Vibranium Explained

VIBRANIUM EXPLAIN
========================================
හරි එහෙනම් එදා Adamantium Explain එකෙන් පස්සේ දාන දෙවෙනි Metal Explain එකෙන් වයිබ්‍රේනියම් ගැන තමා කතා කරන්ඩ යන්නේ. වයිබ්‍රේනියම් කිව්ව ගමන් ඔයාලට මේ වෙනකොට වකන්ඩාව , බ්ලැක් පැන්තර්ව එහෙම ඔලුවට ඇවිල්ලා ඇති එහෙම ආවේ නැත්නම් තමා ප්‍රශ්නේ. බ්ලැක් පැන්තර්ට කලින් කැප්ගෙ ශීල්ඩ් එකෙන් එහෙම මේ ගැන අහලා තිබ්බත් MCU එකෙනන් අපිට මේ වයිබ්‍රේනියම් ගැන ගොඩක් හොදට පැහැදිලිව විස්තර කරලා දෙන්නේ 2017 ආපු බ්ලැක් පැන්තර කතාවෙන්. MCU එකෙන් එහෙම උනාට මේ වයිබ්‍රේනියම් කියන ලෝහය 1966 නිකුත්වුන Daredevil #13 කියන කොමික් පොතෙන් තමා මුල්ම වතාවට මාවල් කොමික් ලෝකයට එන්නේ. ඉතින් අද අපේ මේ දෙවෙනි Metal Explain එකෙන් අපි මේ වයිබ්‍රේනියම් ගැන වැඩි දුර විස්තර ටිකක් හොයලා බලමු.
දැනට අවුරුදු මිලියනයකට ඉතර කලින් දකුනු අප්‍රිකාවේ වකන්ඩා කියන ප්‍රදේශයට කඩාගෙන වැටුනු විශාල උල්කාවක් විදියට තමයි මේ වයිබ්‍රේනියම් ලෝහය පිහිටලා තියෙන්නේ කොහොම හරි මේ උල්කාව නිසා මේ ප්‍රදේශයේ ජෛව විවිදත්වය එහෙම සාමාන්‍ය පරිසරයට වඩා ටිකක් වෙනස් විදියකට තමා පිහිටලා තියෙන්නේ. කාලයත් එක්ක මේ ප්‍රදේශ ජනාවාස වෙනකොට වයිබ්‍රේනියම් නිසාම වකන්ඩා කියන කොටස ලෝකයෙන් සැගවුන වෙනම රාජ්‍යක් විදියට ගොඩ නැගෙනවා. වක්න්ඩාව තුන්වෙනි පන්තියේ රටක් විදියට හැදුන්වුනත් මේ වයිබ්‍රේනියම නිසා ඉතා විශාල දියුනුවක් ලබපු රටක් විදියට සත්‍ය ලෝකයෙන් සැගවිලා වකන්ඩාව පිහිටන්නෙ.
1940 දී ඒ කියන්නේ දෙවෙනි ලෝක යුද්ද කාලයේදී මේ වයිබ්‍රේනියම් වලින් පොඩි කොටසක් ඇමරිකාවේ විද්‍යාඥයෙක් වෙන Dr. Myron MacLain ගේ අතට යනවා. මෙතනින් පස්සේ මන් අර ඇඩමැන්ටියම් ගැන විස්තරයේ කිව්වා වගේ කැප්ගේ ශීල්ඩ් එක වගේම ඇඩමැන්ටියම් ලෝහයත් හොයාගන්නවා.
වයිබ්‍රේනියම් ලෝහය Wakandan Vibranium , Antarctic Vibranium සහ Artificial variety ( Reverbium ) කියන ප්‍රදාන Vibranium Forms තුනට බෙදලා වෙන් කරන්න පුලුවන්. දැන් පොඩ්ඩක් මේ එක එක කොටස ගැන වෙන වෙනම බලමු.
Wakandan Vibranium
==================
ප්‍රදානම එහෙමත් නැත්නම් මූලිකම වයිබ්‍රේනියම් ලෝහට විදියට තමයි මේක හදුන්වන්නේ " Isipho " විදියටත් මේක හදුන්වනවා. මේ වයිබ්‍රේනියම වල තියන ප්‍රදානම හැකියාව තමයි අනුක බන්ධන තුල ශක්තිය ගබඩා කරගැනීමට තියන හැකියාව. මේ ශක්තිය බාහිර බලපෑමකින් ගබඩා කරන්නත් පුලුවන් එහෙමත් නැත්නම් ලෝහයට ස්වයංවත් බන්ධන තුල ශක්තිය ගබඩා කරගැනිමේ හැකියාවක් තියනවා. විශේෂයෙන්ම චාලක ශක්තිය ගබඩා කිරීමේ හැකියාව ඒ වගේම යාන්ත්‍රික ශක්තිය ගබඩා කිරීමේ හැකුයාවකුත් මේකට තියනවා. වයිබ්‍රේනියම් වලට යාන්ත්‍රික ශක්තිය ඇතුලත් කරනකොට හරි යාන්ත්‍රික ශක්තියෙන් කිසියම් බලපෑමක් වෙකොට හරි මේ ලෝහයේ අණු අදික වේගයකින් කම්පනය වෙන්න පටන් ගන්නවා මේ විදියට චලනය වෙන අණු වල චාලක ශක්තිය තමයි ලෝහය විසින් ස්වයංව ඒ කියන්න බාහිර බලපෑමකින් තොරව බන්ධන ඇතුලෙ ගබඩා කරලා තියාගන්නේ. මේ හේතුව නිසාම චාලක ශක්තිය හරි යාන්ත්‍රික ශක්තිය හරි ගබඩා උන පොඩි ලෝහ කොටසක් උනත් ඉතාමත් ශක්තිමත් ලෝහහක් බවට පත් වෙනවා. හැබැයි මේ විදියට ශක්තිය ගබඩා කරන්ඩ පුලුවන් නිශ්චිත සීමාවක් මේ වෙනකොටත් හොයාගෙන නෑ ඒ කියන්නේ වයිබ්‍රේනියම් මෙච්චරකට දරාගන්ඩ පුලුවන් උපරිම ශක්ති ප්‍රමානය මෙච්චරයි කියලා නිශ්චිත සීමාවක් හොයාගෙන නෑ. මේ විදියට ශක්තිය ගබඩා උන ලෝහ කොටසක් මොකක් හරි බාහිර බලයකින් කඩන්න උත්සහ කලොත් මේක කොටස් වලට වෙන් වීමක් වෙනවා වෙනුවට අර ගබඩා උන ශක්තියත් පිට කරමින් පුපුරා යෑමක් තමා සිද්ද වෙන්නේ. ඉතින් මේ විදියේ ලෝහයක් ඉතාමත් අස්තායි ලෝහයක් කියලා අමුතුවෙන් කියන්න ඔනේ නැනේ.
ඒ වගේම මේ වයිබ්‍රේනියම් වලට Magic Powers එහෙමත් නැත්නම් Mystical Energies කා වැද්දීමේ #සුළු හැකියාවකුත් තියනවා. හැබැයි මේක නිශ්චිත හැකියාවක් නෙමේ මොකද මේ විදියට ශක්තිය ඇතුලත් කරනකොට මන් උඩදී කිව්වටත් වඩා අස්තායි ලෝහයක් බවට මේක පත්වෙනවා සමහර අවස්තාවල ක්වොන්ටම් මට්ටමේ ශක්ති ප්‍රබවයක් බවටත් මේක පත් වෙනවා. හැබැයි මොකක් හරි ක්‍රමයකින් මේක සාර්ථක කරගන්ඩ පුලුවන් උනොත් ඇස්ගාඩ් වලට Uru වගේ තමයි පෘතුවියට වයිබ්‍රේනියම් කියන්නේ මේක නිසා වකන්ඩාවලට , පෘතුවියට එහෙම යුනිවර්ස් එකේ බලවත්ම ග්‍රහලෝකයක් වෙන්න බැරි කමකුත් නෑ.
ඒ වගේම මේ වයිබ්‍රේනියම් ඉතාමත් හොද Mutagen එකක් විදියටත් හදුන්වනවා. දන්න තරමින් සරලව කෙනෙක්ගේ ශරීරයේ DNA හරි ජානමය හරි වෙනසක් හරි සිද්ද කරන්ඩ පුලුවන් දේකට හරි තමා Mutagen එකක් කියන්නේ හරියට නිකම් පිලිකාවක් වගේ දෙයක්. මන් මුලදිම කිව්වනේ මේ වයිබ්‍රේනියම් නිසා වකන්ඩා ප්‍රදේශයේ ජෛව විවිදත්වය එහෙම වෙනස් වෙලා තියනවා කියලා ඒ විදියට හැදුන මල් විශේශයක් තමා Heart-Shaped Herb කියලා කියන්නෙ. මේ මල් විශේෂයෙන් කෙනෙක්ට Superhuman Abilities විශේෂයෙන්ම ඉතාමක් හොද කායික ශක්තියක් ලබා ගැනීමේ හැකියාවක් එහෙම තියනවා.
කොහොම හරි දැනට වකන්ඩා වලින් පිටත ලෝකයේදී වයිබ්‍රේනියම් ග්‍රෑම් එකක මිල $10,000 ඉතර තමා සදහන් වෙන්නේ වටිනාකම හිතාගන්න පුලුවන්නේ.
Antarctic Vibranium
=================
Vibranium B එහෙමත් නැත්නම් ගොඩක් අය දන්න විදියට Anti - Metal කියලා හදුන්වන්නේ මේ වර්ගයේ වයිබ්‍රේනියම් වලට. Wakandan Vibranium වල ප්‍රතිවිරුද්ධ ලෝහය විදියට තමා මේක හදුන්වන්නේ. ප්‍රසිද්ද ගවේශකයෙක් විදියට හදුන්වන Robert Plunder තමා ඇන්ටාක්ටික් වලින් මේක මුල්ම වතාවට හොයාගන්නේ. අසල තියෙන ඕනෙම ලෝහයක අණුක ව්‍යුවහ වගේම අණුක බන්ධන දුර්වල කරලා ඒ ලෝහයේ ශක්තිමත් බව අඩුකිරීම තමා මේකේ ප්‍රදානම හැකියාව වෙන්නේ. සමහර අවස්තාවල වෙනත් ලෝහය ද්‍රව තත්වයටම පත් කිරීමේ හැකියාවක් මේකට තියනවා.
මේ Anti - Metal ගැන වෙනම විස්තරයක් මන් ඉස්සරට අරන් එන්නම් මොකද දැනට හොයාගෙන තියන හැම ලෝහයක්ම මේ Anti Metal වලින් විනාශ කිරිමේ හැකියාවක් තියන නිසා. දැනට මේක වයිබ්‍රේනියම් විශේෂයක් කියලා ඉතරක් මතක තියාගන්ඩකෝ.
Artificial Vibranium ( Reverbium )
============================
අන්තිම වයිබ්‍රේනියම් විශේෂය. වකන්ඩා වලින් පිටතදි කෘතිමව නිශ්පාදනය කරන ලෝහ විශේෂයක් තමා මේක. කොහොමහරි වයිබ්‍රේනියම් වල සමහර ලක්ශන මේ ලෝහ වලට ඇතුලත් කරන්න හැකියාවක්හම්බෙලා තියනවා. මේකෙත් ලෝහ විශේෂ දෙකක් තියනවා.
NuForm කියන විශේශය තමා පලවෙනි එක කාබනික සහ ඛණිජමය මූලද්‍රව්‍ය වල එකතුවකින් Roxxon Corporation එක තමා මේක හොයාගන්නේ. කොහොමහරි මෙහෙම දෙයක් නිශ්පාදනය කරන්න හේතුවනම් මොකක්ද කියලා සදහන් වෙලා නෑ ඒ වගේම මෙව්වා ගැන වැඩි විස්තරත් සදහන් වෙලා නෑ.
Horizon Lab එකේදි Professor Sajani Jaffrey කියන කෙනා තමා දෙවෙනි කෘතිම වයිබ්‍රේනියම් විශේෂය හොයාගන්නේ. Reverbium කියලා තමා මේක හදුන්වන්නේ. මේ ලෝහ විශේෂයටත් ශක්තිය ගබඩා කරගන්න පුලුවන් හැකියාවක් තියනවා හැබැයි සාමාන්‍ය වයිබ්‍රේනියම් වගේ චාලක ශක්තිය හරි යාන්ත්‍රික ශක්තිය හරි නම් නෙමේ. ශබ්ද තරංග වල සහ කම්පන තරංග වල ශක්තිය තමා ප්‍රදාන වශයෙන්ම මේ ලෝහය තුල ගබඩා කරගන්නේ. කොහොම හරි ඉතින් මේකටත් වයිබ්‍රේනියම් වල ලක්ශන තියන නිසා මේකත් වයිබ්‍රේනියම් විශේෂයක් විදියට තමා හදුන්වන්නේ.
හැබැයි මේ විශේෂ දෙකෙක් එකක්වත් වයිබ්‍රේනියම් තරම් ශක්තිමත් බාවයක්නම් නෑ. ශක්තිය ගබඩා කිරීම තමා මේ දෙකේ ප්‍රදානම වැදගත්කම වෙන්නේ.
වයිබ්‍රේනියම් වල බාවිත ටිකකුත් කියලම අදට අපේ Explain එක ඉවර කරන්නම්කෝ.
• ප්‍රදාන වශයෙන්ම පැන්තර් හැබිට් එකට වයිබ්‍රේනියම් යොදාගෙන තියනවා ඒ වගේම මෙකේ සමහර පොඩි කොටස් වලට Anti-metal ද යොදාගෙන තියනවා.
• Hawkeye ගේ සමහර ඊතල වලට.
• කැප්ගේ ශීල්ඩ් එකටත් සුළු වශයෙන් වයිබ්‍රේනියම් යොදාගෙන තියනවා.
• Avengers Tower එකේ කොන්ක්‍රීට් වලට වයිබ්‍රේනියම් මිශ්‍ර කොන්ක්‍රීට් පාවිච්චි කරලා තියනවා කියලත් කියවෙනවා.
• Agent Zero ගේ Vibranium Wave Suite එක
• Misty Knight ගෙ Bionic Arm එක
• Weapon X progrme එකටත් වයිබ්‍රේනියම් යොදාගෙන තියනවා.
ඔය ටික තමා ඉතින් ප්‍රදානම බාවිතයන් වෙන්නේ තව ගොඩක් තියනවා ඒ සේරම මෙතන සදහන් කලේ නෑ මේක අනවශ්‍ය විදියට දික් වෙන නිසා. හරි ඉතින් ඔය විදියට තමා වයිබ්‍රේනියම් ගැන විස්තර වෙන්නේ මන් මෙතන වකන්ඩා ගැනනම් ලොකුවට විස්තර කලේ නෑ මොකද අපේ මාතෘකාව වයිබ්‍රේනියම් ගැන මිසක් වකන්ඩා ගැන නෙමේ නිසා. එහෙනම් ඉතින් ලගදිම තවත් මෙටල් එකක් එක්ක හම්බෙමු.....!!!

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List