්බන්ධ වුන ධාරකයො පස්දෙනා එකතුවෙලා Life Foundationඑකේ Guardian Symbiotesලා බවට පත්වෙනවා. දැන් මේ Guardian symbiotesලගෙ විශේෂ ලක්ෂණ,හැකියා වෙන වෙනම බලමු.👇👇
******************************************************
Scream ( Host වුනේ Donna Diego)
Scream ( Host වුනේ Donna Diego)
Scream ගෙ පාට වෙන්නෙ කහ සහ රතු මිශ්‍ර කළුපාට.ඒවගේම ගැහැණු සිම්බියෝට් කෙනෙක් වුණ screamගෙ කොණ්ඩය තමන්ට ඕනෙ විදිහට පාලනය කරන්නත් screamට පුළුවන්.Scream fight කරද්දි සාමාන්‍යයෙන් කොණ්ඩය, ග්රාහිකා සහ කැපුම් ආයුධ විදිහට පාවිච්චි කරනවා.
මේ Guardian symbiotesලගෙ නායකයා වුණේ Scream.
******************************************************
Riot (Host වුණේ Trevor Cole)
මේ Guardian symbiotesලගෙ නායකයා වුණේ Scream.
******************************************************
Riot (Host වුණේ Trevor Cole)
Riot කියන්නෙ අළුපාටට හුරු, ප්‍රමාණයෙන් විශාල කෙනෙක්. Life foundationඑකේ guardian symbiotesලගෙන් ශක්තිමත්ම symbiote කියලා කියන්න පුළුවන්. ඒවගේම ඉතාමත් වේගයෙන්(මිනිස් ඇසට නොපෙනෙන තරම්) එහා මෙහා ගමන්කරන්නත් riotට පුළුවන්.ගොඩක් වෙලාවට riot විශාල මිටි,මුගුරු ස්වරූපයට අත් හදාගෙන තමයි fight කරන්නෙ.
******************************************************
Phage (Host වුනේ Carl Mach)
******************************************************
Phage (Host වුනේ Carl Mach)
Phage කියන්නෙ තැඹිලි පාටට හුරු සිම්බියෝට් කෙනෙක්.phageට උරහිස් වලින්, කකුල් වලින් සහ අත්වලින් Blades නිර්මාණය කරන්න පුළුවන්.
Phageගෙ පරික්ෂාකාරීබවට සම්බන්ධ සංවේදන ඉතාමත්ම වැඩියි.ඒකනිසා High powered firearmවලින්(sniper වගේ weaponවලින්) හැතැප්ම ගාණක් දුර ඉන්න අමාරුම target එකකට වුණත් ලේසියෙන්ම shoot කරන්න පුළුවන්.
සාමාන්‍යයෙන් පහරදෙද්දි දැති තියෙන කඩු වගේ ආයුධ විදිහට අත් සකස් කරගෙන කැපීම් කරනවා.
******************************************************
Lasher (Host වුනේ Ramon Hernandez)
සාමාන්‍යයෙන් පහරදෙද්දි දැති තියෙන කඩු වගේ ආයුධ විදිහට අත් සකස් කරගෙන කැපීම් කරනවා.
******************************************************
Lasher (Host වුනේ Ramon Hernandez)
කළුපාටට හුරු තදකොළ පාටක් සහ ලා කොළ mixඑකක් තමයි Lasherගෙ පාට වෙන්නෙ.පිටේ ග්රාහිකා(කස වගේ) 6ක් තියෙන නිසා Lasher අනිත් සිම්බියෝට්ලට වඩා තරමක් වෙනස්.ඒවගේම Lasherට කටක් නෑ.
පහරදීමට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ පිටේ තියෙන කස වගේ ග්රාහිකා.
වැඩිදියුණු වුන ඉව කිරීමේ හැකියාවකුත් lasherට තියෙනවා.
******************************************************
Agony (Host වුනේ Leslie Gesneria)

Agony කියන්නෙ තද දම්පාටට හුරු ගැහැණු සිම්බියෝට් කෙනෙක්.පරිවෘත්තිය ක්‍රියා මගින් acid නිපදවන්නත්, විවිධ රසායන ද්‍රව්‍ය අවශෝෂණය සහ පිටකරන්නත් Agonyට පුළුවන්.
******************************************************
******************************************************
ඉතින් කලින් කියපු විදිහට හැදුන guardian symbiotesලගෙ කතාව තවදුරටත් අපි බලමු..👇👇
කාලය ගතවෙද්දි Spider-Man වෙනම්ව හොයාගෙන යන අතරෙ Scream යම්කිසි කෙනෙක්ව මරන්න යනව අහම්බෙන් දකිනවා. ඉතින් spidey ඒ පුද්ගලයව බේරගෙන screamගෙ පස්සෙන් ලුහුබඳිනව. අන්තිමට ස්පයිඩි නතරවෙන්නෙ වෙනම්ව හිරකරපු ලැබ් එකෙන්. ඉතින් Guardian symbiotesල වටවෙලා ස්පයිඩිට නෙලනවා. ඒත් එක්කම labඑකේ හිරකරලා ඉදපු එඩීට(වෙනම්) එළියට පැනගන්න පුළුවන් වෙනවා. ඉතින් Spidey සහ Venom එකතුවෙලා metabolic acceleratorඑකක් පාවිච්චි කරලා Guardian symbiotesලව පරද්දලා labඑකෙන් පැනගන්නවා.
ඊටපස්සෙ මේ සිම්බියෝට්ලා පස්දෙනාට දවසින් දවස තමන්ගෙ ධාරකයව පාලනය කරන්න පුළුවන් හැකියාව වැඩිවෙනවා. මේනිසා සිම්බියෝට්ලගෙ hostල life foundationඑක දාලගිහින් එඩීගෙ(වෙනම්ගෙ) උදව් අරගන්න යනවා. ඒත් ඒවෙද්දි Venom symbiote එඩී එක්ක හිටියෙ නෑ.(Venom symbioteව Life foundationඑකෙන් හිරකරලා තිබුණෙ)ඉතින් කට්ටිය එඩීව අරන්ගිහින් අතඇරලා දාපු ෆැක්ටරියකට දාලා symbiotesලව පාලනය කරගන්න උදව් ඉල්ලනවා. ඒත් එඩී ඒකට විරුද්ධ වෙනවා. ඒකට හේතුවෙන්නෙ කානේජ් වගේ මේ සිම්බියෝට්ලා පස්දෙනත් මිනීමරුවො වෙයි කියලා එඩී හිතපු නිසා. ඔහොම ඉද්දි Leslie Gesneria(Agony)ව කෙනෙක් මරනවා.ඊට ටිකවෙලාවකට පස්සෙ එඩී,තමන්ව හිරකරපු තැනින් පැනගන්නවා. ඉතින් Leslieගෙ මළසිරුර දකින අනිත් සිම්බියෝට්ලා හතරදෙනා මේකට වගකියන්න ඕනෙ එඩී,ඒකනිසා එඩීගෙන් පලිගන්න ඕනෙ කියලා හිතනවා.
ඉතින් කට්ටිය එඩීව හොයද්දි Phageට එඩීව හම්බවෙනවා. ඒත් එකපාරටම Sonic blade එකක් Phageගෙ ඇඟ හරහා යනවා. එඩී පුදුම වෙලා බලන් ඉද්දි අනිත් සිම්බියෝට්ලත් මෙතනට එනවා. ඉතින් ඉතුරු තුන්දෙනා හිතන්නෙ එඩී Phageවත් මරල කියලා.
ඉතින් Scream හිතනවා එඩීගෙ උදව් නැතුව සිම්බියෝට්ලගෙන් තමන්ට බේරීමක් නෑ, ඒකනිසා අනිත් දෙන්නව සිම්බියෝට්ලගෙන් බේරගන්න නම් මරන්න ඕනෙ කියලා. ඉතින් scream අර sonic bladeඑක අරගෙන Riotව(Trevor Cole) සහ Lasherව (Hernandezව) මරනවා.
එඩීවත් මරන්න යද්දිම හිරකරපු තැනින් පැනලා එන Venom symbiote එඩීගෙ ඇඟට පැනල සම්බන්ධ වෙනවා. ඉතින් එඩී ලේසියෙන්ම screamව පරාද කරලා, Venom symbioteව හොයාගෙන පස්සෙන් ආපු Federal Agentsලට අහුවෙන්නෙ නැතුව මාරු වෙනවා. මේ Agentsලා අනිත් සිම්බියෝට්ලව අරගෙන යනවා.කාලෙකට පස්සෙ මේ සිම්බියෝට්ලා බේරිලා කියලා දැනගන්න ලැබෙනවා.(පිහියෙන් ඇනපු නිසා ධාරකයො මැරෙනවා)ඉතින් මේ සිම්බියෝට්ලා පස්දෙනාව "Vault"එකට(අධිමානුෂික අපරාධකාරයන්ට හදපු බන්ධනාගාරයක්) අරගෙන ගිහින් හිරකරනවා.

ඉතින් ඔහොම තමයි කතාව වෙන්නෙ. දැනට Guardian symbiotesලා ගැන දැනගන්න මේ ටික ප්‍රමාණවත් කියලා හිතනවා. කතාවෙ ඉතුරු කොටස වෙනත් සිම්බියෝට්ලා ගැන තවත් පෝස්ට් දාද්දි බලාගන්න පුළුවන් වෙයි..
EXTRAS :-
• Guardian symbiotesලව නිර්මාණය කලේ David Michelinie සහ Ron Lim විසින්. ඒවගේම මුලින්ම අපිට මේ සිම්බියෝට්ලා පස්දෙනා බලාගන්න ලැබෙන්නෙ 1993දි නිකුත්කරපු Venom Lethal Protector #4 කොමික් එකෙන්.📖️
• මුලදි නමක් නැතුව හිටපු මේ සිම්බියෝට්ලා පස්දෙනාට නම් ලැබෙන්නෙ 2012දි නිකුත්කරපු Carnage, U.S.A. #2 කොමික් එකෙන්.📖️ මේවිදිහට නම් දාන්න හේතු වුණේ action figures වලට දාන්න නම් ඕනෙ වුන නිසා.
ඉතින්, පෝස්ට්එක කියවපු ගොඩක් අයට ප්‍රශ්නයක් ඇති Venom filmඑකේ තිබුණු විදිහට නෙමෙයිනෙ කොමික්වල තියෙන්නෙ කියලා. ඔව්..ඒකට මට දෙන්න තියෙන්නෙ හැමදාම දෙන උත්තරේම තමයි.
"Comic based film🎥 හදද්දි කොමික්📖️ පාදක කරගත්තට කොමික්වල තියෙන කතා ඒ විදිහටම යොදාගන්නෙ නෑ." 😉
ඉතින් අද පෝස්ට් එක ඉවරයි.guardian symbiotesලා ගැන මොනවමහරි දැනගන්න ඇති කියල වගේම, මම filmඑකේ වුන දේවල් කියලා පෝස්ට්එක කියවපු කට්ටියගෙ රසවින්දනය Spoil කලේ නෑ කියල හිතනවා.
එහෙමනම් හැමෝටම, Excelsior !!!

✍️ Written by Shane Perera
"Do Not Spoil, Someone Haven't Seen the movie"
-- A real fan -- ✌️😇
-- A real fan -- ✌️😇
Comments
Post a Comment